3. 1. 4. 9
3. 1. 4. 9.
3. 1. 4. 9.
39. සුඛුමාලො අහං භික්ඛවෙ පරමසුඛුමාලො. අච්චන්තසුඛුමාලො. මම සුදං භික්ඛවෙ පිතු නිවෙසනෙ පොක්ඛරණියො කාරිතා හොන්ති. එකත්ථ සුදං උප්පලං පුප්ඵති, එකත්ථ පදුමං, එකත්ථ පුණ්ඩරීකං, යාවදෙව මමත්ථාය. න ඛො පනස්සාහං භික්ඛවෙ අකාසිකං චන්දනං ධාරෙමි. කාසිකං සු මෙ තං භික්ඛවෙ වෙඨනං හොති. කාසිකා කඤ්චුකා, කාසිකං නිවාසනං, කාසිකො උත්තරාසඞ්ගො. රත්තින්දිවං ඛො පනස්සු මෙතං භික්ඛවෙ සෙතච්ඡත්තං ධාරීයති, මා නං ඵුසි සීතං වා උණ්හං වා රජො වා තිණං වා උස්සාවො වාති.
39. මහණෙනි, මම නිදුක්මි. අතිශයින් නිදුක්මි. සතතයෙන් නිදුක්මි. මහණෙනි, මාගේ පියනිවෙස්නෙහි පොකුණු කරවන ලද. එකෙක වනාහි නිලුපුල් පිපෙයි. එකෙක හෙළපියුම් පිපෙයි. එකෙක රත්පියුම් පිපෙයි. ඒ වනාහි හුදෙක් මා පිණිස ම ය. මහණෙනි, මම වනාහි නො සියුම් සඳුනක් නම් නො දරමි. මහණෙනි, මා හිස්වෙළුම ද සියුම් ම වෙයි. මාගේ පොරෝනා කස්ස ද සියුම් ම ය. හඳනා ද සියුම් වෙයි. උතුරුසළුව ද සියුම් වේ. මහණෙනි, රෑ දෙවෙහි ශීතය හෝ උෂ්ණය හෝ රජස හෝ තෘණ හෝ පිනි හෝ මුහු නහමක් පෙළාවා යි මට සේසතෙක් දරණු ලැබේ.
තස්ස මය්හං භික්ඛවෙ තයො පාසාදා අහෙසුං, එකො හෙමන්තිකො, එකො ගිම්හිකො, එකො වස්සිකො. සො ඛො අහං භික්ඛවෙ වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරියමානො න හෙට්ඨාපාසාදං ඔරොහාමි. යථා ඛො පන භික්ඛවෙ අඤ්ඤෙසං නිවෙසනෙසු දාසකම්මකරපොරිසස්ස කණාජකං භොජනං දීයති බිලඞ්ගදුතියං, එවමෙවස්සු මෙ භික්ඛවෙ පිතු නිවෙසනෙ දාසකම්මකරපොරිසස්ස සාලිමංසොදනො දීයති.
මහණෙනි, ඒ මට තුන් පහයෙක් වීය. එකෙක් හේමන්තයට හිත ය, එකෙක් ගිම්හානයට හිත ය, එකෙක් වර්ෂාඍතුවට හිත ය. මහණෙනි, ඒ මම වැසිකලට නිසි පහයෙහි පිරිමින් නැති (ස්ත්‍රීන් කරණ) පසඟතුරුයෙන් පිනවනු ලබන්නෙම් යට පහයට නො බස්මි. මහණෙනි, යම්සේ අන්‍යයන්ගේ නිවෙස්හි දස්කම්කරු අතැවැසි පුරුෂයනට කාඩි දෙවන කොට ඇති නිවුඩුසාලේ බත දෙනු ලැබේ ද, මහණෙනි, එලෙසින් මාගේ පිය නිවෙස්නෙහි දස්කම්කරු යටත් පුරුෂයනට මස් සහිත ඇල්සහලේ බත් දෙනු ලැබේ.
