යෙදුමෙන් කියවන්න

3. 3. 4. 11

සම්පූර්ණ පරිච්ඡේදය

3. 3. 4. 11.

3. 3. 4. 11.

41. එකං සමයං භගවා රාජගහෙ විහරති මොරනිවාපෙ පරිබ‍්බාජකාරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි -පෙ-

41. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වැඩ වෙසෙති. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ...

තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අච‍්චන‍්තනිට‍්ඨො හොති අච‍්චන‍්තයොගක‍්ඛෙමී අච‍්චන‍්තබ්‍රහ‍්මචාරී අච‍්චන‍්තපරියොසානො සෙට‍්ඨො දෙවමනුස‍්සානං.

මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.

කතමෙහි තීහි?

කවර තුන් දහමින යත්:

අසෙඛෙන සීලක‍්ඛන්‍ධෙන, අසෙඛෙන සමාධික‍්ඛන්‍ධෙන, අසෙඛෙන පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන.

අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන

ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අච‍්චන‍්තනිට‍්ඨො හොති අච‍්චන‍්තයොගක‍්ඛෙමී අච‍්චන‍්තබ්‍රහ‍්මචාරී අච‍්චන‍්තපරියොසානො සෙට‍්ඨො දෙවමනුස‍්සානන‍්ති.

මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.

3. 3. 4. 12.

3. 3. 4. 12.

42. තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අච‍්චන‍්තනිට‍්ඨො හොති, අච‍්චන‍්තයොගක‍්ඛෙමී අච‍්චන‍්තබ්‍රහ‍්මචාරී අච‍්චන‍්තපරියොසානො සෙට‍්ඨො දෙවමනුස‍්සානං.

42. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.

කතමෙහි තීහි?

කවර තුන් දහමින යත්:

ඉද‍්ධිපාටිහාරියෙන, ආදෙසනාපාටිහාරියෙන, අනුසාසනීපාටිහාරියෙන.

ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන. ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයෙන. අනුශාසනාප්‍රාතිහාර්‍ය්‍යයෙන.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අච‍්චන‍්තනිට‍්ඨො හොති -පෙ- සෙට‍්ඨො දෙවමනුස‍්සානන‍්ති.

මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.

3. 3. 4. 13.

3. 3. 4. 13.

43. තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අච‍්චන‍්තනිට‍්ඨො හොති -පෙ- සෙට‍්ඨො දෙවමනුස‍්සානං.

43. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.

කතමෙහි තීහි?

කවර තුන් දහමින යත්:

සම‍්මාදිට‍්ඨියා, සම‍්මාඤාණෙන, සම‍්මාවිමුත‍්තියා.

සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙන.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අච‍්චන‍්තනිට‍්ඨො හොති, අච‍්චන‍්තයොගක‍්ඛෙමී අච‍්චන‍්තබ්‍රහ‍්මචාරී අච‍්චන‍්තපරියොසානො සෙට‍්ඨො දෙවමනුස‍්සානන‍්ති.

මහණෙනි, මේ තුන් දහමින් යුක්ත වූ මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.

යොධාජීවවග‍්ගො චතුත්‍ථො

සතරවැනි යෝධාජීව වර්‍ග යි.