3. 2. 5. 8
3. 2. 5. 8.
3. 2. 5. 8.
49. නවොපි භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො ච හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච. මජ්ඣිමොපි භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො ච හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච. ජිණ්ණොපි භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො ච හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච.
49. මහණෙනි, නව්‍ය වූත් වාකමය වස්ත්‍රය දුර්වර්ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්ඝ ද වේ. මහණෙනි, මධ්‍යම වූත් වාකමය වස්ත්‍රය දුර්වර්ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්ඝ ද වේ. මහණෙනි, ජීර්‍ණවූත් වාකමය වස්ත්‍රය දුර්වර්ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්ඝ ද වේ.
ජිණ්ණම්පි භික්ඛවෙ, පොත්ථකං උක්ඛලිපරිමජ්ජනං වා කරොන්ති සංකාරකූටෙ වා තං ඡඩ්ඩෙන්ති.
මහණෙනි, ජීර්ණ වූත් වාකමය වස්ත්‍රය ඉකිලි පිස්නක් හෝ කෙරෙත්. එය කසළගොඩෙහි හෝ බහත්.
එවමෙව ඛො භික්ඛවෙ, නවො චෙපි භික්ඛු හොති දුස්සීලො පාපධම්මො. ඉදමස්ස දුබ්බණ්ණතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු සෙවන්ති භජන්ති පයිරුපාසන්ති, දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදමස්ස දුක්ඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුක්ඛසම්ඵස්සො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං න මහප්ඵලං හොති න මහානිසංසං. ඉදමස්ස අප්පග්ඝතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො අප්පග්ඝො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, එපරිදි ම නව්‍ය වූත් මහණ දුසිල් වේ ද, පාපස්වභාව ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්වර්ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුර්වර්ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්ඝ රාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුඃඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ නො වේ. මෙය ඔහුගේ අල්පාර්ඝතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය අල්පාර්ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මජ්ඣිමො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති -පෙ- ථෙරො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති දුස්සීලො පාපධම්මො, ඉදමස්ස දුබ්බණ්ණතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුබ්බණ්ණො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදමස්ස දුක්ඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො දුක්ඛසම්ඵස්සො, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය භෙසජ්ජපරික්ඛාරං, තෙසං තං න මහප්ඵලං හොති න මහානිසංසං. ඉදමස්ස අප්පග්ඝතාය වදාමි. සෙය්යථාපි සො භික්ඛවෙ, පොත්ථකො අප්පග්ඝො තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, මධ්‍යම වූත් මහණ දුසිල් වේ ද ... මහණෙනි, ස්ථවිර වූත් මහණ දුසිල් වේ ද, පවිටු සැහැවි ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්වර්ණතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුර්වර්ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුඃඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ ද නො වේ. මේ ඔහුගේ අල්පාර්ඝතායෙහිලා වදාරමි: මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය අල්පාර්ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
එවරූපො චායං භික්ඛවෙ, ථෙරො භික්ඛු සඞ්ඝමජ්ඣෙ භණති. තමෙනං භික්ඛූ එවමාහංසු : කින්නුඛො තුය්හං බාලස්ස අව්යත්තස්ස භණිතෙන, ත්වම්පි නාම භණිතබ්බං මඤ්ඤසීති. සො කුපිතො අනත්තමනො තථාරූපිං වාචං නිච්ඡාරෙති යථාරූපාය වාචාය සඞ්ඝො තං උක්ඛිපති, සඞ්කාරකූටෙව නං පොත්ථකං.
මහණෙනි, මෙබඳු වූ මේ ස්ථවිර මහණ සඞ්ඝමධ්‍යයෙහි බෙණේ නම්, සෙසු භික්ෂූහු ඔහුට මෙසේ කියත්: “බාල වූ අව්‍යක්ත වූ තාගේ භණිතයෙන් කීම? තොයිත් බිණිය යුත්තකු කොට හඟනෙහිදැ”යි? හේ කිපියේ නොසතුටු සිතැතියේ යම්බඳු වචනයක් නිසා සඟහු ඒ මහණ ඒ වාකමය වස්ත්‍රය කසළ ගොඩෙහි ලන්නාක් සෙයින් බැහැර ලත් ද, එබඳු වචන විහිදුනේ ය.
