රාගවිනයසුත‍්තං
4. 2. 5. 6.
4. 2. 5. 6.
[රාගවිනයසුත‍්තං]
[රාගවිනය සූත්‍රය]
46. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
46. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය. පරහිතාය පටිපන‍්නො නො අත‍්තහිතාය. නෙව අත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය. අත‍්තහිතාය ච පටිපන‍්නො පරහිතාය ච.
තමාහට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නොපිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේය.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අත‍්තනා රාගවිනයාය පටිපන‍්නො හොති, නො පරං රාගවිනයාය සමාදපෙති. අත‍්තනා දොසවිනයාය පටිපන‍්නො හොති, නො පරං දොසවිනයාය සමාදපෙති. අත‍්තනා මොහවිනයාය පටිපන‍්නො හොති, නො පරං මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතාය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො පරහිතාය පටිපන‍්නො හොති, නො අත‍්තහිතාය? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අත‍්තනා න රාගවිනයාය පටිපන‍්නො හොති, පරං රාගවිනයාය සමාදපෙති. අත‍්තනා න දොසවිනයාය පටිපන‍්නො හොති, පරං දොසවිනයාය සමාදපෙති. අත‍්තනා න මොහවිනයාය පටිපන‍්නො හොති, පරං මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො පරහිතාය පටිපන‍්නො හොති නො අත‍්තහිතාය.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො නෙවත‍්තහිතාය පටිපන‍්නො හොති, නො පරහිතාය? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අත‍්තනා න රාගවිනයාය පටිපන‍්නො හොති, නො පරං රාගවිනයාය සමාදපෙති. අත‍්තනා න දොසවිනයාය පටිපන‍්නො හොති, නො පරං දොසවිනයාය සමාදපෙති. අත‍්තනා න මොහවිනයාය පටිපන‍්නො හොති, නො පරං මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො නෙවත‍්තහිතාය පටිපන‍්නො හොති නො පරහිතාය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තහිතාය චෙව පටිපන‍්නො හොති, පරහිතාය ච?
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත්, මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද,
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අත‍්තනා ච රාගවිනයාය පටිපන‍්නො හොති, පරඤ‍්ච රාගවිනයාය සමාදපෙති. අත‍්තනා ච දොසවිනයාය පටිපන‍්නො හොති, පරඤ‍්ච දොසවිනයාය සමාදපෙති. අත‍්තනා ච මොහවිනයාය පටිපන‍්නො හොති, පරඤ‍්ච මොහවිනයාය සමාදපෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තහිතාය ච පටිපන‍්නො හොති, පරහිතාය ච.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.