යෙදුමෙන් කියවන්න

3. 2. 5. 9

3. 2. 5. 9.

3. 2. 5. 9.

50. යො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථායං පුරිසො කම‍්මං කරොති, තථා තථා තං පටිසංවෙදියතීති, එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො න හොති. ඔකාසො න පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියාය .

50. මහණෙනි, යමෙක් “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ම ය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, එසේවත් ම බ්‍රහ්මචර්‍ය්‍යවාසය (කර්‍මක්‍ෂයකර) නො වෙයි. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් නො පැණේ,

යො ච ඛො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථා වෙදනීයං අයං පුරිසො කම‍්මං කරොති, තථා තථාස‍්ස විපාකං පටිසංවෙදියතීති. එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො හොති, ඔකාසො පඤ‍්ඤායති සම‍්මාදුක‍්ඛස‍්ස අන‍්තකිරියාය.

මහණෙනි, වැලි යමෙක් “යම් යම් අයුරෙකින් මේ පුරුෂ (විපාකවාර විසින්) වින්ද යුතු වූ කර්‍ම කෙරේ ද, ඒ ඒ අයුරින් ඒ කර්‍මයාගේ විපාක විඳුනේය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකර බ්‍රහ්මචර්‍ය්‍යවාසය වේ. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් පැණේ.

ඉධ භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති. නාණුම‍්පි ඛායති, කිං බහුදෙව.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ වේ ද, ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍රයකුදු විපාක විසින් නො පැණේ. බොහෝ (විපාක දෙයි කියනු) කිම?

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති?

මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවා ද?

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත‍්තො අභාවිතපඤ‍්ඤො පරිත‍්තො අප‍්පාතුමො අප‍්පදුක‍්ඛවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති?

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභාවනා නැතියේ වෙයි. ශීලභාවනා නැතියේ වෙයි. චිත්තභාවනා නැතියේ වෙයි. ප්‍රඥාභාවනා නැතියේ වෙයි. අල්පගුණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්පාත්ම ඇතියේ වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවයි.

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති නාණුම‍්පි ඛායති, කිං බහුදෙව?

මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර විපාකයකුත් නො පැණේ ද? බොහෝ කොට පැණීමෙක් කීම?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤො අපරිත‍්තො මහත‍්තා අප‍්පමාණවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති නාණුම‍්පි ඛායති, කිං බහුදෙව.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ පැණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණකර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නො පැණේ. බොහෝ විපාක කියනු කිම?

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො ලොණඵලං පරිත‍්තෙ උදකමල‍්ලකෙ පක‍්ඛිපෙය්‍ය. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු තං පරිත‍්තං උදකං අමුනා ලොණඵලෙන ලොණං අස‍්ස අප‍්පෙය්‍යාති?

මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් කුඩා දියමලායෙක බහන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ සිතවු ද? දියමලායෙහි වූ ඒ දියත්ත මේ ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?

එවං භන‍්තෙ.

වහන්ස, එසේය.

තං කිස‍්ස හෙතු?

ඒ කවර හෙයින?

අදුං හි භන‍්තෙ, පරිත‍්තං උදකමල‍්ලකෙ උදකං අමුනා ලොණඵලෙන ලොණං අස‍්ස අප‍්පෙය්‍යාති.

වහන්ස, දියමලායෙහි වූ තෙල දියත්ත (අල්ප හෙයින්) තෙල ලුණුකැටයෙන් ලුණුරසට යන්නේ වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො ලොණඵලං ගඞ‍්ගාය නදියා පක‍්ඛිපෙය්‍ය. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු සා ගඞ‍්ගා නදී අමුනා ලොණඵලෙන ලොණං අස‍්ස අප‍්පෙය්‍යාති?

මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් ගඞ්ගානදියෙහි බහන්නේ නම්, ඒ කෙසේ සිතවු ද? මහණෙනි, ඒ ගඞ්ගානදිය තෙල ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නොවන සුලුය.

තං කිස‍්ස හෙතු?

ඒ කවර හෙයින?

අසු හි භන‍්තෙ, ගඞ‍්ගාය නදියා මහා උදකක‍්ඛන්‍ධො. සො අමුනා ලොණඵලෙන ලොණං නෙවස‍්ස අප‍්පෙය්‍යොති.

වහන්ස, ගඞ්ගානදියෙහි වූ තෙල මහදියකඳෙක් වේ ද, ඒ දිය කඳ තෙල ලුණුකැට යෙන් ලුණුරසට නො පැමිණෙන්නේ ම ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති, කිං බහුදෙව. (1)

මහණෙනි, එ පරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයකුදු නො පැණේ. බොහෝ කොට ම නො පැණේ ම ය. (1)

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං, තමෙනං නිරයං උපනෙති?

