3. 2. 2. 9
3. 2. 2. 9.
3. 2. 2. 9.
19. තීණිමානි භික්ඛවෙ, අකුසලමූලානි. කතමානි තීණි : ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං.
19. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ලෝභය අකුශලමූලයෙකි. ද්වේෂය අකුශලමූලයෙකි. මෝහය අකුශල මූලයෙකි.
යදපි භික්ඛවෙ, ලොභො තදපි අකුසලං යදපි ලුද්ධො අභිසඞ්ඛරොති. කායෙන වාචා මනසා. තදපි අකුසලං. යදපි ලුද්ධො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා. “බලවම්හි බලත්ථො ඉතිපි” තදපි අකුසලං. ඉතිස්සමෙ ලොභජා ලොභනිදානා ලොභසමුදයා ලොභපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
මහණෙනි, යම් ලෝභයෙක් වේ ද, හෙ ද අකුශලය. ලුබ්ධ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් පිළියෙළ කරන්නේ නම් එ ද අකුශලය. ලුබ්ධ වූයේ ලෝභයෙන් මඩනා ලද්දේ ලෝභයෙන් ගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්ත්ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි බන්ධනයෙන් වේවයි, සර්‍වස්වහරණයෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි, අවිද්යාමානදෝෂයෙකින් දුක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති ලෝභය සමුදය කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
යදපි භික්ඛවෙ, දොසො, තදපි අකුසලං. යදපි දුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචා මනසා. තදපි අකුසලං. යදපි දුට්ඨො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා. “බලවම්හි බලත්ථො ඉතිපි”. තදපි අකුසලං. ඉතිස්ස, මෙ දොසජා දොසනිදානා දොසසමුදයා දොසපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
මහණෙනි, යම් ද්වේෂයෙක් වේ ද, එ ද අකුශලයෙකි. “ද්විෂ්ට වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් සකස් කරන්නේ වේ ද, එ ද අකුශලය. ද්විෂ්ට වූයේ ද්වේෂයෙන් මඩනා ලද්දේ ද්වේෂයෙන් ගත් සිත් ඇත්තේ “බලවත් වෙමි. බලයෙන් අර්ත්ථ ඇතියෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නෙරනායෙන් වේවයි, යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ ද්වේෂයෙන් හැටි ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය සමුදය කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
යදපි භික්ඛවෙ, මොහො තදපි අකුසලං. යදපි මූළ්හො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා. තදපි අකුසලං. යදපි මූළ්හො මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො ඉතිපි”. තදපි අකුසලං. ඉතිස්සමෙ මොහජා මොහනිදානා මොහසමුදයා මොහපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. එවරූපො චායං භික්ඛවෙ, පුග්ගලො වුච්චති : අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපීති.
මහණෙනි, යම් මෝහයෙක් වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ කයින් වේවයි වචසින් වේවයි මනසින් වේවයි යමක් රැස්කරන්නේ වේ ද, එ ද අකුශලය. මූඪ වූයේ මෝහයෙන් මඩනා ලද්දේ එයින් ම ඇදගත් සිතැත්තේ “බලවත් වෙමි. බලයෙහි සිටියෙමි” යි මෙරමාහට වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, ධනය පැහැර ගැණීමෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් යම් දුකක් උපදවා ද, එ ද අකුශලය. මෙසේ මෝහයෙන් හැටි මෝහය නිදාන කොට ඇති මෝහය සමුදය කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති මේ අනේකපාපක අකුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්. මහණෙනි, මෙ වැනි වූ මේ පුද්ගල ද අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්ත්ථවාදීය යි ද, අධර්මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.
කස්මා චායං භික්ඛවෙ, එවරූපො පුග්ගලො වුච්චති : අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපීති? තථා හයං භික්ඛවෙ, පුග්ගලො පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො ඉතිපි” භූතෙන ඛො පන වුච්චමානො අවජානාති නො පටිජානාති, අභූතෙන වුච්චමානො න ආතප්පං කරොති, තස්ස නිබ්බෙඨනාය : ඉතිපෙතං අතච්ඡං ඉතිපෙතං අභූතන්ති. තස්මා එවරූපො පුග්ගලො වුච්චති අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපි.
