යෙදුමෙන් කියවන්න

10. සඞ‍්ගාරවසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. සඞ‍්ගාරවසුත‍්තවණ‍්ණනා

3. 2. 1. 10

දසමෙ සඞ‍්ගාරවොති එවංනාමකො රාජගහනගරෙ ජිණ‍්ණපටිසඞ‍්ඛරණකාරකො ආයුත‍්තකබ්‍රාහ‍්මණො. උපසඞ‍්කමීති භුත‍්තපාතරාසො හුත්‍වා මහාජනපරිවුතො උපසඞ‍්කමි. මයමස‍්සූති එත්‍ථ අස‍්සූති නිපාතමත‍්තං, මයං, භො ගොතම, බ්‍රාහ‍්මණා නාමාති ඉදමෙව අත්‍ථපදං. යඤ‍්ඤං යජාමාති බාහිරසමයෙ සබ‍්බචතුක‍්කෙන සබ‍්බට‍්ඨකෙන සබ‍්බසොළසකෙන සබ‍්බද‍්වත‍්තිංසාය සබ‍්බචතුසට‍්ඨියා සබ‍්බසතෙන සබ‍්බපඤ‍්චසතෙනාති ච එවං පාණඝාතපටිසංයුත‍්තො යඤ‍්ඤො නාම හොති. තං සන්‍ධායෙවමාහ. අනෙකසාරීරිකන‍්ති අනෙකසරීරසම‍්භවං. යදිදන‍්ති යා එසා. යඤ‍්ඤාධිකරණන‍්ති යජනකාරණා චෙව යාජනකාරණා චාති අත්‍ථො. එකස‍්මිඤ‍්හි බහූනං දදන‍්තෙපි දාපෙන‍්තෙපි බහූසුපි බහූනං දෙන‍්තෙසුපි දාපෙන‍්තෙසුපි පුඤ‍්ඤපටිපදා අනෙකසාරීරිකා නාම හොති. තං සන්‍ධායෙතං වුත‍්තං. තුය‍්හඤ‍්ච තුය‍්හඤ‍්ච යජාමීති වදන‍්තස‍්සාපි ත්‍වඤ‍්ච ත්‍වඤ‍්ච යජාහීති ආණාපෙන‍්තස‍්සාපි ච අනෙකසාරීරිකාව හොති. තම‍්පි සන්‍ධායෙතං වුත‍්තං. යස‍්ස වා තස‍්ස වාති යස‍්මා වා තස‍්මා වා. එකමත‍්තානං දමෙතීති අත‍්තනො ඉන්‍ද්‍රියදමනවසෙන එකං අත‍්තානමෙව දමෙති. එකමත‍්තානං සමෙතීති අත‍්තනො රාගාදිසමනවසෙන එකං අත‍්තානමෙව සමෙති. පරිනිබ‍්බාපෙතීති රාගාදිපරිනිබ‍්බානෙනෙව පරිනිබ‍්බාපෙති. එවමස‍්සායන‍්ති එවං සන‍්තෙපි අයං.

දසවැන්නෙහි සංගාරවො යනු මෙබඳු නමක් ඇති. රජගහනුවර දිරුණුදෙය පිළිසකර කරන්නාවූ නියෝජිත බමුණෙකි. උපසඞ්කමි යනු අනුභවකළ උදය ආහාර ඇත්තේවී මහජනයා විසින් පිරිවරනලද්දේ එළඹියේය. මයමස්සු යන මෙහි අස්සු යනු නිපාතමාත්‍රයකි. භවත්ගෞතමයිනි, අපි බමුණෝ නමැයි යන අර්‍ත්‍ථ ඇති පදයකි. යඤ්ඤං යජාම යනු බාහිර සමයන්හි (ආගම්වල) සියල්ල සතරින්, සියල්ල අටින්, සියල්ල සොළසින්, සියල්ල දෙතිසෙන්, සියල්ල සිවුසැටින්, සියල්ල සියයෙන්, සියල්ල පන්සියයෙන්යයි මෙසේ ප්‍රාණඝාතයෙන් යුක්තවූයේ යාගය නම්වෙයි. ඒ සඳහා මෙසේ කීවේය. අනෙකසාරීරිකං යනු නොයෙක් ශරීරයන්ගෙන් හටගත් යනුයි. යදිදං යනු යම් දෙයක් යැදීම් හේතුවද යැදවීම් හේතුවද යන අර්‍ත්‍ථයි. එක්කෙනකු බොහෝ දෙනෙකුට දීමෙහිද දෙවීමෙහිද බොහෝදෙනකු බොහෝ දෙනෙකුට දීමෙහිද දෙවීමෙහිද පුණ්‍යප්‍රතිපදාව අනෙකසාරීරික නම්වෙයි. එය සඳහා මෙය කියනලදී. නුඹටද නුඹටද දෙමියි කියන්නාගේද නුඹද නුඹද දෙවයි අණකරන්නාගේද පුණ්‍යප්‍රතිපදාව අනෙකසාරීරකමවෙයි. එය සඳහාද මෙය කියනලදී. යස්සවා තස්ස වා යනු යම් ඒ දෙයකින් යනුයි. එකමත්තානං දමෙති යනු තමන්ගේ ඉන්‍ද්‍රිය දමනය වශයෙන් එක් ආත්මයක්ම දමනය කරයි. එකමත්තානං සමෙති යනු තමන්ගේ ්රාගාදිය මනය කිරීම් වශයෙන් එක් ආත්මයක් සංසිදුවයි. පරිනිබ්බාපෙති යනු රාගාදිය නිවාදැමීමෙන්ම නිවාදමයි. එවමස්සායං යනු මෙසේ ඇති කල්හිද මෙතෙම මෙබඳුය.

