3. 3. 3. 7
3. 3. 3. 7.
3. 3. 3. 7.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
27. අථ ඛො ආයස්මා අනුරුද්ධො -පෙ- භගවන්තං එතදවොච : ඉදාහං භන්තෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන යෙභුය්යෙන පස්සාමි මාතුගාමං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජමානං.
27. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹ සිටුනා මාගම් භූයෝභාවයෙන් දක්මි.
කතිහි නු ඛො භන්තෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති?
වහන්ස, කෙතෙක් දහමින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹේ ද?
තීහි ඛො අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
අනුරුද්ධය, දහම් තුණෙකින් සමන්වාගත වූ මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.
කතමෙහි තීහි?
කවර දහම් තුණෙකින් යත්:
ඉධ අනුරුද්ධ, මාතුගාමො පුබ්බන්හසමයං මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. මජ්ඣන්තිකයං සමයං ඉස්සාපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, සායන්හසමයං කාමරාගපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති.
අනුරුද්ධය, මෙ ලොව මාගම පෙරවරු වේලෙහි මසුරුමලින් මඩනා ලද සිතින් ගෙහි වෙසෙයි. මධ්‍යාහ්න වේලෙහි ඊර්ෂ්යායෙන් මැඩුනු සිතින් ගෙහි වෙසෙයි. සවස් වේලෙහි කාමරාගයෙන් මැඩුනු සිතින් ගෙහි වෙසේ.
ඉමෙහි ඛො අනුරුද්ධ, තීහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
අනුරුද්ධය, මේ තුන් දහමින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.