යෙදුමෙන් කියවන්න

3. 1. 3. 9

3. 1. 3. 9.

3. 1. 3. 9.

29. තයො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො: අන්‍ධො එකචක‍්ඛු ද‍්විචක‍්ඛු. කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො අන්‍ධො: ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තථාරූපං චක‍්ඛු න හොති, යථාරූපෙන චක‍්ඛුනා අනධිගතං වා භොගං අධිගච‍්ඡෙය්‍ය, අධිගතං වා භොගං ඵාතිකරෙය්‍ය. තථාරූපම‍්පිස‍්ස චක‍්ඛු න හොති, යථාරූපෙන චක‍්ඛුනා කුසලාකුසලෙ ධම‍්මෙ ජානෙය්‍ය, සාවජ‍්ජානවජ‍්ජෙ ධම‍්මෙ ජානෙය්‍ය, හීනප‍්පණීතෙ ධම‍්මෙ ජානෙය්‍ය, කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ ජානෙය්‍ය. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො අන්‍ධො.

29. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අන්‍ධ ය, එකැස් ඇත්තේ ය, දෑස් ඇත්තේ ය යි. මහණෙනි, අන්‍ධ පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයකුට යම්බඳු පැණැසෙකින් නොලත් භොග හෝ ලබන්නේ නම්, ලැබූ භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් නොවෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත දහම් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් ඕහට නැත. මහණෙනි, මේ පුද්ගල අන්‍ධයා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො එකචක‍්ඛු: ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තථාරූපං චක‍්ඛු හොති, යථාරූපෙන චක‍්ඛුනා අනධිගතං වා භොගං අධිගච‍්ඡෙය්‍ය, අධිගතං වා භොගං ඵාතිකරෙය්‍ය. තථාරූපම‍්පිස‍්ස* චක‍්ඛු න හොති, යථාරූපෙන චක‍්ඛුනා කුසලාකුසලෙ ධම‍්මෙ ජානෙය්‍ය, සාවජ‍්ජානවජ‍්ජෙ ධම‍්මෙ ජානෙය්‍ය, හීනප‍්පණීතෙ ධම‍්මෙ ජානෙය්‍ය, කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ ජානෙය්‍ය. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො එකචක‍්ඛු.

මහණෙනි, එකැස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයකුට යම් බඳු ඇසෙකින් ලබා නොගත් භෝග ලබා ගන්නේ නම්, ලබාගත් භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු නුවණැසෙක් ද වෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත ධර්‍මයන් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට නො වේ. මහණෙනි, මේ පුද්ගල එකැස් පුඟුලාය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො ද‍්විචක‍්ඛු: ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තථාරූපං චක‍්ඛු හොති, යථාරූපෙන චක‍්ඛුනා අනධිගතං වා භොගං අධිගච‍්ඡෙය්‍ය, අධිගතං වා භොගං ඵාතිකරෙය්‍ය තථාරූපම‍්පිස‍්ස චක‍්ඛු හොති, යථාරූපෙන චක‍්ඛුනා කුසලාකුසලෙ ධම‍්මෙ ජානෙය්‍ය, සාවජ‍්ජානවජ‍්ජෙ ධම‍්මෙ ජානෙය්‍ය, හීනප‍්පණීතෙ ධම‍්මෙ ජානෙය්‍ය, කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙ ධම‍්මෙ ජානෙය්‍ය. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො ද‍්විචක‍්ඛු. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, දෑස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයකුට යම් බඳු වූ නුවණැසෙකින් නොලැබූ හෝ භෝගයන් ලබාගන්නේ නම් හෝ ලබාගත් භෝගයන් වඩා ගන්නේ නම් එබඳු නුවණැසෙක් වෙයි. යම් බඳු වූ නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්‍රණීත ධර්‍මයන් දැනගන්නේ නම්, අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට වේ. මහණෙනි, මේ දෑස් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.

3. න චෙව භොගා තථාරූපා න ච පුඤ‍්ඤානි කුබ‍්බති, උභයත්‍ථ කලිග‍්ගාහො අන්‍ධස‍්ස හතචක‍්ඛුනො.

3. නට නුවණැස් ඇති අන්‍ධයාහට එබඳු භෝගයෝ නො වෙත්. පින් ද නොකරයි, දෙලොව්හි පරාජයග්‍රහණ වෙයි.

4. අථාපරායං අක‍්ඛාතො එකචක‍්ඛු ච පුග‍්ගලො, ධම‍්මාධම‍්මෙන සසඨො භොගානි පරියෙසති.

4. වැලිදු ශඨවැ සිටුනා හේ පින්පව් දෙකින් භෝගයන් සොයා ද, එබඳු වූ මේ අනෙක් එකැස් ඇති පුඟුලෙක් ද වදාරණ ලද්දේය.

5. ථෙය්‍යෙන කූටකම‍්මෙන මුසාවාදෙන චූභයං, කුසලො හොති සඞ‍්ඝාතුං කාමභොගී ච මානවො, ඉතො සො නිරයං ගන‍්ත්‍වා එකචක‍්ඛු විහඤ‍්ඤති.

5. කාමභෝගී වූ ඒ මිනිස් සොර රැවටිලි හා මුසවාය යන දෙකිනුදු භෝග රැස් කරන්නට දක්‍ෂයෙක් වේ. එකැස් ඇති හෙ මෙයින් නිරයට ගොස් වැනසෙයි.

6. ද‍්විචක‍්ඛු පන අක‍්ඛාතො සෙට‍්ඨො පුරිසපුග‍්ගලො, ධම‍්මලද‍්ධෙහි භොගෙහි උට‍්ඨානාධිගතං ධනං.

6-7. දෑස් ඇත්තා වූ ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයෙක් ද වදාරණ ලද්දේය. ශ්‍රේෂ්ඨ සංකල්පනා ඇති විචිකිච්ඡාරහිත සිත් ඇති ඒ මනුෂ්‍යයා දැහැමින් ලත් භෝගයෙන් යුක්ත වූයේ උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත් ධනය (මෙරමාහට) දෙයි. යම් තැනෙකට ගොස් නොසොස්නේ නම්, එබඳු සොඳුරු තැනට පැමිණෙයි.

7. දදාති සෙට‍්ඨසඞ‍්කප‍්පො අව්‍යග‍්ගමනසො නරො, උපෙති භද‍්දකං ඨානං යත්‍ථ ගන‍්ත්‍වා න සොචති.

8. අන්‍ධඤ‍්ච එකචක‍්ඛුඤ‍්ච ආරකා පරිවජ‍්ජයෙ, ද‍්විචක‍්ඛුං පන සෙවෙථ සෙට‍්ඨං පුරිසපුග‍්ගලන‍්ති.

8. අන්‍ධයා ද එකැස් ඇති පුද්ගලයා ද දුරින් දුරු කරන්නේය. ශ්‍රේෂ්ඨ වූ දෑස් ඇති පුරුෂ පුද්ගලයා සේවනය කරන්නේය යි.