යෙදුමෙන් කියවන්න

3. 3. 1. 1

3. 3. 1. 1.

3. 3. 1. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි : කො නු ඛො ලොකෙ අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණන‍්ති.

1. මහණෙනි, සම්‍යක් සම්බෝධියෙන් කැල ම චතුස්සත්‍යාවබෝධ නො කළ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: ලෝකයෙහි ආස්වාදය කවරේය, ආදීනව කවරේය, නිස්සරණය කවරේය යි.

තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි : යං ඛො ලොකෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං ලොකෙ අස‍්සාදො. යං ලොකො අනිච‍්චො දුක‍්ඛො විපරිණාමධම‍්මො, අයං ලොකෙ ආදීනවො. යං ලොකෙ ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං ලොකෙ නිස‍්සරණන‍්ති.

මහණෙනි, ඒ මට තෙල සිත් විය: යම් හෙයෙකින් ලෝකයෙහි යමක් නිසා සුඛය හා සෞමනස්‍යය උපදනේ ද, මේ ලෝකයෙහි ආස්වාද යි. යම් හෙයෙකින් ලෝකය අනිත්‍ය වේ ද, දුඃඛ වේ ද, විපරිණාමස්වභාව වේ ද, මේ ලෝකයෙහි ආදීනව යි. යම් හෙයෙකින් ලෝකයෙහි ඡන්‍දරාගයාගේ විනයයෙක් වේ ද, ඡන්‍දරාගයාගේ ප්‍රහාණයෙක් වේ ද, මේ ලෝකයෙහි නිස්සරණ වෙ යි.

යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ, එවං ලොකස‍්ස අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං, නෙව තාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ- සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං.

මහණෙනි, මම යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණ බමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යාප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි ප්‍රතිඥා නොම කෙළෙමි.

යතො ච ඛො අහං භික‍්ඛවෙ, එවං ලොකස‍්ස අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ- සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං.

මහණෙනි, යම් කලෙක මම මෙසේ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, එසඳ මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණ බමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ කෙළෙමි.

ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි : “අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති අයමන‍්තිමා ජාති, නත්‍ථි’දානි පුනබ‍්භවො”ති.

“මාගේ චේතෝවිමුත්තිය අවිකාර්‍ය්‍ය (නිශ්චල) විය. මේ අන්තිමජාති යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) ද මට පහළ විය.