10. චූළනිකාසුත්තවණ්ණනා අට්ඨකථා
10. චූළනිකාසුත්තවණ්ණනා
3. 2. 3. 10
දසමස්ස දුවිධො නික්ඛෙපො අත්ථුප්පත්තිකොපි පුච්ඡාවසිකොපි. කතරඅත්ථුප්පත්තියං කස්ස පුච්ඡාය කථිතන්ති චෙ? අරුණවතිසුත්තන්තඅත්ථුප්පත්තියං (සං· නි· 1.185 ආදයො) ආනන්දත්ථෙරස්ස පුච්ඡාය කථිතං. අරුණවතිසුත්තන්තො කෙන කථිතොති? ද්වීහි බුද්ධෙහි කථිතො සිඛිනා ච භගවතා අම්හාකඤ්ච සත්ථාරා. ඉමස්මා හි කප්පා එකතිංසකප්පමත්ථකෙ අරුණවතිනගරෙ අරුණවතො රඤ්ඤො පභාවතියා නාම මහෙසියා කුච්ඡිස්මිං නිබ්බත්තිත්වා පරිපක්කෙ ඤාණෙ මහාභිනික්ඛමනං නික්ඛමිත්වා සිඛී භගවා බොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිත්වා පවත්තිතවරධම්මචක්කො අරුණවතිං නිස්සාය විහරන්තො එකදිවසං පාතොව සරීරප්පටිජග්ගනං කත්වා මහාභික්ඛුසඞ්ඝපරිවාරො “අරුණවතිං පිණ්ඩාය පවිසිස්සාමී”ති නික්ඛමිත්වා විහාරද්වාරකොට්ඨකසමීපෙ ඨිතො අභිභුං නාම අග්ගසාවකං ආමන්තෙසි – “අතිප්පගො ඛො, භික්ඛු, අරුණවතිං පිණ්ඩාය පවිසිතුං, යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාමා”ති. යථාහ –
දසවැන්නේ නික්ඛෙප දෙකෙකි. අට්ඨුප්පත්තිකද පුච්ඡාවසිකද වශයෙනි. කවර අර්ථොත්පත්තියක, කවරකුගේ විමසීමට කියනලද්දේයත්? අරුණවතී සූත්‍රාන්ත අර්ථොත්පත්තියෙහි අනඳ තෙරුන්ගේ විමසීමට කියනලදී. අරුණවතී සූත්‍රාන්තය කවරකු විසින් කියනලද්දේද? බුදුවරුන් දෙදෙනකු විසින් කියනලදී. සිඛීභාග්යවතුන්වහන්සේ විසින්ද අපගේ ශාස්තෘන්වහන්සේ විසින්ද යනුවෙනි. මේ කපින් එක්තිස් කපකට මත්තෙහි අරුණවතී නුවරෙහි අරුණවති රජුගේ පහාවතී නම්වූ මෙහෙසියගේ කසෙහි ඉපිද නුවණ මුහුකුරා ගියකල්හි මහබික්මන් නික්ම සිඛී භාග්‍යවතුන්වහන්සේ බෝමැඩදී සර්වඥතාඥානය අවබෝධ කොට පවත්වනලද උතුම් දම්සක් පැවතුම් ඇතිසේක් අරුණවතීනුවර ඇසුරුකොට වසමින් එක්දිනෙක උදෑසනම සිරුර පිළිදැඟුම් කොට මහබික්සඟන පිරිවරණලද සේක් අරුණවතියට පිඬුපිණිස පිවිසෙන්නෙමැයි සිතා නික්ම විහාර කොටුදොරකඩ සමිපයෙහි සිටිසේක් අභිභු නම්වූ අග්‍රශ්‍රාවකයා, ඇමතූසේක: ‘භික්ෂුව, අරුණවතියට පිඬුපිණිස පිවිසීමට උදෑසන වැඩිය. එක්තරා බඹලොවක් වෙත එළඹෙන්නෙමු’ යනුවෙනි.
“අථ ඛො, භික්ඛවෙ, සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි – ‘ආයාම, බ්‍රාහ්මණ, යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාම, න තාව භත්තකාලො භවිස්සතී’ති. ‘එවං, භන්තෙ’ති ඛො, භික්ඛවෙ, අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පච්චස්සොසි. අථ ඛො, භික්ඛවෙ, සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභූ ච භික්ඛු යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිංසූ”ති (සං· නි· 1.185).
ඉක්බිති මහණෙනි, සිඛී භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුන්වහන්සේ අභිභූ භික්ෂුවට, ‘යමු බ්‍රාහ්මණය, යම්තැනක එක්තරා බඹලොවක් වේද එතැනට එළඹෙන්නෙමුයි යම්සේ ඇමතූසේක්ද, මහණෙනි, ‘එසේය ස්වාමීනි’යි අභිභූ භික්ෂුව සිඛී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුන්වහන්සේට පිළිවදන් ඇස්වූයේය. ඉක්බිති මහණෙනි, සිඛී භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුන්වහන්සේද අභිභූ භික්ෂුවද යම්තැනක එක්තරා බඹලොවක්වූයේද එතැනට එළඹුණු සේක.
තත්ථ මහාබ්රහ්මා සම්මාසම්බුද්ධං දිස්වා අත්තමනො පච්චුග්ගමනං කත්වා බ්රහ්මාසනං පඤ්ඤාපෙත්වා අදාසි, ථෙරස්සාපි අනුච්ඡවිකං ආසනං පඤ්ඤාපයිංසු. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ, ථෙරොපි අත්තනො පඤ්ඤත්තාසනෙ නිසීදි. මහාබ්රහ්මාපි දසබලං වන්දිත්වා එකමන්තං නිසීදි.
එහි මහාබ්‍රහ්මයා සම්මාසම්බුදුන් දැක සතුටුසිතැත්තේ පෙරගමන් කොට බ්රහ්මාසනය පනවා දුන්නේය. තෙරුන්ටද සුදුසු අසුනක් පැනවූහ. පැනවූ අසුනෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩහුන්සේක. තෙරණුවෝද තමන්ට ලැබුණු අසුනෙහි හුන්හ. මහාබ්රහ්මයාද දශබලයන් වහන්සේ වැද එකත්පසෙක හුන්නේය.
අථ ඛො, භික්ඛවෙ, සිඛී භගවා අභිභුං භික්ඛුං ආමන්තෙසි – “පටිභාතු තං, බ්‍රාහ්මණ, බ්රහ්මුනො ච බ්රහ්මපරිසාය ච බ්රහ්මපාරිසජ්ජානඤ්ච ධම්මීකථාති. ‘එවං, භන්තෙ’ති ඛො, භික්ඛවෙ, අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුණිත්වා බ්රහ්මුනො ච බ්රහ්මපරිසාය ච බ්රහ්මපාරිසජ්ජානඤ්ච ධම්මිං කථං කථෙසි. ථෙරෙ ධම්මං කථෙන්තෙ බ්රහ්මගණා උජ්ඣායිංසු – “චිරස්සඤ්ච මයං සත්ථු බ්රහ්මලොකාගමනං ලභිම්හ, අයඤ්ච භික්ඛු ඨපෙත්වා සත්ථාරං සයං ධම්මකථං ආරභී”ති.
