යෙදුමෙන් කියවන්න

8. තිකණ‍්ණසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

8. තිකණ‍්ණසුත‍්තවණ‍්ණනා

3. 2. 1. 8

අට‍්ඨමෙ තිකණ‍්ණොති තස‍්ස නාමං. උපසඞ‍්කමීති “සමණො කිර ගොතමො පණ‍්ඩිතො, ගච‍්ඡිස‍්සාමි තස‍්ස සන‍්තික”න‍්ති චින‍්තෙත්‍වා භුත‍්තපාතරාසො මහාජනපරිවුතො උපසඞ‍්කමි. භගවතො සම‍්මුඛාති දසබලස‍්ස පුරතො නිසීදිත්‍වා. වණ‍්ණං භාසතීති කස‍්මා භාසති? සො කිර ඉතො පුබ‍්බෙ තථාගතස‍්ස සන‍්තිකං අගතපුබ‍්බො. අථස‍්ස එතදහොසි – “බුද‍්ධා නාම දුරාසදා, මයි පඨමතරං අකථෙන‍්තෙ කථෙය්‍ය වා න වා. සචෙ න කථෙස‍්සති, අථ මං සමාගමට‍්ඨානෙ කථෙන‍්තං එවං වක‍්ඛන‍්ති ‘ත්‍වං ඉධ කස‍්මා කථෙසි, යෙන තෙ සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වචනමත‍්තම‍්පි න ලද‍්ධ’න‍්ති. තස‍්මා ‘එවං මෙ අයං ගරහා මුච‍්චිස‍්සතී’”ති මඤ‍්ඤමානො භාසති. කිඤ‍්චාපි බ්‍රාහ‍්මණානං වණ‍්ණං භාසති, තථාගතස‍්ස පන ඤාණං ඝට‍්ටෙස‍්සාමීති අධිප‍්පායෙනෙව භාසති. එවම‍්පි තෙවිජ‍්ජා බ්‍රාහ‍්මණාති තෙවිජ‍්ජකබ්‍රාහ‍්මණා එවංපණ‍්ඩිතා එවංධීරා එවංබ්‍යත‍්තා එවංබහුස‍්සුතා එවංවාදිනො, එවංසම‍්මතාති අත්‍ථො. ඉතිපීති ඉමිනා තෙසං පණ‍්ඩිතාදිආකාරපරිච‍්ඡෙදං දස‍්සෙති. එත‍්තකෙන කාරණෙන පණ‍්ඩිතා…පෙ… එත‍්තකෙන කාරණෙන සම‍්මතාති අයඤ‍්හි එත්‍ථ අත්‍ථො.

අටවැන්නෙහි තිකණේණා යනු ඔහුගේ නමයි. උපසඞ්කමි යනු ශ්‍රමණ ගෞතමයෝ වනාහි පණ්ඩිතයෝය. ඔහුගේ සමීපයට යන්නෙමැයි සිතා වළඳනාලද උදය අහර ඇත්තේ මහජනයා විසින් පිරිවරණලද්දේ එළඹියේය. භගවතො සම්මුඛා යනු දශබලයන් වහන්සේගේ ඉදිරියෙහි හිඳ වණ්ණං භාසති යනු කුමක් හෙයින් කියයිද? හෙතෙම වනාහි මින් පෙර තථාගතයන්වහන්සේ හමුවට නොආවිරූය. ඉක්බිති ඔහුට මෙසේ අදහස් විය: බුදුවරුනම් අපහසුවෙන් ළංවිය යුත්තෝය. මා පළමුව නොකියන කල්හි කියන්නේ හෝ නොකියන්නේය. ඉදින් යමක් නොකියන්නේ නම් (මිතුරන්) එක්වූ තැන්හි කථාකරන මට (ඔවුහු) මෙසේ කියති: ‘නුඹ මෙහි කුමක් හෙයින් කියහිද? ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට ගොස් ඔබ විසින් වචන මාත්‍රයකුදු නොලබන ලදී.’ එහෙයින් මා මෙසේ නින්දාවෙන් මිදෙන්නේයි හඟිමින් කථා කරයි. තවතද බමුණන්ගේ ගුණය කියයි. තථාගතයන් වහන්සේගේ නුවණ පහත හෙළමැයි අදහසින්ම කථාකරයි. එවම්පි තෙවිජ්ජා බ්‍රාහ්මණා යනු ත්‍රිවේදය දත් බමුණෝ මෙබඳු පණ්ඩිතයෝය. මෙබඳු නුවණැත්තෝය. මෙබඳු ව්‍යක්තයෝය. මෙබඳු බහුශ්‍රැතයෝය. මෙබඳු වාද ඇත්තෝය. මෙසේ පිළිගන්නාලද්දෝයයි අර්‍ත්‍ථයි. ඉතිපි යන මෙයින් ඔවුන්ගේ පණ්ඩිතාදි ආකාර පිරිසිඳීම දක්වයි. මෙපමණ කරුණින් පණ්ඩිතයෝය -පෙ- මෙපමණ කරුණින් සම්මතයෝය යන මෙය මෙහි අර්‍ත්‍ථයයි.

යථා කථං පන බ්‍රාහ‍්මණාති එත්‍ථ යථාති කාරණවචනං, කථං පනාති පුච‍්ඡාවචනං. ඉදං වුත‍්තං හොති – කථං පන, බ්‍රාහ‍්මණ, බ්‍රාහ‍්මණා තෙවිජ‍්ජං පඤ‍්ඤාපෙන‍්ති. යථා එවං සක‍්කා හොති ජානිතුං, තං කාරණං වදෙහීති. තං සුත්‍වා බ්‍රාහ‍්මණො “ජානනට‍්ඨානෙයෙව මං සම‍්මාසම‍්බුද‍්ධො පුච‍්ඡි, නො අජානනට‍්ඨානෙ”ති අත‍්තමනො හුත්‍වා ඉධ, භො ගොතමාතිආදිමාහ. තත්‍ථ උභතොති ද‍්වීහිපි පක‍්ඛෙහි. මාතිතො ච පිතිතො චාති යස‍්ස මාතා බ්‍රාහ‍්මණී, මාතු මාතා බ්‍රාහ‍්මණී, තස‍්සාපි මාතා බ්‍රාහ‍්මණී. පිතා බ්‍රාහ‍්මණො, පිතු පිතා බ්‍රාහ‍්මණො, තස‍්සාපි පිතා බ්‍රාහ‍්මණො, සො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච. සංසුද‍්ධගහණිකොති යස‍්ස සංසුද‍්ධා මාතු ගහණී, කුච‍්ඡීති අත්‍ථො. “සමවෙපාකිනියා ගහණියා”ති පන එත්‍ථ කම‍්මජතෙජොධාතු ගහණීති වුච‍්චති.

