3. 2. 5. 2
3. 2. 5. 2.
3. 2. 5. 2.
43. තීණිමානි භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පවිවෙකානි පඤ්ඤාපෙන්ති.
43. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්‍රවිවේක තුණ පණවත්
කතමානි තීණි :
කවර තුණෙක යත්:
චීවරපවිවෙකං, පිණ්ඩපාතපවිවෙකං, සෙනාසනපවිවෙකං.
චීවර ප්‍රවිවේකය, පිණ්ඩපාත ප්‍රවිවේකය, ශයනාසන ප්‍රවිවේකය යි.
තත්රිදං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චීවරපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති : සාණානිපි ධාරෙන්ති, මසාණානිපි ධාරෙන්ති, ඡවදුස්සානිපි ධාරෙන්ති, පංසුකූලානිපි ධාරෙන්ති, තිරීටකානිපි ධාරෙන්ති, අජිනානිපි ධාරෙන්ති, අජිනක්ඛිපම්පි ධාරෙන්ති, කුසචීරම්පි ධාරෙන්ති, වාකචීරම්පි ධාරෙන්ති, ඵලකචීරම්පි ධාරෙන්ති, කෙසකම්බලම්පි ධාරෙන්ති, වාලකම්බලම්පි ධාරෙන්ති, උලුකපක්ඛිකම්පි ධාරෙන්ති. ඉදං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චීවරපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ චීවර ප්‍රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: සණවැහැරි ද ධරත්. මුසු පිළී ද ධරත්. මිනියෙන් නෙළ වත් ද ධරත්. බිම ලූ මහලු පිළී ද ධරත්. රුක්පොතුමුවා පිළී ද ධරත්. අඳුන්මුවසමුදු ධරත්. මැදින් පැළු අඳුන්මුවසමුදු ධරත්. කුසවැහැරි ද ධරත්. වක්කලමුදු ධරත්. පුවරු වැහැරි ද ධරත්. කෙස්මුවා කම්බිලි ද ධරත්. අස්ලොම්මුවා කම්බිලි ද ධරත්. මහමුහුනු පියායෙන් කළ පිළී ද ධරත් මහණෙනි, අන්තොටු පිරිවැජියෝ චීවරප්රවිවේකයෙහි ලා මෙය පණවත්.
තත්රිදං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති : සාකභක්ඛාපි හොන්ති, සාමාකභක්ඛාපි හොන්ති, නීවාරභක්ඛාපි හොන්ති, දද්දුළභක්ඛාපි හොන්ති, හටභක්ඛාපි හොන්ති, කණභක්ඛාපි හොන්ති, ආචාමභක්ඛාපි හොන්ති, පිඤ්ඤාකභක්ඛාපි හොන්ති, තිණභක්ඛාපි හොන්ති, ගොමයභක්ඛාපි හොන්ති, වනමූලඵලාහාරා යාපෙන්ති පවත්තඵලභොජී. ඉදං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ පිණ්ඩපාතප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙත්: පලා වළඳනුවෝ ද වෙත්. බඩහමු වළඳනුවෝ ද වෙත්. හුරුහැල් වළඳනුවෝ ද වෙත්. සම්කසළ වළඳනුවෝ ද වෙති, ලහටු හෝ සෙවෙල් වළඳනුවෝ ද වෙති. කුඩු වළඳනුවෝ ද වෙති. දමුබත් වළඳනුවෝ ද වෙති. පුනකු වළඳනුවෝ ද වෙති. තණ වළඳනුවෝ ද වෙත්. ගොම වළඳනුවෝ ද වෙති. වනමුල් පිලි අහර කොට ඇති ව යපෙත්. තුවටුවෙන් ගුළු පල වළඳන සුලු ද වෙති. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ පිණ්ඩපාතප්රවිවේකයෙහි ලා මේ පණවත්.
තත්රිදං භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සෙනාසනපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති : අරඤ්ඤං, රුක්ඛමූලං, සුසානං, වනපත්ථං, අබ්භොකාසං, පලාලපුඤ්ජං, භුසාගාරං. ඉදං ඛො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සෙනාසනපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ඒ ශයනාසනප්රවිවේකයෙහි ලා මේ පැණවීම කෙරෙති: අරණ්‍යය, වෘක්ෂමූලය, සමශානය, වානප්රස්තය, අභ්‍යවකාශය, පලාලපුඤ්ජය, කලවිටිහල යන මේ ය. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ ශයනාසන ප්‍රවිවේක විෂයෙහි ලා මෙය පණවත්.
ඉමානි ඛො භික්ඛවෙ, තීණි අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පවිවෙකානි පඤ්ඤාපෙන්ති.
මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මේ ප්‍රවිවේක තුණ පණවත්.
තීණි ඛො පනිමානි භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ භික්ඛුනො පවිවෙකානි.
මහණෙනි, මේ ශාසනයෙහි මහණහට මේ ප්රවිවේකයෝ තුන් දෙනෙක් ඇත.
කතමානි තීණි :
කවර තුන් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා ච හොති, දුස්සීල්යඤ්චස්ස පහීණං හොති, තෙන ච විවිත්තො හොති. සම්මාදිට්ඨිකො හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීණා හොති, තාය ච විවිත්තො හොති. ඛීණාසවො ච හොති, ආසවා චස්ස පහීණා හොන්ති, තෙහි ච විවිත්තො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් ද වෙයි. ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ද ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහත වෙයි. එයින් විවික්ත ද වෙයි. ක්ෂීණාස්රව ද වෙයි. ඔහුගේ ආස්‍රවයෝ ද ප්‍රහත වෙත්. එයින් විවික්ත ද වෙයි.