ඉක්බිති මහණෙනි සිඛී භාග්‍යවතුන්වහන්සේ අභිභූ භික්ෂුවට, ‘බ්‍රාහ්මණය, බ්‍රහ්මයාටද බ්රහ්මපිරිසටද බ්රහ්මපාරිසජ්ජයන්ටද ධර්මකථාවක් ඔබට වැටහේවා’යි පැවසූසෙක්. මහණෙනි, අභිභූ භික්ෂුව ‘එසේය ස්වාමීනි’යි සිඛී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුන් වහන්සේට පිළිවදන් දී බ්‍රහ්මයාටද බ්‍රහ්ම පිරිසටද බ්රහ්මපාරිසජ්ජයන්ටද ධාර්මික කථාවක් කළේය. තෙරණුවන් ධර්මය කියනකල්හි බ්‍රහ්මසමූහයා, ‘අපි බොහෝ කලකින් ශාස්තෘන්වහන්සේගේ බඹලොව ගමන ලැබූවෙමු. මේ භික්ෂුව ශාස්තෘන්වහන්සේ තබා තමාම ධර්මකථාව ඇරඹීය’යි උද්ඝොෂණය කළහ.
සත්ථා තෙසං අනත්තමනභාවං ඤත්වා අභිභුං භික්ඛුං එතදවොච – “උජ්ඣායන්ති ඛො තෙ, බ්‍රාහ්මණ, බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච. තෙන හි ත්වං – බ්‍රාහ්මණ, භිය්යොසොමත්තාය සංවෙජෙහී”ති. ථෙරො සත්ථු වචනං සම්පටිච්ඡිත්වා අනෙකවිහිතං ඉද්ධිවිකුබ්බනං කත්වා සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙන්තො “ආරම්භථ නික්කමථා”ති (සං· නි· 1.185) ගාථාද්වයං අභාසි. කිං පන කත්වා ථෙරො සහස්සිලොකධාතුං විඤ්ඤාපෙසීති? නීලකසිණං තාව සමාපජ්ජිත්වා සබ්බත්ථ අන්ධකාරං ඵරි, තතො “කිමිදං අන්ධකාර”න්ති සත්තානං ආභොගෙ උප්පන්නෙ ආලොකං දස්සෙසි. “කිං ආලොකො අය”න්ති විචිනන්තානං අත්තානං දස්සෙසි, සහස්සචක්කවාළෙ දෙවමනුස්සා අඤ්ජලිං පග්ගණ්හිත්‍වා පග්ගණ්හිත්‍වා ථෙරංයෙව නමස්සමානා අට්ඨංසු. ථෙරො “මහාජනො මය්හං ධම්මං දෙසෙන්තස්ස සරං සුණාතූ”ති ඉමා ගාථා අභාසි. සබ්බෙ ඔසටාය පරිසාය මජ්ඣෙ නිසීදිත්වා ධම්මං දෙසෙන්තස්ස විය සද්දං අස්සොසුං. අත්ථොපි නෙසං පාකටො අහොසි.
ශාස්තෘන්වහන්සේ ඔවුන් නොකැමතිබව දැන අභිභූභික්ෂුවට මෙය පැවසූ සේක: බ්‍රාහ්මණය, බ්‍රහ්මයාද බ්‍රහ්ම පිරිසද බ්රහ්මපාරිසජ්ජයෝද ඔබට උද්ඝෝෂණය කරති. එසේ බැවින් බ්‍රාහ්මණය බොහෝ කොට සංවේගවත් කරව’ යනුවෙනි. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන නොයෙක් ආකාර සෘද්ධිමවා පෑම් කොට සහස්රීලෝකධාතුවට ශබ්දයෙන් හඟවමින් ආරහථ නික්ඛමථ යන ගාථාදෙක පැවසූහ. තෙරනුවෝ කුමක් කොට සහස්‍රී ලොකධාතුවට හැඟවූහුද? නීලකසිණයට සමැවද සියලුතන්හි අඳුරක් පැතිරවූහ. ඉක්බිති මේ අඳුර කිමෙක්දැයි සත්වයන්ගේ සිතාබැලීමක් ඇතිවූ කල්හි ආලෝකය දැක්වූහ. මේ කවර ආලෝකයක්දැයි පිරික්සන්නවුන්ට තමන් දැක්වූහ. දහසක් සක්වළ දෙවිමිනිස්සු ඇඳිලි බැඳ බැඳ තෙරුන්ම නමදිමින් හුන්හ. තෙරණුවෝ, ‘මහජනයා ධර්මය දෙසන මගේ හඬ අසාවායි (සිතා) මේ ගාථා පැවසූහ. සියල්ලෝ රැස්වූ පිරිස මැඳ හිඳ දහම් දෙසන්නකුගේ මෙන් ශබ්දය ඇසුවාහුය. ඔවුනට අර්ථයද පැහැදිලිවිය.
අථ ඛො භගවා සද්ධිං ථෙරෙන අරුණවතිං පච්චාගන්ත්වා පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො භික්ඛුසඞ්ඝං පුච්ඡි – “අස්සුත්ථ නො තුම්හෙ, භික්ඛවෙ, අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සා”ති. තෙ “ආම, භන්තෙ”ති පටිජානිත්වා සුතභාවං ආවිකරොන්තා තදෙව ගාථාද්වයං උදාහරිංසු. සත්ථා “සාධු සාධූ”ති සාධුකාරං දත්වා දෙසනං නිට්ඨපෙසි. එවං තාව ඉදං සුත්තං ඉතො එකතිංසකප්පමත්ථකෙ සිඛිනා භගවතා කථිතං.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ තෙරුන් සමඟ අරුණවතියට ආපසු පැමිණ පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් ඉවත්වූ සේක් භික්ෂුසංඝයාගෙන්, ‘මහණෙනි, නුඹලා බඹලොව සිට ගාථා කියන්නාවූ අභිභූ භික්ෂුවට සවස්දුන්නහුදැයි විමසූ සේක. ඔවුහු ‘එසේය, ස්වාමීනියි පිළිතුරු දී ඇසූ බව ප්‍රකටකරමින් ඒ ගාථා දෙකම ඉදිරිපත් කළහ. ශාස්තෘන්වහන්සේ ‘සාධු සාධු’ යයි සාධුකාරදී දෙසුම නිමවුසෙක්. මෙසේ මේ සූත්‍රය මෙයින් එක්සිත් කපකට මත්තෙහි සිඛී භාග්‍යවතුන්වහන්සේ විසින් කියනලදී.
