යෙදුමෙන් කියවන්න

3. 3. 3. 4

3. 3. 3. 4.

3. 3. 3. 4.

[කපිලවත්‍ථුනිදානං]

[කිඹුල්වත්නිදාන යි:]

24. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො යෙන කපිලවත්‍ථු තදවසරි. අස‍්සොසි ඛො මහානාමො සක‍්කො භගවා කිර කපිලවත්‍ථුං අනුප‍්පත‍්තොති. අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො මහානාමං සක‍්කං භගවා එතදවොච :

24. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරණ සේක් කිඹුල්වත් නුවර කරා වැඩිසේක්. මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩිසේක් ල යි ඇසී ය. එක්බිති මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි මහානාම සැහැරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

ගච‍්ඡ මහානාම, කපිලවත්‍ථුස‍්මිං, තථාරූපං ආවසථං ජාන යත්‍ථජ‍්ජ මයං එකරත‍්තිං විහරෙය්‍යාමාති. එවං භන‍්තෙති ඛො මහානාමො සක‍්කො භගවතො පටිස‍්සුත්‍වා කපිලවත්‍ථුං පවිසිත්‍වා කෙවලකප‍්පං කපිලවත්‍ථුං අන්‍වාහිණ‍්ඩන‍්තො න අද‍්දස කපිලවත්‍ථුස‍්මිං තථාරූපං ආවසථං යත්‍ථ භගවා එකරත‍්තිං විහරෙය්‍ය.

මහානාමය, යව, අද එකරැයක් අපි යම් තැනෙක වසමෝ ද කිඹුල්වතෙහි එබඳු ආවස්ථයක් දන යි. වහන්ස, එසේය යි මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට පිළිණකොට කිඹුල්වතට වැද මුළු කිඹුල්වත ඔබමොබ ඇවිදුනේ භාග්‍යවතුන් වහන්සේ යම් ආවස්ථයෙක් එක රැයක් වසන සේක් ද එබඳු ආවස්ථයක් කිඹුල්වතෙහි නො දිට.

අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච : නත්‍ථි භන‍්තෙ, කපිලවත්‍ථුස‍්මිං තථාරූපො ආවසථො යත්‍ථජ‍්ජ භගවා එකරත‍්තිං විහරෙය්‍ය. අයං භන‍්තෙ, භරණ‍්ඩුකාලාමො භගවතො පුරාණසබ්‍රහ‍්මචාරී. තස‍්සජ‍්ජ භගවා අස‍්සමෙ එකරත‍්තිං විහරතූති.

එක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේය: වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක එක්රැයක් වසනසේක් ද, එබඳු ආවස්ථයෙක් කිඹුල්වතෙහි නැත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පැරණි සබ්‍රම්සරයා භරණ්ඩුකාලාම තව්සා ඇත. භාග්‍යවතුන් වහන්සේ අද ඔහුගේ අසපුවෙහි එක් රැයක් වසන සේක්වා.

ගච‍්ඡ මහානාම, සන්‍ථරං පඤ‍්ඤාපෙහීති. එවං භන‍්තෙති ඛො මහානාමො සක‍්කො භගවතො පටිස‍්සුත්‍වා යෙන භරණ‍්ඩුස‍්ස කාලාමස‍්ස අස‍්සමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සන්‍ථරං පඤ‍්ඤාපෙත්‍වා උදකං ඨපෙත්‍වා පාදානං ධොවනාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච :

මහානාමය, යව පසතරණක් පන්ව යි. “වහන්ස, එසේය” යි මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භරණ්ඩුකාලාම තව්සාගේ අසපුවට එළඹියේය. එළඹ පසතරණක් පන්වා පා දෝනට දිය එළවා තබා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය.

සන්‍ථතො භන‍්තෙ, සන්‍ථාරො, උදකං ඨපිතං පාදානං ධොවනාය. යස‍්සදානි භන‍්තෙ, භගවා කාලං මඤ‍්ඤතීති.

වහන්ස, පසතරණ ඇතිරින. පාදෝනට දිය එළවා තැබින. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් යම් කිසෙක් ඇද්ද, එයට කල් දන්නේ මැනැවැයි.

අථ ඛො භගවා යෙන භරණ‍්ඩුස‍්ස කාලාමස‍්ස අස‍්සමො, තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා පාදෙ පක‍්ඛාලෙසි.

එක්බිති භාග්‍යවතුන් වහන්සේ භරණ්ඩුකාලාමයාගේ අසපුවට වැඩිසේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ පා දෙවූ සේක.

අථ ඛො මහානාමස‍්ස සක‍්කස‍්ස එතදහොසි : අකාලො ඛො අජ‍්ජ භගවන‍්තං පයිරුපාසිතුං. කිලන‍්තො භගවා. ස‍්වෙදානාහං භගවන‍්තං පයිරුපාසිස‍්සාමීති භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

එක්බිති මහානාම ශාක්‍යයාහට තෙල සිත් වීය: දැන් භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනයට අකාලය. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තයහ. “දැන් මම හෙට භාග්‍යවතුන් වහන්සේ උපාසනය කරමි” යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.