නවම්පි භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච, මජ්ඣිමම්පි, භික්ඛවෙ , කාසිකං වත්ථං -පෙ- ජිණ්ණම්පි, භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තං චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච. ජිණ්ණම්පි භික්ඛවෙ, කාසිකං වත්ථං රතනපලිවෙඨනං වා කරොන්ති ගන්ධකරණ්ඩකෙ වා නං පක්ඛිපන්ති.
මහණෙනි, නවක වූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, මධ්‍යම වූත් කසීවත් ... මහණෙනි, ජීර්‍ණවූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, ජීර්ණ වූත් කසීවත් රුවන් හකුළා තබනුවක් හෝ කෙරෙත්. සුවඳ කරඬුවෙක හෝ එය බහත්.
එවමෙව ඛො භික්ඛවෙ, නවො චෙපි භික්ඛු හොති සීලවා කල්යාණධම්මො, ඉදමස්ස සුවණ්ණතාය වදාමි. සෙය්යථාපි භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය. ඉදමස්ස සුඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි තං භික්ඛවෙ, කාසිකං වත්ථං සුඛසම්ඵස්සං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන සො පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං මහග්ඝං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, එපරිදි ම නවකවූත් මහණ සිල්වත් වේ ද, කලණ සැහැවි ඇතියේ වේ ද, මෙය ඔහුගේ සුවර්ණතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි කසීවත් පැහැ සටහන් ඇතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්ඝරාත්රයෙහි හිත පිණිස සුඛ පිණිස වෙයි. මෙය ඔහුගේ සුඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත සුඛස්පර්ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මහැඟි බැව්හි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මහැඟි වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මජ්ඣිමො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති -පෙ- ථෙරො චෙපි භික්ඛවෙ, භික්ඛු හොති සීලවා කල්යාණධම්මො, ඉදමස්ස සුවණ්ණතාය වදාමි. සෙය්යථාපි තං භික්ඛවෙ කාසිකං වත්ථං වණ්ණවන්තං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්සු සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය. ඉදමස්ස සුඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි තං භික්ඛවෙ, කාසිකං වත්ථං සුඛසම්ඵස්සං, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන සො පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං මහග්ඝං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, මධ්‍යම වූත් මහණ සිල්වත් වේ ද ... මහණෙනි, ස්ථවිර වූත් මහණ සිල්වත් වේ ද, කලණ දහම් ඇතියේ වේ ද, මෙය ඔහුගේ සුවර්ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත වර්ණවත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්ඝරාත්රයෙහි හිත පිණිස සුඛ පිණිස වෙයි. මෙය ඔහුගේ සුඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත සුඛස්පර්ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මහැඟිබව්හි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මහැඟි වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
එවරූපො චායං භික්ඛවෙ, ථෙරො භික්ඛු සඞ්ඝමජ්ඣෙ භණති. තමෙනං භික්ඛූ එවමාහංසු : අප්පසද්දා ආයස්මන්තො හොථ, ථෙරො භික්ඛු ධම්මඤ්ච විනයඤ්ච භණතීති.
මහණෙනි, මෙබඳු වූ ස්ථවිර මහණ සඟමැද බෙණේ ද, ඔහු නිසා (එහි සෙසු) භික්ෂූහු භික්ෂූන්ට මෙසේ කියති. “ඇවැත්නි, නිහඬ වව. ස්ථවිර මහණ දහමක් විනයක් බෙණේ” යි කියා යි.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං : ‘කාසිකවත්ථූපමා භවිස්සාම, න පොත්ථකූපමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “කසීවත් බඳු වම්හ. වාකමය වස්ත්‍ර බන්දමෝ නො වම්හ” යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.