එවමිදං බ්‍රාහ‍්මණස‍්ස කථං සුත්‍වා සත්‍ථා චින‍්තෙසි – “අයං බ්‍රාහ‍්මණො පසුඝාතකසංයුත‍්තං මහායඤ‍්ඤං අනෙකසාරීරිකං පුඤ‍්ඤපටිපදං වදෙති, පබ‍්බජ‍්ජාමූලකං පන පුඤ‍්ඤුප‍්පත‍්තිපටිපදං එකසාරීරිකන‍්ති වදෙති. නෙවායං එකසාරීරිකං ජානාති, න අනෙකසාරීරිකං, හන්‍දස‍්ස එකසාරීරිකඤ‍්ච අනෙකසාරීරිකඤ‍්ච පටිපදං දෙසෙස‍්සාමී”ති උපරි දෙසනං වඩ‍්ඪෙන‍්තො තෙන හි බ්‍රාහ‍්මණාතිආදිමාහ. තත්‍ථ යථා තෙ ඛමෙය්‍යාති යථා තුය‍්හං රුච‍්චෙය්‍ය. ඉධ තථාගතො ලොකෙ උප‍්පජ‍්ජතීතිආදි විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතමෙව. එථායං මග‍්ගොති එථ තුම‍්හෙ, අහමනුසාසාමි, අයං මග‍්ගො. අයං පටිපදාති තස‍්සෙව වෙවචනං. යථා පටිපන‍්නොති යෙන මග‍්ගෙන පටිපන‍්නො. අනුත‍්තරං බ්‍රහ‍්මචරියොගධන‍්ති අරහත‍්තමග‍්ගසඞ‍්ඛාතස‍්ස බ්‍රහ‍්මචරියස‍්ස අනුත‍්තරං ඔගධං උත‍්තමපතිට‍්ඨාභූතං නිබ‍්බානං. ඉච‍්චායන‍්ති ඉති අයං.

බමුණාගේ කථාව අසා ශාස්තෘන්වහන්සේ මෙසේ සිතූසේක. මේ බමුණා සත්වඝාතනයෙන් යුක්තවූ මහායාගයක් අනෙකශාරීරක පුණ්‍ය ප්‍රතිපදාවක් කොට කියයි. පැවිද්ද මුල් කොට ඇති පුණ්‍යප්‍රතිපදාව ඒකශාරීරික කොට කියයි. මෙහෙතම ඒකශාරීරික ප්‍රතිපදාවද අනෙක ශරීරික ප්‍රතිපදාවද නොදනියි. ඒකානත්යෙන්ම මොහුට ඒකශාරීරිකවූත් අනෙකශාරීරිකවුත් ප්‍රතිපදාව දක්වන්නෙමැයි මත්තෙහි දෙසුම ඉදිරිපත් කරමින් ‘එසේ නම් බමුණ’ යනාදිය පැවසූ සේක. එහි යථා තෙ ඛමෙය්‍ය යනු යම්සේ ඔබ කැමති වන්නෙහිද යනුයි. ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති යනාදිය විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලද්දේමය. එථායං මග්ගෝ යනු නුඹලා එව්. මම මේ මාර්‍ගයයි අනුශාසනා කරමි. අයං පටිපදා යනු මුලින් කියනලද්දට පරියාය වචනයි. යථා පටිපන්නො යනු යම් මගකින් පිළිපන්නේයි. අනුත්තරං බ්‍රහමචරියොගධං යනු අරහත්මාර්‍ග සංඛ්‍යාත බ්‍රහ්මචර්යාවට ඇතුළත් උතුම් ප්‍රතිෂ්ඨාවවූ නිවණයි. ඉච්චායං යනු ඉති අයං යන දෙපදයේ එකතුවයි.

අප‍්පට‍්ඨතරාති යත්‍ථ බහූහි වෙය්‍යාවච‍්චකරෙහි වා උපකරණෙහි වා අත්‍ථො නත්‍ථි. අප‍්පසමාරම‍්භතරාති යත්‍ථ බහූනං කම‍්මච‍්ඡෙදවසෙන පීළාසඞ‍්ඛාතො සමාරම‍්භො නත්‍ථි. සෙය්‍යථාපි භවං ගොතමො, භවං චානන්‍දො, එතෙ මෙ පුජ‍්ජාති යථා භවං ගොතමො, භවඤ‍්චානන්‍දො, එවරූපා මම පූජිතා, තුම‍්හෙයෙව ද‍්වෙ ජනා මය‍්හං පුජ‍්ජා ච පාසංසා චාති ඉමමත්‍ථං සන්‍ධායෙතං වදති. තස‍්ස කිර එවං අහොසි – “ආනන්‍දත්‍ථෙරො මංයෙව ඉමං පඤ‍්හං කථාපෙතුකාමො, අත‍්තනො ඛො පන වණ‍්ණෙ වුත‍්තෙ පදුස‍්සනකො නාම නත්‍ථී”ති. තස‍්මා පඤ‍්හං අකථෙතුකාමො වණ‍්ණභණනෙන වික‍්ඛෙපං කරොන‍්තො එවමාහ.