අම්හාකං පන භගවා සබ්බඤ්ඤුතං පත්තො පවත්තිතවරධම්මචක්කො සාවත්ථිං උපනිස්සාය ජෙතවනෙ විහරන්තො ජෙට්ඨමූලමාසපුණ්ණමදිවසෙ භික්ඛූ ආමන්තෙත්වා ඉමං අරුණවතිසුත්තං පට්ඨපෙසි. ආනන්දත්ථෙරො බීජනිං ගහෙත්වා බීජයමානො ඨිතකොව ආදිතො පට්ඨාය යාව පරියොසානා එකබ්යඤ්ජනම්පි අහාපෙත්වා සකලසුත්තං උග්ගණ්හි. සො පුනදිවසෙ පිණ්ඩපාතපටික්කන්තො දසබලස්ස වත්තං දස්සෙත්වා අත්තනො දිවාවිහාරට්ඨානං ගන්ත්වා සද්ධිවිහාරිකන්තෙවාසිකෙසු වත්තං දස්සෙත්වා පක්කන්තෙසු හිය්යො කථිතං අරුණවතිසුත්තං ආවජ්ජෙන්තො නිසීදි. අථස්ස සබ්බං සුත්තං විභූතං උපට්ඨාසි. සො චින්තෙසි – “සිඛිස්ස භගවතො අග්ගසාවකො බ්රහ්මලොකෙ ඨත්වා චක්කවාළසහස්සෙ අන්ධකාරං විධමෙත්වා සරීරොභාසං දස්සෙත්වා අත්තනො සද්දං සාවෙන්තො ධම්මකථං කථෙසීති හිය්යො සත්ථාරා කථිතං, සාවකස්ස තාව විසයො එවරූපො, දස පාරමියො පූරෙත්වා සබ්බඤ්ඤුතං පත්තො පන සම්මාසම්බුද්ධො කිත්තකං ඨානං සරෙන විඤ්ඤාපෙය්යා”ති. සො එවං උප්පන්නාය විමතියා විනොදනත්ථං තඞ්ඛණෙයෙව භගවන්තං උපසඞ්කමිත්වා තමත්ථං පුච්ඡි. එතමත්ථං දස්සෙතුං අථ ඛො ආයස්මා ආනන්දොති වුත්තං.
අපගේ භාග්‍යවතුන්වහන්සේ වනාහි සර්වඥබවට පත්ව පවත්වනලද උතුම් දම්සක් ඇතිසේක් සැවත ඇසුරුකොට දෙව්රම වසමින් පොසොන්මස පුරපසළොස්වක් දිනයෙහිදී භික්ෂූන් අමතා මේ අරුණවතී සූත්‍රය පිහිටවූ සේක. අනඳ තෙරණුවෝ විජිනිපත ගෙන පවන් සලමින් සිටිවනම මුලපටන් අවසානය දක්වා එක්ව්යංජනයකුදු අත්නොහැර සියලු සූත්‍රය උගත්හ. උන්වහන්සේ දෙවැනි දිනයෙහි පිණ්ඩපාතය නිමවා බුදුන්වහන්සේට වත් දක්වා තමන්ගේ දිවාවිහාරස්ථානයට ගොස් සද්ධිවිහාරික අනේතවාසිකයන් වත්දක්වා ගියකල්හි ඊයේ කියනලද අරුණවතී සූත්‍රාන්තය සිහි කරමින් හුන්හ. ඉක්බිති උන්වහන්සේට සියලු අරුණවතී සූත්‍රාන්තය සිහි කරමින් හුන්හ. ඉක්බිති උන්වහන්සේට සියලු සූත්‍රාන්තය පැහැදිලිව වැටහුණේය. උන්වහන්සේ, ‘සිඛී භාග්‍යවතුන්වහන්සේ අගසව් තෙමේ බඹලොව සිට සක්වළ දහසක අඳුර නසා ශරීරාලෝකය දක්වා තමන්ගේ ශබ්දය අස්වමින් ධර්මකථාවක් කළහ. ඊයේ ශාස්තාන්වහන්සේ විසින් (එය) කියනලදී. ශ්‍රාවකයකුගේ විෂය මෙබඳුවේ නම් දශපාරමී පුරා සර්වඥබවට පත් සම්බුදුන්වහන්සේ කොපමන තැනක් හඬින් හඟවන සේක්දැ’යි සිතූහ. උන්වහන්සේ මෙසේ උපන් සැකය දුරුකරනු සඳහා එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ මෙකරුණ විමසූහ. එකරුණ දැක්වීමට අථ ඛො ආයස්මා ආනන්දො යි කියනලදී.
තත්ථ සම්මුඛාති සම්මුඛීභූතෙන මයා එතං සුතං, න අනුස්සවෙන, න දූතපරම්පරායාති ඉමිනා අධිප්පායෙන එවමාහ. කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතුන්ති කිත්තකං ඨානං සරීරොභාසෙන විහතන්ධකාරං කත්වා සරෙන විඤ්ඤාපෙතුං සක්කොති. සාවකො සො, ආනන්ද, අප්පමෙය්යා තථාගතාති ඉදං භගවා ඉමිනා අධිප්පායෙනාහ – ආනන්ද, ත්වං කිං වදෙසි, සො පදෙසඤාණෙ ඨිතො සාවකො. තථාගතා පන දස පාරමියො පූරෙත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණං පත්තා අප්පමෙය්යා. සො ත්වං නඛසිඛාය පංසුං ගහෙත්වා මහාපථවිපංසුනා සද්ධිං උපමෙන්තො විය කිං නාමෙතං වදෙසි. අඤ්ඤො හි සාවකානං විසයො, අඤ්ඤො බුද්ධානං. අඤ්ඤො සාවකානං ගොචරො, අඤ්ඤො බුද්ධානං. අඤ්ඤං සාවකානං බලං, අඤ්ඤං බුද්ධානන්ති. ඉති භගවා ඉමිනා අධිප්පායෙන අප්පමෙය්යභාවං වත්වා තුණ්හී අහොසි.
එහි සම්මුඛා යනු ඉදිරියෙහි සිටි මවිසින් මේ සූත්‍රය අසනලදී. පරම්පරා ඇසුරෙන්ද දූතපරම්පරාවෙන්ද නොඅසනලදී. යන මේ අදහසින් මෙසේ පැවසූහ. කීචතකං පහොති සරෙන විඤ්ඤාපෙතුං යනු කොපමණ තැනක් ශරීරාලෝකයෙන් අඳුර දුරුකොට හඬින් හඟවන්නට හැක්කේද? සාවකො සො ආනන්ද අප්පමෙය්යා තථාගතා යන මෙය මේ අදහසින් පැවසූසේක: ‘ආනන්දය, නුඹ කුමක් කියහිද? හෙතෙම ප්රදේශඥානයෙහි (නුවණින් කොටසක) සිටි ශ්‍රාවකයෙකි. දශපාරමීන් පුරා සර්වඥතාඥානයට පත්වූ තථාගතවරු (ඥානයෙන්) පමණකළ නොහැක්කෝය. ඒ ඔබ නියතුඩින් පස්ගෙන මහ පොළොවෙහි පස් සමඟ සසඳන්නෙකු මෙන් මේ කුමක් නම් කියහිද? ශ්‍රාවකයන්ගේ විෂය එකෙකි. බුදුවරුන්ගේ විෂය අනෙකෙකි. ශ්‍රාවකයන්ගේ ගොචරය එකෙකි. බුදුවරුන්ගේ ගොචරය අනෙකෙකි. ශ්‍රාවකයන්ගේ බලය එකෙකි. බුදුවරුන්ගේ බලය අනෙකෙකි’යි මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අදහසින් පමණනොකළහැකි බව පවසා නිහඬවූ සේක.
