3. 3. 1. 3
3. 3. 1. 3.
3. 3. 1. 3.
3. නො චෙදං භික‍්ඛවෙ, ලොකෙ අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා ලොකෙ සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ලොකෙ අස‍්සාදො, තස‍්මා සත‍්තා ලොකෙ සාරජ‍්ජන‍්ති.
3. මහණෙනි, ඉදින් ලෝකයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් ලෝකයෙහි සත්ත්‍වයෝ ඇලෙති.
නො චෙදං භික‍්ඛවෙ, ලොකෙ ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා ලොකෙ නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ලොකෙ ආදීනවො, තස‍්මා සත‍්තා ලොකෙ නිබ‍්බින්‍දන‍්ති.
මහණෙනි, ඉදින් ලෝකයෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො කලකිරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ කලකිරෙති.
නො චෙදං භික‍්ඛවෙ, ලොකෙ නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා ලොකම‍්හා නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි ලොකෙ නිස‍්සරණං, තස‍්මා සත‍්තා ලොකම‍්හා නිස‍්සරන‍්ති.
මහණෙනි, ඉදින් ලෝකයෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නිස්සරණ නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ලෝකයෙන් නිස්සරණ කෙරෙති.
යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, සත‍්තා ලොකස‍්ස අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං න අබ‍්භඤ‍්ඤාසුං, නෙව තාව භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා-සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය නිස‍්සටා විසඤ‍්ඤුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදීකතෙන චෙතසා විහරිංසු.
මහණෙනි, යම් තාක් කල් සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දත්හු ද, මහණෙනි, ඒ තාක් සත්ත්‍වයෝ මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙන් - මහණ බමුණන් සහිත දේව - මනුෂ්‍යයන් සහිත ප්‍රජාව කෙරෙහි නිසෘෂ්ට නො වූ හ. විසංයුක්ත නො වූ හ. විප්‍රමුක්ත නො වූ හ. බුන් මියර ඇති (මිදුනු) සිතින් නො විසූහ.
යතො ච ඛො භික‍්ඛවෙ, සත‍්තා ලොකස‍්ස අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසුං, අථ භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා-සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය නිස‍්සටා විසඤ‍්ඤුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදීකතෙන චෙතසා විහරන‍්තීති.
මහණෙනි, යම් කලෙක සිට සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දත්හු ද, මහණෙනි, එ කල සිට සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා කෙරෙන් - මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බුන් මියර ඇති සිතින් වෙසෙත්.