අප්පට්ඨතරා යනු යම් තැනක බොහෝ මෙහෙකරුවන්ගෙන් හෝ උපකරණයන්ගෙන් හෝ වැඩක් නැත්ද එතැනයි. අප්පසමාරම්භතරා යනු යම් තැනක බොහෝ දෙනෙකුට කාමච්ඡන්‍ද වශයෙන් පෙළීම් සංඛ්‍යාත සමාරම්භයක් (හිංසාවක්) නැත්ද එතැනයි. ය්‍යෙථාපි භවං ගොතමො භවඤ්චානන්‍දො එතෙ මෙ පුජ්ජා යනු භවත් ගෞතමයන් වහන්සේත් භවත් අනඳ තෙරණුවෝත් යන මෙබඳුවූවෝ යම්හෙයකින් මවිසින් පුදනලද්දාහුද නුඹවහන්සේලා දෙදෙනාම පිදියයුත්තෝයි. පැසසිය යුත්තෝය යනමේ අර්‍ත්‍ථය සඳහා මෙය කියිය. ඔහුට මෙබඳු අදහසෙක් විය. අනඳතෙරණුවෝ මා ලවා මේ ප්‍රශ්නය කියවනු කැමැත්තෝය. තමාගේ ගුණය කීකල්හි අසතුටු වන කෙනෙක් නම් නැත. යනුවෙනි. එහෙයින් ප්‍රශ්නය නොකියනු කැමැත්තේ ගුණ කීමෙන් අවුලක් කරමින් මෙසේ කීවේය.

න ඛො ත්‍යාහන‍්ති න ඛො තෙ අහං. ථෙරොපි කිර චින‍්තෙසි – “අයං බ්‍රාහ‍්මණො පඤ‍්හං අකථෙතුකාමො පරිවත‍්තති, ඉමං පඤ‍්හං එතංයෙව කථාපෙස‍්සාමී”ති. තස‍්මා නං එවමාහ.

න ඛො ත්‍යාහං යනු න ඛො තෙ අහං යන පදසංයෝජනයයි. තෙරණුවෝද සිතූහ. ‘මේ බමුණා ප්‍රශ්නයට පිළිතුරු නොකියනු කැමැත්තේ (දැන්) අන්ලෙසකට පත්වෙයි. මේ ප්‍රශ්නය ඔහුලවාම කියවන්නෙමි’ යනුවෙනි. එබැවින් ඔහුට මෙසේ කීහ.

සහධම‍්මිකන‍්ති සකාරණං. සංසාදෙතීති සංසීදාපෙති. නො විස‍්සජ‍්ජෙතීති න කථෙති. යංනූනාහං පරිමොචෙය්‍යන‍්ති යංනූනාහං උභොපෙතෙ විහෙසතො පරිමොචෙය්‍යං. බ්‍රාහ‍්මණො හි ආනන්‍දෙන පුච‍්ඡිතං පඤ‍්හං අකථෙන‍්තො විහෙසෙති, ආනන්‍දොපි බ්‍රාහ‍්මණං අකථෙන‍්තං කථාපෙන‍්තො. ඉති උභොපෙතෙ විහෙසතො මොචෙස‍්සාමීති චින‍්තෙත්‍වා එවමාහ. කා න්‍වජ‍්ජාති කා නු අජ‍්ජ. අන‍්තරාකථා උදපාදීති අඤ‍්ඤිස‍්සා කථාය අන‍්තරන‍්තරෙ කතරා කථා උප‍්පජ‍්ජීති පුච‍්ඡති. තදා කිර රාජන‍්තෙපුරෙ තීණි පාටිහාරියානි ආරබ‍්භ කථා උදපාදි, තං පුච‍්ඡාමීති සත්‍ථා එවමාහ. අථ බ්‍රාහ‍්මණො “ඉදානි වත‍්තුං සක‍්ඛිස‍්සාමී”ති රාජන‍්තෙපුරෙ උප‍්පන‍්නං කථං ආරොචෙන‍්තො අයං ඛ‍්වජ‍්ජ, භො ගොතමාතිආදිමාහ. තත්‍ථ අයං ඛ‍්වජ‍්ජාති අයං ඛො අජ‍්ජ. පුබ‍්බෙ සුදන‍්ති එත්‍ථ සුදන‍්ති නිපාතමත‍්තං. උත‍්තරි මනුස‍්සධම‍්මාති දසකුසලකම‍්මපථසඞ‍්ඛාතා මනුස‍්සධම‍්මා උත‍්තරිං. ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙසුන‍්ති භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තා ආකාසෙනෙව ගමිංසු චෙව ආගමිංසු චාති එවං පුබ‍්බෙ පවත‍්තං ආකාසගමනං සන්‍ධායෙවමාහ. එතරහි පන බහුතරා ච භික‍්ඛූති ඉදං සො බ්‍රාහ‍්මණො “පුබ‍්බෙ භික‍්ඛූ ‘චත‍්තාරො පච‍්චයෙ උප‍්පාදෙස‍්සාමා’ති මඤ‍්ඤෙ එවමකංසු, ඉදානි පච‍්චයානං උප‍්පන‍්නභාවං ඤත්‍වා සොප‍්පෙන චෙව පමාදෙන ච වීතිනාමෙන‍්තී”ති ලද‍්ධියා එවමාහ.

