3. 1. 3. 8
3. 1. 3. 8.
3. 1. 3. 8.
28. තයො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො: ගූථභාණී පුප‍්ඵභාණී මධුභාණී.
28. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: ගුථභාණීය, පුප්ඵභාණීය, මධුභාණීය යන මොහුයි.
කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො ගූථභාණී: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සභග‍්ගතො වා පරිසග‍්ගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො “එහම‍්භො පුරිස යං ජානාසි, තං වදෙහී”ති. සො අජානං වා ආහ, “ජානාමී”ති. ජානං වා ආහ, “න ජානාමී”ති. අපස‍්සං වා ආහ, “පස‍්සාමී”ති පස‍්සං වා ආහ, “න පස‍්සාමී”ති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා සම‍්පජානමුසා භාසිතා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො ගූථභාණී.
මහණෙනි, ගුථභාණී පුද්ගල තෙමේ කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට හමියට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ නොදන්නේ හෝ ‘දන්මි’යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’ යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’ යි කියයි. දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට ගෙණ හෝ මෙරමා හේතු කොට ගෙණ හෝ මඳ ආමිෂයක් හේතු කොට ගෙණ හෝ දැන දැන මුසවා බෙණේ ද, මහණෙනි, මේ ගුථභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො පුප‍්ඵභාණී: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සභග‍්ගතො වා පරිසග‍්ගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො “එහම‍්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ, “න ජානාමී”ති, ජානං වා ආහ, “ජානාමී”ති, අපස‍්සං වා ආහ “න පස‍්සාමී”ති, පස‍්සං වා ආහ, “පස‍්සාමී”ති: ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා න සම‍්පජානමුසා භාසිතා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො පුප‍්ඵභාණී.
මහණෙනි, පුප්ඵභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් සභාවට ගියේ හෝ පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පෙරමුණට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට පුළුවුස්නා ලද්දේ වේ ද, හෙ නො දන්නේ හෝ “නොදන්මි”යි කියයි. දන්නේ හෝ “දන්මි” යි කියයි. නො දක්නේ හෝ “නො දක්මි” යි කියයි. දක්නේ හෝ “දක්මි”යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ මඳ ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො බෙණේ ද, මහණෙනි, මේ පුප්ඵභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො මධුභාණී: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා; තථාරූපිං වාචං භාසිතා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො මධුභාණී. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මධුභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් පරුස්විසිකම් දුරු කොට කොරොස් බසින් වැළහුනේ වෙයි. යම් බසක් නිදොස් ද, කණට සුව එළවා ද, පෙම් දනවා ද, ල ගණී ද, තන්වැසි (සභ්‍ය) ද, බොහෝ දෙනාට කැමති ද, බොහෝ දෙනාට මනාප ද, එබඳු බස් කියන්නේ වේ ද, මහණෙනි, මේ මධුභාණී පුද්ගලයා යී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත් යයි.