අත‍්තහිතසුත‍්තං
4. 2. 5. 8.
4. 2. 5. 8.
[අත‍්තහිතසුත‍්තං]
[අත්තහිත සූත්‍රය]
48. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
48. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය පරහිතාය පටිපන‍්නො නො අත‍්තහිතාය. නෙවත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය. අත‍්තහිතාය ච පටිපන‍්නො පරහිතාය ච.
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය. තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.