5. අසුරවග්ගො අට්ඨකථා
5. අසුර වර්ගය
1. අසුරසුත්තවණ්ණනා
1. අසුර සූත්‍ර වර්ණනාව
පඤ්චමස්ස පඨමෙ අසුරොති අසුරසදිසො බීභච්ඡො. දෙවොති දෙවසදිසො ගුණවසෙන අභිරූපො පාසාදිකො.
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අසුරො යනු අසුරයකු වැනි පිළිකුල උපදවන්නේයි, දෙවො යනු දෙවියකු මෙන් වූ ගුණ වශයෙන් මනා රූ ඇති පහදවන සුලු වූයේයි :
2. පඨමසමාධිසුත්තවණ්ණනා
2. පඨම සමාධි සූත්‍ර වර්ණනාව
දුතියෙ අජ්ඣත්තං චෙතොසමථස්සාති නියකජ්ඣත්තෙ අප්පනාචිත්තසමාධිස්ස. අධිපඤ්ඤාධම්මවිපස්සනායාති සඞ්ඛාරපරිග්ගාහකවිපස්සනාඤාණස්ස. තඤ්හි අධිපඤ්ඤාසඞ්ඛාතඤ්ච, පඤ්චක්ඛන්ධසඞ්ඛාතෙසු ච ධම්මෙසු විපස්සනාභූතං, තස්මා “අධිපඤ්ඤාධම්මවිපස්සනා”ති වුච්චතීති.
දෙවැනි සූත්‍රයෙහි අජ්ඣත්තං චෙතොසමථස්ස යනු ස්වකීය අධ්‍යාත්මයෙහි අර්පණා චිත්ත සමාධියේයි, අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාරයන් විමසන විදර්ශනා ඥානයේයි, එය වනාහි අධිපඤ්ඤා සංඛ්‍යාත වූයේ ද පංචස්කන්ධසංඛ්යාත ධර්මයන්හි විදර්ශනාව වූයේද වෙයි. එහෙයින් අධිපඤ්ඤාධම්මවිපස්සනායි කියන ලදි.
3. දුතියසමාධිසුත්තවණ්ණනා
3. දුතිය සමාධි සූත්‍ර වර්ණනාව
තතියෙ යොගො කරණීයොති යුත්තප්පයුත්තතා කත්තබ්බා. ඡන්දොති කත්තුකම්යතාඡන්දො. වායාමොති පයොගො. උස්සාහොති තතො අධිමත්තතරං වීරියං. උස්සොළ්හීති පඞ්කලග්ගසකටඋද්ධරණසදිසං මහාවීරියං. අප්පටිවානීති අනිවත්තනතා.
තෙවැන්නෙහි යොගො කරණීයො යනු සුදුසු බවට පත් බැවින් කළයුතුවූයි, ඡන්දො යනු කරනු කැමති බව පිළිබඳ ඡන්දය (කැමැත්ත) යි වායාමො යනු යෙදීමයි (වීර්යයයි), උස්සාභො යනු ඊට වැඩිමනත් වූ වීර්යයයි, උස්සොළහී යනු මඩෙහි එරුණු ගැලක් උඩට නැඟීමට සමාන වූ මහාවීර්යයයි, අප්පටිවානි යනු නොනැවැත්මයි.
4. තතියසමාධිසුත්තවණ්ණනා
4. තතිය සමාධි සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ එවං ඛො, ආවුසො, සඞ්ඛාරා දට්ඨබ්බාතිආදීසු, ආවුසො, සඞ්ඛාරා නාම අනිච්චතො දට්ඨබ්බා, අනිච්චතො සම්මසිතබ්බා, අනිච්චතො පස්සිතබ්බා. තථා දුක්ඛතො, අනත්තතොති එවං අත්ථො දට්ඨබ්බො. එවං ඛො, ආවුසො, චිත්තං සණ්ඨපෙතබ්බන්තිආදීසුපි පඨමජ්ඣානවසෙන, ආවුසො, චිත්තං සණ්ඨපෙතබ්බං පඨමජ්ඣානවසෙන සන්නිසාදෙතබ්බං, පඨමජ්ඣානවසෙන එකොදි කාතබ්බං, පඨමජ්ඣානවසෙන සමාදහිතබ්බං. තථා දුතියජ්ඣානාදිවසෙනාති එවං අත්ථො දට්ඨබ්බො. ඉමෙසු තීසුපි සුත්තෙසු සමථවිපස්සනා ලොකියලොකුත්තරාව කථිතා.
