3. 3. 4. 8
3. 3. 4. 8.
3. 3. 4. 8.
38. තයො ච භික්ඛවෙ, අස්සඛලුඞ්කෙ දෙසෙස්සාමි තයො ච පුරිසඛලුඞ්කෙ. තං සුණාථ, -පෙ-
38. මහණෙනි, තුන් අස්ගුණ්ඩයන් (පොව්වන්) දෙසමි. තුන් පුරිස්ගුණ්ඩයනුදු (පොව්වනුදු) දෙසමි. ඒ අසව ...
කතමෙ ච භික්ඛවෙ, තයො අස්සඛලුඞ්කා?
මහණෙනි, තුන් අස්ගුණ්ඩයෝ කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අස්සඛලුඞ්කා.
මහණෙනි, මෙ ලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ තුන් අස්ගුණ්ඩයෝ යි.
කතමෙ ච භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කා?
මහණෙනි, තුන් පුරිස්ගුණ්ඩයෝ කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො න ආරොහපරිණාහසම්පන්නො?
මහණෙනි, කෙසේ නම් පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
ඉධ භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො සංසාදෙති නො විස්සජ්ජෙති. ඉදමස්ස න වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාත සෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති, න වණ්ණසම්පන්නො, න ච ආරොහපරිණාහසම්පන්නො.
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛසමුදය” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛනිරෝධය” යි ඇති සැටියෙන් දනී. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි ඇතිසැටියෙන් දනී. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ අවසාදනය කෙරෙයි (පසුබසී.) නොවිසඳයි. මේ ඔහුගේ වර්ණය නොවෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො?
මහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
ඉධ භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි : අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස් ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුරිසඛ ලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච?
මහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
ඉධ භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙතියි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්ණය වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කාති.
මහණෙනි, මේ පුරිස්ගුණ්ඩයෝ තුන් දෙන වෙති.