යථා කථම්පන බ්‍රාහ්මණා යන මෙහි යථා යනු හේතු දැක්වීමේ වචනයයි. කථම්පන යනු ඇසීමේ වචනයයි. මෙය කියන ලද්දේ වෙයි: බමුණ, කෙසේ නම් බමුණෝ ත්‍රිවිද්‍යාව පනවත්ද? යම්සේ මෙය දැනීමට හැකිවේද එම කරුණ කියව’ යනුයි. එය අසා බමුණා, ‘සම්මා සම්බුදුන්වහන්සේ දැන ගැනීමේ අදහසින්ම මා විමසන සේක. නොදැනගැනීමේ අදහසින් නොවේය’යි සතුටු සිතැත්තේ වී ‘භවත් ගෞතමය මෙහි’ යනාදිය පැවසීය. එහි උභතො යනු දෙපසින්මය. මාතිතො ච පිතිතො ච යනු යමකුගේ මව බැමිණියකි. මවගේ මව බැමිණියකි. ඇයගේත් මව බැමිණියකි. පියා බමුණෙකි. පියාගේ පියා බමුණෙකි. ඔහුගේත් පියා බමුණෙකි. හෙතෙම මවුපසින්ද පියපසින්ද යන දෙපසින්ම මනාව උපන්නෙකි. සංසුද්ධගහණිකො යනු යමකුට ඉතා පිරිසුදු මාතෘග්‍රහණයක්, කුසක් ඇත්තේද යන අර්‍ත්‍ථයි. සමවෙපාකිනියා ගහණියා යන මෙහි වනාහි කර්‍මජ තෙජෝධාතුව ගහණි යයි කියනු ලැබේ.

යාව සත‍්තමා පිතාමහයුගාති එත්‍ථ පිතු පිතා පිතාමහො, පිතාමහස‍්ස යුගං පිතාමහයුගං. යුගන‍්ති ආයුප‍්පමාණං වුච‍්චති. අභිලාපමත‍්තමෙව චෙතං, අත්‍ථතො පන පිතාමහොයෙව පිතාමහයුගං. තතො උද‍්ධං සබ‍්බෙපි පුබ‍්බපුරිසා පිතාමහග‍්ගහණෙනෙව ගහිතා. එවං යාව සත‍්තමො පුරිසො, තාව සංසුද‍්ධගහණිකො, අථ වා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙනාති දස‍්සෙති. අක‍්ඛිත‍්තොති “අපනෙථ එතං, කිං ඉමිනා”ති එවං අක‍්ඛිත‍්තො අනවක‍්ඛිත‍්තො. අනුපක‍්කුට‍්ඨොති න උපක‍්කුට‍්ඨො, න අක‍්කොසං වා නින්‍දං වා පත‍්තපුබ‍්බො. කෙන කාරණෙනාති? ජාතිවාදෙන. “ඉතිපි හීනජාතිකො එසො”ති එවරූපෙන වචනෙනාති අත්‍ථො.

යාව සත්තමා පිතාම්හයුගා යන මෙහි පියාගේ පියා පිතාමහය: පිතාමහගේ යුගය පිතාමහයුගයයි. යුගය යනු ආයුප්‍රමාණයයි කියනු ලැබේ. මෙය වනාහි ප්‍රකාශකිරීම් මාත්‍රයක් පමණකි. අර්‍ත්‍ථවශයෙන් වනාහි පිතාමහම පිතාමහයුගයයි. එයින් උඩ සියලු පූර්‍ව පුරුෂයෝ පිතාමහ ගැනීමෙන්ම ගන්නාලදහ. මෙසේ සත්වැනි පුරුෂයා දක්වා එතෙක් ඉතා පිරිසිදු මවුකුස පිළිසිඳීම් ඇත්තේයි. නැතහොත් ජාතිවාදයෙන් අපහාස නොලබනලද්දේයි, නින්දිත නොවූයේයි. අක්‍ඛිත්තො යනු මොහු ඉවත් කරව, මොහුගෙන් කවර වැඩක්දැයි මෙසේ නොගරහනලද්දේ අපහාස නොලබනලද්දේයි අනුපක්කුටේඨා යනු නින්දිත නොවූයේයි. ගැරහීමකට හෝ නින්දාවකට නොපැමිණි විරූය. කවර කරුණකින්දයත්? ජාතිවාදනෙ යනු මෙකරුණින්ද මෙතෙම පහත් ජාතිකයෙකි යන මෙබඳුවූ වචනයෙන්ය යන අර්‍ත්‍ථයි.

අජ‍්ඣායකොති ඉදං “න දානිමෙ ඣායන‍්ති, න දානිමෙ ඣායන‍්තීති ඛො, වාසෙට‍්ඨ, අජ‍්ඣායකා අජ‍්ඣායකාතෙව තතියං අක‍්ඛරං උපනිබ‍්බත‍්ත”න‍්ති (දී· නි· 3.132) එවං පඨමකප‍්පිකකාලෙ ඣානවිරහිතානං බ්‍රාහ‍්මණානං ගරහවචනං උප‍්පන‍්නං. ඉදානි පන තං අජ‍්ඣායතීති අජ‍්ඣායකො, මන‍්තෙ පරිවත‍්තෙතීති ඉමිනා අත්‍ථෙන පසංසාවචනං කත්‍වා වොහරන‍්ති. මන‍්තෙ ධාරෙතීති මන‍්තධරො.