මහණෙනි, කවර හෙයෙකින් මෙබඳු වූ මේ පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්ත්ථවාදීය යි ද, අධර්මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලබන්නේ වේ ද? මහණෙනි, යම්සේ මේ පුද්ගල “බලවත් වෙමි, බලයෙන් අර්ත්ථ ඇත්තෙමි” යි හෝ මෙරමාහට වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, ගැමින් හෝ රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් දුක් උපදවා ද, එහෙයිනි. සත්‍යවූ දැයින් කියනු ලබන්නේ අවඥා කෙරෙයි. ප්‍රතිඥා නො කෙරෙයි. අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරණු ලබන්නේ මෙසේත් මෙය තථ්‍ය නො වෙයි, මෙසේත් මෙය භූත නො වෙයි කියා ඒ අභූතය අවුල් හරණු පිණිස උත්සාහ නො කරයි. එහෙයින් මෙබඳු පුද්ගල අකාලවාදීය යි ද, අභූතවාදීය යි ද, අනර්ත්ථවාදීය යි ද, අධර්මවාදීය යි ද, අවිනයවාදී ය යි ද කියනු ලැබේ.
එවරූපො භික්ඛවෙ, පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා.
මහණෙනි, මෙබඳු පුද්ගල ලෝභයෙන් හටගත් පාපක අකුශලධර්මයෙන් මඩනා ලදුයේ එයින් ම වැළඳගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස සහිත උපායාස සහිත පරිදාහ සහිත දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.
දොසජෙහි -පෙ- මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා.
ද්වේෂයෙන් හැටි ... මෝහයෙන් හැටි පාපක අකුශලධර්මයෙන් මඩනා ලදුයේ එයින් පැහැර ගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස ඇති උපායාස ඇති පරිදාහ ඇති දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය.
සෙය්යථාපි භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො අනයං ආපජ්ජති, ව්යසනං ආපජ්ජති, අනයව්යසනං ආපජ්ජති; එවමෙව ඛො භික්ඛවෙ, එවරූපො පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. දොසජෙහි -පෙ- මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සවුපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. ඉමානි ඛො භික්ඛවෙ, තීණි අකුසලමූලානීති.
මහණෙනි, යම් පරිදි සල්ගසෙක් වේවයි දැවගසෙක් වේවයි බුදුරු ගසෙක් වේවයි තුන් මාලුවා ලියන් විසින් මතුයෙහි වසාගන්නා ලද්දේ හාත්පස වළඳනා ලද්දේ නො වැඩීමට පැමිණේ ද, වනසට පැමිණේ ද, අනයව්‍යසනයට පැමිණේ ද, මහණෙනි, එපරිදි ම මෙබඳු පුද්ගල ලෝභයෙන් හැටි පාපක අකුශලධර්මයෙන් මඩනා ලද්දේ එයින් ම ඇදගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම වෙහෙස ඇති උපායාස ඇති පරිදාහ ඇති දුකින් වසනේ ය. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය. ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්මයෙන් මඩනා ලද්දේ ඇදගත් සිතැත්තේ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිළාහ සහිත දුකින් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු ය. මහණෙනි, මේ අකුශලමූලයෝ තුන් දෙනයහ.
තීණිමානි භික්ඛවෙ, කුසලමූලානි. කතමානි තීණි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.
මහණෙනි, මේ කුශලමූලයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අලෝභය කුශලමූලය, අදෝෂය කුශලමූලය, අමෝහය කුශල මූලයි.
යදපි භික්ඛවෙ, අලොභො තදපි කුසලං. යදපි අලුද්ධො අභිසඞංඛරොති කායෙන වාචා මනසා, තදපි කුසලං. යදපි අලුද්ධො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො” ඉතිපි, තදපි කුසලං. ඉතිස්සමෙ අලොභජා අලොභනිදානා අලොභසමුදයා අලොභපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති.
මහණෙනි, යමෙක් අලෝභ වේ ද, එ ද කුශල යි. අලුබ්ධ වූයේ කයින් වේවයි වචනයෙන් වේවයි මනසින් වේවයි යමක් ම කෙරේ ද, එ ද කුශලයි. අලුබ්ධ වූයේ ලෝභයෙන් නො මඩනා ලද්දේ එයින් ඇද නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙහි සිටියෙමි” යි මෙරමාහට වධයෙන් වේවයි බන්ධනයෙන් වේවයි ධනහානියෙන් වේවයි ගර්‍හායෙන් වේවයි රටින් නැගීමෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් පරහට දුක් නො දනවා ද එ ද කුශල යි. මෙසේ අලෝභයෙන් හැටි අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති අලෝභය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශල ධර්මයෝ පහළ වෙත්.
යදපි භික්ඛවෙ, අදොසො, තදපි කුසලං. යදපි අදුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචා මනසා, තදපි කුසලං. යදපි අදුට්ඨො දොසෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි. තදපි කුසලං. ඉතිස්සමෙ අදොසජා අදොසනිදානා අදොසසමුදයා අදොසපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති.
