යෙදුමෙන් කියවන්න

3. 3. 1. 7

3. 3. 1. 7.

3. 3. 1. 7.

7. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච :

7. එකල අනේපිඬු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් අනේපිඬු ගෙහෙවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

චිත‍්තෙ ගහපති, අරක‍්ඛිතෙ කායකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති. වචීකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති, මනොකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති.

ගෙහෙවිය, සිත නොරක්නා ලද කල්හි කායකර්‍මය ද නොරැකුනේ වෙයි. වාක්කර්‍මය ද නොරැකුනේ වෙයි. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි.

තස‍්ස අරක‍්ඛිතකායකම‍්මන‍්තස‍්ස අරක‍්ඛිතවචීකම‍්මන‍්තස‍්ස අරක‍්ඛිතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි අවස‍්සුතං හොති. වචීකම‍්මම‍්පි අවස‍්සුතං හොති. මනොකම‍්මම‍්පි අවස‍්සුතං හොති. තස‍්ස අවස‍්සුතකායකම‍්මන‍්තස‍්ස අවස‍්සුතවචීකම‍්මන‍්තස‍්ස අවස‍්සුතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි පූතියං හොති. වචීකම‍්මම‍්පි පූතියං හොති. මනොකම‍්මම‍්පි පූතියං හොති. තස‍්ස පූතිකායකම‍්මන‍්තස‍්ස පූතිවචීකම‍්මන‍්තස‍්ස පූතිමනොකම‍්මන‍්තස‍්ස න භද‍්දකං මරණං හොති. න භද‍්දිකා කාලකිරියා.

නොරැකුනු කායකර්‍මාන්ත ඇති, නොරැකුනු වාක්කර්‍මාන්ත ඇති, නොරැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද කෙලෙසින් තෙත් වූයේ වෙයි. තෙත් වූ කායකර්‍මාන්ත ඇති, තෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද අපවිත්‍ර වෙයි. වාක්කර්‍මය ද අපවිත්‍ර වෙයි. මනඃකර්‍මය ද අපවිත්‍ර වෙයි. අපවිත්‍ර වූ කායකර්‍මාන්ත ඇති, අපවිත්‍ර වූ වාක්කර්‍මාන්ත ඇති, අපවිත්‍ර වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නො වේ. කාලක්‍රියාව භද්‍රිකා නො වෙයි.

සෙය්‍යථාපි ගහපති කූටාගාරෙ දුච‍්ඡන‍්නෙ කූටම‍්පි අරක‍්ඛිතං හොති. ගොපානසියොපි අරක‍්ඛිතා හොන‍්ති. භිත‍්තිපි අරක‍්ඛිතා හොති. කූටම‍්පි අවස‍්සුතං හොති. ගොපානසියොපි අවස‍්සුතා හොන‍්ති. භිත‍්තිපි අවස‍්සුතා හොති. කූටම‍්පි පූතිකං හොති. ගොපානසියොපි පූතිකා හොන‍්ති. භිත‍්තිපි පූතිකා හොති.

ගෙහෙවිය, යම් පරිදි කුළුගෙයක් දුසෙවු කල්හි කූටයත් නොරැකුනේ වේ ද, ගොනැස්හුත් නොරැකුනාහු වෙත් ද, බිතත් නොරැකුනේ වේ ද, කූටයත් තෙත් වූයේ වේ ද, ගොනැස්හුත් තෙත් වූවාහු වෙත් ද, බිතත් තෙත් වූයේ වේ ද, කූටයත් දිරාපත් වූයේ වේ ද, ගොනැස්හුත් දිරාපත් වූවාහු වෙත් ද, බිතත් දිරාපත් වූයේ වේ ද,