ථෙරො දුතියම්පි පුච්ඡි. සත්ථා, “ආනන්ද, ත්වං තාළච්ඡිද්දං ගහෙත්වා අනන්තාකාසෙන උපමෙන්තො විය, චාතකසකුණං ගහෙත්වා දියඩ්ඪයොජනසතිකෙන සුපණ්ණරාජෙන උපමෙන්තො විය, හත්ථිසොණ්ඩාය උදකං ගහෙත්වා මහාගඞ්ගාය උපමෙන්තො විය, චතුරතනිකෙ ආවාටෙ උදකං ගහෙත්වා සත්තහි සරෙහි උපමෙන්තො විය, නාළිකොදනමත්තලාභිං මනුස්සං ගහෙත්වා චක්කවත්තිරඤ්ඤා උපමෙන්තො විය, පංසුපිසාචකං ගහෙත්වා සක්කෙන දෙවරඤ්ඤා උපමෙන්තො විය, ඛජ්ජොපනකප්පභං ගහෙත්වා සූරියප්පභාය උපමෙන්තො විය කිං නාමෙතං වදෙසීති දීපෙන්තො දුතියම්පි අප්පමෙය්යභාවමෙව වත්වා තුණ්හී අහොසි. තතො ථෙරො චින්තෙසි – “සත්ථා මයා පුච්ඡිතො න තාව කථෙසි, හන්ද නං යාවතතියං යාචිත්වා බුද්ධසීහනාදං නදාපෙස්සාමී”ති. සො තතියම්පි යාචි. තං දස්සෙතුං තතියම්පි ඛොතිආදි වුත්තං. අථස්ස භගවා බ්යාකරොන්තො සුතා තෙ ආනන්දාතිආදිමාහ. ථෙරො චින්තෙසි – “සත්ථා මෙ ‘සුතා තෙ, ආනන්ද, සහස්සී චූළනිකා ලොකධාතූ’ති එත්තකමෙව වත්වා තුණ්හී ජාතො, ඉදානි බුද්ධසීහනාදං නදිස්සතී”ති සො සත්ථාරං යාචන්තො එතස්ස භගවා කාලොතිආදිමාහ.
තෙරණුවෝ දෙවැනිවරද විමසූහ. ශාස්තෘන්වහන්සේ, ‘ආනන්දය නුඹ යතුරු සිදුරක් ගෙන අනන්ත අවකාශය සමඟ සසඳන්නකු මෙන්ද වැහිලිහිණියකු ගෙන යොදුන් එකසිය පනසක්වූ ගුරුළු රජකු සමඟ සසඳන්නකු මෙන්ද ඇත්සොඬින් දියගෙන මහාගංගාව සමඟ සසඳන්නකු මෙන්ද සිවුරියන් වළක දියගෙන විල්සතක් සමඟ සසඳන්නකු මෙන්ද නැළියක පමණ බත්ලබන මිනිසකු ගෙන සක්විති රජකු සමඟ සසඳන්නකු මෙන්ද පාංශුපිසාචයකු ගෙන සක්දෙවිරජු සමඟ සසඳන්නකු මෙන්ද කණමැදිරි එළිය ගෙන හිරුඑළිය සමඟ සසඳන්නකු මෙන්ද මේ කුමක් නම් කියහිදැයි දක්වන සේක් දෙවැනිවරද පමණ නොකළහැකි බවම පවසා නිහඬවූසේක. ඉක්බිති තෙරණුවෝ මවිසින් ශාස්තෘන්වහන්සේ විමසනලද සේක. එතකුදු නොකියනසේක. තෙවැනිවරතෙක් උන්වහන්සේගෙන් අයැද බුද්ධසිංහනාදය හඬනංවනනෙමැයි සිතූහ. උන්වහන්සේ තෙවැවරත් ඇයැදූහ. එය දැක්වීමට තතියම්පිඛො යනාදිය කියනලදී. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේට පැහැදිලි කරනසේක් සුතා තෙ ආනන්ද යනාදිය පැවසූසේක. තෙරනුවෝ, ‘ශාස්තෘන්වහන්සේ, ආනන්දය, ඔබ මගෙන් දහසක් චූලනී ලෝකධාතු අසනලදැයි මෙපමණක්ම පවසා නිහඬවු සේක. දැන් සිංහනාද නඟනසේකැ’යි සිතූහ. තෙරුණුවෝ ශාස්තෘන්වහන්සේ අයදින්නාහු එතස්ස භගවා කාලො යනාදිය පැවසූහ.
භගවාපිස්ස විත්ථාරකථං කථෙතුං තෙන හානන්දාතිආදිමාහ. තත්ථ යාවතාති යත්තකං ඨානං. චන්දිමසූරියාති චන්දිමා ච සූරියො ච. පරිහරන්තීති විචරන්ති. දිසා භන්තීති සබ්බදිසා ඔභාසන්ති. විරොචනාති විරොචමානා. එත්තාවතා එකචක්කවාළං පරිච්ඡින්දිත්වා දස්සිතං හොති. ඉදානි තං සහස්සගුණං කත්වා දස්සෙන්තො තාව සහස්සධා ලොකොති ආහ. තස්මිං සහස්සධා ලොකෙති තස්මිං සහස්සචක්කවාළෙ. සහස්සං චාතුමහාරාජිකානන්ති සහස්සං චාතුමහාරාජිකානං දෙවලොකානං. යස්මා පන එකෙකස්මිං චක්කවාළෙ චත්තාරො චත්තාරො මහාරාජානො, තස්මා චත්තාරි මහාරාජසහස්සානීති වුත්තං. ඉමිනා උපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. චූළනිකාති ඛුද්දිකා. අයං සාවකානං විසයො. කස්මා පනෙසා ආනීතාති? මජ්ඣිමිකාය ලොකධාතුයා පරිච්ඡෙදදස්සනත්ථං.
භාග්‍යවතුන්වහන්සේද උන්වහන්සේ විස්තර කථාවක් කිරීමට ‘තෙනාහානන්ද’ යනාදිය පැවසූසේක. එහි යාවතා යනු යම් පමණ තැනකි. චන්දිමසුරියා යනු සඳ හා හිරුයි. පරිහරන්ති යනු හැසිරෙත්. දිසාභන්ති යනු සියලු දිශාවන් බබුළුවති. විරොචනා යනු බබළන්නාවූයි. මෙපමණකින් එක් සක්වළක් පිරිසිඳ දක්වනලද්දේ වෙයි. දැන් එය දහස්ගුණ කොට දක්වමින් තාව සහස්සාධා ලොකොයි පැවසූසේක. තස්මි සහස්සධා ලොකෙ යනු ඒ දහසක් සක්වළෙහියි. සහස්සං චතුම්මහාරාජිකානං යනු දහසක් චාතුම්මහාරාජික දේවලෝකයන්ගේය. යම්හෙයකින් එක් එක් සක්වළෙක සතරදෙනා බැගින් මහරජවරුවෙත්ද? එහෙයින් චත්තාරිමහාරාජ සහස්සානියි කියනලදී. මේ ක්‍රමයෙන් සියලුතන්හි අර්ථය දතයුතුය. චුළනියා යනු කුඩාවූයි. මෙය ශ්‍රාවකයන්ගේ විෂයයි. කුමක්හෙයින් මෙය ගෙනහැර දක්වනලද්දේද යත්? මජ්ක්‍ධිමිකා ලොකධාතුව පිරිසිඳ දක්වනු පිණිසයි.