අජ්ක්‍ධායකො යන මෙය ‘නදානිමෙ ක්‍ධායනති නදානිමෙ ක්‍ධායන්තීති ඛො වාසෙට්ඨා අජක්‍ධායකා අජක්‍ධායකාතෙව දුතියං අක්‍ඛරං උපනිබ්බතතං’ යනුවෙන් මෙසේ ප්‍රථම කල්පික කාලයෙහි ධ්‍යානරහිතවූ බමුණන්ට නින්දා වචනයක්ව උපන්නකි. දැන් වනාහි එය හදාරන්නේයයි අජක්‍ධායකයි. මන්ත්‍රයන් පිරිවහයි. යන මේ අර්‍ත්‍ථයෙන් පසස්නා වදනක් කොට ව්‍යවහාර කරත්. මන්ත්‍රයන් දරන්නේනුයි මන්තධරො නමි.

තිණ‍්ණං වෙදානන‍්ති ඉරුබ‍්බෙදයජුබ‍්බෙදසාමබ‍්බෙදානං. ඔට‍්ඨපහතකරණවසෙන පාරං ගතොති පාරගූ. සහ නිඝණ‍්ඩුනා ච කෙටුභෙන ච සනිඝණ‍්ඩුකෙටුභානං. නිඝණ‍්ඩූති නාමනිඝණ‍්ඩුරුක‍්ඛාදීනං වෙවචනපකාසකසත්‍ථං. කෙටුභන‍්ති කිරියාකප‍්පවිකප‍්පො කවීනං උපකාරාය සත්‍ථං. සහ අක‍්ඛරප‍්පභෙදෙන සාක‍්ඛරප‍්පභෙදානං. අක‍්ඛරප‍්පභෙදොති සික‍්ඛා ච නිරුත‍්ති ච. ඉතිහාසපඤ‍්චමානන‍්ති ආථබ‍්බණවෙදං චතුත්‍ථං කත්‍වා ඉතිහ ආස, ඉතිහ ආසාති ඊදිසවචනපටිසංයුත‍්තො පුරාණකථාසඞ‍්ඛාතො ඛත‍්තවිජ‍්ජාසඞ‍්ඛාතො වා ඉතිහාසො පඤ‍්චමො එතෙසන‍්ති ඉතිහාසපඤ‍්චමා. තෙසං ඉතිහාසපඤ‍්චමානං වෙදානං.

තිණ්ණංවෙදානං යනු සෘග් වේද යජුර් වේද හා සාම වේදයන්ගේයි. තොල ගැටීම් වශයෙන් පරතෙරට ගියේයි පාරගු නමි. නිඝණ්ඩුවෙන්ද කෙටුභශාසත්‍රයෙන්ද යුක්ත වූයේනුයි සනිඝණ්ඩුකෙටුභානං නමි. නිඝණ්ඩු යනු නාමනිඝණ්ඩුයි. ගස් ආදියේ පර්‍ය්‍යාය වචන ප්‍රකාශ කරන්නාවූ ශාස්ත්‍රයයි. කෙටුභ යනු යාග ක්‍රියා පිළිබඳවූ කල්පනම් වේදාංග විධියකි. කවීන්ට උපකාර වීම සඳහා වූ ශාස්ත්‍රයකි. අක්‍ෂර ප්‍රභේදයෙන් සමන්විත වූයේ සාක්‍ඛරප්පභෙදං නමි. අක්‍ඛරප්පභෙදො යනු ශික්‍ෂාව සහ නිරුක්තියයි. ඉතිහාසපඤමානං යනු අථර්වවේදය සතරවැනි කොට ඉතිහ ආස, ඉතිහාආස යන මෙබඳු වචන ප්‍රතිසංයුක්තවූ පුරාණකථා සංඛ්‍යාතවූ හෝ ක්‍ෂත්‍රවිද්‍යා, සංඛ්‍යාතවූ හෝ ඉතිහාසය පස්වැනි කොට ඇත්තේ මොවුන්ටනුයි. ඉතිහාසපඤ්චමා නමි. ඒ ඉතිහාසය පස්වැනි කොට ඇති ඒවායේයි.

පදං තදවසෙසඤ‍්ච බ්‍යාකරණං අධීයති වෙදෙති චාති පදකො වෙය්‍යාකරණො. ලොකායතං වුච‍්චති විතණ‍්ඩවාදසත්‍ථං. මහාපුරිසලක‍්ඛණන‍්ති මහාපුරිසානං බුද‍්ධාදීනං ලක‍්ඛණදීපකං ද‍්වාදසසහස‍්සගන්‍ථපමාණං සත්‍ථං, යත්‍ථ සොළසසහස‍්සගාථාපදපරිමාණා බුද‍්ධමන‍්තා නාම අහෙසුං, යෙසං වසෙන “ඉමිනා ලක‍්ඛණෙන සමන‍්නාගතා බුද‍්ධා නාම හොන‍්ති, ඉමිනා පච‍්චෙකබුද‍්ධා, ද‍්වෙ අග‍්ගසාවකා, අසීති මහාසාවකා, බුද‍්ධමාතා, බුද‍්ධපිතා, අග‍්ගුපට‍්ඨාකා, අග‍්ගුපට‍්ඨායිකා, රාජා චක‍්කවත‍්තී”ති අයං විසෙසො ඤායති. අනවයොති ඉමෙසු ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනූනො පරිපූරකාරී, අවයො න හොතීති වුත‍්තං හොති. අවයො නාම යො තානි අත්‍ථතො ච ගන්‍ථතො ච සන්‍ධාරෙතුං න සක‍්කොති. අථ වා අනවයොති අනු අවයො, සන්‍ධිවසෙන උකාරලොපො. අනු අවයො පරිපුණ‍්ණසිප‍්පොති අත්‍ථො.

