3. 3. 3. 6
3. 3. 3. 6.
3. 3. 3. 6.
[බාරාණසිනිදානං]
[බරණැස්නිදාන යි]
26. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා ගොයොගපිලක්ඛස්මිං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං භික්ඛුං රිත්තාසං බාහිරාසං මුට්ඨස්සතිං අසම්පජානං අසමාහිතං විබ්භන්තචිත්තං පාකතින්ද්රියං. දිස්වා තං භික්ඛුං එතදවොච :
26. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිණ්ඩපාතයට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ගෙරින් විකොටගන්නා තැනෙක වූ පුලිල ගසක් සමීපයෙහි පිඬුපිණිස වඩනා සේක් ධ්‍යානසුඛ නැතියෙන් අල්පාශ වූ, කාමගුණ සුඛවශයෙන් බාහිරාශා ඇති, එයින් ම මුළා සිහි ඇති, සම්ප්‍රඥාන රහිත, සමාහිත නොවූ, විභ්‍රාන්ත සිත් ඇති, නොදැමුනු ඉඳුරන් ඇති මහණක්හු දුටුසේක. ඒ මහණහු දැක තෙල වදාළහ:
භික්ඛු භික්ඛු මා ඛො ත්වං, අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධෙ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති, නාන්වාස්සවිස්සන්තී, ති නෙතං ඨානං විජ්ජතීති.
මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව. මහණ ඉඳුල් කළ, ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහුබැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ.
අථ ඛො සො භික්ඛු භගවතා ඉමිනා ඔවාදෙන ඔවදිතො සංවෙගමාපාදි. අථ ඛො භගවා බාරාණසියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො භික්ඛූ ආමන්තෙසි :
එක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණියේය. එක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළකුනු සේක් භික්ෂූන් ඇමතූ සේක:
ඉදාහං භික්ඛවෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛො අහං භික්ඛවෙ, ගොයොගපිලක්ඛස්මිං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං භික්ඛුං රිත්තාසං බාහිරාසං මුට්ඨස්සතිං අසම්පජානං අසමාහිතං විබ්භන්තචිත්තං පාකතින්ද්රියං. දිස්වා තං භික්ඛුං එතදවොචං :
මහණෙනි, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිඬු පිණිස පිවිසිනිමි. මහණෙනි, මම ගෝයෝගපලක්ෂ මූලයෙහි දී පිඬු පිණිස හැසිරෙන්නෙම් ධ්යානාභාවයෙන් අල්පාශා ඇති, කාමගුණවශයෙන් බාහිරාශා ඇති, මුළා සිහි ඇත, සම්ප්‍රඥාන නැති, සමාධිත නො වූ, විභ්‍රාන්ත සිත් ඇති, ප්රාකෘත ඉන්ද්රිය ඇති එක්තරා මහණක්හු දිටිමි. දැක ඒ මහණහට තෙල බස කීමි:
“භික්ඛු භික්ඛු, මා ඛො ත්වං අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධෙ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති, නෙතං ඨානං විජ්ජතී”ති.
“මහණ, මහණ, තෝ ආත්මය නහමක් ඉඳුල් කරව, මහණ, ඉඳුල් කළ, ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්ධයෙහි තෙත් වූ ඒ ආත්මය කෙලෙස් මැස්සෝ නැගී ලුහු නො බඳිති, ලුහු බැඳ නො කති යන තෙල කරුණ ඒකාන්තයෙන් නොවේ” යි කියා යි.
අථ ඛො භික්ඛවෙ, සො භික්ඛු මයා ඉමිනා ඔවාදෙන ඔවදිතො සංවෙගමාපාදීති.
මහණෙනි, එක්බිති ඒ මහණ මා විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලදුයේ සංවේගයට පැමිණින.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච : කින්නු ඛො භන්තෙ කටුවියං? කො ආමගන්ධො? කා මක්ඛිකාති?
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: වහන්ස, ‘ඉඳුල’ යනු කිම? ‘ආමගන්ධ’ යනු කිම? ‘මැසි’ යනු කිම?
අභිජ්ඣා ඛො භික්ඛු, කටුවියං. ව්යාපාදො ආමගන්ධො. පාපකා අකුසලා විතක්කා මක්ඛිකා. තං වත භික්ඛු, කටුවියං කතං අත්තානං ආමගන්ධෙ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති, නෙතං ඨානං විජ්ජතීති.
මහණ, අභිධ්‍යාව ඉඳුල. ව්‍යාපාදය ආමගන්ධය. පාපක අකුශල විතර්කයෝ මැස්සහ. මහණ, ඉඳුල් කළ ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්ධයෙහි තෙත් වූ ඒ ආත්මය “කෙලෙස්මැස්සන් නැගී ලුහු නො බඳිති යි ලුහු බැඳ නො කති යි” යන තෙල කරුණ ඒකාන්තයෙන් සිදු නොවෙයි.
5. අගුත්තං චක්ඛුසොතස්මිං ඉන්ද්රියෙසු අසංවුතං, මක්ඛිකා අනුපතිස්සන්ති සංකප්පා රාගනිස්සිතා.
5. චක්ෂුශ්ශ්රෝත දෙක්හි කළ ගෝපන නැති, ඉන්ද්රියයෙහි අසංවෘත වූ මහණහු රාගනිඃශ්‍රිත සංකල්පාඛ්යා මක්ෂිකාවෝ ලුහු බැඳ ගණිත්.
6. කටුවියකතො භික්ඛු ආමගන්ධෙ අවස්සුතො, ආරකා හොති නිබ්බාණා විඝාතස්සෙව භාගවා.
6. ක්ලේශාඛ්ය ආමගන්ධයෙහි තෙත් ව සිටුනා එයින් ම ඉඳුල් කළ මහණ නිවණින් විදුර වෙයි. සංසාරදුඃඛයට ම භාගී වෙයි.
7. ගාමෙ වා යදි වා, රඤ්ඤෙ අලද්ධා සමමත්තනො, පරෙති බාලො දුම්මෙධො මක්ඛිකාහි පුරක්ඛතො.
7. ගමෙහි වේවයි, නොහොත් වෙනෙහි වේවයි, තමහට සමයක්හු නොලැබ දුෂ්ප්‍රාඥ වූ අඳබල් මහණ කෙලෙස්මැස්සන් විසින් පුරස්කෘත ව යෙයි.
8. යෙ ච සීලෙන සම්පන්නා පඤ්ඤායුපසමෙ රතා, උපසන්තා සුඛං සෙන්ති නාසයිත්වාන මක්ඛිකාති.
8. යම් මහණහු ශීලසම්පන්න වෙත් ද, ප්‍රඥායෙන් ක්ලේශව්‍යපශමයෙහි නිරත වෙත් ද, උපශාන්ත වූ ඒ මහණහු කෙලෙස්මැස්සන් නසා පියා සුවසේ හොවිත්.