සහධම්මිකං යනු කරුණු සහිතවූයි. සංසාදෙති යනු හිඳුවයි. නොවස්සජ්ජෙති යනු නොකියයි. යන්නුනාහං පරිමොචෙය්‍යං යනු මම මේ දෙදෙනාම වෙහෙසින් මුදවන්නේ නම් යෙහෙක. බමුණු තෙමේ ආනන්ද (තෙරුන්) විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නොදෙමින් වෙහෙසෙයි. අනඳ තෙරණුවෝත් පිළිතුරු නොදෙන බමුණා ලවා පිළිතුරුදෙවමින් වෙහෙසට පත් වෙති. මෙසේ මේ දෙදෙනාම වෙහෙසින් මුදවන්නෙමැයි සිතා මෙසේ වදාළසේක. කාන්‍චජ්ජ යනු කා අනු අජ්ජ යන පදසංයෝජනයයි. අන්තරාකථා උදපාදි. යනු වෙනත් කථාවක අතරතුර කවර කථාවක් උපන්නේදැයි අසයි. එකල්හි වනාහි රජුගේ අන්ත:පුරයෙහි පෙළහරතුන අරභයා කථාවක් උපන්නේය. එය විමසමැයි ශාස්තෘන්වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති බමුණු තෙමේ දැන් කීමට හැක්කේමැයි රජ ගෙදර අතැවුරෙහි උපන් කථාව සැළකරන්නේ ‘අයං ඛව්ජ්ජ භො ගොතම’ යනාදිය පැවසීය. අයං ඛච්ජ්ජ යනු අයං ඛො අජ්ජ යන පදයන්ගේ සංයෝජනයයි. පුබ්බේසුදං යන මෙහි සුදං යනු නිපාතමාත්‍රයකි. උත්තරිමනුස්සධම්මා යනු දශකුශලකර්‍මපථ සංඛ්‍යාත මනුෂ්‍යධර්‍මයන්ගෙන් මත්තෙහි වූයි. ඉද්ධිපාටිහාරියං දසේසසුං යනු පිඬු සිඟා යන්නාහු අහසින්ම ගියාහුය අයහසින්ම ආවාහුයයි මෙසේ පෙර පැවති ආකාශ ගමනක් සඳහා පැවසීය. එතරහි පන බහුතරා ච භික්‍ඛු මෙය ඒ බමුණු තෙමේ පෙර භික්‍ෂූහු සිවුපසය උපදවන්නෙමුයි හැඟීමෙන් මෙසේ කළාහුය. දැන් ප්‍රත්‍යයන් උපන් බව දැන නින්දෙන්ද පමාවෙන්ද කල් ගෙවත්ය යන විශ්වාසයෙන් කීවේය.

පාටිහාරියානීති පච‍්චනීකපටිහරණවසෙන පාටිහාරියානි. ඉද‍්ධිපාටිහාරියන‍්ති ඉජ‍්ඣනවසෙන ඉද‍්ධි, පටිහරණවසෙන පාටිහාරියං, ඉද‍්ධියෙව පාටිහාරියං ඉද‍්ධිපාටිහාරියං. ඉතරෙසුපි එසෙව නයො. අනෙකවිහිතං ඉද‍්ධිවිධන‍්තිආදීනං අත්‍ථො චෙව භාවනානයො ච විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.365) විත්‍ථාරිතොව.

පාටිහාරියානි යනු විරුද්ධ දෙය ඉවත් කිරීමේ වශයෙන් ප්‍රාතිහාර්යයෝයි. ඉද්ධිපාටිහාරියං යනු සමෘද්ධවීම් වශයෙන්, සෘද්ධිය ඉදිරිපත් කිරීම් වශයෙන්වූ ප්‍රාතිහාර්‍ය්‍යයයි. සෘද්ධියෙන්ම කළ ප්‍රාතිහාර්‍ය්‍යය ඉද්ධිපාටිහාරිය නමි. සෙසු දෙයෙහිද මේ ක්‍රමයමැයි. අනෙකවිහිතං ඉද්ධිවිධං යනාදීන්ගේ අර්‍ත්‍ථය මෙන්ම භාවනා ක්‍රමයද විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරන ලද්දේමය.

නිමිත‍්තෙන ආදිසතීති ආගතනිමිත‍්තෙන වා ගතනිමිත‍්තෙන වා ඨිතනිමිත‍්තෙන වා “ඉදං නාම භවිස‍්සතී”ති කථෙති. තත්‍රිදං වත්‍ථු – එකො කිර රාජා තිස‍්සො මුත‍්තා ගහෙත්‍වා පුරොහිතං පුච‍්ඡි “කිං මෙ, ආචරිය, හත්‍ථෙ”ති. සො ඉතො චිතො ච ඔලොකෙසි, තෙන ච සමයෙන එකා සරබූ “මක‍්ඛිකං ගහෙස‍්සාමී”ති පක‍්ඛන‍්තා, ගහණකාලෙ මක‍්ඛිකා පලාතා. සො මක‍්ඛිකාය මුත‍්තත‍්තා “මුත‍්තා මහාරාජා”ති ආහ. මුත‍්තා තාව හොන‍්තු, කති මුත‍්තාති. සො පුන නිමිත‍්තං ඔලොකෙසි. අථාවිදූරෙ කුක‍්කුටො තික‍්ඛත‍්තුං සද‍්දං නිච‍්ඡාරෙසි. බ්‍රාහ‍්මණො “තිස‍්සො මහාරාජා”ති ආහ. එවං එකච‍්චො ආගතනිමිත‍්තෙන කථෙති. එතෙනුපායෙන ගතඨිතනිමිත‍්තෙහිපි කථනං වෙදිතබ‍්බං. එවම‍්පි තෙ මනොති එවං තව මනො සොමනස‍්සිතො වා දොමනස‍්සිතො වා කාමවිතක‍්කාදිසංයුත‍්තො වාති. දුතියං තස‍්සෙව වෙවචනං. ඉතිපි තෙ චිත‍්තන‍්ති ඉතිපි තව චිත‍්තං, ඉමඤ‍්ච ඉමඤ‍්ච අත්‍ථං චින‍්තයමානං පවත‍්තතීති අත්‍ථො. බහුං චෙපි ආදිසතීති බහුං චෙපි කථෙති. තථෙව තං හොතීති යථා කථිතං, තථෙව හොති.