පදයද එයින් අතිරේකවූ ව්‍යාකරණයද උගනියි, දනීය යන්නෙන් පදකො චෙය්‍යාකරණො නම්වෙයි. විතණඩවාද ශාස්ත්‍රය ලොකායතං යි කියනු ලැබේ. මහාපුරිසලක්‍ඛණං යනු බුද්ධාදී මහාපුරුෂයන්ගේ ලක්‍ෂණ ප්‍රකාශ කරන්නාවූ දොළොස් දහසක් පමණවූ ග්‍රන්‍ථප්‍රමාණයක් ඇති ශාස්ත්‍රයයි. යම් තැනක සොළොස් දහසක ගාථාපද ප්‍රමාණයක් ඇත්තේ බුද්ධමන්ත්‍රයෝ නම් වූවාහුද ඒ අනුව මේ ලක්‍ෂණයෙන් යුක්තවූවෝ බුදුවරු නම්වෙත්. මෙයින් පෙසේ බුදුවරු නම් වෙත් අගසව් දෙදෙනාය. අසූමහසව්වෝය, බුදුමවය, බුදුපියාය, අග්‍රඋපස්ථායකයෝය., අග්‍රඋපස්ථායිකාවෝය. සක්විති රජයයි මේ විශේෂය දැනගනියි. අනවයො යනු මේ ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයන්හි නොඅඩුවූයේ සම්පූර්‍ණ කරන්නේ ඒවා අර්‍ත්‍ථ හා ග්‍රන්‍ථවශයෙන් එක්කොට ගැන්මට නොහැක්කෙක් නොවන්නේයි කියනලද්දේයි. අවයො නම් ඒවා අර්‍ත්‍ථවශයෙන්ද ග්‍රන්‍ථවශයෙන්ද නොකඩ කොට පැවැත්වීමට නොහැකි වන්නායි.

තෙන හීති ඉදං භගවා නං ආයාචන‍්තං දිස‍්වා “ඉදානිස‍්ස පඤ‍්හං කථෙතුං කාලො”ති ඤත්‍වා ආහ. තස‍්සත්‍ථො – යස‍්මා මං ආයාචසි, තස‍්මා සුණාහීති. විවිච‍්චෙව කාමෙහීතිආදි විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.70) විත්‍ථාරිතමෙව. ඉධ පනෙතං තිස‍්සන‍්නං විජ‍්ජානං පුබ‍්බභාගපටිපත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථ ද‍්වින‍්නං විජ‍්ජානං අනුපදවණ‍්ණනා චෙව භාවනානයො ච විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.402 ආදයො) විත්‍ථාරිතොව.

තෙනහි යන මෙය භාග්‍යවතුන්වහන්සේ ඒ ආයාචනය දැක දැන් මොහුට ප්‍රශ්නයක් කීමට කාලයයි දැන ‘ඒ අදහසින් යම් හෙයකින් මට ආයාචනය කෙළෙහිද එහෙයින් අසව’යි වදාළ සේක. විවිචේචව කාමෙහි යන ආදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලද්දේමය. මෙහි වනාහි එය ත්‍රිවිධ විද්‍යාවන්ගේ පුර්‍වභාග ප්‍රතිපත්ති දැක්වීම සඳහා කියනලදැයි දතයුතුය. එහි විද්‍යාදෙකක වචනයක් පාසා වර්‍ණනාවද භාවනාක්‍රමයද විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලද්දේමය.

පඨමා විජ‍්ජාති පඨමං උප‍්පන‍්නාති පඨමා, විදිතකරණට‍්ඨෙන විජ‍්ජා. කිං විදිතං කරොති? පුබ‍්බෙනිවාසං. අවිජ‍්ජාති තස‍්සෙව පුබ‍්බෙනිවාසස‍්ස අවිදිතකරණට‍්ඨෙන තප‍්පටිච‍්ඡාදකො මොහො වුච‍්චති. තමොති ස‍්වෙව මොහො පටිච‍්ඡාදකට‍්ඨෙන තමොති වුච‍්චති. ආලොකොති සායෙව විජ‍්ජා ඔභාසකරණට‍්ඨෙන ආලොකොති වුච‍්චති. එත්‍ථ ච විජ‍්ජා අධිගතාති අයං අත්‍ථො. සෙසං පසංසාවචනං. යොජනා පනෙත්‍ථ අයමස‍්ස විජ‍්ජා අධිගතා, අථස‍්ස අධිගතවිජ‍්ජස‍්ස අවිජ‍්ජා විහතා විනට‍්ඨාති අත්‍ථො. කස‍්මා? යස‍්මා විජ‍්ජා උප‍්පන‍්නා. ඉතරස‍්මිම‍්පි පදද‍්වයෙ එසෙව නයො. යථා තන‍්ති එත්‍ථ යථාති ඔපම‍්මං, තන‍්ති නිපාතමත‍්තං. සතියා අවිප‍්පවාසෙන අප‍්පමත‍්තස‍්ස. වීරියාතාපෙන ආතාපිනො. කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛතාය පහිතත‍්තස‍්ස. පෙසිතත‍්තස‍්සාති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – යථා අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිජ‍්ජා විහඤ‍්ඤෙය්‍ය, විජ‍්ජා උප‍්පජ‍්ජෙය්‍ය. තමො විහඤ‍්ඤෙය්‍ය, ආලොකො උප‍්පජ‍්ජෙය්‍ය, එවමෙව තස‍්ස අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා. තමො විහතො, ආලොකො උප‍්පන‍්නො. එතස‍්ස තෙන පධානානුයොගස‍්ස අනුරූපමෙව ඵලං ලද‍්ධන‍්ති.

