3. 2. 5. 3
3. 2. 5. 3.
3. 2. 5. 3.
44. සෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුස්සක්කමානො සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච.
44. මහණෙනි, යම් සේ සරත් කාලයෙහි අහස පහ වූ වලා ඇති ව පහන් ව සිටි කල හිරු අහසට නැගෙමින් අහස්හි වන් හැම අඳුරු නසා බබලන්නේ වේ ද, රස් පතුරුවන්නේ වේ ද, දිලෙන්නේ වේ ද.
එවමෙව ඛො භික්ඛවෙ, යතො අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. සහදස්සනුප්පාදා, භික්ඛවෙ, අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති, සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො.
මහණෙනි, එපරිදි ම යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාට රාගාදි රජස් නැති රාගාදි මල නැති ධර්මචක්ෂුස පහළ වී ද, මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ශ්‍රෝතාපත්තිමාර්‍ගෝත්පාදය සමග ත්‍රිවිධ සංයෝජනයෝ පහව යෙත්. සත්කායදෘෂ්ටිය විචිකිත්සාය ශීලව්රතපරාමර්ශ යි.
අථාපරං ද්වීහි ධම්මෙහි නිය්යාති අභිජ්ඣාය ච ව්යාපාදෙන ච. සො විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො කාලං කරෙය්ය, නත්ථි තං සඤ්ඤොජනං, යෙන සඤ්ඤොජනෙන සඤ්ඤුත්තො අරියසාවකො පුන ඉමං ලොකං ආගච්ඡෙය්යාති.
අනතුරුව අභිධ්‍යා හා ව්‍යාපාදයෙන් දැයි දෙදහමින් නිර්‍ය්‍යාණය කෙරෙයි. හේ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක කලුරිය කරන්නේ වේ ද, යම් සංයෝජනයෙකින් සංයුක්ත ආර්ය්යශ්රාවකයෙක් නැවත මෙලොවට එන්නේ වේ ද, එබඳු සංයෝජනයෙක් ඔහුට නැත.