ඡවාලාතසුත්තං
4. 2. 5. 5.
4. 2. 5. 5.
[ඡවාලාතසුත්තං]
[ඡවාලාත සූත්‍රය]
45. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
45. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය. පරහිතාය පටිපන්නො නො අත්තහිතාය. අත්තහිතාය පටිපන්නො නො පරහිතාය. අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච.
තමාහට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේ වයි, නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
සෙය්යථාපි භික්ඛවෙ ඡවාලාතං උභතො පදිත්තං මජ්ඣෙ ගූථගතං නෙව ගාමෙ කට්ඨත්ථං ඵරති න අරඤ්ඤෙ. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි ය්වායං පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො නො පරහිතාය.
මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළ ගත්, මැද අශුචි වැකුණු සොහොන් පෙණහෙල්ල ගමෙහි කාෂ්ටයෙන් කරණ කිස සිදු නො කෙරේ ද, අරණ්‍යයෙහි කාෂ්ටාර්ත්ථය සිදු නො කෙරේ ද, යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේව යි නො පිළිපන්නේ වේ නම්, මහණෙනි, මේ පුද්ගලයා එබඳු කොට මම කියමි.
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො පරහිතාය පටිපන්නො නො අත්තහිතාය, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් මෙ තෙම සුන්දරතර ද වෙයි. ප්‍රණීතතර ද වෙයි.
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො අත්තහිතාය පටිපන්නො නො පරහිතාය, අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ තුන් පුද්ගලයන් අතුරෙන් මෙ තෙම සුන්දරතර ද වෙයි. ප්‍රණීතතර ද වෙයි.
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි.
සෙය්යථාපි භික්ඛවෙ ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, සප්පිමණ්ඩො තත්ථ අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ ය්වායං පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච, අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච.
මහණෙනි, යම් පරිදි දෙනගෙන් කිරි ද, කිරියෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුයෙන් ගී ද, ගීයෙන් ගීමඬ වේ ද, එහි ගීමඬ අග්‍රය යි කියනු ලැබේ ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් පුද්ගලයෙක් තමාට හිත පිණිසත් මෙරමාහට හිතපිණිසත් පිළිපන්නේ වේ නම්, හෙතෙම මේ සතර පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.