3. 2. 5. 10
3. 2. 5. 10.
3. 2. 5. 10.
51. සන‍්ති භික‍්ඛවෙ, ජාතරූපස‍්ස ඔළාරිකා උපක‍්කිලෙසා : පංසු වාලිකා සක‍්ඛරකඨලා. තමෙනං පංසුධොවකො වා පංසුධොවකන‍්තෙවාසී වා දොණියං ආකිරිත්‍වා ධොවති සන්‍ධොවති නිද‍්ධොවති. තස‍්මිං පහීනෙ තස‍්මිං ව්‍යන‍්තීකතෙ සන‍්ති ජාතරූපස‍්ස මජ‍්ඣිමසහගතා උපක‍්කිලෙසා : සුඛුමසක‍්ඛරා ථූලවාලිකා. තමෙනං පංසුධොවකො වා පංසුධොවකන‍්තෙවාසී වා ධොවති සන්‍ධොවති නිද‍්ධොවති. තස‍්මිං පහීනෙ තස‍්මිං ව්‍යන‍්තීකතෙ සන‍්ති ජාතරූපස‍්ස සුඛුමසහගතා උපක‍්කිලෙසා : සුඛුමවාලිකා කාළජල‍්ලිකා. තමෙනං පංසුධොවකො වා පංසුධොවකන‍්තෙවාසී වා ධොවති සන්‍ධොවති නිද‍්ධොවති. තස‍්මිං පහීනෙ තස‍්මිං ව්‍යන‍්තීකතෙ අථාපරං සුවණ‍්ණසිකතාවසිස‍්සන‍්ති. තමෙනං සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා තං ජාතරූපං මූසාය පක‍්ඛිපිත්‍වා ධමති සන්‍ධමති නිද‍්ධමති. තං හොති ජාතරූපං ධන‍්තං සන්‍ධන‍්තං නිද‍්ධන‍්තං, අනිහිතං අනික‍්ඛිත‍්තකසාවං, න චෙව මුදු හොති න ච කම‍්මනියං න ච පභස‍්සරං පභඞ‍්ගු ච, න ච සම‍්මා උපෙති කම‍්මාය.
51. මහණෙනි, ජාතරූපයා (රන්හු) ගේ පස් හා වැලිය, සකුරු හා කැබිලිති යයි ඕළාරික උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පස්දෝනේ හෝ පස් දෝනහුගේ අතවැසියෙක් හෝ දෙණෙහි විසුරුවා දෝනේය. මොනොවට දෝනේය. නිගෙණ දෝනේය. ඒ උපක්ලේශ ප්‍රහත වත් මැ ඒ උපක්ලේශ වාන්ත කොට ලත්මැ රන්හුගේ සියුම් සකුරුය, දළ වැලිය යි මධ්‍යම සහගතඋපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සලයි. මොනොවට සලයි, පෙළාගෙණ සලයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගත කොට ලත් ම රන්හුගේ සියුම් වැලිය, කළු දැලිය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇත. ඒ උපක්ලේශ පාංශුධාවක හෝ පාංශුධාවකයා අතවැසියෙක් හෝ සෝදයි. මොනොවට සෝදයි, පෙළාගෙණ සෝදයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ බැහැර කොට ලත් ම යලි රන්වැලි ඉතිරි වෙයි. රන්කරු හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කබලෙහි බහා පිඹියි. මොනවට පිඹියි. පෙළාගෙණ පිඹියි. පිඹ මල හළ, මොනවට පිඹ මල හළ, නිගෙණ පිඹ මල හළ, විචාරකොට නොතැබූ, නොහළ කසට ඇති, ඒ රන මෘදුත් නො වෙයි. කර්‍මණ්‍යත් නො වෙයි. ප්‍රභාස්වරත් නො වෙයි. බිඳෙන සුලුත් වෙයි. කර්‍මාන්තයට මොනොවට නො වැදෙයි.
හොති සො භික‍්ඛවෙ, සමයො යං සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා තං ජාතරූපං ධමති සන්‍ධමති නිද‍්ධමති. තං හොති ජාතරූපං ධන‍්තං සන්‍ධන‍්තං නිද‍්ධන‍්තං නිහිතං නික‍්ඛිත‍්තකසාවං, මුදු ච හොති කම‍්මඤ‍්ඤඤ‍්ච පභස‍්සරඤ‍්ච, න ච පභඞ‍්ගු, සම‍්මා උපෙති කම‍්මාය. යස‍්සා යස‍්සා ච පිලන්‍ධනවිකතියා ආකඞ‍්ඛති : යදි පට‍්ටකාය යදි කුණ‍්ඩලාය යදි ගීවෙය්‍යකෙ යදි සුවණ‍්ණමාලාය තඤ‍්චස‍්ස අත්‍ථං අනුභොති.