එවමෙව ඛො ගහපති, චිත‍්තෙ අරක‍්ඛිතෙ කායකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති. වචීකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති. මනොකම‍්මම‍්පි අරක‍්ඛිතං හොති. තස‍්ස අරක‍්ඛිතකායකම‍්මන‍්තස‍්ස අරක‍්ඛිතවචීකම‍්මන‍්තස‍්ස අරක‍්ඛිතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි අවස‍්සුතං හොති. වචීකම‍්මම‍්පි අවස‍්සුතං හොති. මනොකම‍්මම‍්පි අවස‍්සුතං හොති. තස‍්ස අවස‍්සුතකායකම‍්මන‍්තස‍්ස අවස‍්සුතවචීකම‍්මන‍්තස‍්ස අවස‍්සුතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි පූතියං හොති. වචීකම‍්මම‍්පි පූතියං හොති. මනොකම‍්මම‍්පි පූතියං හොති. තස‍්ස පූතිකායකම‍්මන‍්තස‍්ස පූතිවචීකම‍්මන‍්තස‍්ස පූතිමනොකම‍්මන‍්තස‍්ස න භද‍්දකං මරණං හොති. න භද‍්දිකා කාලකිරියා.

ගෙහෙවිය, එපරිදි ම සිත නොරැකුනු කල්හි කායකර්‍මය ද නොරැකුනේ වේ. වාක්කර්‍මය ද නොරැකුනේ වේ. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි. නොරැකුනු කායකර්‍මාන්ත ඇති, නොරැකුනු වාක්කර්‍මාන්ත ඇති, නොරැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ වෙයි. තෙත් වූ කායකර්‍මාන්ත ඇති, තෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද අපවිත්‍ර වේ. වාක්කර්‍මය ද අපවිත්‍ර වේ. මනඃකර්‍මය ද අපවිත්‍ර වේ. අපවිත්‍ර කායකර්‍මාන්ත ඇති, අපවිත්‍ර වාක්කර්‍මාන්ත ඇති, අපවිත්‍ර මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවෙයි. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.

චිත‍්තෙ ගහපති රක‍්ඛිතෙ කායකම‍්මම‍්පි රක‍්ඛිතං හොති. වචීකම‍්මම‍්පි රක‍්ඛිතං හොති. මනොකම‍්මම‍්පි රක‍්ඛිතං හොති. තස‍්ස රක‍්ඛිතකායකම‍්මන‍්තස‍්ස රක‍්ඛිතවචීකම‍්මන‍්තස‍්ස රක‍්ඛිතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි අනවස‍්සුතං හොති. වචීකම‍්මම‍්පි අනවස‍්සුතං හොති. මනොකම‍්මම‍්පි අනවස‍්සුතං හොති. තස‍්ස අනවස‍්සුතකායකම‍්මන‍්තස‍්ස අනවස‍්සුතවචීකම‍්මන‍්තස‍්ස අනවස‍්සුතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි අපූතියං හොති. වචීකම‍්මම‍්පි අපූතියං හොති. මනොකම‍්මම‍්පි අපූතියං හොති. තස‍්ස අපූතිකායකම‍්මන‍්තස‍්ස අපූතිවචීකම‍්මන‍්තස‍්ස අපූතිමනොකම‍්මන‍්තස‍්ස භද‍්දකං මරණං හොති. භද‍්දිකා කාලකිරියා.

ගෙහෙවිය, සිත රැකුනු කල්හි කායකර්‍මය ද රැකුනේ වෙයි. වාක්කර්‍මය ද රැකුනේ වෙයි. මනඃකර්‍මය ද රැකුනේ වෙයි. රැකුනු කායකර්‍මාන්ත ඇති, රැකුනු වාක්කර්‍මාන්ත ඇති, රැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. වාක්කර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. මනඃකර්‍මය ද කෙලෙසුන් විසින් තෙත් වූයේ නොවෙයි. තෙත් නොවූ කායකර්‍මාන්ත ඇති, තෙත් නොවූ වාක්කර්‍මාන්ත ඇති, තෙත් නොවූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද පවිත්‍ර වෙයි. වාක්කර්‍මය ද පවිත්‍ර වෙයි. මනඃකර්‍මය ද පවිත්‍ර වෙයි. පවිත්‍ර කායකර්‍මාන්ත ඇති, පවිත්‍ර වාක්කර්‍මාන්ත ඇති, පවිත්‍ර මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාල ක්‍රියාව භද්‍රිකා වෙයි.