මහණෙනි, කෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත‍්තො අභාවිතපඤ‍්ඤො පරිත‍්තො අප‍්පාතුමො අප‍්පදුක‍්ඛවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපකම‍්මං කතං, තමෙනං නිරයං උපනෙති.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නො වැඩූ කය ඇතියේ වෙයි. නො වැඩූ සිල් ඇතියේ වෙයි. නො වැඩූ සිත් ඇතියේ වෙයි. නො වැඩූ පැණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යන්නේය.

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති, කිං බහුදෙව?

මහණෙනි, කෙබඳු වූ පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නො පැණේ ද, බොහෝ කොට නො පැණෙන්නේ ම වේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤො අපරිත‍්තො මහත‍්තා අප‍්පමාණවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති. කිං බහුදෙව.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් භාවිතකාය වෙයි. භාවිතශීල වෙයි. භාවිතචිත්ත වෙයි. භාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අනල්ප වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ. බොහෝ කොට නො පැණෙන්නේ ම වෙයි.

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අද‍්ධකහාපණෙනපි බන්‍ධනං නිගච‍්ඡති. කහාපණෙනපි බන්‍ධනං නිගච‍්ඡති. කහාපණසතෙනපි බන්‍ධනං නිගච‍්ඡති. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො අද‍්ධකහාපණෙනපි න බන්‍ධනං නිගච‍්ඡති. කහාපණෙනපි න බන්‍ධනං නිගච‍්ඡති. කහාපණසතෙනපි න බන්‍ධනං නිගච‍්ඡති.

මහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. මහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි . කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි.

කථංරූපො භික‍්ඛවෙ, අද‍්ධකහාපණෙනපි බන්‍ධනං නිගච‍්ඡති, කහාපණෙනපි බන්‍ධනං නිගච‍්ඡති, කහාපණසතෙනපි බන්‍ධනං නිගච‍්ඡති?

මහණෙනි, කෙබඳු වූයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට යේ ද, කහවණුයෙනුත් බන්‍ධනයට යේ ද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො දළිද‍්දො හොති අප‍්පස‍්සකො අප‍්පභොගො. එවරූපො භික‍්ඛවෙ, අද‍්ධකහාපණෙනපි බන්‍ධනං නිගච‍්ඡති. කහාපණෙනපි බන්‍ධනං නිගච‍්ඡති. කහාපණ සතෙනපි බන්‍ධනං නිගච‍්ඡති.

මහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වෙයි. අල්පධන වෙයි. අල්පභෝග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා අඩකහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි.

කථංරූපො භික‍්ඛවෙ, අඩ‍්ඪකහාපණෙනපි න බන්‍ධනං නිගච‍්ඡති, කහාපණෙනපි න බන්‍ධනං නිගච‍්ඡති, කහාපණසතෙනපි න බන්‍ධනං නිගච‍්ඡති?

මහණෙනි, කෙබඳු පුද්ගලයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද, කහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අඩ‍්ඪො හොති මහද‍්ධනො මහාභොගො. එවරූපො භික‍්ඛවෙ, අද‍්ධකහාපණෙනපි න බන්‍ධනං නිගච‍්ඡති, කහාපණෙනපි න බන්‍ධනං නිගච‍්ඡති, කහාපණසතෙනපි න බන්‍ධනං නිගච‍්ඡති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං. තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති. නාණුම‍්පි ඛායති. කිං බහුදෙව. (2)

මහණෙනි, මෙ ලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත්ධන වෙයි. මහාභෝග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල අඩකහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙක් ද නො පැණෙයි. බොහෝ විපාක නො පැණෙන්නේ ම ය. (2)

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති?

මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවන්නේ වේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත‍්තො අභාවිතපඤ‍්ඤො පරිත‍්තො අප‍්පාතුමො අප‍්පදුක‍්ඛවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි අභාවිතචිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පතම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති, කිං බහුදෙව?

මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ ද, බොහෝ විපාක නො පැණෙන්නේ ම වේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤො අපරිත‍්තො මහත‍්තා අප‍්පමාණවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති, කිං බහුදෙව.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ ප්‍රඥා ඇතියේ වෙයි. ගුණ විසින් අනල්ප වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍රවූත් විපාකයෙක් නො පැණේ. බොහෝ විපාක නො පැණෙන්නේ ම වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ඔරබ‍්භිකො වා උරබ‍්භඝාතකො වා අප‍්පෙකච‍්චං උරබ‍්භං අදින‍්නං ආදියමානං පහොති හන‍්තුං වා බන්‍ධිතුං වා ජාපෙතුං වා යථාපච‍්චයං වා කාතුං, අප‍්පෙකච‍්චං උරබ‍්භං අදින‍්නං ආදියමානං නප‍්පහොති හන‍්තුං වා බන්‍ධිතුං වා ජාපෙතුං වා යථාපච‍්චයං වා කාතුං.