යාවතාති යත්තකා. තාව සහස්සධාති තාව සහස්සභාගෙන. ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතූති අයං සහස්සචක්කවාළානි සහස්සභාගෙන ගණෙත්වා දසසතසහස්සචක්කවාළපරිමාණා ද්විසහස්සී මජ්ඣිමිකා නාම ලොකධාතු. අයං සාවකානං අවිසයො, බුද්ධානමෙව විසයො. එත්තකෙපි හි ඨානෙ තථාගතා අන්ධකාරං විධමෙත්වා සරීරොභාසං දස්සෙත්වා සරෙන විඤ්ඤාපෙතුං සක්කොන්තීති දීපෙති. එත්තකෙන බුද්ධානං ජාතික්ඛෙත්තං නාම දස්සිතං. බොධිසත්තානඤ්හි පච්ඡිමභවෙ දෙවලොකතො චවිත්වා මාතුකුච්ඡියං පටිසන්ධිග්ගහණදිවසෙ ච කුච්ඡිතො නික්ඛමනදිවසෙ ච මහාභිනික්ඛමනදිවසෙ ච සම්බොධිධම්මචක්කප්පවත්තනආයුසඞ්ඛාරවොස්සජ්ජනපරිනිබ්බානදිවසෙසු ච එත්තකං ඨානං කම්පති.
යාවතා යනු යම්පමණවූයි. තාව සහස්සධා යනු එමපණවූ දහස්ගුණයකිනි. ද්විසහස්සී මජ්ක්‍ධිමිකා ලොකධාතු යනු මේදහසක් සක්වළවල් දහස්ගුණෙන් ගැන දසලක්ෂයක් සක්වළපමණවූයේ ද්විසහස්සී මජක්ධිමිකා නම් ලෝකධාතුවයි. මෙය ශ්‍රාවකයන්ට අවිෂයය. බුදුවරුනටම විෂයවෙයි. මෙපමණ තන්හි තථාගතවරු අඳුර නසා ශරීරාලොකය දක්වා ස්වරයෙන් හඟවන්නට හැකිවෙතියි දැක්වෙයි. මෙපමණකින් බුදුවරුන්ගේ ජාතික්‍ෂෙත්‍රය දක්වනලදී. බෝසත්වරුන්ගේ අන්තිම භවයෙහි දෙව්ලොවින් චුතව මව්කුසෙහි පිළිසිඳගන්නා දිනයෙහිද කුසෙන් නික්මෙන දිනයෙහිද මහබිනික්මන් කෙරෙන දිනයෙහිද බුදුවන, දම්සක් පවත්වන, ආයුසංස්කාරය අත්හරින පිරිනිවන් පාන දිනයන්හිද මෙපමණ කම්පාවෙයි.
තිසහස්සී මහාසහස්සීති සහස්සිතො පට්ඨාය තතියාති තිසහස්සී, සහස්සං සහස්සධා කත්වා ගණිතං මජ්ඣිමිකං සහස්සධා කත්වා ගණිතත්තා මහන්තෙහි සහස්සෙහි ගණිතාති මහාසහස්සී. එත්තාවතා කොටිසතසහස්සචක්කවාළපරිමාණො ලොකො දස්සිතො හොති. භගවා ආකඞ්ඛමානො එත්තකෙ ඨානෙ අන්ධකාරං විධමෙත්වා සරීරොභාසං දස්සෙත්වා සරෙන විඤ්ඤාපෙය්යාති. ගණකපුත්තතිස්සත්ථෙරො පන එවමාහ – “න තිසහස්සිමහාසහස්සිලොකධාතුයා එවං පරිමාණං. ඉදඤ්හි ආචරියානං සජ්ඣායමුළ්හකං වාචාය පරිහීනට්ඨානං, දසකොටිසතසහස්සචක්කවාළපරිමාණං පන ඨානං තිසහස්සිමහාසහස්සිලොකධාතු නාමා”ති. එත්තාවතා හි භගවතා ආණාක්ඛෙත්තං නාම දස්සිතං. එතස්මිඤ්හි අන්තරෙ ආටානාටියපරිත්තඉසිගිලිපරිත්තධජග්ගපරිත්තබොජ්ඣඞ්ගපරිත්තඛන්ධපරිත්ත- මොරපරිත්තමෙත්තපරිත්තරතනපරිත්තානං ආණා ඵරති. යාවතා පන ආකඞ්ඛෙය්යාති යත්තකං ඨානං ඉච්ඡෙය්ය, ඉමිනා විසයක්ඛෙත්තං දස්සෙති. බුද්ධානඤ්හි විසයක්ඛෙත්තස්ස පමාණපරිච්ඡෙදො නාම නත්ථි, නත්ථිකභාවෙ චස්ස ඉමං ඔපම්මං ආහරන්ති – කොටිසතසහස්සචක්කවාළම්හි යාව බ්රහ්මලොකා සාසපෙහි පූරෙත්වා සචෙ කොචි පුරත්ථිමාය දිසාය එකචක්කවාළෙ එකං සාසපං පක්ඛිපන්තො ආගච්ඡෙය්ය, සබ්බෙපි තෙ සාසපා පරික්ඛයං ගච්ඡෙය්යුං, න ත්වෙව පුරත්ථිමාය දිසාය චක්කවාළානි. දක්ඛිණාදීසුපි එසෙව නයො. තත්ථ බුද්ධානං අවිසයො නාම නත්ථි.
තිසහස්සී මහාසහස්සී යනු සහස්සී ලෝකධාතුවෙහි සිට තෙවැන්නය යන්නෙන් තිසහස්සීයි. දහස දහස්ගුණ කොට ගණනය කරන ලද මජක්ධිමිකා ලෝකධාතුව දහස්ගුණ කොට ගණිනලද බැවින් මහත්වූ දහස්ගණනින් ගණිනලදැයි මහාසහස්සී නම්වෙයි. පෙමණකින් කෙළලක්ෂයක් සක්වලින් සිමාවූ ලෝකය දක්වනලද්දේ වෙයි. භාග්‍යවතුන්වහන්සේ කැමැතිවනසේක් (නම්) මෙපමණවූ තැන්හි අඳුරනසා ශරීරාලෝකය දක්වා ස්වරයෙන් හඟවනසෙක්. ගණකපුත්තතිස්ස තෙරණුවෝ මෙසේ කීහ: තිසහස්සී මහාසහස්සී ලෝකධාතුවෙහි ප්‍රමාණය මෙසේ නොවේ. මෙය වනාහි ආචාර්යවරුන්ගේ සජක්ධායනයෙන් අමතකවූ, වචනයෙන් පිරිහුණු තැනකි. දසකෙළලක්ෂයක් සක්වළින් පරිමිතවූ තැන තිසහස්සීමහාසහස්සී ලොකධාතුව නම්වේ.’ යනුවෙනි. මෙපමණකින් භාග්‍යවතුන්වහන්සේ විසින් ආඥාක්ෂෙත්රය දක්වනලදී. මේ අතරතුරෙහි ආටානාටිය ඉසිගිලි ධජග්ග බොජ්ක්‍ධඞ්ග බන්ධ මොර මෙත්ත රතන යන පිරිත්වල අණපැතිරෙයි. යාවතා වා පන ආකෙඞඛය්ය යනු යම්පමණක් කැමතිවන්නේයි, මෙයින් විෂයක්ෂෙත්රය දැක්වෙයි. බුදුවරුන්ගේ විෂයක්ෂෙත්රයට ප්‍රමාණ පරිචේඡදයක් නැත. (එසේ) නැති බවෙහි මේ උපමාව ගෙනහැරදක්වති. ‘කෙළලක්ෂයක් සක්වළෙහි බඹලොව තෙක් අබ පුරවා ඉදින් කිසිවෙක් පෙරදිගෙහි එක්සක්වෙළෙක එක් අබ ඇටයක් හෙළමින් යන්නේ නම් ඒ සියලු අබ අවසන් වෙයි. පෙරදිගෙහි සක්වළ (ගණන) අවසන් නොවේමය, දකුණුදිග ආදියෙහිද මේ ක්‍රමයමැයි. එහි බුදුවරුන්ට අවිෂයවුවක් නම්නැති.
