6. පටිපදාවග්ගො අට්ඨකථා
6. පටිපදාවග්ගො
6. පටිපදා වර්ගය
ඉතො පරෙසු ආගාළ්හා පටිපදාති ගාළ්හා කක්ඛළා ලොභවසෙන ථිරග්ගහණා. නිජ්ඣාමාති අත්තකිලමථානුයොගවසෙන සුට්ඨු ඣාමා සන්තත්තා පරිතත්තා. මජ්ඣිමාති නෙව කක්ඛළා න ඣාමා මජ්ඣෙ භවා. අචෙලකොති නිච්චෙලො නග්ගො. මුත්තාචාරොති විස්සට්ඨාචාරො, උච්චාරකම්මාදීසු ලොකියකුලපුත්තාචාරෙන විරහිතො ඨිතකොව උච්චාරං කරොති, පස්සාවං කරොති, ඛාදති භුඤ්ජති. හත්ථාපලෙඛනොති හත්ථෙ පිණ්ඩම්හි නිට්ඨිතෙ ජිව්හාය හත්ථං අපලෙඛති, උච්චාරම්පි කත්වා හත්ථස්මිංයෙව දණ්ඩකසඤ්ඤී හුත්වා හත්ථෙන අපලෙඛති. භික්ඛාය ගහණත්ථං “එහි, භදන්තෙ”ති වුත්තො න එතීති න එහිභදන්තිකො. “තෙන හි තිට්ඨ, භන්තෙ”ති වුත්තොපි න තිට්ඨතීති න තිට්ඨභදන්තිකො. තදුභයම්පි කිර සො “එතස්ස වචනං කතං භවිස්සතී”ති න කරොති. අභිහටන්ති පුරෙතරං ගහෙත්වා ආහටභික්ඛං. උද්දිස්සකතන්ති ඉදං තුම්හෙ උද්දිස්ස කතන්ති එවමාරොචිතභික්ඛං. නිමන්තනන්ති “අසුකං නාම කුලං වා වීථිං වා ගාමං වා පවිසෙය්යාථා”ති එවං නිමන්තිතභික්ඛම්පි න සාදියති න ගණ්හාති. න කුම්භිමුඛාති කුම්භිතො උද්ධරිත්වා දීයමානං භික්ඛම්පි න ගණ්හාති. න කළොපිමුඛාති කළොපීති උක්ඛලි වා පච්ඡි වා, තතොපි න ගණ්හාති. කස්මා? “කුම්භිකළොපියො මං නිස්සාය කටච්ඡුනා පහාරං ලභන්තී”ති. න එළකමන්තරන්ති උම්මාරං අන්තරං කත්වා දීයමානං න ගණ්හාති. කස්මා? “අයං මං නිස්සාය අන්තරකරණං ලභතී”ති. දණ්ඩමුසලෙසුපි එසෙව නයො. ද්වින්නන්ති ද්වීසු භුඤ්ජමානෙසු එකස්මිං උට්ඨාය දෙන්තෙ න ගණ්හාති. කස්මා? කබළන්තරායො හොතීති.