අථ ඛො මහානාමො සක‍්කො තස‍්සා රත‍්තියා අච‍්චයෙන යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො මහානාමං සක‍්කං භගවා එතදවොච :

එක්බිති මහානාම ශාක්‍ය ඒ රැය ඉක්මෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්‍යරජුට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

තයො ඛො මෙ මහානාම, සත්‍ථාරො සන‍්තො සවිජ‍්ජමානා ලොකස‍්මිං.

මහානාමය, ලෝකයෙහි මේ ශාස්තෲහු තුන් දෙනෙක් විද්‍යාමානයහ.

කතමෙ තයො?

කවර තුන් දෙනෙක යත්:

ඉධ මහානාම, එකච‍්චො සත්‍ථා කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. න රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. න වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. ඉධ පන මහානාම, එකච‍්චො සත්‍ථා කාමානං චෙව පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, රූපානං ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, න වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. ඉධ පන මහානාම, එකච‍්චො සත්‍ථා කාමානං ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, රූපානං ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති, වෙදනානං ච පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. ඉමෙ ඛො මහානාම, තයො සත්‍ථාරො සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං.

මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ප්‍රහාණය නො පණවත්. වේදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ද ප්‍රහාණය පණවත්. වේදනාවන්ගේ ප්‍රහාණය නො පණවත්. මහානාමය, මෙලොව කිසි ශාස්තෘ කෙනෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පණවත්. රූපයන්ගේ ද ප්‍රහාණය පණවත්. වේදනාවන්ගේ ද ප්‍රහාණය පණවත්. මහානාමය, මේ ශාස්තෲහු තුන් දෙනා ලෝකයෙහි විද්‍යාමානයහ.

ඉමෙසං මහානාම, තිණ‍්ණං සත්‍ථාරානං එකා නිට‍්ඨා උදාහු පුථු නිට‍්ඨාති.

මහානාමය, මේ තුන් ශාස්තෘවරුන්ගේ නිෂ්ඨාව එකෙක් වේ ද? නොහොත් බොහෝ නිෂ්ඨාවෝ ඇත්ද?

එවං වුත‍්තෙ භරණ‍්ඩුකාලාමො මහානාමං සක‍්කං එතදවොච : එකාති මහානාම, වදෙහීති.

මෙසේ වදාළ කල්හි භරණ්ඩුකාලාම තවුස් මහානාම ශාක්‍යයාට තෙල කිය: “මහානාමය, එකැයි කියව” යි.

එවං වුත‍්තෙ භගවා මහානාමං සක‍්කං එතදවොච : නානාති මහානාම, වදෙහීති.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.

දුතියම‍්පි -පෙ- තතියම‍්පි ඛො භරණ‍්ඩු කාලාමො මහානාමං සක‍්කං එතදවොච : එකාති මහානාම, වදෙහීති. තතියම‍්පි ඛො භගවා මහානාමං සක‍්කං එතදවොච : නානාති මහානාම, වදෙහීති.

දෙවන වටත් ... තුන් වන වටත් භරණ්ඩුකාලාම තව්සා මහානාම ශාක්‍යායාට තෙල කීය. “මහානාම, එකැ යි කියවයි.” තුන්වන වටත් භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට තෙල වදාළහ: “මහානාමය, නානානිෂ්ඨාය කියව” යි.

අථ ඛො භරණ‍්ඩු කාලාමස‍්ස එතදහොසි : ‘මහෙසක‍්ඛස‍්ස වතම‍්හි මහානාමස‍්ස සක‍්කස‍්ස සම‍්මුඛා සමණෙන ගොතමෙන යාවතතියකං අපසාදිතො. යන‍්නූනාහං කපිලවත්‍ථුම‍්හා පක‍්කමෙය්‍යන‍්ති’.

එක්බිති භරණ්ඩුකාලාම තව්සාට මෙසිත් විය: “මහේශාඛ්‍ය මහානාම ශාක්‍යරජුගේ හමියෙහි දී මහණ ගොයුම්හු විසින් තුන්වන වට තෙක් ගරහන ලදුයෙමි. මම කිඹුල්වතින් පැනයෙම් නම් මැනැවැ”යි.

අථ ඛො භරණ‍්ඩු කාලාමො කපිලවත්‍ථුම‍්හා පක‍්කාමි. යං කපිලවත්‍ථුම‍්හා පක‍්කාමි, තථා පක‍්කන‍්තොව අහොසි. න පුන පච‍්චාගඤඡීති.

එක්බිති භරණ්ඩුකාලාම තව්සා කිඹුල්වතින් නික්මින. කිඹුල්වතින් යම් සැටියෙකින් පැන ගියේ ද, එසැටියෙන් ගියේ ම විය. වටාලා නො පැමිණියේ ය.