යතො ඛො භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, දුස්සීල්යඤ්චස්ස පහීණං හොති, තෙන ච විවිත්තො හොති. සම්මාදිට්ඨිකො හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීණා හොති, තාය ච විවිත්තො හොති. ඛීණාසවො හොති, ආසවා චස්ස පහීණා හොන්ති, තෙහි ච විවිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අග්ගප්පත්තො සාරප්පත්තො සුද්ධො සාරෙ පතිට්ඨිතො.
මහණෙනි, යම් කලෙක මහණ සියුපිරිසිදු ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස්වැදෑරුම් දෞශශීල්‍යය ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්‍යග්දෘෂ්ටික වේ ද, ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියත් ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්ෂීණාස්රවත් වේ ද, ඔහුගේ ආස්‍රවයෝ ප්‍රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි පිරිසිදු යයි ශීල සමාධි ප්‍රඥා සාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.
සෙය්යථාපි භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස සම්පන්නං සාලික්ඛෙත්තං. තමෙනං කස්සකො ගහපති සීඝසීඝං වපාපෙය්ය. සීඝසීඝං වපාපෙත්වා සීඝසීඝං සඞ්ඝරාපෙය්ය. සීඝසීඝං සඞ්ඝරපෙත්වා සීඝසීඝං උබ්බහාපෙය්ය. සීඝසීඝං උබ්බහාපෙත්වා සීඝසීඝං පුඤ්ජං කාරාපෙය්ය. සීඝසීඝං පුඤ්ජං කාරාපෙත්වා සීඝසීඝං මද්දාපෙය්ය. සීඝසීඝං මද්දාපෙත්වා සීඝසීඝං පලාලානි උද්ධරාපෙය්ය. සීඝසීඝං පලාලානි උද්ධරාපෙත්වා සීඝසීඝං භුසිකං උද්ධරාපෙය්ය. සීඝසීඝං භුසිකං උද්ධරාපෙත්වා සීඝසීඝං ඔපුණාපෙය්ය. සීඝසීඝං ඔපුණාපෙත්වා සීඝසීඝං අතිහරාපෙය්ය. සීඝසීඝං අතිහරාපෙත්වා සීඝසීඝං කොට්ටාපෙය්ය. සීඝසීඝං කොට්ටාපෙත්වා සීඝසීඝං ථුසානි උද්ධරාපෙය්ය. එවමස්සු තානි භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස තානි ධඤ්ඤානි අග්ගප්පත්තානි සාරප්පත්තානි සුද්ධානි සාරෙ පතිට්ඨිතානි.
මහණෙනි, යම් පරිදි කර්ෂකගෘහපතිහුගේ පිරියුනු ශාලික්ෂේත්රයෙක් වේ ද, කර්ෂකගෘහපති ඒ කෙත වහ වහා වපුරවන්නේ වේ ද, වහ වහා වපුරවා වහ වහා ගොයම් හකුළුවන්නේ වේ ද, වහ වහා හකුළුවා වහ වහා කලවිටට එළවා ලවන්නේ වේ ද, වහ වහා එළවා ලවා වහ වහා පිඬු කරවන්නේ වේ ද, වහ වහා පිඬු කරවා වහ වහා මඩවන්නේ වේ ද, වහ වහා මඩවා වහ වහා පිදුරු උදුරවන්නේ වේ ද, වහ වහා පිදුරු උදුරවා වහ වහා බොල් උදුරවන්නේ වේ ද, වහ වහා බොල් උදුරවා වහ වහා හුළඟෙහි පොළවන්නේ වේ ද, වහ වහා කොටුවට නංවා වහ වහා කොටවන්නේ වේ ද, වහ වහා කොටවා වහ වහා දහසිවි උදුරවන්නේ වේ ද. මහණෙනි, මෙසේ කරත් ම කර්ෂකගෘහපතිහුගේ ඒ ධාන්‍යයෝ සහලින් අගතැන් පැමිණියාහු වෙති. සාරබවට පැමිණියාහු වෙති. ශුද්ධවූවාහු වෙති. සාරයෙහි පිහිටියාහු වෙති.
එවමෙව ඛො භික්ඛවෙ, යතො භික්ඛු සීලවා ච හොති, දුස්සීල්යඤ්චස්ස පහීණං හොති, තෙන ච විවිත්තො හොති. සම්මාදිට්ඨිකො ච හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීණා හොති, තාය ච විවිත්තො හොති. ඛීණාසවො ච හොති, ආසවා චස්ස පහීණා හොන්ති, තෙහි ච විවිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අග්ගප්පත්තො සාරප්පත්තො සුද්ධො සාරෙ පතිට්ඨිතොති.
මහණෙනි, එපරිදි ම මහණ චතුෂ්පාරිශුද්ධ ශීලයෙන් සිල්වත් වේ ද, ඔහුගේ පස් වැදෑරුම් දෞශශීල්‍යය ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, සම්යග්දෘෂ්ටිකත් වේ ද, ඔහුගේ මිථ්‍යාදෘෂ්ටියත් ප්‍රහත වේ ද, එයින් විවික්තත් වේ ද, ක්ෂීණාස්රවත් වේ ද, ඔහුගේ ආස්‍රවයෝත් ප්‍රහත වෙත් ද, එයින් විවික්තත් වේ ද, මහණෙනි, මේ මහණ ශීලයෙන් අගතැන් පැමිණියේ යයි ශීලසාරය ලද්දේ යයි ශුද්ධ යයි ශීල සමාධි ප්රඥාසාරයෙහි පිහිටියේ යයි කියනු ලැබේ.