යෙදුමෙන් කියවන්න

3. 2. 5. 11

3. 2. 5. 11.

3. 2. 5. 11.

52. අධිචිත‍්තමනුයුත‍්තෙන භික‍්ඛවෙ, භික‍්ඛුනා තීණි නිමිත‍්තානි කාලෙන කාලං මනසි කාතබ‍්බානි : කාලෙන කාලං සමාධිනිමිත‍්තං මනසිකාතබ‍්බං. කාලෙන කාලං පග‍්ගහනිමිත‍්තං මනසිකාතබ‍්බං, කාලෙන කාලං උපෙක‍්ඛානිමිත‍්තං මනසි කාතබ‍්බං.

52. මහණෙනි, (සමථවිදර්‍ශනාචිත්ත සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කළ සමාධි සඞ්ඛ්‍යාත ඒකාග්‍රතා නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින්කල වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ප්‍රග්‍රහ නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ස්මෘතිමධ්‍යස්ථතා සඞ්ඛ්‍යාත උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.

සචෙ භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු එකන‍්තං සමාධිනිමිත‍්තඤ‍්ඤෙව මනසිකරෙය්‍ය, ඨානං තං චිත‍්තං කොසජ‍්ජාය සංවත‍්තෙය්‍ය.

මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත කුසීතභාවයට වැටෙන්නේ ය යන මෙකරුණ වෙයි.

සචෙ භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු එකන‍්තං පග‍්ගහනිමිත‍්තඤ‍්ඤෙව මනසිකරෙය්‍ය, ඨානං තං චිත‍්තං උද‍්ධච‍්චාය සංවත‍්තෙය්‍ය.

මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්‍රග්‍රහනිමිත්ත ම මෙනෙහි කරන්නේ වේ නම්, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.

සචෙ භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු එකන‍්තං උපෙක‍්ඛානිමිත‍්තඤ‍්ඤෙව මනසිකරෙය්‍ය, ඨානං තං චිත‍්තං න සම‍්මා සමාධියෙථ ආසවානං ඛයාය.

මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්‍ෂානිමිත්ත ම මෙනෙහි කරන්නේ නම්, ඒ සිත ආස්‍රවක්‍ෂය පිණිස මැනැවින් සමාධිගත නොවන්නේය යන මෙ කරුණ වෙයි.

යතො ච ඛො භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු කාලෙන කාලං සමාධිනිමිත‍්තං මනසිකරොති, කාලෙන කාලං පග‍්ගහනිමිත‍්තං මනසිකරොති, කාලෙන කාලං උපෙක‍්ඛානිමිත‍්තං මනසිකරොති, තං හොති චිත‍්තං මුදුඤ‍්ච කම‍්මඤ‍්ඤඤ‍්ච පභස‍්සරඤ‍්ච, න ච පභඞ‍්ගු, සම‍්මා සමාධියති ආසවානං ඛයාය.

මහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කෙළේ ද, කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙළේ ද ඒ සිත මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නො වෙයි. ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා උක‍්කං බන්‍ධති, උක‍්කං බන්‍ධිත්‍වා උක‍්කාමුඛං ආලිම‍්පෙති, උක‍්කාමුඛං ආලිම‍්පෙත්‍වා සණ‍්ඩාසෙන ජාතරූපං ගහෙත්‍වා උක‍්කාමුඛෙ පක‍්ඛිපිත්‍වා කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප‍්ඵොසෙති, කාලෙන කාලං අජ‍්ඣුපෙක‍්ඛති.

මහණෙනි, යම් පරිදි තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ අඟුරු කබලු බඳී ද, බැඳ කබලුමුව ගිනි ගන්වා ද, කබලුමුව ගිනි අවුලුවා අඬුවෙන් රන් ගෙණ කබලු මුවෙහි බහා කලින් කළ අභිමුඛ කොට ගෙන් පිඹී ද, කලින් කල දියෙන් ඉස්නේ වේ ද, කලින් කල පැසුනු නො පැසුනු බව සොයා ද,

සචෙ භික‍්ඛවෙ, සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා තං ජාතරූපං එකන‍්තං අභිධමෙය්‍ය, ඨානං තං ජාතරූපං ඩහෙය්‍ය.

මහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්ත කොට ඉදිරිකොටගෙන පිඹිනේ නම් ඒ රන දැවෙන්නේය යන මේ කරුණ වෙයි.

සචෙ භික‍්ඛවෙ, සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා තං ජාතරූපං එකන‍්තං උදකෙන පරිප‍්ඵොසෙය්‍ය, ඨානං තං ජාතරූපං නිබ‍්බායෙය්‍ය.

මහණෙනි, ඉදින් රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට දියෙන් ඉස්නේ නම් ඒ රන නිවෙන්නේය යන මෙකරුණ වෙයි.

සචෙ භික‍්ඛවෙ, සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා තං ජාතරූපං එකන‍්තං අජ‍්ඣුපෙක‍්ඛෙය්‍ය, ඨානං තං ජාතරූපං න සම‍්මා පරිපාකං ගච‍්ඡෙය්‍ය.

මහණෙනි, ඉදින් තුලාරෙක් හෝ තුලාර අතවැසියෙක් හෝ ඒ රන ඒකාන්තකොට සොයා බලන්නේ නම් ඒ රන මැනැවින් පරිපාකයට නොයන්නේය යන මෙ කරුණ වෙයි.

යතො ච ඛො භික‍්ඛවෙ, සුවණ‍්ණකාරො වා සුවණ‍්ණකාරන‍්තෙවාසී වා තං ජාතරූපං කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප‍්ඵොසෙති, කාලෙන කාලං අජ‍්ඣුපෙක‍්ඛති, තං හොති ජාතරූපං මුදුඤ‍්ච කම‍්මඤ‍්ඤඤ‍්ච පභස‍්සරඤ‍්ච, න ච පභඞ‍්ගු, සම‍්මා උපෙති කම‍්මාය. යස‍්සා යස‍්සා ච පිලන්‍ධනවිකතියා ආකඞ‍්ඛති : යදි පට‍්ටකාය, යදි කුණ‍්ඩලාය, යදි ගීවෙය්‍යකෙ, යදි සුවණ‍්ණමාලාය තඤ‍්චස‍්සු අත්‍ථං අනුභොති.

මහණෙනි, යම් කලෙක රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ ඒ රන කලින් කල ඉදිරි කොට ගෙන පිඹින්නේ ද කලින් කල දියෙන් ඉස්නේ ද කලින් කල සොයා බලන්නේ ද ඒ රන මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. මැනැවින් කර්‍මාන්තයට වැදෙයි. රන්පට්ට වේවයි, කොඬොලට වේවයි, ග්‍රීවාඞ්කාරයෙහි වේවයි, රන්මලට වේවයි යම් යම් පිලන්‍ධන විකෘතියකට කැමැති වේ ද, ඒ අර්‍ත්‍ථය ද වළඳ කෙරේ.

එවමෙව ඛො භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තෙන භික‍්ඛුනා තීණි නිමිත‍්තානි කාලෙන කාලං මනසිකාතබ‍්බානි. කාලෙන කාලං සමාධිනිමිත‍්තං මනසිකාතබ‍්බං, කාලෙන කාලං පග‍්ගහනිමිත‍්තං මනසිකාතබ‍්බං, කාලෙන කාලං උපෙක‍්ඛානිමිත‍්තං මනසිකාතබ‍්බං.

මහණෙනි, එ පරිදි ම අධිචිත්තයෙහි යෙදුනු මහණහු විසින් කාරණයෝ තුන් දෙනෙක් කලින් කල මෙනෙහි කළ යුත්තාහ: කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කළ යුතුය.