මහණෙනි, යම් හෙයෙකින් ඒ ස්වර්‍ණකාරයා හෝ ස්වර්‍ණකාර අතැවැසියා හෝ ඒ රත පිඹ මල හරනේ ද, මොනොවට පිඹ මල හරනේ ද, නිගෙණ පිඹ මල හරනේ ද, එබඳු කලෙක් වෙයි. පිඹ මල හළ, මොනොවට පිඹ මල හළ, නිගෙණ පිඹ කසකළ මල ඇති, ශුඩ කොට බහා තැබූ, හළ කසට ඇති, ඒ රනෙක් වේ ද, ඒ මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. කර්‍මාන්තයට ද මොනොවට වැදෙයි. රන්පටට වේවයි, කොඬොලට වේවයි, ග්‍රීචාලඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිළන්‍ධනවිකෘතියකට කැමති වේ ද ඒ අර්‍ත්‍ථය ද වළඳ කෙරේ.
එවමෙව ඛො භික‍්ඛවෙ, සන‍්ති අධිචිත‍්තමනුයුත‍්තස‍්ස භික‍්ඛුනො ඔළාරිකා උපක‍්කිලෙසා : කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං. තමෙනං සචෙතසො භික‍්ඛු දබ‍්බජාතිකො පජහති විනොදෙති ව්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. තස‍්මිං පහීනෙ තස‍්මිං ව්‍යන‍්තීකතෙ සන‍්ති අධිචිත‍්තමනුයුත‍්තස‍්ස භික‍්ඛුනො මජ‍්ඣිමසහගතා උපක‍්කිලෙසා : කාමවිතක‍්කො ව්‍යාපාදවිතක‍්කො විහිංසාවිතක‍්කො. තමෙනං සචෙතසො භික‍්ඛු දබ‍්බජාතිකො පජහති විනොදෙති ව්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. තස‍්මිං පහීනෙ තස‍්මිං ව්‍යන‍්තීකතෙ සන‍්ති අධිචිත‍්තමනුයුත‍්තස‍්ස භික‍්ඛුනො සුඛුමසහගතා උපක‍්කිලෙසා : ඤාතිවිතක‍්කො ජනපදවිතක‍්කො අනුවිඤ‍්ඤත‍්තිපටිසඤ‍්ඤුත‍්තො විතක‍්කො, තමෙනං සචෙතසො භික‍්ඛු දබ‍්බජාතිකො පජහති විනොදෙති ව්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. තස‍්මිං පහීනෙ තස‍්මිං ව්‍යන‍්තීකතෙ අථාපරං ධම‍්මවිතක‍්කාවසිස‍්සන‍්ති. සො හොති සමාධි න චෙව සන‍්තො න ච පණීතො නපටිප‍්පස‍්සද‍්ධිලද‍්ධො න එකොදිභාවාධිගතො, සසඞ‍්ඛාරනිග‍්ගය‍්හවාරිතවතො.
මහණෙනි, එපරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහුගේ කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යි ඕළාරික උපක්ලේශයෝ ඇද්ද, චිත්ත සම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ එය දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කරත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට කාමවිතර්‍කය ව්‍යාපාදවිතර්‍කය විහිංසා විතර්‍කය යි මධ්‍යමසහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න වූ පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ අනභාවයට පමුණුවයි. ඒ ප්‍රහත වත් ම ඒ විගතාන්ත කොට ලත් ම අධිචිත්තයෙහි යෙදුනු මහණහට ඥාතිවිතර්‍කය ජනපදවිතර්‍කය අනුවිඥප්තිප්‍රතිසංයුක්ත විතර්‍කය යි සූක්‍ෂම සහගත උපක්ලේශයෝ ඇද්ද, ඒ උපක්ලේශ චිත්තසම්පන්න පණ්ඩිතස්වභාව ඇති මහණ දුරු කෙරේ. විනෝදනා කෙරේ. විගතාන්ත කෙරේ. අනභාවයට පමුණුවයි. ඒ උපක්ලේශ ප්‍රහත වත් ම ඒ උපක්ලේශ විගතාන්ත කොට ලත් ම ඉන් මතුයෙහි ධර්‍මවිතර්‍කයෝ (දශවිදර්‍ශනෝපක්ලේශවිතර්‍ක) ඉතිරි වෙති. ඒ (අවශිෂ්ට ධර්‍මවිතර්‍ක) විදර්‍ශනාසමාධිය (නොසන්හුන් කෙලෙස් ඇති බැවින්) අශාන්ත වෙයි. ප්‍රණීත නො ද වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් නොලද්දේ වෙයි. එකඟ බවට නො පැමිණියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් උපන්නේ වෙයි.