පඨමා විජ්ජා යනු පළමුව උපන්නේනුයි පඨමායි. දැනගැනීම් අරුතින් විද්‍යාවයි. කුමන දැනීම ඇති කරයිද? පෙරපැවැත්මයි. අවිජ්ජා යනු ඒ පෙරවිසීම පිළිබඳ නොදැනීම ඇතිකිරීම් අරුතින් එය වළහන්නාවූ මෝහයයි. කියනුලැබේ. තමො යනු ඒ මෝහයම වැසීම් අර්‍ත්‍ථයෙන් තමයයි කියනු ලැබේ. ආලොකො යනු ඒ විද්‍යාවම බැබලීම ඇති කිරීම් අරුතින් ආලෝකයයි කියනුලැබේ. මෙහිද විද්‍යාව අවබෝධ කරන ලද්දේය යන මේ අර්‍ත්‍ථයයි. සෙස්ස පැසසීමේ වචනයයි. මෙහි යෝජනාව වනාහි මෙයයි: මොහුට විද්‍යාව අවබෝධ විය. ඉක්බිති අවබෝධකරනලද විද්‍යාව ඇත්තහුගේ අවිද්‍යාව දුරුවිය. විනාශ වීයයි අර්‍ත්‍ථයි. විද්‍යාව උපන් බැවිනි. සෙසු දෙපදයෙහිද මේ ක්‍රමයමැයි යථාතං යන මෙහි යථා යනු උපමාවෙහියි. තං යනු නිපාතමාත්‍රයකි. සිහියෙන් නොවෙනස්වන විසීමෙන් අප්පමත්තස්ස නමි. වීර්යයෙන් තැවීමෙන් ආතාපිනො නමි. ශරීරයෙහිද ජීවිතයෙහිද බලාපොරොත්තු රහිත වීමෙන් පහිතත්තස්ස නමි. මෙහෙයවනලද ආත්මය ඇත්තහුගේ යන අර්‍ත්‍ථයි. මෙය කියනලද්දේ වෙයි. යම්සේ අප්‍රමාද වූවහුගේ, කෙලෙස් තවනලද්දහුගේ භාවනාවෙහි මෙහෙයවනලද සිත් ඇතිව වසන්නාගේ අවිද්‍යාව දුරුවන්නේය. විද්‍යාව උපදින්නේය. මොහාන්ධකාරය දුරුවන්නේය. විද්‍යා ආලෝකය පහළවන්නේය. මෙසේම ඔහුගේ අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපණ. අඳුර නැසිණ. ආලෝකය උපණ. මෙයින් කෙලෙස් තැවීමෙහි යෙදුනාවූ මොහුට අනරූපවූම ඵලයක් ලැබිණ යනුවෙනි.

පුබ්බේනිවාස කථාව නිමියේයි.

චුතූපපාතකථායං විජ‍්ජාති දිබ‍්බචක‍්ඛුඤාණවිජ‍්ජා. අවිජ‍්ජාති සත‍්තානං චුතිපටිසන්‍ධිප‍්පටිච‍්ඡාදිකා අවිජ‍්ජා. සෙසං වුත‍්තනයමෙව.

චුතූපපාත කථාවෙහි විජ්ජා යනු දිබ්බචක්‍ඛු ඤාණවිද්‍යාවයි. අවිජ්ජා යනු සත්වයන්ගේ ච්‍යුතිප්‍රතිසන්‍ධි වසන්නාවූ අවිද්‍යාවයි. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේයි.

තතියවිජ‍්ජාය සො එවං සමාහිතෙ චිත‍්තෙති විපස‍්සනාපාදකං චතුත්‍ථජ‍්ඣානචිත‍්තං වෙදිතබ‍්බං. ආසවානං ඛයඤාණායාති අරහත‍්තමග‍්ගඤාණත්‍ථාය. අරහත‍්තමග‍්ගො හි ආසවවිනාසනතො ආසවානං ඛයොති වුච‍්චති, තත්‍ර චෙතං ඤාණං තත්‍ථ පරියාපන‍්නත‍්තාති. චිත‍්තං අභිනින‍්නාමෙතීති විපස‍්සනාචිත‍්තං අභිනීහරති. සො ඉදං දුක‍්ඛන‍්ති එවමාදීසු එත‍්තකං දුක‍්ඛං, න ඉතො භිය්‍යොති සබ‍්බම‍්පි දුක‍්ඛසච‍්චං සරසලක‍්ඛණප‍්පටිවෙධෙන යථාභූතං පජානාති පටිවිජ‍්ඣති, තස‍්ස ච දුක‍්ඛස‍්ස නිබ‍්බත‍්තිකං තණ‍්හං “අයං දුක‍්ඛසමුදයො”ති, තදුභයම‍්පි යං ඨානං පත්‍වා නිරුජ‍්ඣති, තං තෙසං අපවත‍්තිං නිබ‍්බානං “අයං දුක‍්ඛනිරොධො”ති. තස‍්ස ච සම‍්පාපකං අරියමග‍්ගං “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති සරසලක‍්ඛණප‍්පටිවෙධෙන යථාභූතං පජානාති පටිවිජ‍්ඣතීති එවමත්‍ථො වෙදිතබ‍්බො.

