යෙදුමෙන් කියවන්න

3. 3. 1. 9

3. 3. 1. 9.

3. 3. 1. 9.

29. තීණිමානි භික‍්ඛවෙ, පටිච‍්ඡන‍්නානි වහන‍්ති නො විවටානි.

29. මහණෙනි, මේ කාරණයෝ තුන් දෙනෙක් පිළිසන්ව වහත්. විවෘත ව නො වහත්.

කතමානි තීණි?

කවර තුන්දෙනෙක යත්:

මාතුගාමො භික‍්ඛවෙ, පටිච‍්ඡන‍්නො වහති, නො විවටො. බ්‍රාහ‍්මණානං භික‍්ඛවෙ, මන‍්තා පටිච‍්ඡන‍්නා වහන‍්ති, නො විවටා. මිච‍්ඡාදිට‍්ඨි භික‍්ඛවෙ, පටිච‍්ඡන‍්නා වහති, නො විවටා.

මහණෙනි, මාගම පිළිසන්ව වහයි. විවෘතව නොවහයි. මහණෙනි, බමුණන්ගේ වේදමන්ත්‍රයෝ පිළිසන්ව වහත්. විවෘතව නො වහත්. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය පිළිසන්ව වහයි. විවෘතව නොවහයි.

ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි පටිච‍්ඡන‍්නානි වහන‍්ති, නො විවටානි.

මහණෙනි, මේ කාරණයෝ තුන් දෙන පිළිසන්ව වහත්. විවෘතව නො වහත්.

තීණිමානි භික‍්ඛවෙ, විවටානි විරොචන‍්ති, නො පටිච‍්ඡන‍්නානි.

මහණෙනි, මේ කාරණයෝ තිදෙනෙක් විවෘතව බබලත්, පිළිසන්ව නො බබලත්.

කතමානි තීණි?

කවර තුන් දෙනෙක යත්:

චන්‍දමණ‍්ඩලං භික‍්ඛවෙ, විවටං විරොචති, නො පටිච‍්ඡන‍්නං. සූරියමණ‍්ඩලං භික‍්ඛවෙ, විවටං විරොචති, නො පටිච‍්ඡන‍්නං. තථාගතප‍්පවෙදිතො ධම‍්මවිනයො, භික‍්ඛවෙ, විවටො විරොචති, නො පටිච‍්ඡන‍්නො.

මහණෙනි, සඳමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, හිරුමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍මවිනය විවෘත ව බබලයි. පිළිසන් ව නො බබලයි.

ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි විවටානි විරොචන‍්ති, නො පටිච‍්ඡන‍්නානීති.

මහණෙනි, මේ කාරණයෝ තිදෙන විවෘතව බබලත්. පිළිසන් ව නො බබලත්.