නිමිත්තේන ආදිසති යනු පැමිණි සළකුණෙන් හෝ ගිය සළකුණෙන් හෝ සිටි සළකුණෙන් හෝ මෙන්ම දෙය වේයයි කියයි. මේ එහි කථාවස්තුවයි: එක් රජ කෙනෙක් මුතු තුනක් ගෙන පුරෝහිතගෙන් ඇදුර, මගේ අතේ කිමෙක්දැයි විමසීය. හෙතෙම ඔබිමොබ බැලීය. එකල්හි එක් හුනෙක් මැස්සෙකු අල්වා ගන්නෙමැයි පැන්නේය. අල්ලා ගන්නා කල්හි මැස්සා පළාගියේය. හෙතෙම (පුරෝහිත තෙමේ) මැස්සා මිදුනු බැවින් ‘මුත්තා මහාරාජ’යි කීවේය. ‘මැනවි මුතු වේවා! මුතු කීයක්දැ’යි රජතෙමේ ඇසීය. හෙතෙම යළි නිමිති බැලීය. ඉක්බිති නුදුරෙහි කුකුළෙක් තෙවරක් හඬ නැඟුවේය. බමුණා ‘මහරජ තුනකැ’යි කීවේය. මෙසේ ඇතමෙක් (එකෙණෙහි) පැමිණි සලකුණෙන් කියයි. මේ නියායෙන් ගිය සිටි සලකුණෙන්ද කීම දතයුතුයි. එවම්පි තෙ මනො යනු මෙසේ ඔබේ සිත සොම්නස් වූයේ හෝ දොම්නස් වූයේ හෝ කාමවිතර්‍කාදියෙන් යුක්තවූයේ හෝ වෙයි. දෙවැන්න එයටම පර්යාය වචනයකි. ඉතිපි චෙ චිත්තං යනු මෙසේද ඔබේ සිත මේ මේ අර්‍ත්‍ථය සිතමින් පවතීය යනාර්ථයි. බහුඤේචපි ආදිසති යනු බොහෝවක්ද කියයි. තථෙච නං හොති යනු කියනලද අයුරින්ම සිදුවෙයි.

අමනුස‍්සානන‍්ති යක‍්ඛපිසාචාදීනං. දෙවතානන‍්ති චාතුමහාරාජිකාදීනං. සද‍්දං සුත්‍වාති අඤ‍්ඤස‍්ස චිත‍්තං ඤත්‍වා කථෙන‍්තානං සුත්‍වා. විතක‍්කවිප‍්ඵාරසද‍්දන‍්ති විතක‍්කවිප‍්ඵාරවසෙන උප‍්පන‍්නං විප‍්පලපන‍්තානං සුත‍්තප‍්පමත‍්තාදීනං සද‍්දං. සුත්‍වාති තං සුත්‍වා. යං විතක‍්කයතො තස‍්ස සො සද‍්දො උප‍්පන‍්නො, තස‍්ස වසෙන “එවම‍්පි තෙ මනො”තිආදිසති.

අමනුස්සානං යනු යක්‍ෂ පිසාචාදීන්ගේයි. දෙවතානං යනු චාතුම්මහාරාජ්කාදී දෙවියන්ගේයි. සද්දං සුත්‍වා යනු අනුන්ගේ සිත් දැන යන්නවුන්ගේ හඬ අසායි. විතක්කවිප්පාරසද්දං යනු නිදාගත් පමාවූ ආදීන්ගේ විතර්‍කය පැතිරීයාම් වශයෙන් උපන්නාවූ ශබ්දයයි. සුත්‍වා යනු එය අසායි. යමක් විතර්‍කනය කරන්නාවූ ඔහුට ඒ ශබ්දය උපන්නේය. ඒ ශබ්දය වශයෙන් ඔහුගේ මනස මෙසේද වේයයි ප්‍රකාශකරයි.

තත්‍රිමානි වත්‍ථූනි – එකො කිර මනුස‍්සො “අට‍්ටං කරිස‍්සාමී”ති ගාමා නගරං ගච‍්ඡන‍්තො නික‍්ඛන‍්තට‍්ඨානතො පට‍්ඨාය “විනිච‍්ඡයසභායං රඤ‍්ඤො ච රාජමහාමත‍්තානඤ‍්ච ඉදං කථෙස‍්සාමි ඉදං කථෙස‍්සාමී”ති විතක‍්කෙන‍්තො රාජකුලං ගතො විය රඤ‍්ඤො පුරතො ඨිතො විය අට‍්ටකාරකෙන සද‍්ධිං කථෙන‍්තො විය ච අහොසි, තස‍්ස තං විතක‍්කවිප‍්ඵාරවසෙන නිච‍්ඡරන‍්තං සද‍්දං සුත්‍වා එකො පුරිසො “කෙනට‍්ඨෙන ගච‍්ඡසී”ති ආහ. අට‍්ටකම‍්මෙනාති. ගච‍්ඡ, ජයො තෙ භවිස‍්සතීති. සො ගන‍්ත්‍වා අට‍්ටං කත්‍වා ජයමෙව පාපුණි.