තෙවැනි විද්‍යාවෙහි සො එවං සමාහිතෙ චිතේත යනු විදර්‍ශනාපාදකවූ චතුර්ථධ්‍යාන සිතයයි දතයුතුයි. ආසවානං ඛයඤාණාය යනු අරහත්මාර්ගඥානය සඳහාය. අරහත්මාර්ගය වනාහි ආශ්‍රවයන් විනාහ කෙරෙන බැවින් ආශ්‍රවයන්ගේ ක්‍ෂයයි කියනු ලැබෙයි එහිද මේ ඥානය එහි ඇතුළත්වන බැවිනි. චිත්තං අභිනින්නාමෙති යනු විදර්‍ශනා චිත්තය ඉදිරිපත් කරයි. සො ඉදං දුකඛං යන මේ ආදියෙහි මෙපමණ දුකක් නොව මීටවඩා බොහෝයයි සියලුම දුක්‍ඛසත්‍යය ස්වභාව හා ලක්‍ෂණ වශයෙන් ප්‍රතිවේධ කිරීමෙන් ඇති සැටියෙන් දැනගනියි. අවබෝධ කරයි. එම දුක උපදවන්නාවූ තෘෂ්ණාව මේ දුක්ඛ සමුදයයිද ඒ දෙකම යම් තැනකට පැමිණ නිරුද්ධ වෙයිද ඔවුන්ගේ නොපැවැත්ම වූ ඒ නිවන මේ දුක්‍ඛ නිරොධයයිද එයට පමුණුවන්නාවූ ආර්ය මාර්‍ගය මේ දුක්‍ඛ නිරොධයයිද එයට පමුණුවන්නාවූ ආර්ය මාර්‍ගය මේ දුක්‍ඛ නිරොධගාමිනී ප්‍රතිපදාවයයිද ස්වභාවලක්‍ෂණ අවබෝධ කිරීම් වශයෙන් ඇති සැටියෙන් දනී. අවබෝධ කරයි යන මේ අර්‍ත්‍ථය දතයුතුය.

එවං සරූපතො සච‍්චානි දස‍්සෙත්‍වා ඉදානි කිලෙසවසෙන පරියායතො දස‍්සෙන‍්තො ඉමෙ ආසවාතිආදිමාහ. තස‍්ස එවං ජානතො එවං පස‍්සතොති තස‍්ස භික‍්ඛුනො එවං ජානන‍්තස‍්ස එවං පස‍්සන‍්තස‍්ස. සහ විපස‍්සනාය කොටිප‍්පත‍්තං මග‍්ගං කථෙසි. කාමාසවාති කාමාසවතො. විමුච‍්චතීති ඉමිනා මග‍්ගක‍්ඛණං දස‍්සෙති. මග‍්ගක‍්ඛණෙ හි චිත‍්තං විමුච‍්චති, ඵලක‍්ඛණෙ විමුත‍්තං හොති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණන‍්ති ඉමිනා පච‍්චවෙක‍්ඛණඤාණං දස‍්සෙති. ඛීණා ජාතීතිආදීහි තස‍්ස භූමිං. තෙන හි ඤාණෙන සො පච‍්චවෙක‍්ඛන‍්තො ඛීණා ජාතීතිආදීනි පජානාති. කතමා පනස‍්ස ජාති ඛීණා, කථඤ‍්ච නං පජානාතීති? න තාවස‍්ස අතීතා ජාති ඛීණා පුබ‍්බෙව ඛීණත‍්තා, න අනාගතා, අනාගතෙ වායාමාභාවතො, න පච‍්චුප‍්පන‍්නා, විජ‍්ජමානත‍්තා. යා පන මග‍්ගස‍්ස අභාවිතත‍්තා උප‍්පජ‍්ජෙය්‍ය එකචතුපඤ‍්චවොකාරභවෙසු එකචතුපඤ‍්චක‍්ඛන්‍ධප‍්පභෙදා ජාති, සා මග‍්ගස‍්ස භාවිතත‍්තා අනුප‍්පාදධම‍්මතං ආපජ‍්ජනෙන ඛීණා. තං සො මග‍්ගභාවනාය පහීනකිලෙසෙ පච‍්චවෙක‍්ඛිත්‍වා කිලෙසාභාවෙ විජ‍්ජමානම‍්පි කම‍්මං ආයතිඅප‍්පටිසන්‍ධිකං හොතීති ජානන‍්තො පජානාති.

මෙසේ ස්වරූප වශයෙන් සත්‍යයන් දක්වා දැන් ‘කෙලෙස් වශයෙන් පර්යායයෙන් දක්වමින් මේ ආශ්‍රවයෝ’ යනාදිය ප්‍රකාශ කළේය. තස්ස එවං ජානතො එවං පස්සතො යන්නෙන් මෙසේ දන්නාවු මෙසේ දකින්නාවූ ඒ භික්‍ෂුවගේ විදර්‍ශර්‍නාව සමග කෙළවරට පැමිණි මාර්‍ගය ප්‍රකාශ කළේය. කාමාසවා යනු කාමාසවයෙනි. විමුච්චති යන මෙයින් මාර්‍ගක්ෂණය දක්වයි. මාර්‍ග ක්‍ෂණයෙහි සිත මිදෙයි. ඵල ක්‍ෂණයෙහි මිදුනේ වෙයි. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං යන මෙයින් ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානය දක්වයි. ඛීණා ජාති යනාදියෙන් ඔහුගේ භූමිය ඒ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කරමින් හෙතෙම ඛීණා ජාති යනාදිය දනියි. ඔහුගේ කවර ජාතියක් ක්‍ෂීණවූයේද? කෙසේ නම් එය දැන ගනියිද? ඔහුගේ අතීත ජාතිය පමණක් ක්‍ෂය වූයේ නොවෙයි. මුලින්ම ක්‍ෂයවී ඇති බැවිනි. අනාගත ජාතියද නොවෙයි. අනාගතයෙහි වෑයම් කිරීමක් නොමැති බැවිනි. වර්‍තමාන ජාතියද නොවෙයි. විද්‍යමාන වන බැවිනි. මාර්‍ගය නොවඩනා ලද බැවින් ඒකචතුපඤච ස්කන්‍ධභවයන්හි ඒකචතු පඤ්ච ස්කන්ධප්‍රභේද ඇති යම් ජාතියක් හට ගන්නේද එය මාර්‍ගය වඩනාලද බැවින් නොඉපදීම් ස්වභාවයට පැමිණීමෙන් ක්‍ෂීණවිය. හෙතෙම මාර්‍ග භාවනාවෙන් ප්‍රහීනවූ කෙලෙසුන් ඇති කල්හි එය ප්‍රත්‍යවේක්‍ෂා කොට කෙලෙස් නොමැති විට හටගන්නා කර්‍මය අනාගතයෙහි ප්‍රතිසන්‍ධිය නොදෙන්නේ වේයයි දනිමින් මනාව දනියි.

