යෙදුමෙන් කියවන්න

3. 3. 1. 4

3. 3. 1. 4.

3. 3. 1. 4.

4. යෙ කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ලොකස‍්ස අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නප‍්පජානන‍්ති, න මෙ තෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා, බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා, න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

4. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මා විසින් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයහ යි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයහ යි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහමණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන නො වෙසෙත්.

යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ලොකස‍්ස අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං පජානන‍්ති, තෙ ඛො භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා. බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා. තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි හෝ ශ්‍රමණයහ හි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ බ්‍රාහ්මණයහ යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙත්.