මහණෙනි, යමෙක් ම අදෝෂ වේ ද, එ ද කුශලයි. අද්විෂ්ට වූයේ කයින් වේවයි, වචනයෙන් වේවයි, සිතින් වේවයි යමක් ම කෙරේ ද, එ ද කුශල යි. අද්විෂ්ට වූයේ ද්වේෂයෙන් නොමඩනා ලද්දේ එයින් පැහැර නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙන් අර්ත්ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, සර්‍වස්වහරණයෙන් වේවයි, ගැරහීමෙන් වේවයි, රටින් නෙරීමෙන් වේවයි, අවිද්‍යාමාන දෝෂයෙකින් යම් දුකක් පරාහට නොදනවා ද එ ද කුශලයි. මෙසේ අද්වේෂයෙන් හටගත් අද්වේෂය නිදාන කොට ඇති, අද්වේෂය සමුදය කොට ඇති, අද්වේෂය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්.
යදපි භික්ඛවෙ, අමොහො, තදපි කුසලං. යදපි අමූළ්හො අභිසංඛරොති කායෙන වාචා මනසා, තදපි කුසලං. යදපි අමූළ්හො මොහෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උපදහති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො” ඉතිපි තදපි කුසලං. ඉතිස්සමෙ අමොහජා අමොහනිදානා අමොහසමුදයා අමොහපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති. එවරූපො චායං භික්ඛවෙ, පුග්ගලො වුච්චති, කාලවාදීතිපි, භූතවාදීතිපි, අත්ථවාදීතිපි, ධම්මවාදීතිපි, විනයවාදීතිපි.
මහණෙනි, යමෙක් ම අමෝහ වේ ද, එ ද කුශල යි. අමූඪ වූයේ කයින් වේවයි, වචනයෙන් වේවයි, මනසින් වේවයි, යමක් කෙරේ ද, එ ද කුශල ය. අමූඪ වූයේ මෝහයෙන් නොමඩනා ලද්දේ එයින් හාත්පස ඇද නොගත් සිතැත්තේ “බලවත්මි, බලයෙන් අර්ත්ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, වස්තුව පැහැර ගැණීමෙන් වේවයි, ගර්‍හායෙන් වේවයි, රටින් නෙරණායෙන් වේවයි අවිද්‍යාමාන දෝෂයෙකින් මෙරමාහට යම් දුකක් නො දනවා ද, එ ද කුශලය. මෙසේ අමෝහයෙන් හටගත් අමෝහය නිදාන කොට ඇති, අමෝහය සමුදය කොට ඇති, අමෝහය ප්‍රත්‍යය කොට ඇති මේ අනේක කුශලධර්‍මයෝ ඔහට පහළ වෙත්. මහණෙනි, මෙබඳු වූ ද මේ පුද්ගල කාලවාදීය යි ද, භූතවාදීය යි ද, අර්ත්ථවාදීය යි ද, ධර්මවාදීය යි ද, විනයවාදීය යි ද කියනු ලැබේ.
කස්මා චායං භික්ඛවෙ, එවරූපො පුග්ගලො වුච්චති, කාලවාදීතිපි -පෙ- විනයවාදීතිපි. තථාහයං භික්ඛවෙ, පුග්ගලො න පරස්ස අසතා දුක්ඛං උපදහති, වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා “බලවම්හි බලත්ථො” ඉතිපි. භූතෙන ඛො පන වුච්චමානො පටිජානාති නො අවජානාති. අභූතෙන වුච්චමානො ආතප්පං කරොති තස්ස නිබ්බෙඨනාය : ඉතිපෙතං අතච්ඡං, ඉතිපෙතං අභූතන්ති. තස්මා එවරූපො පුග්ගලො වුච්චති කාලවාදීතිපි -පෙ- විනයවාදීතිපීති.
මහණෙනි, මෙබඳු මේ පුද්ගල ද කාලවාදීය යි ද, ... විනයවාදීය යි ද කවර හෙයෙකින් කියනු ලැබේ ද? මහණෙනි, මේ පුද්ගල යම්සේ “බලවත්මි, බලයෙන් අර්ත්ථ ඇතියෙමි” යි වධයෙන් වේවයි, බන්ධනයෙන් වේවයි, ධනහානියෙන් වේවයි, රටින් නැගීමෙන් වේවයි, අවිද්‍යාමාන දෝෂයෙකින් පරාහට දුක් නො දනවා ද, එහෙයිනි. විද්‍යමාන වූ ගුණයෙන් කියනු ලබන්නේ පිළිණ කරන්නේ ය. ආඥා නො කරන්නේ ය. අවිද්‍යාමාන දෝෂයෙන් කියනු ලබන්නේ “මෙසේ මෙය අතථ්‍යය, මෙසේත් මෙය අභූතය” යි එ ද දෝෂය නිරාකූල කරණු පිණිස වීර්‍ය්‍ය කරන්නේ ය. මහණෙනි, එහෙයින් මෙබඳු පුද්ගල කාලවාදීය යි ද ... විනයවාදීය යි ද කියනු ලැබේ.
