සික්ඛාපදසුත්තං
4. 2. 5. 9.
4. 2. 5. 9.
[සික්ඛාපදසුත්තං]
[සික්ඛාපද සූත්රය]
49. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
49. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
අත්තහිතාය පටිපන්නො නො පරහිතාය. පරහිතාය පටිපන්නො නො අත්තහිතාය. නෙව අත්තහිතාය ච පටිපන්නො නො පරහිතාය, අත්තහිතාය ච පටිපන්නො පරහිතාය ච.
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය. තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා පාණාතිපාතා පටිවිරතො හොති, නො ච පරං පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත්තනා අදින්නාදානා පටිවිරතො හොති, නො පරං අදින්නාදානා වෙරමණියා සමාදපෙති. අත්තනා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, නො පරං කාමෙසුමිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, අත්තනා මුසාවාදා පටිවිරතො හොති, නො පරං මුසාවාදා වෙරමණියා සමාදපෙති, අත්තනා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, නො පරං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා පණිවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා අයිනාදනින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා මුසවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා පාණාතිපාතා අප්පටිවිරතො හොති, පරං පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත්තනා අදින්නාදානා අප්පටිවිරතො හොති, පරං අදින්නාදානා වෙරමණියා සමාදපෙති. අත්තනා කාමෙසු මිච්ඡාචාරා අප්පටිවිරතො හොති, පරං කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති. අත්තනා මුසාවාදා අප්පටිවිරතො හොති, පරං මුසාවාදා වෙරමණියා සමාදපෙති. අත්තනා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතො හොති, පරං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ අයිනාදනින් දුරුවූයේ නො වෙයි. මෙරමා අයිනාදනින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ නො වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ නො වෙයි. මෙරමා මුසවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි.
එවං ඛො භික්ඛවෙ පුග්ගලො පරහිතාය පටිපන්නො හොති, නො අත්තහිතාය.
මහණෙනි, මෙසේ පුද්ගල මෙරමා හට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා පාණාතිපාතා අප්පටිවිරතො හොති, නො පරං පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. -පෙ- අත්තනා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතො හොති, නො පරං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති, නො පරහිතාය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. ... තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. -පෙ- අත්තනා ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, පරඤ්ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තහිතාය ච පටිපන්නො හොති පරහිතාය ච.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. ... තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි විද්යමානයහ.