යෙදුමෙන් කියවන්න

3. 3. 3. 8

3. 3. 3. 8.

3. 3. 3. 8.

28. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා අනුරුද‍්ධො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච :

28. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටට හේතු වූ සිහි කළ යුතු වූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළ කළහ.

ඉදාහං, ආවුසො සාරිපුත‍්ත, දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සහස‍්සං ලොකං ඔලොකෙමි. ආරද‍්ධං ඛො පන මෙ විරියං අසල‍්ලීනං, උපට‍්ඨිතා සති අපමුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගං. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චතීති.

කියග ශාරිපුත්‍රයෙනි, මම පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි. මා විසින් වීර්‍ය්‍යය ඇරඹින. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. මුෂිත නොවූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය. එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නොමිදෙයි.

[සාරිපුත‍්තො:]

[සැරියුත්:]

යං ඛො තෙ ආවුසො අනුරුද‍්ධ, එවං හොති : ‘එවාහං දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සහස‍්සං ලොකං ඔලොකෙමී’ති ඉදන‍්තෙ මානස‍්මිං.

කියග අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මෙසේ මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි’ යි. මේ තොපගේ මානය යි.

යම‍්පි තෙ ආවුසො අනුරුද‍්ධ, එවං හොති : ‘ආරද‍්ධං ඛො පන මෙ විරියං අසල‍්ලීනං, උපට‍්ඨිතා සති අපම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගන‍්ති’ ඉදන‍්තෙ උද‍්ධච‍්චස‍්මිං.

ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලදී. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. ප්‍රමුෂිත නො වූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය’ යි. මේ තොපගේ උද්ධතභාවය වේ.

යම‍්පි තෙ ආවුසො අනුරුද‍්ධ, එවං හොති : ‘අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චතී’ති, ඉදන‍්තෙ කුක‍්කුච‍්චස‍්මිං.

ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙබඳු සිතෙක් වේ ද: ‘එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙයි’යි. මේ තොපගේ කුකුසෙකි.

සාධු වතායස‍්මා අනුරුද‍්ධො ඉමෙ තයො ධම‍්මෙ පහාය ඉමෙ තයො ධම‍්මෙ අමනසිකරිත්‍වා අමතාය ධාතුයා චිත‍්තං උපසංහරතූති.

ඇවැත් අනුරුද්ධ තෙරණුවෝ මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවත් මනාම ය.

අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො අපරෙන සමයෙන ඉමෙ තයො ධම‍්මෙ පහාය, ඉමෙ තයො ධම‍්මෙ අමනසිකරිත්‍වා අමතාය ධාතුයා චිත‍්තං උපසංහරි. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා”ති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා අනුරුද‍්ධො අරහතං අහොසීති.

එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පසුකලෙක මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවූහ. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වූවාහු වෙන්වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය ඇත්තාහු කායජීවිත නිරපේක්‍ෂව වසන්නාහු යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙයින් නික්ම පැවිද්දට යෙත් ද, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය අවසන් වූ ඒ අර්‍හත්ත්‍වය මඳ කලෙකින් ම ඉහාත්ම යෙහි ම තුමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ විසූහ. “ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවින. සිවුමග කිස කරණ ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස මින් බැහැර දැයෙක් නැති” යි දත්හ. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් අන්‍යතර කෙනෙක් ද වූහ.