එවං වුත්තෙ ථෙරො චින්තෙසි – “සත්ථා එවමාහ – ‘ආකඞ්ඛමානො, ආනන්ද, තථාගතො තිසහස්සිමහාසහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්‍යා’ති. විසමො ඛො පනායං ලොකො, අනන්තානි චක්කවාළානි, එකස්මිං ඨානෙ සූරියො උග්ගතො හොති, එකස්මිං ඨානෙ මජ්ඣෙ ඨිතො, එකස්මිං ඨානෙ අත්ථඞ්ගතො. එකස්මිං ඨානෙ පඨමයාමො හොති, එකස්මිං ඨානෙ මජ්ඣිමයාමො, එකස්මිං ඨානෙ පච්ඡිමයාමො. සත්තාපි කම්මප්පසුතා, ඛිඩ්ඩාපසුතා, ආහාරප්පසුතාති එවං තෙහි තෙහි කාරණෙහි වික්ඛිත්තා ච පමත්තා ච හොන්ති. කථං නු ඛො තෙ සත්ථා සරෙන විඤ්ඤාපෙය්යා”ති. සො එවං චින්තෙත්වා විමතිච්ඡෙදනත්ථං තථාගතං පුච්ඡන්තො යථා කථං පනාතිආදිමාහ.
මෙසේකී කල්හි තෙරණුවෝ සිතූහ: ‘ආනන්දය, තථාගතයන්වහන්සේ කැමතිවනසේක් තිසහස්සී මහාසහස්සී ලොකධාතු ස්වරයෙන් හඟවනසේක. යම්තාක් හෝ කැමතිවන සේක් නම් එසේ වන්නේයයි ශාස්තාන්වහන්සේ පැවසූසේක. මේලොව විෂමය, සක්වළ අනන්තය, එක්තැනක හිර උදාවූයේ වෙයි. එක් තැනක මැද සිටියේයි. එක්තැනක බැසගියේයි. එක්තැනක පෙරයමය, එක්තැනක මැදියමය, එක්තැනක අලුයමය. සත්වයෝද කටයුතුවල යෙදුණාහු ක්‍රීඩාවන්හි යෙදුණාහු ආහාරයෙහි යෙදුණාහුය. මෙසේ ඒ ඒ කරුණින් කළබල වුවාහුද පමාවූවහුද වෙත්. ශාස්තෘන්වහන්සේ කෙසේ නම් ස්වරයෙන් හඟවනසේක්ද?’ යනුවෙනි. උන්වහන්සේ මෙසේ සිතා සැකය දුරුකරගනු සඳහා තථාගයන්වහන්සේ විමසමින් යථා කථං පන යනාදිය පැවසූහ.
අථස්ස සත්ථා බ්යාකරොන්තො ඉධානන්ද, තථාගතොතිආදිමාහ. තත්ථ ඔභාසෙන ඵරෙය්යාති සරීරොභාසෙන ඵරෙය්ය. ඵරමානො පනෙස කිං කරෙය්යාති? යස්මිං ඨානෙ සූරියො පඤ්ඤායති, තත්ථ නං අත්තනො ආනුභාවෙන අත්ථං ගමෙය්ය. යත්ථ පන න පඤ්ඤායති, තත්ථ නං උට්ඨාපෙත්වා මජ්ඣෙ ඨපෙය්ය. තතො යත්ථ සූරියො පඤ්ඤායති, තත්ථ මනුස්සා “අධුනාව සූරියො පඤ්ඤායිත්ථ, සො ඉදානෙව අත්ථඞ්ගමිතො, නාගාවට්ටො නු ඛො අයං, භූතාවට්ටයක්ඛාවට්ටදෙවතාවට්ටානං අඤ්ඤතරො”ති විත්තක්කං උප්පාදෙය්යුං. යත්ථ පන න පඤ්ඤායති, තත්ථ මනුස්සා “අධුනාව සූරියො අත්ථඞ්ගමිතො, ස්වායං ඉදානෙව උට්ඨිතො, කිං නු ඛො අයං නාගාවට්ටභූතාවට්ටයක්ඛාවට්ටදෙවතාවට්ටානං අඤ්ඤතරො”ති විතක්කං උප්පාදෙය්යුං. තතො තෙසු මනුස්සෙසු ආලොකඤ්ච අන්ධකාරඤ්ච ආවජ්ජිත්වා “කිං පච්චයා නු ඛො ඉද”න්ති පරියෙසමානෙසු සත්ථා නීලකසිණං සමාපජ්ජිත්වා බහලන්ධකාරං පත්ථරෙය්ය. කස්මා? තෙසං කම්මාදිප්පසුතානං සත්තානං සන්තාසජනනත්ථං. අථ නෙසං සන්තාසං ආපන්නභාවං ඤත්වා ඔදාතකසිණසමාපත්තිං සමාපජ්ජිත්වා පණ්ඩරං ඝනබුද්ධරස්මිං විස්සජ්ජෙන්තො චන්දසහස්සසූරියසහස්සඋට්ඨානකාලො විය එකප්පහාරෙනෙව සබ්බං එකාලොකං කරෙය්ය. තඤ්ච ඛො තිලබීජමත්තෙන කායප්පදෙසෙන ඔභාසං මුඤ්චන්තො. යො හි චක්කවාළපථවිං දීපකපල්ලකං කත්වා මහාසමුද්දෙ උදකං තෙලං කත්වා සිනෙරුං වට්ටිං කත්වා අඤ්ඤස්මිං සිනෙරුමුද්ධනි ඨපෙත්වා ජාලෙය්ය, සො එකචක්කවාළෙයෙව ආලොකං කරෙය්ය. තතො පරං විදත්ථිම්පි ඔභාසෙතුං න සක්කුණෙය්ය. තථාගතො පන තිලඵලප්පමාණෙන සරීරප්පදෙසෙන ඔභාසං මුඤ්චිත්වා තිසහස්සිමහාසහස්සිලොකධාතුං එකොභාසං කරෙය්ය තතො වා පන භිය්යො. එවං මහන්තා හි බුද්ධගුණාති.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ තෙරුන්ට පැහැදිලිකරනසේක් ඉධානන්ද තථාගතො යනාදිය පැවසූ සේක. එහි ඔභාසෙන එරෙය්‍ය යනු ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. පතුරුවමින් කුමක් කරන්නේදයත්? යම්තැනක හිරුපෙනෙයිද එහි එම හිරු තමන්ගේ ආනුභාවයෙන් අස්තයට යවන්නේය. යම් තැනක නොපෙනෙහිද එහි ඒහිරු නංවා මැද තබන්නේය. ඉක්බිති යම්තැනක සූයර්යයා නොපැනේද එහි මිනිස්සු දැන්ම සූර්යයා පැනිණි. එය දැන්ම අස්තයට ගියේය. මෙය කිම, නාගයින්ගේ මායාවද? භූතයන්ගේ යක්ෂයන්ගේ හා දෙවියන්ගේ මායා අතුරින් එකක්දැ’යි සැක උපදවන්නාහුය. යම්තැනක සූර්‍ය්‍යයා පැනෙයිද එහි මිනිස්සු. ‘දැන්ම සූර්‍ය්‍යයා අස්තයට ගියේය. ඒ සූර්‍ය්‍යයා දැන්ම නැඟී සිටියේය. කිමෙක්ද මෙය