හොති සො භික‍්ඛවෙ, සමයො, යං තං චිත‍්තං අජ‍්ඣත‍්තඤ‍්ඤෙව සන‍්තිට‍්ඨති, සන‍්නිසීදති, එකොදි හොති, සමාධියති. සො හොති සමාධි සන‍්තො පණීතො පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධො එකොදිභාවාධිගතො, න සසංඛාරනිග‍්ගය‍්හවාරිතවතො. යස‍්ස යස‍්ස ච අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති අභිඤ‍්ඤා සච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සතිආයතනෙ.
මහණෙනි, යම් කලෙක ඒ සිත අධ්‍යාත්මයෙහි ම බැස සිටුනේ ද, බැස හිඳුනේ ද, එකඟ වේ ද, සමාධිගත වේ ද, එබඳු කලෙක් වෙයි. ඒ සමාධිය ශාන්ත වෙයි. ප්‍රණීත වෙයි. කෙලෙස් සන්හිඳුවීමෙන් ලදුයේ වෙයි. එකඟ බවට ගියේ වෙයි. සප්‍රයෝගයෙන් කෙලෙස් නිගෙණීමෙන් ලදුයේ නො වෙයි. විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කළයුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද පූර්‍වහේතු හා අභිඥාපාදකධ්‍යානාදි ආයතන (සාධන) ඇති ඇතිවත් ම ඒ ඒ සිදධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.
සො සචෙ ආකඞ‍්ඛති “අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවෙය්‍යං : එකොපි හුත්‍වා බහුධා අස‍්සං, බහුධාපි හුත්‍වා එකො අස‍්සං, ආවිභාවං, තිරොභාවං, තිරොකුඩ‍්ඩං, තිරොපාකාරං, තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡෙය්‍යං, සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරෙය්‍යං, සෙය්‍යථාපි උදකෙ, උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡෙය්‍යං, සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමෙය්‍යං, සෙය්‍යථාපි පක‍්ඛී සකුණො, ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසෙය්‍යං පරිමජ‍්ජෙය්‍යං, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙය්‍යන‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සතිආයතනෙ.
ඉදින් හේ “බහුප්‍රකාර ඍද්‍ධිප්‍රභේද වළඳම්ව යි, පියෙවින් එකක් ව බහුප්‍රකාර වෙම්ව යි, බහුප්‍රකාරව ද එකෙකිම් වෙම්ව යි, ආවිර්භාවයට තිරොභාවයට භිත්තිපාරයට (භිත්තියෙන් ඔබ්බට) ප්‍රාකාරපාරයට පර්‍වතපාරයට අහසෙහි ගෙන යනුවන් සෙයින් නො ගැටෙමින් යෙම්ව යි, දියෙහි සෙයින් පොළොවෙහිත් උන්මජ්ජන නිමජ්ජන කෙරෙම් ව යි, නො බිඳෙන දියෙහිදු පොළොවෙහි සෙයින් යෙම්ව යි, පක්‍ෂිශකුනීන් සෙයින් අහසෙහිත් පලඟින් යෙම්ව යි, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරුහුත් අතින් පිරිමදිම්ව යි, බඹලොව දක්වාත් කයින් විසිය පවත්වම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
සො සචෙ ආකඞ‍්ඛති “දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණෙය්‍යං දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන‍්තිකෙ චා”ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
ඉදින් හෙ “යම් ශබ්ද කෙනෙක් දුරෙහි ඇද්ද සමීපයෙහි හෝ ඇද්ද දිව්‍ය වූත් මානුෂ්‍ය වූත් ඒ උභය ශබ්දයන් මිනිස්කණ ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් අසම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත් ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
සො සචෙ ආකඞ‍්ඛති “පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානෙය්‍යං, සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානෙය්‍යං, වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානෙය්‍යං, සදොසං වා චිත‍්තං -පෙ- වීතදොසං වා චිත‍්තං -පෙ- සමොහං වා චිත‍්තං -පෙ- වීතමොහං වා චිත‍්තං -පෙ- සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං -පෙ- වික‍්ඛිත‍්තං වා චිත‍්තං -පෙ- මහග‍්ගතං වා චිත‍්තං -පෙ- අමහග‍්ගතං වා චිත‍්තං -පෙ- සඋත‍්තරං වා චිත‍්තං -පෙ- අනුත‍්තරං වා චිත‍්තං -පෙ- සමාහිතං වා චිත‍්තං -පෙ- අසමාහිතං වා චිත‍්තං (සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං) -පෙ- විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍යං, අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
