යෙදුමෙන් කියවන්න

3. 1. 4. 7

3. 1. 4. 7.

3. 1. 4. 7.

37. අට‍්ඨමියං භික‍්ඛවෙ පක‍්ඛස‍්ස චතුන‍්නං මහාරාජානං අමච‍්චා පාරිසජ‍්ජා ඉමං ලොකං අනුවිචරන‍්ති: ‘කච‍්චි බහූ මනුස‍්සා මනුස‍්සෙසු මත‍්තෙය්‍යා පෙත‍්තෙය්‍යා සාමඤ‍්ඤා බ්‍රහ‍්මඤ‍්ඤා කුලෙජෙට‍්ඨාපචායිනො උපොසථං උපවසන‍්ති, පටිජාගරන‍්ති, පුඤ‍්ඤානි කරොන‍්තීති.

37. මහණෙනි, අඩමසැ අටවක්හි සිවුමහරජුන්ගේ පිරිසට අයත් ඇමතියෝ ‘කිමෙක් ද? මිනිස් ලොව්හි බොහෝ මිනිස්සු මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදනුවාහු ද, බමුණන් පුදනුවාහු ද, කුලදෙටුවන් පුදනුවාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මෙලොව සිසාරා ඇවිදිත්.

චාතුද‍්දසියං භික‍්ඛවෙ පක‍්ඛස‍්ස චතුන‍්නං මහාරාජානං පුත‍්තා ඉමං ලොකං අනුවිචරන‍්ති, කච‍්චි බහූ මනුස‍්සා මනුස‍්සෙසු මත‍්තෙය්‍යා පෙත‍්තෙය්‍යා සාමඤ‍්ඤා බ්‍රහ‍්මඤ‍්ඤා කුලෙජෙට‍්ඨාපචායිනො උපොසථං උපවසන‍්ති, පටිජාගරන‍්ති පුඤ‍්ඤානි කරොන‍්තී’ති. තදහු භික‍්ඛවෙ උපොසථෙ පණ‍්ණරසෙ චත‍්තාරො මහාරාජා සාමඤ‍්ඤෙව ඉමං ලොකං අනුවිචරන‍්ති: ‘කච‍්චි බහූ මනුස‍්සා මනුස‍්සෙසු මත‍්තෙය්‍යා පෙත‍්තෙය්‍යා සාමඤ‍්ඤා බ්‍රහ‍්මඤ‍්ඤා කුලෙජෙට‍්ඨාපචායිනො උපොසථං උපවසන‍්ති, පටිජාගරන‍්ති පුඤ‍්ඤානි කරොන‍්තී’ති.

මහණෙනි, අඩමසැ තුදුස්වක්හි සිවුමහරජුන්ගේ පුත්‍රයෝ මේ ලෝකය වටාගෙණ ඇවිදිත්: ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදනුවාහු ද, පියන් පුදනුවාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි. මහණෙනි, ඒ පුරපසළොස්වක් පොහෝ දින සිවුමහරජවරු තුමූ ම මේ ලොව වටාගෙණ ඇවිදිත්. ‘කිම, මිනිසුන් අතුරෙහි බොහෝ දෙනා මවුන් පුදන්නාහු ද, පියන් පුදන්නාහු ද, මහණුන් පුදන්නාහු ද, බමුණන් පුදන්නාහු ද, කුලදෙටුවන් පුදන්නාහු ද, පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් දැ’යි.

සචෙ භික‍්ඛවෙ අප‍්පකා හොන‍්ති මනුස‍්සා මනුස‍්සෙසු මත‍්තෙය්‍යා පෙත‍්තෙය්‍යා සාමඤ‍්ඤා බ්‍රහ‍්මඤ‍්ඤා කුලෙජෙට‍්ඨාපචායිනො උපොසථං උපවසන‍්ති, පටිජාගරන‍්ති, පුඤ‍්ඤානි කරොන‍්ති. තමෙනං භික‍්ඛවෙ චත‍්තාරො මහාරාජා දෙවානං තාවතිංසානං සුධම‍්මායං සභායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං ආරොචෙන‍්ති: අප‍්පකා ඛො මාරිසා මනුස‍්සා මනුස‍්සෙසු මත‍්තෙය්‍යා පෙත‍්තෙය්‍යා සාමඤ‍්ඤා බ්‍රහ‍්මඤ‍්ඤා කුලෙජෙට‍්ඨාපචායිනො උපොසථං උපවසන‍්ති, පටිජාගරන‍්ති, පුඤ‍්ඤානි කරොන‍්තී’ති. තෙන භික‍්ඛවෙ දෙවා තාවතිංසා අනත‍්තමනා හොන‍්ති: දිබ‍්බා වත භො කායා පරිහායිස‍්සන‍්ති, පරිපූරිස‍්සන‍්ති අසුරා කායාති.