මේ එහි කථාවස්තූහුයි. එක් මිනිසෙක් නඩුවක් කරන්නෙමැයි (කියමැයි) ගමින් නගරයට යන්නේ නික්මුණු වේලෙහි පටනි විනිශ්චය සභාවටද රජුටද රාජමහාමාත්‍යාදීන්ටද මෙය කියමි මෙය කියමැයි විතර්‍කනය කරන්නේ (සිතන්නේ) රජගෙදරට ගියාක් මෙන්ද රජු ඉදිරියෙහි සිටියාක් මෙන්ද නඩුකාරයා සමඟ කථාකරන්නාක් මෙන්ද වූයේය. ඔහුගේ ඒ විතර්‍කය (සිතුවිලි) පැතිරීම් වශයෙන් නික්මෙන හඬ අසා එක් පුරුෂයෙක් කුමක් සඳහා පැමිණියෙහිදැයි ඇසීය. නඩුවක් කීම සඳහායි (හෙතෙම පැවසීය) ‘යන්න ඔබට ජයක් වේවා!’ හෙතෙම ගොස් නඩුවකියා ජය ලැබීය.

අපරොපි ථෙරො මොළියගාමෙ පිණ‍්ඩාය චරි. අථ නං නික‍්ඛමන‍්තං එකා දාරිකා අඤ‍්ඤවිහිතා න අද‍්දස. සො ගාමද‍්වාරෙ ඨත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙත්‍වා තං දිස‍්වා විතක‍්කෙන‍්තො අගමාසි. ගච‍්ඡන‍්තොයෙව ච “කිං නු ඛො කුරුමානා දාරිකා න අද‍්දසා”ති වචීභෙදං අකාසි. පස‍්සෙ ඨිතො එකො පුරිසො සුත්‍වා “තුම‍්හෙ, භන‍්තෙ, මොළියගාමෙ චරිත්‍ථා”ති ආහ.

වෙනත් තෙර කෙනෙක්ද මෝලිය ගමෙහි පිඬු පිණිස හැසුරුණහ. ඉක්බිති එක් දැරියක් වෙනත් දෙයක් ගැන සිතන්නී නික්මෙන්නාවූ තෙරුන් නොදුටවාය. තෙරණුවෝ ගම් දොරෙහි සිට ආපසු හැරී බලන්නාහු ඇය දැක සිතමින් ගියාහුය. යමින්ද දැරිය කුමක් කරන්නී නුදුටුවාදැයි ප්‍රකාශ කළහ. පසෙක සිටි එක් මිනිසෙක් (එය) අසා ‘ස්වාමීනි, ඔබවහන්සේ මෝලියගමෙහි වැඩියාහුදැයි ඇසීය.

මනොසඞ‍්ඛාරා පණිහිතාති චිත‍්තසඞ‍්ඛාරා සුට‍්ඨපිතා. විතක‍්කෙස‍්සතීති විතක‍්කයිස‍්සති පවත‍්තයිස‍්සතීති පජානාති. පජානන‍්තො ච ආගමනෙන ජානාති, පුබ‍්බභාගෙන ජානාති, අන‍්තොසමාපත‍්තියං චිත‍්තං අපලොකෙත්‍වා ජානාති. ආගමනෙන ජානාති නාම කසිණපරිකම‍්මකාලෙයෙව “යෙනාකාරෙනෙස කසිණභාවනං ආරද‍්ධො පඨමජ‍්ඣානං වා…පෙ… චතුත්‍ථජ‍්ඣානං වා අට‍්ඨ වා සමාපත‍්තියො නිබ‍්බත‍්තෙස‍්සතී”ති ජානාති. පුබ‍්බභාගෙන ජානාති නාම පඨමවිපස‍්සනාය ආරද‍්ධායයෙව ජානාති, “යෙනාකාරෙන එස විපස‍්සනං ආරද‍්ධො සොතාපත‍්තිමග‍්ගං වා නිබ‍්බත‍්තෙස‍්සති…පෙ… අරහත‍්තමග‍්ගං වා නිබ‍්බත‍්තෙස‍්සතී”ති ජානාති. අන‍්තොසමාපත‍්තියං චිත‍්තං ඔලොකෙත්‍වා ජානාති නාම – “යෙනාකාරෙන ඉමස‍්ස මනොසඞ‍්ඛාරා සුට‍්ඨපිතා, ඉමස‍්ස නාම චිත‍්තස‍්ස අනන‍්තරා ඉමං නාම විතක‍්කං විතක‍්කෙස‍්සති, ඉතො වුට‍්ඨිතස‍්ස එතස‍්ස හානභාගියො වා සමාධි භවිස‍්සති ඨිතිභාගියො වා විසෙසභාගියො වා නිබ‍්බෙධභාගියො වා, අභිඤ‍්ඤායො වා නිබ‍්බත‍්තෙස‍්සතී”ති ජානාති. තත්‍ථ පුථුජ‍්ජනො චෙතොපරියඤාණලාභී පුථුජ‍්ජනානංයෙව චිත‍්තං ජානාති, න අරියානං. අරියෙසුපි හෙට‍්ඨිමො උපරිමස‍්ස චිත‍්තං න ජානාති, උපරිමො පන හෙට‍්ඨිමස‍්ස ජානාති. එතෙසු ච සොතාපන‍්නො සොතාපත‍්තිඵලසමාපත‍්තිං සමාපජ‍්ජති…පෙ… අරහා අරහත‍්තඵලසමාපත‍්තිං සමාපජ‍්ජති. උපරිමො හෙට‍්ඨිමං න සමාපජ‍්ජති. තෙසඤ‍්හි හෙට‍්ඨිමා හෙට‍්ඨිමා සමාපත‍්ති තත්‍රවත‍්තියෙව හොති. තථෙව තං හොතීති එතං එකංසෙන තථෙව හොති. චෙතොපරියඤාණවසෙන ඤාතඤ‍්හි අඤ‍්ඤථාභාවි නාම නත්‍ථි.

