යෙදුමෙන් කියවන්න

3. 3. 3. 5

3. 3. 3. 5.

3. 3. 3. 5.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

25. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො හත්‍ථකො දෙවපුත‍්තො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතො පුරතො ඨස‍්සාමීති ඔසීදති චෙව සංසීදති ච, න සක‍්කොති සණ‍්ඨාතුං. සෙය්‍යථාපි නාම සප‍්පිං වා තෙලං වා වාලිකාය ආසිත‍්තං ඔසීදති සංසීදති න සණ‍්ඨාති. එවමෙව හත්‍ථකො දෙවපුත‍්තො භගවතො පුරතො ඨස‍්සාමීති ඔසීදති චෙව සංසීදති ච, න සක‍්කොති සණ‍්ඨාතුං.

25. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුඅරම්හි වැඩවසන සේක. එසඳ හත්‍ථක දෙව්පුත් ඉකල් රැය අභිකාන්තචඡ්විවර්‍ණ ඇත්තේ සම්පූර්‍ණ ජේතවනය වටා බුබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ‘එළඹ භාග්‍යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළයි. වැතිරීම් කෙරෙයි. නො සිටියහෙයි. සර්පිස් බින්‍දු හෝ තෛලබින්‍දු හෝ සියුම් වැලි මඬෙක ඉස්නා ලදුයේ ගළනේ වතුරුනේ වේ ද, නො සිටුනේ වේ ද, එපරිදි ම හත්‍ථක දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ පෙරට සිටිමි’ යි ගළනා හා වරුතුනා හා කෙරෙයි. සිටුනට නොහැකි වෙයි.

අථ ඛො භගවා හත්‍ථකං දෙවපුත‍්තං එතදවොච : ඔළාරිකං හත්‍ථක, අත‍්තභාවං අභිනිම‍්මිනාහීති .

එක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක දෙව්පුත්හට තෙල වදාළහ: හත්‍ථකය, ඕළාරික ආත්මභාවයක් මවාලව යි.

එවං භන‍්තෙති ඛො හත්‍ථකො දෙවපුත‍්තො භගවතො පටිස‍්සුත්‍වා ඔළාරිකං අත‍්තභාවං අභිනිම‍්මිනිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො හත්‍ථකං දෙවපුත‍්තං භගවා එතදවොච :

වහන්ස, එසේය යි හත්‍ථක දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඕළාරික ආත්මභාවයක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ සක සා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි හත්‍ථක දෙව්පුත්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

යෙ තෙ හත්‍ථක, ධම‍්මා පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස පවත‍්තිනො අහෙසුං, අපි නු තෙ තෙ ධම‍්මා එතරහි පවත‍්තිනොති?

හත්‍ථකය, පෙර මනුෂ්‍ය වූ තොපට යම් ඒ දහම්හු (හැදෑරීමෙන්) වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හු තොපට දැනුත් වණපොත්ව වැටෙත් ද?.

යෙ ච මෙ භන‍්තෙ, ධම‍්මා පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස පවත‍්තිනො අහෙසුං, තෙ ච මෙ ධම‍්මා එතරහි පවත‍්තිනො. යෙ ච මෙ භන‍්තෙ, ධම‍්මා පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස නප‍්පවත‍්තිනො අහෙසුං, තෙ ච මෙ ධම‍්මා එතරහි පවත‍්තිනො. සෙය්‍යථාපි භන‍්තෙ, භගවා එතරහි ආකිණ‍්ණො විහරති භික‍්ඛූහි භික‍්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි, එවමෙව ඛො අහං භන‍්තෙ, ආකිණ‍්ණො විහරාමි දෙවපුත‍්තෙහි. දූරතොපි භන‍්තෙ, දෙවපුත‍්තා ආගච‍්ඡන‍්ති හත්‍ථකස‍්ස දෙවපුත‍්තස‍්ස සන‍්තිකෙ ධම‍්මං සොස‍්සාමාති. තිණ‍්ණාහං භන‍්තෙ, ධම‍්මානං අතිත‍්තො අප‍්පටිවානො කාලකතො.

වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව වැටුනාහු ද, ඒ දහම්හුත් දැන් මට වණපොත්ව වැටෙති. වහන්ස, යම් ඒ දහම්හු පෙර මනුෂ්‍ය වූ මට වණපොත්ව නොවැටුනාහුද ඒ දහම්හුත් දැන් මට වණපොත්ව ඇත. වහන්ස, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා, රාජ රාජමහාමාත්‍ය, තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් ආකීර්‍ණව වසනසේක් ද, වහන්ස, එපරිදි ම මමත් දේවපුත්‍රයන් විසින් ආකීර්‍ණව වෙසෙමි. වහන්ස, දුරසිට දු “හත්‍ථක දේවපුත්‍රයා වෙත දහම් අසම්හ” යි දෙව්පුත්හු එති. වහන්ස, මම දහම් තුණක් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නො වූයෙම් කලුරිය කෙළෙමි.

කතමෙසං තිණ‍්ණං?

කවර කරුණු තුණක් පිළිබඳවය යත්:

භගවතො අහං භන‍්තෙ, දස‍්සනස‍්ස අතිත‍්තො අප‍්පටිවානො කාලකතො. සද‍්ධම‍්මසවණස‍්සාහං භන‍්තෙ, අතිත‍්තො අප‍්පටිවානො කාලකතො. සඞ‍්ඝස‍්සාහං භන‍්තෙ, උපට‍්ඨානස‍්ස අතිත‍්තො අප‍්පටිවානො කාලකතො. ඉමෙසං ඛො අහං භන‍්තෙ, තිණ‍්ණං ධම‍්මානං අතිත‍්තො අප‍්පටිවානො කාලකතොති.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සද්ධර්‍මශ්‍රවණයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි. වහන්ස, මම සඞ්ඝෝපස්ථානයට අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි. වහන්ස, මම මේ තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් උත්කණ්ඨිත නොවූයෙම් කලුරිය කෙළෙමි යි.

3. නාහං භගවතො දස‍්සනස‍්ස තිත‍්තිමජ‍්ඣගා කුදාචනං, සඞ‍්ඝස‍්ස උපට‍්ඨානස‍්ස සද‍්ධම‍්මසවණස‍්ස ච.

3. මම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය පිළිබඳව කිසිදු කලෙක තෘප්තියට නොගියෙමි. සඟුන් වටනට සද්ධර්‍මශ්‍රවණයට තෘප්ත නොවීමි.

4. අධිසීලෙ සික‍්ඛමානො සද‍්ධම‍්මසවණෙ රතො තිණ‍්ණං ධම‍්මානමතිත‍්තො හත්‍ථකො අවිහං ගතොති.

4. දශශීලයෙහි හික්මෙන්නෙම් සද්ධර්‍මශ්‍රවණයෙහි ඇළුනෙම් තුන් දහමුන් පිළිබඳව අතෘප්ත වූයෙම් හත්‍ථක නම් මම අවිහ බඹලොවට ගියෙමි.