මෙයින් මත්තෙහි ආගාළ්හා පටිපදා යනු දැඩි රළු ලොභවශයෙන් ස්ථිරව ගැනීමයි. නිජක්ධාමා යනු අත්තකිලමථානුයොග වශයෙන් මනාව දැවුණු, රත්වූ හාත්පසින් රත්වූ යනුයි. මජක්ධිමා යනු නොරළු නොදැවුණු මැදවූවෝයි. අචෙලකො යනු නිර්වස්ත්රවූ නග්නයායි. මුත්තාචාරො යනු විසුරුවා හළ පැවතුම් ඇත්තේයි. මුත්රකිරීම් ආදියෙහිදී ලෞකික කුලපුත්‍රයන්ගේ හැසිරීමෙන් තොරවූයේ සිටියේම (සිටගෙනම) මුත්‍ර කරයි. මලපහකරයි. කයි, බුදියි, හත්ථාපලෙඛනො යනු අතෙහි බත්පිඬු නිමාවූ කල දිවෙන් අත ලොවයි. මුත්‍ර හෝ මල අතෙහිම දිය ඇත යන හැඟීම් ඇත්තේ අතින් පිසදමයි. භික්ෂාව (ආහාර) ගැනීම සඳහා එන්න ස්වාමීනියි කීකල්හි නොඑන්නේනුයි න එහිභදනතිකො නමි. එසේවීනම් සිටිනු මැනව ස්වාමීනියි කීකල්හි නොසිටින්නේනුයි න තිට්ඨභදන්තිකො නමි. හෙතෙම ඔහුගේ වචනයක කළේ වන්නේයයි ඒ දෙකම නොකරයි. අභිභටං යනු පළමුව ගෙන ආ භික්ෂාවයි. උද්දිස්සකටං යනු මෙය නුඹවහන්සේ උදෙසා කරනලදැයි මෙසේ සැළකළ භික්ෂාවයි. නිමන්තණං යනු අසුවල් නම් කුලයට හෝ වීථියට හෝ ගමය හෝ පිවිසෙනු මැනවැයි මෙසේ ඇරයුම් කළ භික්‍ෂාවද නොඉවසයි. නොගනියි. න කුම්භිමුඛා යනු සැළියෙන් උඩට ගෙන දෙනුලබන භික්ෂාව නොගනියි. න ඛලොපිමුඛා යනු ඛල යනුද සැළියයි. පැස හෝ වේ. එයිනුදු නොගිනියි. කුමක් හෙයින්ද යත් හැළිවලං මා නිසා හැන්දෙන් පහර ලබතැයි නොගනියි. න ඵලකමන්තරං යනු එළිපත්ත අතර කොට දෙනුලබන්න නොගනියි. මක්නිසාද යත්? මෙය මා නිසා අතරත කිරීමක් ලබතැයි යන හැඟීමෙනි. දඬු මොහොල්ගසෙහිද මේ ක්‍රමයමයි. ද්වින්නං යනු දෙදෙනකු වළඳන කල්හි එකෙකු නැගිට දෙන කල්හි නොගනියි. කුමක්හෙයින්ද යත්? බත් පිඬුවලට අනතුරක් වේයයන හැඟීමෙනි.
න ගබ්භිනියාතිආදීසු පන ගබ්භිනියා කුච්ඡියං දාරකො කිලමති, පායන්තියා දාරකස්ස ඛීරන්තරායො හොති, පුරිසන්තරගතාය රතිඅන්තරායො හොතීති න ගණ්හාති. න සඞ්කිත්තීසූති සඞ්කිත්තෙත්වා කතභත්තෙසු. දුබ්භික්ඛසමයෙ කිර අචෙලකසාවකා අචෙලකානං අත්ථාය තතො තතො තණ්ඩුලාදීනි සමාදපෙත්වා භත්තං පචන්ති, උක්කට්ඨාචෙලකො තතො න පටිග්ගණ්හාති. න යත්ථ සාති යත්ථ සුනඛො “පිණ්ඩං ලභිස්සාමී”ති උපට්ඨිතො හොති, තත්ථ තස්ස අදත්වා ආහටං න ගණ්හාති. කස්මා? එතස්ස පිණ්ඩන්තරායො හොතීති. සණ්ඩසණ්ඩචාරිනීති සමූහසමූහචාරිනී. සචෙ හි අචෙලකං දිස්වා “ඉමස්ස භික්ඛං දස්සාමා”ති මනුස්සා භත්තගෙහං පවිසන්ති, තෙසු ච පවිසන්තෙසු කළොපිමුඛාදීසු නිලීනා මක්ඛිකා උප්පතිත්වා සණ්ඩසණ්ඩා චරන්ති, තතො ආහටං භික්ඛං න ගණ්හාති. කස්මා? “මං නිස්සාය මක්ඛිකානං ගොචරන්තරායො ජාතො”ති.