මහණෙනි, ඉදින් මිනිසුන් අතුරෙහි මවුන් පුදන පියන් පුදන මහණුන් පුදන බමුණන් පුදන කුලදෙටුවන් පුදන මිනිස්සු ස්වල්ප වෙත් ද, (එසේ ම) ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් පෙහෙවස් වෙසෙත් ද, පටිජාගර උපෝසථය කෙරෙත් ද, පින් කෙරෙත් ද, මහණෙනි, සතරවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියන්ට මෙකරුණ සැළ කරත්: ‘නිදුකානෙනි, මිනිස්ලොව්හි ස්වල්ප මනුෂ්‍ය කෙනෙක් මවුන්ට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් කරන්නාහ. පටිජාගර උපෝසථය කරන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘අහහ’ භවත්නි, දෙව්පිරිස්හු පිරිහෙන්නාහ, අසුර පිරිස්හු පිරෙන්නාහ’ යි නො සතුටු සිත් ඇත්තාහු වෙති.

සචෙ පන භික‍්ඛවෙ බහූ හොන‍්ති මනුස‍්සා මනුස‍්සෙසු මත‍්තෙය්‍යා පෙත‍්තෙය්‍යා සාමඤ‍්ඤා බ්‍රහ‍්මඤ‍්ඤා කුලෙජෙට‍්ඨාපචායිනො උපොසථං උපවසන‍්ති, පටිජාගරන‍්ති, පුඤ‍්ඤානි කරොන‍්ති. තමෙනං භික‍්ඛවෙ චත‍්තාරො මහාරාජා දෙවානං තාවතිංසානං සුධම‍්මායං සභායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං ආරොචෙන‍්ති: ‘බහූ ඛො මාරිසා මනුස‍්සා මනුස‍්සෙසු මත‍්තෙය්‍යා පෙත‍්තෙය්‍යා සාමඤ‍්ඤා බ්‍රහ‍්මඤ‍්ඤා කුලෙජෙට‍්ඨාපචායිනො උපොසථං උපවසන‍්ති, පටිජාගරන‍්ති, පුඤ‍්ඤානි කරොන‍්තී’ති. තෙන භික‍්ඛවෙ දෙවා තාවතිංසා අත‍්තමනා හොන‍්ති: ‘දිබ‍්බා වත භො කායා පරිපූරිස‍්සන‍්ති, පරිහායිස‍්සන‍්ති අසුරා කායාති.

මහණෙනි, ඉදින් මිනිස්ලොව බොහෝ මනුෂ්‍යයෝ මවුනට හිතවත් නම්, පියනට හිතවත් නම්, මහණුනට හිතවත් නම්, බමුණනට හිතවත් නම්, කුලදෙටුවන් පුදත් නම්, පෙහෙවස් වෙසෙත් නම්, පටිජාගර උපෝසථය කෙරෙත් නම්, පින් කෙරෙත් නම්, මහණෙනි, සිවුවරම් මහරජවරු සුධර්‍මාසභායෙහි රැස්ව හුන් තව්තිසාවැසි දෙවියනට මෙසේ සැළ කරත්: ‘නිදුකාණනි, මිනිසුන් අතුරෙහි බොහෝ මිනිස්සු මවුනට හිතවත්හ. පියනට හිතවත්හ. මහණුනට හිතවත්හ. බමුණනට හිතවත්හ. කුලදෙටුවන් පුදන්නාහ. පෙහෙවස් වසන්නාහ. පටිජාගර උපෝසථය වසන්නාහ. පින් කරන්නාහ’ යි. මහණෙනි, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්පිරිස්හු පිරෙන්නාහ, අසුරපිරිස්හු පිරිහෙන්නාහ’ යි තුටුසිත් ඇත්තාහු වෙත්.