යෙදුමෙන් කියවන්න

3. 2. 5. 5

3. 2. 5. 5.

3. 2. 5. 5.

46. තීහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

46. මහණෙනි, ගුණාඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය, භද්‍ර ආජානේය අශ්වයා රජුට නිසි වෙයි. රජුට උපභෝග වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.

කතමෙහි තීහි :

කවර අඞ්ග තුණෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො වණ‍්ණසම‍්පන‍්නො ච හොති, බලසම‍්පන‍්නො ච ජවසම‍්පන‍්නො ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි අඞ‍්ගෙහි සමන‍්නාගතො රඤ‍්ඤො භද්‍රො අස‍්සාජානීයො රාජාරහො හොති රාජභොග‍්ගො, රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානීය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ.

එවමෙව ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති, පාහුණෙය්‍යො, දක‍්ඛිණෙය්‍යො, අඤ‍්ජලිකරණීයො, අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.

මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුග භක්තයට නිසි වෙයි, දක්‍ෂිණාවට නිසි වෙයි. අඤ්ජලිකරණයට නිසි වෙයි. සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.

කතමෙහි තීහි :

කවර තුණෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු වණ‍්ණසම‍්පන‍්නො ච හොති බලසම‍්පන‍්නො ච ජවසම‍්පන‍්නො ච.

මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු වණ‍්ණසම‍්පන‍්නො හොති :

මහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ වේ ද:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලවා හොති, පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු වණ‍්ණසම‍්පන‍්නො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචර දෙකින් යුක්ත වෙයි. අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි. ශික්‍ෂාපද විෂයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු බලසම‍්පන‍්නො හොති :

මහණෙනි, කෙසේ නම් මහණ වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ වේ ද:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහාණාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු බලසම‍්පන‍්නො හොති:

මහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙසෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්‍රම ඇත්තේ වෙයි. කුසල් දහම්හි නො තැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු ජවසම‍්පන‍්නො හොති:

මහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ජවසම‍්පන‍්නො හොති.

මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී. ... “මේ දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මහණෙනි, මෙසේ මහණ ඥානජවසම්පන්න වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.