සිවුවැන්නෙහි එවං ඛො ආවුසො සඞ්ඛාරා දට්ඨබ්බා යනාදියෙහි ඇවැත්නි, සංස්කාරයෝ නම් අනිත්‍ය වශයෙන් දැකිය යුතුය. අනිත්‍ය වශයෙන් විමසිය යුතුය, අනිත්‍ය වශයෙන් විදර්ශනා කටයුතුය. එසේම දුක් වශයෙන් ද අනාත්ම වශයෙන් ද දැකියයුතුයි, එවං ඛො ආවුසො චිත්තං සණ්ඨපෙතබ්බං යනාදියෙහි ඇවැත්නි ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත පිහිටවිය යුතුය, ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සන්සුන් කළයුතුය, ප්‍රථමධ්‍යාන වශයෙන් එකඟ කළයුතුය, ප්‍රථමධ්‍යාන වශයෙන් තැන්පත් කළයුතුය, එසේ දුතීය ධ්‍යාන වශයෙන්දැයි මෙසේ අර්ත්ථය දතයුතුය, මෙම සූත්‍ර තුනෙහිම ලෞකික ලෝකෝත්තර වූ සමථ විදර්ශනා කියන ලදී.
5. ඡවාලාතසුත්තවණ්ණනා
5. ඡවාලාත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ඡවාලාතන්ති සුසානෙ අලාතං. මජ්ඣෙ ගූථගතන්ති මජ්ඣට්ඨානෙ ගූථමක්ඛිතං. නෙව ගාමෙ කට්ඨත්ථං ඵරතීති කූටගොපානසිථම්භසොපානාදීනං අත්ථාය අනුපනෙය්යතාය ගාමෙ න කට්ඨත්ථං සාධෙති, ඛෙත්තකුටිපාදං වා මඤ්චපාදං වා කාතුං අනුපනෙය්යතාය න අරඤ්ඤෙ කට්ඨත්ථං සාධෙති. ද්වීසු කොටීසු ගය්හමානං හත්ථං ඩහති, මජ්ඣෙ ගය්හමානං ගූථෙන මක්ඛෙති. තථූපමන්ති තංසරික්ඛකං. අභික්කන්තතරොති සුන්දරතරො. පණීතතරොති උත්තමතරො. ගවා ඛීරන්ති ගාවිතො ඛීරං. ඛීරම්හා දධීතිආදීසු පරං පරං පුරිමතො පුරිමතො අග්ගං, සප්පිමණ්ඩො පන තෙසු සබ්බෙසුපි අග්ගමෙව. අග්ගොතිආදීසු ගුණෙහි අග්ගො චෙව සෙට්ඨො ච පමුඛො ච උත්තමො ච පවරො චාති වෙදිතබ්බො. ඡවාලාතූපමාය න දුස්සීලො පුග්ගලො කථිතො, අප්පස්සුතො පන විස්සට්ඨකම්මන්තො ගොණසදිසො පුග්ගලො කථිතොති වෙදිතබ්බො. ඡට්ඨෙ සබ්බං උත්තානත්ථමෙව.
පස්වැන්නෙහි ඡවාලාතං යනු සොහොනෙහි ගිනිපෙනෙල්ලයි, මජ්ඣෙ ගුථගතං යනු මැද තැනෙහි අසූවි තැවරුණාවූයි, නෙව ගාමෙ කට්ඨත්ථං ඵරති යනු කුළු, ගොණැස්, කණු, ඉනිමං ආදිය සඳහා නොඑලඹියයුතු බැවින් ගමෙහි දැව අවශ්‍යතාව නොසෑදෙයි. කෙතක පැල් කණුවක් හෝ ඇඳ කකුලක් හෝ කරන්නට නොඑළඹෙන බැවින් වනයෙහි දැව අවශ්‍යතාව ඉටු නොවෙයි. දෙකෙළවරින් ගනු ලබන විට අත දැවෙයි හෝ මැදින් ගනු ලබන විට අසූචියෙන් තැවරෙයි තථුපමං යනු ඊට සමානවූයි, අභික්කන්තරො යනු ඉතා සොඳුරු වූයි, පණීතතරො යනු ඉතා උතුම්වූයි, ගාවා ඛීරං යනු දෙනගෙන් කිරියි, ඛිරම්හාදධි යනාදියෙහි පසුව පසුව එන දෙය මුලින් මුලින්වූ දෙයට වඩා අග්‍රය, ගිතෙල් මණ්ඩිය ඒ සියල්ලෙන්ම අග්‍ර වේමය, අග්ගො යනාදියෙහි ගුණයන්ගෙන් අග්‍ර මෙන්ම ශ්‍රේෂ්ඨ ද ප්රමුඛ ද උතුම් ද ප්‍රවර ද වේයැයි දතයුතුය, සොහොනෙහි ගිනිපෙලි උපමාවෙන් දුසිල්වත් පුද්ගලයා නොකියන ලද්දේය, අල්ශ්රැතවූ අත්හළ කර්මාන්ත ඇති ගොනකු වැනි පුද්ගලයා කියන ලදැයි දතයුතුය. සවැන්නෙහි සියල්ල පැහැදිලි අරුත් ඇත්තේමය,
7. ඛිප්පනිසන්තිසුත්තවණ්ණනා