නාගයන්ගේ භූතයන්ගේ යක්ෂයන්ගේ දෙවියන්ගේ මායා ආතුරින් එකක්දැයි සැකයක් උපදවන්නාහුය. ඉක්බිති ආලෝකයටද අන්ධකාරයටද පැමිණ ඒ මිනිසුන් කවර හේතුවකින් එය වීදැයි පිරික්සා බලන කල්හි ශාස්තෘන්වහන්සේ නීලකසිණයට සමවැද දැඩිඅඳුරක් පතුරුවනසේක. කුමක් හෙයින්දයත්? ඒ කටයුතුආදියෙහි යෙදුණු සත්වයන්ට තැතිගැන්ම උපදවනු සඳහාය. ඉක්බිති ඔවුන්ට තැතිගැන්ම ඇතිවූ බව දැන ඔභාසකසිණ සමාපත්තියට සමවැද සුදු ගනබුදුරැස් විහිදුවමින් සදදහසක් හිරුදහසක් උපන්කල්හි මෙන් එක් විටම සියලු ලොව එකලු කරනසේක. එයද තල ඇටක් පමණවූ කයපෙදෙසින් ආලෝකයක් විහිදුවමිනි. යමෙක් වනාහි සක්වළ පොළව පහන් කබලක් කොට මහසමුදුරෙහි ජලය තෙල් කොට මහමෙර වැටිය කොට වෙනත් මහමෙරක මුදුනෙහි සිට දල්වන්නේද හෙතෙම එක් සක්වළක්ම ආලෝක කරන්නේය. ඉන්මතු වියතකුදු ආලෝක කරන්නට නොහැකිවන්නේය. තථාගතයන්වහන්සේ වනාහි තලඇටක් පමණ වූ සිරුරුපෙදෙසින් ආලෝකය විහිදුවා තිසහස්සීමහාසහස්සී ලෝකධාතුව එකලු කරනසේක. ඊටද වඩා බොහෝය. මෙසේ බුද්ධගුණය මහත්ය.
තං ආලොකං සඤ්ජානෙය්යුන්ති තං ආලොකං දිස්වා “යෙන සූරියො අත්ථඤ්චෙව ගමිතො උට්ඨාපිතො ච, බහලන්ධකාරඤ්ච විස්සට්ඨං, එස සො පුරිසො ඉදානි ආලොකං කත්වා ඨිතො, අහො අච්ඡරියපුරිසො”ති අඤ්ජලිං පග්ගය්හ නමස්සමානා නිසීදෙය්යුං. සද්දමනුස්සාවෙය්යාති ධම්මකථාසද්දමනුස්සාවෙය්ය. යො හි එකං චක්කවාළපබ්බතං භෙරිං කත්වා මහාපථවිං භෙරිචම්මං කත්වා සිනෙරුං දණ්ඩං කත්වා අඤ්ඤස්මිං සිනෙරුමත්ථකෙ ඨපෙත්වා ආකොටෙය්ය, සො එකචක්කවාළෙයෙව තං සද්දං සාවෙය්ය, පරතො විදත්ථිම්පි අතික්කාමෙතුං න සක්කුණෙය්ය. තථාගතො පන පල්ලඞ්කෙ වා පීඨෙ වා නිසීදිත්වා තිසහස්සිමහාසහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙති, තතො වා පන භිය්යො, එවං මහානුභාවා තථාගතාති. ඉති භගවා ඉමිනා එත්තකෙන විසයක්ඛෙත්තමෙව දස්සෙති.
තං ආලොකං සඤජානෙය්යුං යනු ඒ ආලෝකය දැක. යමකු විසින් සූර්‍ය්‍යයා අසතයට යවනලද්දේද නගා සිටුවන ලද්දේද දැඩි අඳුරක් විහිදවීද ඒ මේ පුරුෂයා දැන් ආලෝකය ඇතිකොට සිටියේය. අහෝ කෙබඳු ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙක්දැයි ඇදිළි බැඳ නමදිමින් හිඳින්නාහුය. සද්දමනුස්සාචෙය්ය යනු ධර්මකථා ශබ්දය අස්වන්නේය. යමෙක් එක් චක්‍රවාට පර්වතයක් බෙරයක් කොට මහපොළව බෙරසමක් කොට මහමෙර දණ්ඩක් කොට වෙනත් මහමෙරක් මත්තෙහි තබා තට්ටු කරන්නේ නම් හෙතෙම එක් සක්වළෙක්හි පමණක්ම ඒ හඬ අස්වන්නේය. ඉන් මත්තෙහි වියතකුදු ඉක්මවීමට නොහැකිවන්නේය. තථාගතයන්වහන්සේ වනාහි පලඟක හෝ පුටුවක හෝ හිඳ තිසහස්සී මහාසහස්සී ලොකධාතුව ස්වරයෙන් හඟවනසේක. ඊටද බොහෝ වැඩිය. තථාගතවරු මෙබඳු මහානභාව ඇත්තෝයි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මෙපමණ තැනින් විෂයක්ෂෙත්රයම දැක්වූසේක.
ඉමඤ්ච පන බුද්ධසීහනාදං සුත්වා ථෙරස්ස අබ්භන්තරෙ බලවපීති උප්පන්නා, සො පීතිවසෙන උදානං උදානෙන්තො ලාභා වත මෙතිආදිමාහ. තත්ථ යස්ස මෙ සත්ථා එවංමහිද්ධිකොති යස්ස මය්හං සත්ථා එවංමහිද්ධිකො, තස්ස මය්හං එවංමහිද්ධිකස්ස සත්ථු පටිලාභො ලාභා චෙව සුලද්ධඤ්චාති අත්ථො. අථ වා ය්වාහං එවරූපස්ස සත්ථුනො පත්තචීවරං ගහෙත්වා විචරිතුං, පාදපරිකම්මං පිට්ඨිපරිකම්මං කාතුං, මුඛධොවනඋදකන්හානොදකානි දාතුං, ගන්ධකුටිපරිවෙණං සම්මජ්ජිතුං, උප්පන්නාය කඞ්ඛාය පඤ්හං පුච්ඡිතුං, මධුරධම්මකථඤ්ච සොතුං ලභාමි, එතෙ සබ්බෙපි මය්හං ලාභා චෙව සුලද්ධඤ්චාතිපි සන්ධාය එවමාහ. එත්ථ ච භගවතො අන්ධකාරාලොකසද්දසවනසඞ්ඛාතානං ඉද්ධීනං මහන්තතාය මහිද්ධිකතා, තාසංයෙව අනුඵරණෙන මහානුභාවතා වෙදිතබ්බා. උදායීති ලාළුදායිත්ථෙරො. සො කිර පුබ්බෙ උපට්ඨාකත්ථෙරෙ ආඝාතං බන්ධිත්වා චරති. තස්මා ඉදානි ඔකාසං ලභිත්වා ඉමස්මිං බුද්ධසීහනාදපරියොසානෙ ජලමානං දීපසිඛං නිබ්බාපෙන්තො විය චරන්තස්ස ගොණස්ස තුණ්ඩෙ පහාරං දෙන්තො විය භත්තභරිතං පාතිං අවකුජ්ජන්තො විය ථෙරස්ස පසාදභඞ්ගං කරොන්තො එවමාහ.