ඉදින් හෙ “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිතින් පිරිසිඳ දනිම්ව”යි සරාග වූ හෝ සිත සරාග සිතැ යි දනිම්ව යි, වීතරාග වූ හෝ සිත වීතරාග සිතැ යි දනිම්ව යි, සද්වේෂ වූ හෝ සිත ... වීතද්වේෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත … සඞ්ක්‍ෂිප්ත වූ හෝ සිත ... වික්‍ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... අමහද්ගත වූ හෝ සිත ... සහෝත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... අසමාහිත වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත විමුක්ත සිතැ යි දනිම්ව යි, අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැ යි දනිම්ව” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
සො සචෙ ආකඞ‍්ඛති “අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍යං, සෙය්‍යථිදං : එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො -පෙ- ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි ‘අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ ‘අමුත්‍රාසිං එවන‍්නාමො එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො අමුත්‍ර උපපාදිං, තත්‍රාපාසිං එවන‍්නාමො එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො’ති, ඉති සාකාරං ස උද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
ඉදින් හෙ “අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙම්ව” යි කැමති වේ ද, ඒ කෙසේයැ යත්: “එක් ජාතියකුදු දෙජාතියකුදු තුන් ජාතියකුදු සිවුජාතියකුදු ... සියක් ජාතියකුදු දහසක් ජාතියකුදු සියක් දහසක් ජාතියකුදු අනේකසංවර්‍තවිවර්‍තකල්පයනුදු අනේක විවර්‍තකල්පයනුදු අනේක සංවර්‍තවිවර්‍තකල්පයනුදු ‘අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් වීමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙම් වීමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි යි මෙබඳු අහර ඇතියෙම් වීමි යි , මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු කෙළවර ඇතියෙමි යි, මම එයින් ච්‍යුතව අසෝ තැන උපනිමි යි, එහිදු මෙබඳු නම් ඇතියෙමි යි, මෙබඳු ගෝත්‍ර ඇතියෙමි යි, මෙබඳු වර්‍ණ ඇතියෙමි යි, මෙබඳු ආහාර ඇතියෙමි යි, මෙබඳු සුවදුක් විඳියෙමි යි, මෙබඳු ආයු පිරිහිම් කොට ඇතියෙමි යි, මම ඉන් සැව මෙහි උපනිමි’ යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර වූ පූර්වේනිවාසය සිහි කරන්නෙමි” යි කැමැති වේ නම් ආයතන ඇති ඇතිවත්ම ඒ ඒ සිද්ධියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
සො සචෙ ආකඞ‍්ඛති “දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සෙය්‍යං චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ, සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානෙය්‍යං : ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචී -පෙ- මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ‘ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා’ති, ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සෙය්‍යං චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ, සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
ඉදින් හේ “මිනිසැස ඉක්ම පැවැති විශුද්ධ වූ දිවැසින්, ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද සත්ත්‍වයන් දක්නෙමි යී ද, ‘මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යෝපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාදෘෂ්ටික කර්‍ම සමාදන් වූවාහු වෙයි. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත වූ නිරයට එළඹියාහු වෙතැ’යි කම් වූ පරිදි යන සත්ත්‍වයන් දනිමැ යි ද, ‘මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යෝපවාද නොකරන්නාහු සම්‍යක්දෘෂ්ටික වූවාහු සම්‍යක්දෘෂ්ටිකර්‍ම සමාදන් වන්නාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹියාහුය’යි මෙසේ මිනිසැස ඉක්ම ගිය විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද කම් වූ පරිදි යන සත්ත්‍වයන් දකිම් ව” යි මෙසේ කරුණු ඇති ඇතිවත්ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණෙයි.
සො සචෙ ආකඞ‍්ඛති “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙති.
ඉදින් හෙ “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයා වෙසෙම්ව” යි කැමැති වේ නම් කරුණු ඇති ඇතිවත් ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.