මනොසඞ්ඛාරා පණිහිතා යනු චිත්තසංස්කාරයෝ මනාව පිහිටුවන ලදහ. විතක්කෙස්සති යනු විතර්‍කනය කරන්නේයි. පවත්නේයයි දැන ගනියි. දන්නේද පැමිණිමෙන් දැනගනියි. පූර්‍වභාගයෙන් දැනගනියි. සමාපත්තිය තුළ සිත ගැන බලා දැනගනියි. පැමිණීමෙන් දැනගනියි නම්: කසිණපරිකර්‍මකාලයෙහිදීම යම් ආකාරයකින් හෙතෙම කසිණභාවනාව පටන් ගත්තේද ප්‍රථම ධ්‍යානය හෝ චතුර්ථධ්‍යානය හෝ අෂ්ටසමාපත්තීන් හෝ උපදින්නේයයි දැනගනියි. පූර්‍වභාගයෙන් දැනගනියි යනු: ප්‍රථම විදර්‍ශනාව ඇරඹී කෙණෙහිම දැන ගනියි. යම් අයුරකින් හෙතෙම විදර්‍ශනාව ඇරඹීයේද සෝවාන් මාර්‍ගය හෝ උපදින්නේය: අර්හත්මාර්‍ගය හෝ උපදින්නේයයි දැනගනියි. සමවත තුළසිත බලා දැනගනියි යනු: යම් අයුරකින් මොහුගේ මනොසංස්කාරයෝ මනාව පිහිටුවනු ලද්දාහුද මෙනම් සිතට අනතුරුව බෙමඳු නම් විතර්‍කයක් විතර්‍කනය කරන්නේය. එයින් නැගී සිටියාවූ මොහුට නානාභාගියවූ හෝ ඨිතිභාගියවූ හෝ විසෙසභාගියවූ හෝ නිබ්බෙධභාගියවූ හෝ සමාධිය වන්නේය. අභිඥාවන් හෝ උපදවන්නේයයි දැන ගනියි. එහි චෙතොපරියඤ්ණලාභී පෘථග්ජන තෙමෙ පෘථග්ජනයන්ගේම සිත දැන ගනියි. ආර්යයන්ගේ සිත දැන නොගනියි. ආර්‍ය්‍යයන් අතුරෙහිද පහළමවූ තැනැත්තේ මත්තෙහිම වූවහුගේ සිත දැන නොගනියි. මත්තෙහිමවූ ආර්‍ය්‍ය තෙමේ පහළම වූවහුගේ සිත දැන ගනියි. මොවුන් අතුරෙහිද සෝවාන් ආර්‍ය්‍යපුද්ගලතෙමේ සෝවාන් පලසමවතට සමවදියි. සකෘදාගාමී තැනැත්තේ (සකෘදාගාමී පලසමවතටද) අනාගාමී තැනැත්තේ (අනාගාමී ඵලසමවතටද) අරහත් තැනැත්තේ අරහත් ඵලසමවතටද සමවදියි. මත්තෙහිවූ තැනැත්තේ පහතවූ සමවතට සමනොවදියි. ඔවුනතුරෙහි මත්තෙහිවූ තැනැත්තේ පහතවූ සමවතට සමනොවදියි. ඔවුනතුරෙහි මත්තෙහිවූ සමාපත්තිය එහිම පවතින්නේවෙයි. තථෙව තං හොති යනු එය ඒකාන්තයෙන්ම එසේම වෙයි. චෙතොපරිය වශයෙන් දත්දෙය වෙනස්වීමක් නම් නැත.

එවං විතක‍්කෙථාති එවං නෙක‍්ඛම‍්මවිතක‍්කාදයො පවත‍්තෙන‍්තා විතක‍්කෙථ. මා එවං විතක‍්කයිත්‍ථාති එවං කාමවිතක‍්කාදයො පවත‍්තෙන‍්තා මා විතක‍්කයිත්‍ථ. එවං මනසි කරොථාති එවං අනිච‍්චසඤ‍්ඤමෙව, දුක‍්ඛසඤ‍්ඤාදීසු වා අඤ‍්ඤතරං මනසි කරොථ. මා එවන‍්ති නිච‍්චන‍්තිආදිනා නයෙන මා මනසා කරිත්‍ථ. ඉදන‍්ති ඉදං පඤ‍්චකාමගුණරාගං පජහථ. ඉදඤ‍්ච උපසම‍්පජ‍්ජාති ඉදං චතුමග‍්ගඵලප‍්පභෙදං ලොකුත‍්තරධම‍්මමෙව උපසම‍්පජ‍්ජ පාපුණිත්‍වා නිප‍්ඵාදෙත්‍වා විහරථ.