සචෙ භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු එකන‍්තං සමාධිනිමිත‍්තඤ‍්ඤෙව මනසිකරෙය්‍ය, ඨානං තං චිත‍්තං කොසජ‍්ජාය සංවත‍්තෙය්‍ය.

මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට සමාධිනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත කුසීත බවට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.

සචෙ, භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු එකන‍්තං පග‍්ගහනිමිත‍්තඤ‍්ඤෙව මනසිකරෙය්‍ය, ඨානං තං චිත‍්තං උද‍්ධච‍්චාය සංවත‍්තෙය්‍ය.

මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට ප්‍රග්‍රහනිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත උද්ධතභාවයට වැටෙන්නේය යන මෙකරුණ වෙයි.

සචෙ භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු එකන‍්තං උපෙක‍්ඛානිමිත‍්තඤ‍්ඤෙව මනසිකරෙය්‍ය, ඨානං තං චිත‍්තං න සම‍්මා සමාධියෙය්‍ය ආසවානං ඛයාය.

මහණෙනි, ඉදින් අධිචිත්තයෙහි යෙදුනු මහණ ඒකාන්තකොට උපේක්‍ෂානිමිත්ත ම මෙනෙහි කෙරේ ද, ඒ සිත ආස්‍රවයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත නො වන්නේය යන මෙ කරුණ වෙයි.

යතො ච ඛො භික‍්ඛවෙ, අධිචිත‍්තමනුයුත‍්තො භික‍්ඛු කාලෙන කාලං සමාධිනිමිත‍්තං මනසිකරොති, කාලෙන කාලං පග‍්ගහනිමිත‍්තං මනසිකරොති, කාලෙන කාලං උපෙක‍්ඛානිමිත‍්තං මනසිකරොති, තං හොති චිත‍්තං මුදුඤ‍්ච කම‍්මඤ‍්ඤඤ‍්ච පභස‍්සරඤ‍්ච න ච පභඞ‍්ගු, සම‍්මා සමාධියති ආසවානං ඛයාය. යස‍්ස යස‍්ස ච අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති. අභිඤ‍්ඤාසච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

මහණෙනි, යම් කලෙක අධිචිත්තයෙහි යෙදුනු මහණ කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල ප්‍රග්‍රහනිමිත්ත මෙනෙහි කෙරේ ද, කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙරේ ද ඒ සිත මෘදුත් කර්‍මණ්‍යත් වෙයි. ප්‍රභාස්වරත් වෙයි. බිඳෙන සුලුත් නොවෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය පිණිස මැනැවින් සමාධිගත වෙයි. විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කළ යුතු යම් යම් දහමකට සිත නතු කෙරේ ද, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි ලා පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.

සො සචෙ ආකඞ‍්ඛති “අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවෙය්‍යං”න‍්ති -පෙ- [ඡාභිඤ‍්ඤාචිත‍්තං ඤාතබ‍්බං]. [සො සචෙ ආකඞ‍්ඛති] “ආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා] සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සතිආයතනෙති.

ඉදින් ඒ මහණ බහුප්‍රකාර ඍද්ධිප්‍රභේදය වළඳන්නෙම්ව යි ... කැමති වන්නේ නම් [මෙහි පෙය්‍යාල මුඛයෙන් ෂඩභිඥා චිත්තය දතයුතුයි.] ඉදින් ඒ මහණ “ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙම්ව” යි කැමැති වන්නේ නම්, කරුණ ඇති ඇති වත්ම ඒ ඒ කාරියෙහි පසක් කිරීමෙහි භව්‍යතාවට පැමිණේ.

ලොණඵල වග‍්ගො පඤ‍්චමො.

පස්වැනි ලෝණඵල වර්‍ගය යි.

මහාපණ‍්ණාසකො සමත‍්තො දුතියො.

දෙවන මහාපණ්ණාසකය සමාප්තයි.