තස්ස මය්හං භික්ඛවෙ එවරූපාය ඉද්ධියා සමන්නාගතස්ස එවරූපෙන ච සුඛුමාලෙන එතදහොසි: ‘අස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා ජරාධම්මො සමානො ජරං අනතීතො පරං ජිණ්ණං දිස්වා අට්ටීයති, හරායති, ජිගුච්ඡති, අත්තානඤ්ඤෙව අතියිත්වා. අහම්පි ඛොම්හි ජරාධම්මො, ජරං අනතීතො. අහං චෙව ඛො පන ජරාධම්මො සමානො ජරං අනතීතො, පරං ජිණ්ණං දිස්වා අට්ටීයෙය්‍යං, හරායෙය්‍යං, ජිගුච්ඡෙය්‍යං, න මෙ තං අස්ස පතිරූපන්ති’. තස්ස මය්හං භික්ඛවෙ ඉති පටිසඤ්චික්ඛතො යො යොබ්බනෙ යොබ්බනමදො, සො සබ්බසො පහීයි.
මහණෙනි, මෙබඳු ඉදුහයෙන් ද මෙබඳු සියුමැලියෙන් ද යුත් ඒ මට මේ සිත විය: අශ්‍රැතවත් පෘථග්ජන ජරාව ස්වභාව කොට ඇත්තේ ම ජරාව නො ඉක්ම වූයේ ම ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි. ලජ්ජිතවෙයි, පිළිකුල් උපදවයි. වැලි මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම්. ජරාව නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම් ජරාව නො ඉක්ම වූයෙම් ම ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, එය මට නිසි නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන් විය නිමිති කොට යම් යෞවනමදයෙක් වී ද, එය සර්වප්රකාරයෙන් ප්‍රහත විය.
අස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා ව්යාධිධම්මො සමානො ව්යාධිං අනතීතො, පරං ව්යාධිතං දිස්වා අට්ටීයති, හරායති, ජිගුච්ඡති, අත්තානඤ්ඤෙව අතියිත්වා, අහම්පි ඛොම්හි ව්යාධිධම්මො, ව්යාධිං අනතීතො, අහං චෙව ඛො පන ව්යාධිධම්මො සමානො ව්යාධිං අනතීතො, පරං ව්යාධිතං දිස්වා අට්ටීයෙය්‍යං හරායෙය්‍යං ජිගුච්ඡෙය්‍යං, න මෙ තං අස්ස පතිරූපන්ති’. තස්ස මය්හං භික්ඛවෙ ඉති පටිසඤ්චික්ඛතො යො ආරොග්යෙ ආරොග්‍යමදො, සො සබ්බසො පහීයි.
අශ්‍රැතවත් පෘථග්ජනයා තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ම ව්‍යාධිය නො ඉක්ම වූයේ ම ව්‍යාධියට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. මම වැලිත් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම් ම ව්‍යාධියට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ආරෝග්‍යය නිමිති කොට යම් ආරෝග්‍යමදයෙක් වී නම්, එය සර්වප්රකාරයෙන් ප්‍රහත විය.
අස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා මරණධම්මො සමානො මරණං අනතීතො පරං මතං දිස්වා අට්ටීයති හරායති ජිගුච්ඡති, අත්තානඤ්ඤෙව අතියිත්වා අහම්පි ඛොම්හි මරණධම්මො මරණං අනතීතො, අහං චෙව ඛො පන මරණධම්මො සමානො මරණං අනතීතො පරං මතං දිස්වා අට්ටීයෙය්‍යං හරායෙය්‍යං ජිගුච්ඡෙය්‍යං, න මෙතං අස්ස පතිරූපන්ති’. තස්ස මය්හං භික්ඛවෙ ඉති පටිසඤ්චික්ඛතො යො ජීවිතෙ ජීවිතමදො, සො සබ්බසො පහීයීති.
අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ ම මරණය නො ඉක්ම වූයේ ම මරණයට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. ‘මම වැලිත් මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද මරණය ස්වභාව කොට ඇත්තෙම් මරණය නො ඉක්ම වූයෙම් ම මළා වූ අනෙකක්හු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ජීවිතය නිමිති කොට යම් ජීවිතමදයෙක් වී නම්, එය සර්වප්රකාරයෙන් ප්‍රහත විය.
තයො’මෙ භික්ඛවෙ මදා. කතමෙ තයො: යොබ්බනමදො, ආරොග්‍යමදො, ජීවිතමදො. යොබ්බනමදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ආරොග්යමදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො -පෙ- ජීවිතමදමත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
මහණෙනි, මේ මද තුණෙකි. කවර තුණෙක යත්: යෞවනමදය, ආරෝග්‍යමදය, ජීවිතමදයි. මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන යෞවන මදයෙන් මත්වූයේ කයින් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, සිතින් දුසිරිත් කරයි. හේ කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි. මහණෙනි, ආරෝග්යමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන ... ජීවිතමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන කයෙන් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, මනසින් දුසිරිත් කරයි. කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ (පව්කළහු) විවසව පතිත වන නිරයට පැමිණෙයි.
යොබ්බනමදමත්තො වා භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ආරොග්යමදමත්තො වා භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චකාය හීනායාවත්තති, ජීවිතමදමත්තො වා භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තතීති.
මහණෙනි, යොවුන්මදින් මත් වූ ද මහණ ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. මහණෙනි, ආරෝග්යමදයෙන් මත් වූ ද මහණ ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. ජීවිතමදයෙන් මත් වූ ද මහණ ශික්ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි.
36. ව්යාධිධම්මා ජරාධම්මා අථො මරණධම්මිනො, යථා ධම්මා තථා සන්තා ජිගුච්ඡන්ති පුථුජ්ජනා.
36. ව්‍යාධිය ස්වභාව කොට ඇත්තා වූ ද ජරාව ස්වභාව කොට ඇත්තා වූ ද යලි මරණය ස්වභාව කොට ඇත්තා වූ ද පෘථග්ජනයෝ (ව්යාධිආදි) ස්වභාවයන් නො ඉක් මැ සිටියාහු ම (මෙරමා) පිළිකුල් කරත්.
37. අහං චෙතං ජිගුච්ඡෙය්‍යං එවං ධම්මෙසු පාණිසු, න මෙතං පතිරූපස්ස මම එවං විහාරිනො.
37. මම ද මෙබඳු ස්වභාව ඇති ප්‍රාණීන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම්, මෙබඳු ජුගුප්සාවිහරණ ඇති මට එය තරම් නො වන්නේ ය.
38. සොහං එවං විහරන්තො ඤත්වා ධම්මං නිරූපධිං, ආරොග්යෙ යොබ්බනස්මිං ච ජීවිතස්මිං ච යෙ මදා.
38. මම මෙසේ වසන්නෙම් නිර්වාණධර්මය දැන, ආරෝග්‍යයෙහි ද යෞවනයෙහි ද, ජීවිතයෙහි ද යම් මද කෙනෙක් වෙත් නම්,
39. සබ්බෙ මදෙ අභිභොස්මි නෙක්ඛම්මෙ දට්ඨු ඛෙමතං, තස්ස මෙ අහු උස්සාහො නිබ්බානං අභිපස්සතො.
39. නිර්වාණයෙහි ක්ෂේමභාවය දැක සියලු මදයන් මැඩලූ යෙම් වෙමි. නිවන දක්නා ඒ මට උත්සාහය විය.
40. නාහං භබ්බො එතරහි කාමානි පටිසෙවිතුං, අනිවත්තී භවිස්සාමි බ්රහ්මචරියපරායනොති.
40. දැන් මම කාමයන් සෙවුනට භව්‍ය නො වෙමි. නො නවත්නෙම් මඟබඹසර පිහිට කොට ඇත්තෙම් වෙමි.