සෙය්‍යථාපි ගහපති, කූටාගාරෙ සුච‍්ඡන‍්නෙ කූටම‍්පි රක‍්ඛිතං හොති. ගොපානසියොපි රක‍්ඛිතා හොන‍්ති. භිත‍්තිපි රක‍්ඛිතා හොති. කූටම‍්පි අනවස‍්සුතං හොති. ගොපානසියොපි අනවස‍්සුතා හොන‍්ති. භිත‍්තිපි අනවස‍්සුතා හොති. කූටම‍්පි අපූතිකං හොති. ගොපානසියොපි අපූතිකා හොන‍්ති. භිත‍්තිපි අපූතිකා හොති.

ගෙහෙවිය, යම් පරිදි කුළුගෙයක් මොනොවට සෙවෙනි කළ කල්හි කූටයත් රැකුනේ වේ ද, ගොනැස්හුත් රැකුනාහු වෙත් ද, බිතත් රැකුනේ වේ ද, කූටයත් තෙත් වූයේ නොවේ ද, ගොනැස්හුත් තෙත් වූවාහු නොවෙත් ද, බිතත් තෙත් වූයේ නොවේ ද, කූටයත් නොදිරා ගියේ වේ ද, බිතත් නොදිරා ගියේ වේ ද,

එවමෙව ඛො ගහපති, චිත‍්තෙ රක‍්ඛිතෙ කායකම‍්මම‍්පි රක‍්ඛිතං හොති, වචීකම‍්මම‍්පි රක‍්ඛිතං හොති, මනොකම‍්මම‍්පි රක‍්ඛිතං හොති. තස‍්ස රක‍්ඛිතකායකම‍්මන‍්තස‍්ස, රක‍්ඛිතවචීකම‍්මන‍්තස‍්ස, රක‍්ඛිතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි අනවස‍්සුතං හොති. වචීකම‍්මම‍්පි අනවස‍්සුතං හොති. මනොකම‍්මම‍්පි අනවස‍්සුතං හොති. තස‍්ස අනවස‍්සුතකායකම‍්මන‍්තස‍්ස අනවස‍්සුතවචීකම‍්මන‍්තස‍්ස අනවස‍්සුතමනොකම‍්මන‍්තස‍්ස කායකම‍්මම‍්පි අපූතියං හොති, වචීකම‍්මම‍්පි අපූතියං හොති, මනොකම‍්මම‍්පි අපූතියං හොති. තස‍්ස අපූතිකායකම‍්මන‍්තස‍්ස අපූතිවචීකම‍්මන‍්තස‍්ස අපූතිමනොකම‍්මන‍්තස‍්ස භද‍්දකං මරණං හොති, භද‍්දිකා කාලකිරියාති.

ගෙහෙවිය, එපරිදි ම සිත රැකුනු කල්හි කායකර්‍මයත් රැකුනේ වේ. වාක්කර්‍මයත් රැකුනේ වේ. මනඃකර්‍මයත් රැකුනේ වේ. රැකුනු කායකර්‍මාන්ත ඇති, රැකුනු වාක්කර්‍මාන්ත ඇති, රැකුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද කෙලෙසුන් විසින් නොතෙත් වූයේ වෙයි. වාක්කර්‍මය ද නොතෙත් වූයේ වෙයි. මනඃකර්‍මය ද නොතෙත් වූයේ වෙයි. නොතෙත් වූ කායකර්‍මාන්ත ඇති, නොතෙත් වූ වාක්කර්‍මාන්ත ඇති, නොතෙත් වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ කායකර්‍මය ද පවිත්‍ර වූයේ වෙයි. වාක්කර්‍මය ද, පවිත්‍ර වූයේ වෙයි. මනඃකර්‍මය ද පවිත්‍ර වූයේ වෙයි. පවිත්‍ර වූ කායකර්‍මාන්ත ඇති, පවිත්‍ර වූ වාක්කර්‍මාන්ත ඇති, පවිත්‍ර වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාලක්‍රියාව භද්‍රිකා වේ.