3. 3. 1. 2
3. 3. 1. 2.
3. 3. 1. 2.
2. ලොකස්සාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො ලොකෙ අස්සාදො, තදජ්ඣගමං. යාවතකො ලොකෙ අස්සාදො, පඤ්ඤාය මෙ එසො සුදිට්ඨො. ලොකස්සාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො ලොකෙ ආදීනවො, තදජ්ඣගමං. යාවතකො ලොකෙ ආදීනවො, පඤ්ඤාය මෙ එසො සුදිට්ඨො. ලොකස්සාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං ලොකෙ නිස්සරණං, තදජ්ඣගමං. යාවතකං ලොකෙ නිස්සරණං, පඤ්ඤාය මෙ එතං සුදිට්ඨං.
2. මහණෙනි, මම ලෝකයාගේ ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආස්වාදයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආස්වාදයෙක් ඇද්ද, මා විසින් තෙල ආස්වාදය ප්‍රඥායෙන් දක්නාලදි. මහණෙනි, මම ලෝකයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් ආදීනවයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ ආදීනවයෙක් ඇද්ද, මා විසින් තෙල ආදීනවය ප්‍රඥායෙන් දක්නා ලදී. මහණෙනි, මම ලෝකයාගේ නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. ලෝකයෙහි යම් නිස්සරණයෙක් ඇද්ද, එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම් පමණ නිස්සරණයෙක් ඇද්ද, මා විසින් තෙල නිස්සරණය ප්‍රඥායෙන් දක්නා ලදී.
යාවකීවඤ්චාහං භික්ඛවෙ, ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං න අබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ-සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං.
මහණෙනි, මම යම් තාක් කල් ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දතිම් ද, මහණෙනි, ඒ තාක් කල් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණබමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ සත්ත්‍වාඛ්‍යාප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ නොම කෙළෙමි.
යතො ච ඛො අහං භික්ඛවෙ, ලොකස්ස අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ - සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං.
මහණෙනි, මම යම් කලෙක මම ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දතිම් ද, එසඳ මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි - මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි ‘අනුත්තරසම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි පිළිණ කෙළෙමි.
ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි : “අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවො”ති.
“මාගේ චේතෝවිමුත්තිය අකෝප්‍ය විය. මේ අන්තිම ජාති යි. දැන් පුනර්භවයෙක් නැතැ” යි මට ප්රත්යවේක්ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්ශනය ද පහළ විය.