යෙදුමෙන් කියවන්න

3. 3. 4. 9

3. 3. 4. 9.

3. 3. 4. 9.

39. තයො ච භික‍්ඛවෙ, අස‍්සසදස‍්සෙ දෙසිස‍්සාමි තයො ච පුරිසසදස‍්සෙ තං සුණාථ -පෙ-

39. මහණෙනි, අශ්වයන් කෙරෙහි සදශ්වයන් තුන් දෙන ද (ජාතිමත් අසුන්) දෙසමි. සදශ්වසදෘශ පුරුෂයන් තුන් දෙන ද දෙසමි. ඒ අසව, ...

කතමෙ ච භික‍්ඛවෙ, තයො අස‍්සසදස‍්සා?

මහණෙනි, අශ්වසදශ්වයෝ තුන් දෙන කවරහ?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අස‍්සසදස‍්සො ජවසම‍්පන‍්නො හොති, න වණ‍්ණසම‍්පන‍්නො න ආරොහපරිණාහසම‍්පන‍්නො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො අස‍්සසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති වණ‍්ණසම‍්පන‍්නො ච, න ආරොහපරිණාහසම‍්පන‍්නො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො අස‍්සසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති වණ‍්ණසම‍්පන‍්නො ච ආරොහපරිණාහසම‍්පන‍්නො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො අස‍්සසදස‍්සා.

මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නොවෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙ ලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහ සම්පන්නත් වෙයි. මහණෙනි, මොහු තුන් අශ්වසදශ්වයෝ යි.

කතමෙ ච භික‍්ඛවෙ, තයො පුරිසසදස‍්සා?

මහණෙනි, සදශ්වසදෘශ තුන් පුරුෂයෝ කවරහ?

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො හොති, න වණ‍්ණසම‍්පන‍්නො න ආරොහපරිණාහසම‍්පන‍්නො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති වණ‍්ණසම‍්පන‍්නො ච, න ආරොහපරිණාහසම‍්පන‍්නො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති වණ‍්ණසම‍්පන‍්නො ච ආරොහපරිණාහසම‍්පන‍්නො ච.

මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො හොති, න වණ‍්ණසම‍්පන‍්නො, න ආරොහපරිණාහසම‍්පන‍්නො?

මහණෙනි, කෙසේ පුරුෂසදශ්ව තෙමේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. ඉදමස‍්ස ජවස‍්මිං වදාමි. අභිධම‍්මෙ ඛො පන අභිවිනියෙ පඤ‍්හං පුට‍්ඨො සංසාදෙති, නො විස‍්සජ‍්ජෙති. ඉදමස‍්ස න වණ‍්ණස‍්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. ඉදමස‍්ස න ආරොහපරිණාහස‍්මිං වදාමි. එවං ඛො භික‍්ඛවෙ, පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො හොති, න වණ‍්ණසම‍්පන‍්නො, න ආරොහපරිණාහසම‍්පන‍්නො.

මහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ අවසාදනය කෙරෙයි. නො විසඳයි මේ ඔහුගේ වර්‍ණය නො වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර නො ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති වණ‍්ණසම‍්පන‍්නො ච, න ආරොහපරිණාහසම‍්පන‍්නො?

මහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්ති ධම‍්මො තස‍්මා ලොකා. ඉදමස‍්ස ජවස‍්මිං වදාමි. අභිධම‍්මෙ ඛො පන අභිවිනයෙ පඤ‍්හං පුට‍්ඨො විස‍්සජ‍්ජෙති, නො සංසාදෙති. ඉදමස‍්ස වණ‍්ණස‍්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. ඉදමස‍්ස න ආරොහපරිණාහස‍්මිං වදාමි. එවං ඛො භික‍්ඛවෙ, පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති. වණ‍්ණසම‍්පන‍්නො, න ආරොහපරිණාහසම‍්පන‍්නො.

මහණෙනි, මෙ සස්නෙහි මහණ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති වණ‍්ණසම‍්පන‍්නො ච ආරොහපරිණාහසම‍්පන‍්නො ච?

මහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද වර්‍ණසම්පන්නත් වේ ද ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං -පෙ- අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. ඉදමස‍්ස ජවස‍්මිං වදාමි. අභිධම‍්මෙ ඛො පන අභිවිනයෙ පඤ‍්හං පුට‍්ඨො විස‍්සජ‍්ජෙති, නො සංසාදෙති. ඉදමස‍්ස වණ‍්ණස‍්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. ඉදමස‍්ස ආරොහපරිණාහස‍්මිං වදාමි. එවං ඛො භික‍්ඛවෙ, පුරිසසදස‍්සො ජවසම‍්පන‍්නො ච හොති වණ‍්ණසම‍්පන‍්නො ච ආරොහපරිණාහසම‍්පන‍්නො ච.

මහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො පුරිසසදස‍්සාති.

මහණෙනි, මේ තුන් පුරුෂසදශ්වයෝ යි.