එවං විතකේකථ යනු මෙසේ නෙක්‍ඛම්ම විතර්‍කාදිය පවත්වමින් විතර්කනය කරවු. මා එවං විතක්කෙථ යනු මෙසේ කාමවිතර්කාදිය පවත්වමින් විතර්කනය නොකරවු. එවං මනසිකරොථ යනු මෙසේ අනිතය සංඥාවද දුඃඛ සංඥාදීන් අතුරෙහි යම් කිසිවක්ද මෙනෙහි කරවු. මා එවං යනු නිත්‍යය ආදී නයින් මෙනෙහි නොකරවු. ඉදං යනු මේ පඤ්චකාම ගුණයට ඇලීම අත්හරිවු. ඉදඤ්ච උපසම්පජ්ජ යනු මේ සතර මාර්‍ගඵල ප්‍රභේදයන් ඇති නවලෝකෝත්තර ධර්‍මයමට එළම සපැමිණ නිපදවා වාසය කරවු.

මායාසහධම‍්මරූපං විය ඛායතීති මායාය සමානකාරණජාතිකං විය හුත්‍වා උපට‍්ඨාති. මායාකාරොපි හි උදකං ගහෙත්‍වා තෙලං කරොති, තෙලං ගහෙත්‍වා උදකන‍්ති එවං අනෙකරූපං මායං දස‍්සෙති. ඉදම‍්පි පාටිහාරියං තථාරූපමෙවාති. ඉදම‍්පි මෙ, භො ගොතම, පාටිහාරියං මායාසහධම‍්මරූපං විය ඛායතීති චින‍්තාමණිකවිජ‍්ජාසරික‍්ඛකතං සන්‍ධාය එවං ආහ. චින‍්තාමණිකවිජ‍්ජං ජානන‍්තාපි හි ආගච‍්ඡන‍්තමෙව දිස‍්වා “අයං ඉදං නාම විතක‍්කෙන‍්තො ආගච‍්ඡතී”ති ජානන‍්ති. තථා “ඉදං නාම විතක‍්කෙන‍්තො ඨිතො, ඉදං නාම විතක‍්කෙන‍්තො නිසින‍්නො, ඉදං නාම විතක‍්කෙන‍්තො නිපන‍්නො”ති ජානන‍්ති.

මායාසහධම්මරූපං විය ඛායති යනු මායාවට සමානාකාර ඇති දෙයක් මෙන් වී වැටහෙයි. මායාකරුවා වනාහි දිය ගෙන තෙල් කරයි. තෙල් ගෙන දිය කරයි. මෙසේ නොයෙක් මායා දක්වයි. මේ පෙළහරත් එබඳුමයයි භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්යයත් මට මායාවට සමාන වූවක් ලෙස හැඟේයයි චින්තාමණික විද්‍යාවට සමානවුවක් සඳහා මෙසේ කීවේය. චිත්තාමණික විද්‍යාව දන්නෝ එන්නෙකු දැක මෙතෙම මෙබන්දක් සිතමින් එන්නේයයි දනිත් එසේම මෙනම් දෙයක් සිතමින් සිටියේය. මෙනම් දෙයක් සිතමින් හුන්නේය. මෙනම් දෙයක් සිතමින් වැදහොත්තේයයි දනිත්,

අභික‍්කන‍්තතරන‍්ති සුන්‍දරතරං. පණීතතරන‍්ති උත‍්තමතරං. භවඤ‍්හි ගොතමො අවිතක‍්කං අවිචාරන‍්ති ඉධ බ්‍රාහ‍්මණො අවසෙසං ආදෙසනාපාටිහාරියං බාහිරකන‍්ති න ගණ‍්හි. ඉදඤ‍්ච පන සබ‍්බං සො බ්‍රාහ‍්මණො තථාගතස‍්ස වණ‍්ණං කථෙන‍්තොයෙව ආහ. අද‍්ධා ඛො ත්‍යායන‍්ති එකංසෙනෙව තයා අයං. ආසජ‍්ජ උපනීය වාචා භාසිතාති මම ගුණෙ ඝට‍්ටෙත්‍වා මමෙව ගුණානං සන‍්තිකං උපනීතා වාචා භාසිතා. අපිච ත්‍යාහං බ්‍යාකරිස‍්සාමීති අපිච තෙ අහමෙව කථෙස‍්සාමීති. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

අභික්කන්තතරං යනු සොඳුරුතර වූයි. පණීත්තරං යනු උතුම්වූයි. භවං හි ගොතමො අවිතක්කං අවිචාරං යන මෙහි බමුණු තෙමේ සෙසු ආදෙසනා පාටිහාරිය බාහිර ශාසනයන්ට අයත්යයි නොගත්තේය. ඒ බමුණු තෙමේ මේ සියල්ලම තථාගතයන්වහන්සේගේ ගුණ කියමින්ම පැවසීය. අද්ධා ඛො තයායං යනු ඒකාන්තයෙන්ම එයින් මේයි. ආසජ්ජ උපනීයවාචා භාසිතා යන මගේ ගණයන් ගටා මගේ ගණ ඔහු වෙතට සමීප කරන්නාවූ වචන කියනලදී. අපි ච ත්‍යාහං ව්‍යාකරිස්සාමි යනු තවද ඔවුනට මම ම කියන්නෙමියි. සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.

බ්‍රාහ‍්මණවග‍්ගො පඨමො.

පළමුවෙනි බ්‍රාහමණ වර්‍ගයයි.