එවරූපස්ස භික්ඛවෙ, පුග්ගලස්ස ලොභජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති, අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.
මහණෙනි, මෙබඳු පුද්ගලයාහට ලෝභයෙන් හටගත් පාපක අකුශල ධර්මයෝ ප්‍රහත වෙත්. මුලුසුන් වෙත්. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක බව කරණ ලද්දාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාද ස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත, සුඛයෙන් වසන්නේ ය. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය.
දොසජා -පෙ- මොහජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති, අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.
ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලසුන් වෙත්. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක බව කරණ ලද්දාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති, උපායාස නැති, පරිදාහ නැති සුවයෙන් වෙසෙයි. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය.
සෙය්යථාපි භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා, තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය. සො තං මාලුවාලතං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා පලිඛණෙය්ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්ය, අන්තමසො උසීරනාළමත්තානිපි. සො තං මාලුවාලතං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා දහෙය්ය, අග්ගිනා දහිත්වා මසිං කරෙය්ය, මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය, නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවමස්සු තා භික්ඛවෙ, මාලුවාලතා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
මහණෙනි, යම් පරිදි සල්ගසෙක් වේවයි, දැවගසෙක් වේවයි, කොළොම්ගසෙක් වේවයි මාලුවාවැල් තුණෙකින් මතුයෙහි වසා ගන්නා ලද්දේ වළඳනා ලද්දේ වේ ද, ඉක්බිති පුරුෂයෙක් හුදැල්ලක් හා පැසක් හා ගෙණ එන්නේ වේ ද, හේ ඒ මාලුවාවැල මුලහි සිඳුනේ වේ ද මුලහි සිඳ සාරන්නේ වේ ද සාරා මුල් උදුරන්නේ වේ ද, යටත්පිරිසෙයින් සුවඳහොට නළ සා මුලුදු උදුරන්නේ වේ ද, හේ ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳුනේ වේ ද, කඩ කඩ කොට සිඳ පලන්නේ වේ ද, පළා කැබැලි - කැබැලි කරන්නේ වේ ද, කැබැලි - කැබැලි කොට අව්සුලඟෙහි වියළන්නේ වේ ද, අව්සුලඟෙහි වියළා ගින්නෙන් දවන්නේ වේ ද, ගින්නෙන් දවා දැළි කරන්නේ වේ ද, දැළි කොට මහා වාතයෙහි හෝ පොළන්නේ වේ ද, ශීඝ්‍රස්‍රෝතස් ඇති නදියෙහි හෝ උල්පවා හරණේ වේ ද, මහණෙනි, මෙසේ ඒ මාලුවා වැල්හු මුලුසුන් වූවාහු වෙති. තාලාවස්තුකතාවට ගියාහු වෙත්. අනභාව කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්.
එවමෙව ඛො භික්ඛවෙ, එවරූපස්ස පුග්ගලස්ස ලොභජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති. දොසජා -පෙ- මොහජා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කුසලමූලානීති.
මහණෙනි, එපරිදි ම මෙබඳු පුද්ගලයාහට ලෝභයෙන් හටගත් පාපක පාපකඅකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලසුන් වෙත්. තාලාවස්තුකභාවයට ගියාහු වෙත්. අනභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස නැති පරිදාහ නැති සුඛයෙන් වසන්නේ ය. ඉහාත්මයෙහි පිරිනිවන් පානේ ය. ද්වේෂයෙන් හටගත් ... මෝහයෙන් හටගත් පාපක අකුශලධර්‍මයෝ ප්‍රහත වෙත්. මුලුසුන් වෙත්. තාලාවස්තුක බවට ගියාහු වෙත්. අභාවය කරණ ලද්දාහු වෙත්. මතුයෙහි අනුත්පාදස්වභාවය ඇත්තාහු වෙත්. ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස නැත පරිදාහ නැති සුඛයෙන් වෙසේ. ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේ ය. මහණෙනි, මේ තුන් කුශලමූලයෝ යි.