න ගබ්භිනියා යනාදියෙහි ගැබනියගේ කුසෙහි දරුවා වෙහෙසෙයි. කිරි පොවන්නියගේ දරුවාගේ කිරිවලට අනතුරක් වෙයි. පුරුෂයකු අතරට ගිය තැනැත්තියගේ රතියට අනතුරක් වේය යන හැඟීමෙනි. න සංකිතතිසු යනු වර්ණනාකොට කළ බතෙහිය. දුර්භික්ෂ කාලයෙහි අචෙලක ශ්‍රාවකයෝ අචෙලකයන් සඳා ඒ ඒ තැනින් සහල් ආදිය ඉල්වා බත් පිසති. උත්කෘෂ්ට අචෙලකයා එයින් (අහර) පිළිනොගිනියි. න යත්ථ සා යනු යම් තැනක සුනඛයෙක් කෑම ලබමියි පිවිසියේ වේද එහි ඔහුට නොදී රැගෙන ආ භික්ෂාව නොගනියි. කුමක් හෙයින්ද යත් ඒ බල්ලාගේ ආහාරයට අනතුරක් වේය යන හැඟීමෙනි. සණ්ඩසණඩචාරීණී යනු ගොමුගොමුව (සමූහ සමූහ වශයෙන්) හැසිරෙන්නාවූයි. ඉදින් අචෙලකයකු දැක මොහුට භික්ෂාව දෙම්හයි මිනිස්සු ආහාරශාලාවට පිවිසෙත්ද ඔවුන් පිවිසෙන කල්හි හැළිවලං ආදියෙහි සැඟවුණු මැස්සෝ ගොමු ගොමුව හැසිරෙත් නම් එතැනින් ගෙනා භික්ෂාව නොපිළිගනිත්. කුමක්නිසාද යත්? මානිසා මැස්සන්ගේ ආහාරයට අනතුරක් හටගත්තේය යන හැඟීමෙනි.
ථුසොදකන්ති සබ්බසස්සසම්භාරෙහි කතසොවීරකං. එත්ථ ච සුරාපානමෙව සාවජ්ජං, අයං පන සබ්බෙසු සාවජ්ජසඤ්ඤී. එකාගාරිකොති යො එකස්මිංයෙව ගෙහෙ භික්ඛං ලභිත්වා නිවත්තති. එකාලොපිකොති එකෙනෙව ආලොපෙන යාපෙති. ද්වාගාරිකාදීසුපි එසෙව නයො. එකිස්සාපි දත්තියාති එකාය දත්තියා. දත්ති නාම එකා ඛුද්දකපාති හොති, යත්ථ අග්ගභික්ඛං පක්ඛිපිත්වා ඨපෙන්ති. එකාහිකන්ති එකදිවසන්තරිකං. අද්ධමාසිකන්ති අද්ධමාසන්තරිකං. පරියායභත්තභොජනන්ති වාරභත්තභොජනං, එකාහවාරෙන ද්වීහවාරෙන සත්තාහවාරෙන අද්ධමාසවාරෙනාති එවං දිවසවාරෙන ආභතභත්තභොජනං. සාකභක්ඛොතිආදීනි වුත්තත්ථානෙව.