මේ බුද්ධසිංහනාදය අසා තෙරුන්ගේ ඇතුළත බඉලවත් ප්‍රීතියක් උපන්නේය. උන්වහන්සේ ප්‍රීතිවශයෙන් උදන්අනමින් ලාභා වත මේ යනාදිය පැවසූහ. එහි යස්ස මෙ සත්ථා එවං මභිද්ධිකො යනු යම් මගේ ශාස්තෘන්වහන්සේ මෙසේ මහත් සෘද්ධි ඇතිසේක්ද ඒමට මෙසේ මහත් සෘද්ධි ඇති ශාස්තෘවරයකු ලැබීම ලාභයක් මෙන්ම මනාවලබනලද්දක්ද වේ යන අර්‍ත්‍ථයි. නැතහොත් ‘යම් ඒ මම මෙබඳුවූ ශාස්තෘන්වහන්සේගේ පාසිවුරුගෙන හැසිරීමට පාපිරියම් පිටපිරියම් කිරීමට මුවදොවන දියනාන ජලය දීමට ගඳකිළිපිරිවෙන හැමදීමට සැකයක් උපන්විට ප්රශ්සඇසීමට මිහිරි දැහැමිකතා ඇසීමට ලබමි. මේ සියල්ලම මගේ ලාභයෝය. එසේම මනාව ලබන ලද්දේය’ යන්න සඳහා මෙසේ පැවසූහ. මෙහිද භාග්‍යවතුන්වහන්සේගේ අන්ධකාරය ආලෝකය ශබ්ද ඇස්වීම් සංඛ්‍යාතවූ සෘද්ධීන්ගේ මහත්බැවින් මහත්සෘද්ධි ඇති බවද ඒවායේම පැතිරීමෙන් මහානුභාව බවද දතයුතුය. උදාසී යනු ලාළුදායී තෙරණුවෝයි. හෙතෙම වනාහි පෙර උපස්ථායක තෙරුන් කෙරෙහි ආඝාත බැඳ හැසිරෙයි. එහෙයින් දැන් ඉඩලැබ මේ බුද්ධසිංහ නාදය අවසානයෙහි දැල්වෙන පහන්සිළුවක් නිවන්නෙකු මෙන්ද හැසිරෙන ගෝණකුගේ තුඩට පහර දෙන්නෙකු මෙන්ද බත්පිරුණු පාත්‍රයක් යටිකුරු කරන්නෙකු මෙන්ද තෙරුන්ගේ පැහැදීම නැති කරමින් මෙසේ පැවසීය.
එවං වුත්තෙ භගවාති එවං උදායිත්ථෙරෙන වුත්තෙ භගවා යථා නාම පපාතතටෙ ඨත්වා පවෙධමානං පුරිසං එකමන්තෙ ඨිතො හිතෙසී පුරිසො “ඉතො එහි ඉතො එහී”ති පුනප්පුනං වදෙය්ය, එවමෙවං උදායිත්ථෙරං තස්මා වචනා නිවාරෙන්තො මා හෙවං උදායි, මා හෙවං උදායීති ආහ. තත්ථ හීති නිපාතමත්තං, මා එවං අවචාති අත්ථො. මහාරජ්ජන්ති චක්කවත්තිරජ්ජං. නනු ච සත්ථා එකස්ස සාවකස්ස ධම්මදෙසනාය උප්පන්නපසාදස්ස මහානිසංසං අපරිච්ඡින්නං අකාසි, සො කස්මා ඉමස්ස බුද්ධසීහනාදං ආරබ්භ උප්පන්නස්ස පසාදස්ස ආනිසංසං පරිච්ඡින්දතීති? අරියසාවකස්ස එත්තකඅත්තභාවපරිමාණත්තා. දන්ධපඤ්ඤොපි හි සොතාපන්නො සත්තක්ඛත්තුං දෙවෙසු ච මනුස්සෙසු ච අත්තභාවං පටිලභති, තෙනස්ස ගතිං පරිච්ඡින්දන්තො එවමාහ. දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ ඨත්වා. පරිනිබ්බායිස්සතීති අප්පච්චයපරිනිබ්බානෙන පරිනිබ්බායිස්සති. ඉති නිබ්බානෙන කූටං ගණ්හන්තො ඉමං සීහනාදසුත්තං නිට්ඨාපෙසීති.
එවං වුතේත භගවා යනු මෙසේ උදායී තෙරුන් විසින් කීකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ නම් ප්‍රපාතයක කෙළවර සිට සැලෙන පුරුෂයකුට එකත්පසෙක සිටි හිතවත් පුරුෂයෙක් මෙහි එව මෙහ එවයි නැවත නැවතත් කියනනේද එසේම උදායි තෙරුන් ඒ වචනයෙන් වළක්වමින් මාහෙවං උදායි මාහෙවං උදායි යයි පැවසූසේක. එහි හ යනු නිපාතමාත්‍රයකි. එසේ නොකියව යන අරුත්ය. මහාරජ්ජං යනු චක්‍රවර්ති රාජ්‍යයයි. ශාස්තෘන්වහන්සේ එක් ශ්‍රාවකයකුගේ දහම් දෙසුමෙන් උපන් පැහැදීමේ අනුසස් නොපිරිසුන් කළසේක් නොවේද? හෙතෙම කුමක් හෙයින් බුද්ධසිංහනාදය අසා මේ පැහැදීමේ අනුසස් පිරිසිඳියිද? ආර්ය ශ්රවාවකයකුගේ එපමණ ආත්මභාව ප්‍රමාණයක් ඇතිබැවින් ප්රඥාරහිත සොතාපන්න පුද්ගලයාද සත්වරක් දෙවියන් අතරද මිනිසුන් අතරද ආත්මභාවය ලබයි. එබැවින් ඔහුගේ ගතිය පිරිසිඳිමින් මෙසේ පැවසූසේක. දිටේඨවධමේම යනු මේ අත්බැව්හිම සිට පරිනිබ්බායිස්සති යනු ප්රත්යයරහිත පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නේය. මෙසේ නිවනින් කුළුගන්වමින් මේ සීහනාද සූත්‍රය නිමවූසේක.
ආනන්දවග්ගො තතියො.
තෙවෙනිවූ ආනන්දවර්ගයයි.