3. 2. 5. 6
3. 2. 5. 6.
3. 2. 5. 6.
47. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
47. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
කතමෙහි තීහි :
කවර කරුණු තුණෙකින යත්:
ඉධ භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති. බලසම්පන්නො ච ජවසම්පන්නො ච. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබල සම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
එවමෙව ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
මහණෙනි, එපරිදි ම ධර්ම තුණෙකින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කතමෙහි තීහි :
කවර තුණෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච.
මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති :
මහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ වේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්ෂාපද විෂයෙහි සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති :
මහණෙනි, කෙසේ නම් මහණ වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ වේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු ආරද්ධවිරියො හොති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්‍රම ඇතියේ වෙයි. කුසල් දහම්හි නොතැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති :
මහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ සුදවැසි ලොවින් පෙරළා නොඑන සුලු වූයෙ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... සර්වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.