න ථුසොදකං යනු සියලු ධාන්‍ය සමූහයන්ගෙන් කළ පානයකි. මෙහිද සුරාපානයම සාවද්‍යය. මෙතෙම වනාහි සියල්ලෙහි සාවදයය යන හැඟීම් ඇත්තේය. එකාගාරිකො යනු යමෙක් එකම ගෙයක භික්ෂාව ලැබ නවතියිද හෙතෙමේයි. එකාලොපිකො යනු එකම (බත්) පිඬුවකින් යැපෙයිද හෙතෙමේයි. ද්වාගාරික යනාදියෙහිද මේ ක්‍රමයමයි. එකිස්සාපි දතතියා යනු එකම දත්තියක (කුඩාබඳුනක)ය. දත්ති නම් එක් කුඩා බඳුනකි. එහි අග්රභික්ෂාව බහා තබත්. එකාභිකං යනු එක් දිනක් අතරතය. අද්ධමාසිකං යනු අඩමසක් අතරතුරය. පරියායභත්තභොජනං යනු වරුබත් බොජුනයි. එක්දිනකට වරක්, දෙදිනකට වරක් සත්දිනකට වරක් අඩමසකට වරක් වයෙනැයි මෙසේ දිනවාරයෙන් ආවාවු බත්බොජුනයි. සාකභක්ඛො යනාදිය කියනලද අර්ථ ඇත්තේමය.
උබ්භට්ඨකොති උද්ධං ඨිතකො. උක්කුටිකප්පධානමනුයුත්තොති උක්කුටිකවීරියමනුයුත්තො, ගච්ඡන්තොපි උක්කුටිකොව හුත්වා උප්පතිත්වා උප්පතිත්වා ගච්ඡති. කණ්ටකාපස්සයිකොති අයකණ්ටකෙ වා පකතිකණ්ටකෙ වා භූමියං කොට්ටෙත්වා තත්ථ චම්මං අත්ථරිත්වා ඨානචඞ්කමාදීනි කරොති. සෙය්යන්ති සයන්තොපි තත්ථෙව සෙය්යං කප්පෙති. සායං තතියමස්සාති සායතතියකං. පාතො මජ්ඣන්හිකෙ සායන්ති දිවසස්ස තික්ඛත්තුං “පාපං පවාහෙස්සාමී”ති උදකොරොහනානුයොගං අනුයුත්තො විහරති.
උබභට්ඨකො යනු උඩ සිටියේයි. උක්කුටිකප්පධා නමනුයුත්තො යනු උකකුටික වීර්යයෙහි යෙදුනේයි. යන්නේද උක්කුටිකවුයේම උඩපැන පැන යයි. කණ්ටකාපස්සයිකො යනු යකඩ කටු හෝ ස්වාභාවික කටු හෝ බිම කොටා (සිටුවා) එහි සම අතුරා සිටීම් සක්මන් කිරීම් ආදිය කරයි. සෙය්යං යනු නිදන්නේද එහිම නිදයි. සවස තුන්වැන්න මොහුට ඇත්තේනුයි. සායතතියකං නමි. උදය මද්දහන සවසයයි දිනකට තෙවරක් පවු පාකොට හරින්නෙමැයි උදකොරොහන අනුයෝගයෙහි (දියට බැස සිටීමේ පිළිවෙතෙහි) යෙදී වාසය කරයි.
කායෙ කායානුපස්සීතිආදීනි හෙට්ඨා එකකනිපාතවණ්ණනායං වුත්තනයෙනෙව වෙදිතබ්බානි. අයං වුච්චති, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදාති, භික්ඛවෙ, අයං කාමසුඛල්ලිකානුයොගඤ්ච අත්තකිලමථානුයොගඤ්චාති ද්වෙ අන්තෙ අනුපගතා, සස්සතුච්ඡෙදන්තෙහි වා විමුත්තා මජ්ඣිමා පටිපදාති වෙදිතබ්බා.
කායෙ කායානුපස්සී යනාදිය යට එකකනිපාත වර්ණනාවෙහි කියනලද අයුරින්ම දතයුතුය. අයං වුච්චති භික්ඛවෙ මජ්ක්‍ධිමා පටිපදා යනු මහණෙනි මෙය කාමසුඛල්ලිකානු යෝගයද අත්තකිලමථානුයෝගයද යන අන්තදෙකට නොපැමිණි ශාශ්වත උචේඡද අන්තයන්ගෙන් හෝ මිදුණු මධ්යමප්රතිපදාවයි දතයුතුය.
අචෙලකවග්ගො ඡට්ඨො.