යෙදුමෙන් කියවන්න

3. 2. 5. 4

3. 2. 5. 4.

3. 2. 5. 4.

45. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, පරිසා. කතමා තිස‍්සො : අග‍්ගවතී පරිසා, වග‍්ගා පරිසා, සමග‍්ගා පරිසා.

45. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අග්‍රවත් පර්‍ෂද් ය, වර්‍ගපර්‍ෂද් ය, සමග්‍රපර්‍ෂද් යයි.

කතමා ච භික‍්ඛවෙ, අග‍්ගවතී පරිසා :

මහණෙනි, අග්‍රවත් පර්‍ෂද් කවර?

ඉධ භික‍්ඛවෙ, යස‍්සං පරිසායං ථෙරා භික‍්ඛූ න බාහුලිකා හොන‍්ති. න සාථලිකා, ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා, විරියං ආරභන‍්ති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය, තෙසං පච‍්ඡිමා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජති. සාපි හොති න බාහුලිකා න සාථලිකා ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරා පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමා විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. අයං වුච‍්චති භික‍්ඛවෙ, අග‍්ගවතී පරිසා.

මහණෙනි, මෙසස්නෙහි යම් පර්‍ෂදයෙක ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බාහුල්‍යය නැත්තාහු වෙද් ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගන්නාහු වෙද් ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇත්තාහු වෙද් ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වෙත් ද, නො ලත් විශේෂය ලබනු පිණිස, අනධිගත විශේෂය අධිගම කරණු පිණිස, පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹත් ද, ඔවුන්ගේ පශ්චිම ජනතා තොමෝ දෘෂ්ටානුගතියට පැමිණේ ද, ඒ ජනතාවත් බාහුලික නො වේ ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නොගණී ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇද්ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වේ ද, නොලත් විශේෂය ලබනු පිණිස අනධිගත විශේෂය අධිගම කරණු පිණිස පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹා ද, මහණෙනි, මේ අග්‍රවත් පර්‍ෂදැයි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, වග‍්ගා පරිසා :

මහණෙනි, වර්‍ගපර්‍ෂද් කවර?

ඉධ භික‍්ඛවෙ, යස‍්සං පරිසායං භික‍්ඛූ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති, අයං වුච‍්චති භික‍්ඛවෙ, වග‍්ගා පරිසා.

මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු පුරිස් තෙපුල් සැතින් උනුන් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ගපර්‍ෂදැයි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, සමග‍්ගා පරිසා :

මහණෙනි, සමග්‍ර පර්‍ෂද් කවර?

ඉධ භික‍්ඛවෙ, යස‍්සං පරිසායං භික‍්ඛූ සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සමග‍්ගා පරිසා.

මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්‍රපර්‍ෂදැයි කියනු ලැබේ.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ භික‍්ඛූ සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරන‍්ති. බහුං භික‍්ඛවෙ, භික‍්ඛූ තස‍්මිං සමයෙ පුඤ‍්ඤං පසවන‍්ති. බ්‍රහ‍්මං භික‍්ඛවෙ, විහාරං තස‍්මිං සමයෙ භික‍්ඛූ විහරන‍්ති. යදිදං මුදිතාය චෙතොවිමුත‍්තියා. පමුදිතස‍්ස පීති ජායති. පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති.

මහණෙනි, යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් මේ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙති. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමත් සිතැත්තාහට කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, උපරිපබ‍්බතෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ තං උදකං යථානින‍්නං පවත‍්තමානං පබ‍්බත කන්‍දරපදරසාඛා පරිපූරෙති, පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරා කුස‍්සුබ‍්භෙ පරිපූරෙන‍්ති, කුස‍්සුබ‍්භා පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති, මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති, කුන‍්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන‍්ති, මහානදියො පරිපූරා සමුද‍්දං පරිපූරෙන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ භික‍්ඛූ සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරන‍්ති, බහුං භික‍්ඛවෙ, භික‍්ඛූ තස‍්මිං සමයෙ පුඤ‍්ඤං පසවන‍්ති. බ්‍රහ‍්මං භික‍්ඛවෙ, විහාරං තස‍්මිං සමයෙ භික‍්ඛූ විහරන‍්ති, යදිදං මුදිතාය චෙතොවිමුත‍්තියා. පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත‍්තං සමාධියති.

මහණෙනි, යම් පරිදි ගල්මුදුනෙක දළ පොද ඇති මෙඝයක් වස්නා කළ ඒ දිය නිම්න තුබූ සේ පෙරළෙමින් අවුදු පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවන් පුරවා ද, ගල්කඳුර පැළී ඇලිහු පිරුනාහු කුඩා හෙප් පුරවත් ද, කුඩා හෙප්හු පිරුනාහු මහ හෙප් පුරවත් ද, මහහෙප්හු පිරුනාහු කුඩා නදීන් පුරවත් ද, කුඩා නදීහු පිරුනාහු මහා නදීන් පුරවත් ද, මහානදීහු පිරුනාහු මුහුද පුරවත් ද මහණෙනි, එපරිදි යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් ඒ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙත් ප්‍රමුදිතයාහට ප්‍රීතිය හටගණී. ප්‍රීතිමත් සිතැතියහුගේ කය සන්හිඳේ සන්හුන් කය ඇතියේ සුව විඳී, සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.

ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො පරිසාති.

මහණෙනි, මේ ත්‍රිවිධ පර්‍ෂද්හු යි.