වුසිතන‍්ති වුත්‍ථං පරිවුත්‍ථං, කතං චරිතං නිට‍්ඨිතන‍්ති අත්‍ථො. බ්‍රහ‍්මචරියන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියං. පුථුජ‍්ජනකල්‍යාණකෙන හි සද‍්ධිං සත‍්ත සෙක‍්ඛා බ්‍රහ‍්මචරියවාසං වසන‍්ති නාම, ඛීණාසවො වුත්‍ථවාසො. තස‍්මා සො අත‍්තනො බ්‍රහ‍්මචරියවාසං පච‍්චවෙක‍්ඛන‍්තො “වුසිතං බ්‍රහ‍්මචරිය”න‍්ති පජානාති. කතං කරණීයන‍්ති චතූසු සච‍්චෙසු චතූහි මග‍්ගෙහි පරිඤ‍්ඤාපහානසච‍්ඡිකිරියාභාවනාභිසමයවසෙන සොළසවිධම‍්පි කිච‍්චං නිට‍්ඨාපිතන‍්ති අත්‍ථො. පුථුජ‍්ජනකල්‍යාණකාදයො හි තං කිච‍්චං කරොන‍්ති, ඛීණාසවො කතකරණීයො. තස‍්මා සො අත‍්තනො කරණීයං පච‍්චවෙක‍්ඛන‍්තො “කතං කරණීය”න‍්ති පජානාති. නාපරං ඉත්‍ථත‍්තායාති පුන ඉත්‍ථභාවාය, එවං සොළසවිධකිච‍්චභාවාය කිලෙසක‍්ඛයාය වා මග‍්ගභාවනාකිච‍්චං මෙ නත්‍ථීති පජානාති. අථ වා ඉත්‍ථත‍්තායාති ඉත්‍ථභාවතො, ඉමස‍්මා එවං පකාරා ඉදානි වත‍්තමානක‍්ඛන්‍ධසන‍්තානා අපරං ඛන්‍ධසන‍්තානං මය‍්හං නත්‍ථි, ඉමෙ පන පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා රුක‍්ඛා විය. තෙ චරිමකවිඤ‍්ඤාණනිරොධෙන අනුපාදානො විය ජාතවෙදො නිබ‍්බායිස‍්සන‍්තීති පජානාති. ඉධ විජ‍්ජාති අරහත‍්තමග‍්ගඤාණවිජ‍්ජා. අවිජ‍්ජාති චතුසච‍්චප‍්පටිච‍්ඡාදිකා අවිජ‍්ජා. සෙසං වුත‍්තනයමෙව.

වුසිතං යනු විසූ, වාසයකළ, හැසුරුණු, නිමවූ යන අර්‍ත්‍ථයි. බ්‍රහ්මචරියං යනු මාර්‍ග බ්‍රහ්මචර්යාවයි. පෘථග්ජන කල්‍යාණකයා සමඟ ශෛක්‍ෂයෝ සත් දෙනෙක් බ්‍රහ්මචර්යවාසයෙහි වෙසෙත් නමි. ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ විසූ බඹසරවස් ඇත්තාහුය. එහෙයින් උන්වහන්සේ බඹසරවස නුවණින් සලකමින් බඹසර වැස නිමවන ලදැයි දැනගනිති. කතං කරණීයං යනු චත1රාර්ය සත්‍යයන්හි සතර මාර්‍ගයන්ගෙන් පරිඤ්ඤා පහාන ස්ච්ඡිකිරිය භාවනා අභිසමය වශයෙන් සොළොස් ආකාරවූද කෘත්‍යය නිමවනලදැයි අර්‍ත්‍ථයි. පෘථග්ජන කල්‍යාණකාදීහු ඒ කෘත්‍යය කරත්. ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ කළ කටයුතු ඇත්තාහුය. එහෙයින් උන්වහන්සේ තමන්ගේ කටයුතු නුවණින් සලකමින් කළයුතුදැය කරනලදැයි මනාව දැනගනිත්. නාපරං ඉත්‍ථත්තාය යනු නැවත මෙබඳු බවට, මෙසේ සොළොස් ආකාර කටයුතු බවට, හෝ කෙලෙස් නැසීමට මාර්‍ග භාවනා කෘත්‍යයක් මට නැතැයි දැනගනියි. නැතහොත් ඉත්‍ථත්තාය යනු මෙබඳු බවින් මේ මෙබඳු ආකාර ඇති දැන් පවත්නා ස්කන්‍ධසන්තතියෙන්වෙන ස්කන්‍ධසන්තානයක් මට නැත. මේ පඤ්චස්කන්‍ධයෝ සම්පූර්‍ණයෙන් දන්නාලදුව තිබෙත්. සිදුණු මුල් ඇති ගස් මෙනි. ඒවා අවසන් (භවයෙහි) විඥාන නිරෝධයෙන් (යළි) හටගැනීම් නැත්තේ ගින්නක් මෙන් නිවේයයි දැන ගනියි. මෙහි විජ්ජා යනු අරහත්මාර්‍ග ඥානවිද්‍යාවයි. අවිජ්ජා යනු සිවුසස් වසාලන්නාවූ අවිද්‍යාවයි. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේමැයි.

