3. 1. 4. 8
3. 1. 4. 8.
3. 1. 4. 8.
38. භූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
38. මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
32. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං, උපොසථං උපවසෙය්ය යො පස්ස මාදිසො නරො’ති.
32. ‘ඉදින් යම් මිනිසෙක් මා’ බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්ෂයෙහි තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
සා ඛො පනෙසා භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථා දුග්ගීතා, න සුගීතා, දුබ්භාසිතා, න සුභාසිතා. තං කිස්ස හෙතු: සක්කො හි භික්ඛවෙ දෙවානමින්දො අවීතරාගො අවීතදොසො අවීතමොහො. යො ච ඛො සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො කල්ලං වචනාය :
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථා වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු. වරදවා කියන ලදු. මැනැවින් නො කියන ලදු. ඒ කවරහෙයින යත්: සක්දෙවිඳු වනාහි පහ නො කළ රාග ඇත්තෙක. පහ නො කළ ද්වේෂ ඇත්තෙක. පහ නො කළ මෝහ ඇත්තෙක. මහණෙනි, ක්ෂය කළ ආස්රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්ත්ථ ඇති, ක්ෂය කළ සසර බැඳුම් ඇති, මනාසේ දැන කෙලෙසුන් කෙරෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
33. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං උපොසථං උපවසෙය්ය යොපස්ස මාදිසො නරො’ති.
33. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
තං කිස්ස හෙතු? සො හි භික්ඛවෙ - භික්ඛු වීතරාගො වීතදොසො වීතමොහොති.
කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ පහ වූ රාග ඇත්තේ වේ ද, පහ වූ ද්වේෂ ඇත්තේ වේ ද, පහ වූ මෝහ ඇත්තේ වේ ද, එහෙයිනි.
භූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:–
මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
34. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං උපොසථං උපවසෙය්ය යොපස්ස මාදිසො නරො’ති.
34. ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්යපක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේය’යි.
සා ඛො පනෙසා භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථා දුග්ගීතා, න සුගීතා, දුබ්භාසිතා, න සුභාසිතා. තං කිස්ස හෙතු? සක්කො හි භික්ඛවෙ දෙවානමින්දො අපරිමුත්තො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, අපරිමුත්තො දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථාව වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු, වරදවා කියන ලදු, මැනැවින් නො කියන ලදු. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් සක්දෙවිඳු ජාතියෙන් ද, ජරායෙන් හා මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුක්දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, හාත්පසින් නො මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් නොමිදුනේ ය යි කියමි.
යො ච ඛො සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො කල්ලං වචනාය:–
මහණෙනි, ක්ෂය කළ ආස්රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තැබූ කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්ත්ථ ඇති, ක්ෂය කළ සසර බැඳුම් ඇති මනාසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
35. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛං ච අට්ඨඞ්ගසුසමාගතං; උපොසථං උපවසෙය්ය යොපස්ස මාදිසො නරො’ති.
35. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්ෂය පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්යපක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
තං කිස්ස හෙතු? සො හි භික්ඛවෙ භික්ඛු පරිමුත්තො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පරිමුත්තො දුක්ඛස්මාති වදාමීති.
ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ ජාතියෙන් ද, ජරාමරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, කායිකදුකින් ද, දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් මිදුනේය යි කියමි.