මහණෙනි, යම් සේ තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නො දුන් තිරෙළුවකු පැහැරගන්නා කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වෙයි. නුදුන්නා වූ තිරෙළුවකු පැහැරගන්නා වූ කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වෙයි.

කථංරූපො භික‍්ඛවෙ, ඔරබ‍්භිකො වා උරබ‍්භඝාතකො වා උරබ‍්භං අදින‍්නං ආදියමානං පහොති හන‍්තුං වා බන්‍ධිතුං වා ජාපෙතුං වා යථාපච‍්චයං වා කාතුං?

මහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නා වූ තිරෙළුවකු පැහැරගන්නා වූ කෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො දළිද‍්දො හොති අප‍්පස‍්සකො අප‍්පභොගො. එවරූපො භික‍්ඛවෙ, ඔරබ‍්භිකො වා උරබ‍්භඝාතකො වා උරබ‍්භං අදින‍්නං ආදියමානං පහොති හන‍්තුං වා බන්‍ධිතුං වා ජාපෙතුං වා යථාපච‍්චයං වා කාතුං.

මහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වේ. අල්පධන වේ. අල්ප භොග වේ. මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නා වූ තිරෙළුවකු ගන්නා වූ මෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වෙයි.

කථංරූපං භික‍්ඛවෙ, ඔරබ‍්භිකො වා උරබ‍්භඝාතකො වා උරබ‍්භං අදින‍්නං ආදියමානං නප‍්පහොති හන‍්තුං වා බන්‍ධිතුං වා ජාපෙතුං වා යථාපච‍්චයං වා කාතුං?

මහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නුදුන් තිරෙළුවකු ගන්නා කෙබඳුවකු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අඩ‍්ඪො හොති මහද‍්ධනො මහාභොගො රාජා වා රාජමහාමත‍්තො වා. එවරූපං භික‍්ඛවෙ, ඔරබ‍්භිකො වා උරබ‍්භඝාතකො වා උරබ‍්භං අදින‍්නං ආදියමානං නප‍්පහොති හන‍්තුං වා බන්‍ධිතුං වා ජාපෙතුං වා යථාපච‍්චයං වා කාතුං. අඤ‍්ඤදත්‍ථු පඤ‍්ජලිකො ව නං යාචති : දෙහි මෙ මාරිස, උරබ‍්භං වා උරබ‍්භධනං වාති.

මහණෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත්ධන වෙයි. මහා භෝග වෙයි. රජ හෝ රාජමහාමාත්‍ර හෝ වෙයි. මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ මෙබඳු වූ නුදුන් තිරෙළුවකු ගන්නහු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වෙයි. ඒකාන්තයෙන් බදැඳිලිව “නිදුකාණෙනි, මාගේ තිරෙළුවා හෝ තිරෙළු ධනය හෝ දෙව” යි ඔහු අතින් ඉල්ලයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති, කිං බහුදෙව.

මහණෙනි, එපරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ, තෙල පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ. බහුවිපාක කිම දෙන්නේ වේ ද?

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති?

මහණෙනි, කෙබඳු වූ පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවා ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත‍්තො අභාවිතපඤ‍්ඤො පරිත‍්තො අප‍්පාතුමො අප‍්පදුක‍්ඛවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස අප‍්පමත‍්තකම‍්පි පාපං කම‍්මං කතං තමෙනං නිරයං උපනෙති.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි. අභාවිත චිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.

කථංරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති, කිං බහුදෙව.

මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ ද, බොහෝ විපාක නො පැණෙන්නේ ම වේ ද?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො භාවිතකායො හොති -පෙ- අපරිත‍්තො මහත‍්තා අප‍්පමාණවිහාරී. එවරූපස‍්ස භික‍්ඛවෙ, පුග‍්ගලස‍්ස තාදිසඤ‍්ඤෙව අප‍්පමත‍්තකං පාපං කම‍්මං කතං, දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, නාණුම‍්පි ඛායති, කිං බහුදෙව. (3)

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. ... ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙ බඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙක් ද නො පැණේ. බොහෝ විපාක නො පැණෙන්නේ ම වෙයි. (3)

යො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථායං පුරිසො කම‍්මං කරොති, තථා තථා තං පටිසංවෙදියතීති. එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො න හොති, ඔකාසො න පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියාය.

මහණෙනි, “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් එය විපාක විසින් විඳුනේමය” යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙක් නම් නො වේ. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් නො පැණේ.

යො ච ඛො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථා වෙදනීයං අයං පුරිසො කම‍්මං කරොති, තථා තථා අස‍්ස විපාකං පටිසංවෙදියතීති. එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො හොති, ඔකාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති.

මහණෙනි, “යම් යම් ආකාරයෙකින් වේදනීය කර්‍මයක් මේ පුරුෂ කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ය”යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසය වෙයි. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් පැණේ.