7. ඛිප්පනිසන්ති සූත්‍ර වර්ණනාව
සත්තමෙ ඛිප්පනිසන්තීති ඛිප්පනිසාමනො සීඝං ජානිතුං සමත්ථො. සුතානඤ්ච ධම්මානන්ති සුතප්පගුණානං තන්තිධම්මානං. අත්ථූපපරික්ඛීති අත්ථං උපපරික්ඛකො. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤායාති අට්ඨකථඤ්ච පාළිඤ්ච ජානිත්වා. ධම්මානුධම්මප්පටිපන්නො හොතීති නවලොකුත්තරධම්මානං අනුරූපධම්මභූතං සසීලකං පුබ්බභාගප්පටිපදං පටිපන්නො හොති. නො ච කල්යාණවාචොති න සුන්දරවචනො. න කල්යාණවාක්කරණොති න සුන්දරවචනඝොසො හොති. පොරියාතිආදීහි සද්ධිං නො-කාරො යොජෙතබ්බොයෙව. ගුණපරිපුණ්ණාය අපලිබුද්ධාය අදොසාය අගළිතපදබ්යඤ්ජනාය අත්ථං විඤ්ඤාපෙතුං සමත්ථාය වාචාය සමන්නාගතො න හොතීති අත්ථො. ඉමිනා උපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
සත්වැන්නෙහි ඛිප්පනිසන්ති යනු ඉක්මණින් ඇහුම්කන් දෙන්නේ ඉක්මණින් දැනීමට සමත්වෙයි. ධතානඤ්ච ධම්මානං යනු සිතෙහි දැරීම දියුණු කළ පෙළදහමෙයි, අත්ථූපපරික්ඛි යනු අරුත් විමසන්නායි, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු අර්‍ත්‍ථකථාව ද පෙළ ද දැනයි, ධම්මානුධම්ම පටිපන්නො හොති යනු නවලොවුතුරා දහමට අනුකූල ධර්මය වූ සීලය සහිත පුර්ව භාග ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. නො ච කලය්යාණවාචො යනු කල්‍යාණ වචන නොමැත්තේයි, න කල්යාණවාක්කරණො යනු සොඳුරු වදන්හඬ නැත්තේවෙයි, පොරියා යනාදිය සමග නොකාරය යෙදිය යුත්තේමය, ගුණයෙන් පිරිපුන් බාධාරහිත නිදොස් නොගිලිහුණු පදව්‍යංජන ඇති අර්ත්ථය හැඟවීමට සමත් වූ වචනයෙන් යුක්තවූයේයි අර්ත්ථය හැඟවීමට සමත් වූ වචනයෙන් යුක්ත වූයේයි අර්‍ත්‍ථයි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ත්ථය දතයුතුය.
8-9. අත්තහිතසුත්තාදිවණ්ණනා
8-9. අත්තහිත ආදි සූත්‍ර වර්ණනා
අට්ඨමං පුග්ගලජ්ඣාසයවසෙනාපි දසබලස්ස දෙසනාඤාණවිලාසෙනාපි කථිතං, නවමං පඤ්චවෙරවසෙන.
අටවැන්න පුද්ගලයන්ගේ අධ්‍යාසය (අදහස්) වශයෙන් ද බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය වශයෙන් ද කියන ලදි. නවවැන්න පස්වැදෑරුම් වෛර වශයෙනි,
10. පොතලියසුත්තවණ්ණනා
10. පොතලිය සූත්‍ර වර්ණනාව
දසමෙ කාලෙනාති යුත්තප්පත්තකාලෙන. ඛමතීති රුච්චති. යදිදං තත්ථ තත්ථ කාලඤ්ඤුතාති යා එසා තත්ථ තත්ථ කාලං ජානනා. තං තං කාලං ඤත්වා හි අවණ්ණාරහස්ස අවණ්ණකථනං වණ්ණාරහස්ස ච වණ්ණකථනං පණ්ඩිතානං පකතීති දස්සෙති.
දසවැන්නෙහි කාලෙන යනු සුදුසු කාලයෙහියි, ඛමති යනු කැමැති වෙයි, යදිදං තත්ථ තත්ථ කාලඤ්ඤුතා යනු ඒ ඒ තැන සුදුසු කාලය දැනීමයි, ඒ ඒ කාලය දැනම නොවැණිය යුත්තහුගේ නුගුණකීම වැණිය යුත්තහුගේ ගුණකීම පණ්ඩිතයන්ගේ ස්වභාවය යැයි දක්වයි.
අසුරවග්ගො පඤ්චමො.
පස්වැනි වූ අසුර වර්ගයයි
දුතියපණ්ණාසකං නිට්ඨිතං.
දෙවැනි පණ්ණාසකය නිමියේයි