අනුච‍්චාවචසීලස‍්සාති යස‍්ස සීලං කාලෙන හායති, කාලෙන වඩ‍්ඪති, සො උච‍්චාවචසීලො නාම හොති. ඛීණාසවස‍්ස පන සීලං එකන‍්තවඩ‍්ඪිතමෙව. තස‍්මා සො අනුච‍්චාවචසීලො නාම හොති. වසීභූතන‍්ති වසිප‍්පත‍්තං. සුසමාහිතන‍්ති සුට‍්ඨු සමාහිතං, ආරම‍්මණම‍්හි සුට‍්ඨපිතං. ධීරන‍්ති ධිතිසම‍්පන‍්නං. මච‍්චුහායිනන‍්ති මච‍්චුං ජහිත්‍වා ඨිතං. සබ‍්බප‍්පහායිනන‍්ති සබ‍්බෙ පාපධම‍්මෙ පජහිත්‍වා ඨිතං. බුද‍්ධන‍්ති චතුසච‍්චබුද‍්ධං. අන‍්තිමදෙහිනන‍්ති සබ‍්බපච‍්ඡිමසරීරධාරිනං. තං නමස‍්සන‍්ති ගොතමන‍්ති තං ගොතමගොත‍්තං බුද‍්ධසාවකා නමස‍්සන‍්ති. අථ වා ගොතමබුද‍්ධස‍්ස සාවකොපි ගොතමො, තං ගොතමං දෙවමනුස‍්සා නමස‍්සන‍්තීති අත්‍ථො.

අනුච්චාවචසීලස්ස යනු යමෙකුගේ ශීලය කලෙක පිරිහෙයි. කලෙක වැඩෙයිද එය උච්චාවචශීලය නමි. ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේ ශීලය ඒකාන්තයෙන්ම වැඩුණේමය. එහෙයින් එය අනුච්චාවචශීලය නම්වෙයි. වසීභූතං යනු වසඟයට පැමිණියි. සුසමාහිතං යනු මනාව තැබූ, අරමුණෙහි මනාව පිහිටවූයි. ධීරං යනු ධෛර්යයෙන් යුක්තවූයි. මච්චුහායිනං යනු මාරයි අත්හැර සිටියාවූයි. සබ්බප්පහායිනං යනු සියලු පාපධර්‍මයන් දුරුකොට සිටියාවූයි. බුද්ධං යනු චතුරාර්ය සත්‍යය අවබෝධ කළාවූයි. අන්තිමසාරීරං යනු සම්පූර්‍ණයෙන් අන්තිමවූ ශරීරයක් දරන්නාවූයි. තං නමස්සනති ගොතමං ඒ ගෞතම ගෝත්‍රයෙහිවූ තථාගතයන් වහන්සේ බුද්ධශ්‍රාවකයෝ නමදිත්. නැතහොත් ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයාද ගෞතමය. දෙවි මිනිස්සු ඒ ගෞතමයන් නමදිත් යනුද අර්‍ත්‍ථයි.

පුබ‍්බෙනිවාසන‍්ති පුබ‍්බෙනිවුත්‍ථක‍්ඛන්‍ධපරම‍්පරං. යොවෙතීති යො අවෙති අවගච‍්ඡති. යොවෙදීතිපි පාඨො. යො අවෙදි, විදිතං පාකටං කත්‍වා ඨිතොති අත්‍ථො. සග‍්ගාපායඤ‍්ච පස‍්සතීති ඡ කාමාවචරෙ නව බ්‍රහ‍්මලොකෙ චත‍්තාරො ච අපායෙ පස‍්සති. ජාතික‍්ඛයං පත‍්තොති අරහත‍්තං පත‍්තො. අභිඤ‍්ඤාවොසිතොති ජානිත්‍වා කිච‍්චවොසානෙන වොසිතො. මුනීති මොනෙය්‍යෙන සමන‍්නාගතො ඛීණාසවමුනි. එතාහීති හෙට‍්ඨා නිද‍්දිට‍්ඨාහි පුබ‍්බෙනිවාසඤාණාදීහි. නාඤ‍්ඤං ලපිතලාපනන‍්ති යො පනඤ‍්ඤො තෙවිජ‍්ජොති අඤ‍්ඤෙහි ලපිතවචනමත‍්තමෙව ලපති, තමහං තෙවිජ‍්ජොති න වදාමි, අත‍්තපච‍්චක‍්ඛතො ඤත්‍වා පරස‍්සපි තිස‍්සො විජ‍්ජා කථෙන‍්තමෙවාහං තෙවිජ‍්ජොති වදාමීති අත්‍ථො. කලන‍්ති කොට‍්ඨාසං. නාග‍්ඝතීති න පාපුණාති. ඉදානි බ්‍රාහ‍්මණො භගවතො කථාය පසන‍්නො පසන‍්නාකාරං කරොන‍්තො අභික‍්කන‍්තන‍්තිආදිමාහ.

පුබ්බේනිවාසං යනු පෙරවිසූ කඳපිළිවෙළයි. යො වෙති යනු යමෙක් දනී වටහාගනියි. යොවෙදී යනුද පාඨයි. යමෙක් දැනගත්තේද දැන ප්‍රකට කොට සිටියේයි අර්‍ත්‍ථයි. සග්ගාපායඤච පස්සති යනු කාමාවචර සයද බඹලොව නවයද සතර අපායද දකියි. ජාතික්‍ඛයං පත්තො යනු රහත් බවට පැමිණේයයි. අභිඤ්ඤාවොසිතො යනු දැන කළයුතු දැ අවසන්වීමෙන් සම්පූර්‍ණ කරන ලද්දේයි. මුනී යනු නිහඬබවින් යුක්තවූ කෙලෙස් නැසූ මුනිවරයායි. එතාහි යනු යට දක්වනලද පුබ්බෙනිවාස ඤාණාදියෙනි. න අඤ්ඤං ලපිතලාපනං යනු තෙවිජ්ජ නම්වූ අන්‍යයෙක් අනුන්විසින් කියනලද වචනයම කියයි. මම ඔහුට තෙවිජ්ජයයි නොකියමි. තම ප්‍රත්‍යක්‍ෂයෙන් දැන අන්‍යයාටද ත්‍රිවිද්‍යාවන් කියන්නාටම තෙවිජ්ජයයි කියමි යන අර්‍ත්‍ථයි. කලං යනු කොටසයි. නාග්ඝති යනු නොපැමිණෙයි. දැන් බමුණුතෙමේ භාග්‍යවතුන්වහන්සේගේ කථාවට පැහැදුණේ පැහැදුණු බව දක්වන්නේ අභික්කන්තං යනාදිය කීවේය.