3. 2. 5. 7
3. 2. 5. 7.
3. 2. 5. 7.
48. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
48. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
කතමෙහි තීහි :
කවර තුණෙකින යත්:
ඉධ භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්ථෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
එවමෙව ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
මහණෙනි, එපරිදි ම ධර්ම තුණෙකින් සමන්වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කතමෙහි තීහි :
කවර තුණෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච.
මහණෙනි, මෙසස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති :
මහණෙනි, මහණ කෙසේ නම් වර්‍ණසම්පන්න වේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි:
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති :
මහණෙනි, කෙසේ මහණ බලසම්පන්න වේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු ආරද්ධවිරියො විහරති -පෙ- ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ ඇරඹූ වැර ඇතියේ ... ඥානස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි නොබහා තැබූ ධුර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති :
මහණෙනි, මහණ කෙසේ ජවසම්පන්න වේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, මේ කරුණු තුණින් සමන්වාගත වූ මහණ ආහුතිසඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.