පොතලියසුත්තං
4. 2. 5. 10.
4. 2. 5. 10.
[පොතලියසුත්තං]
[පෝතලිය සූත්‍රය]
50. අථ ඛො පොතලියො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො පොතලියං පරිබ්බාජකං භගවා එතදවොච :
50. එසඳ පෝතලිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. තුස්නට නිසි සිහිකරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් පෝතලිය පිරිවැජිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
චත්තාරොමෙ පොතලිය, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ පොතලිය එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
පෝතලිය, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්ණය කියන්නේ වේ. යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්ණය නො කියන්නේ වෙයි.
ඉධ පන පොතලිය එකච්චො පුග්ගලො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්ණය කියන්නේ වේ. නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු නො කියන්නේ වෙයි.
ඉධ පන පොතලිය, එකච්චො පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු, නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්ණය නො කියන්නේත් වෙයි.
ඉධ පන පොතලිය, එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්ණය කියන්නේ වෙයි.
ඉමෙ ඛො පොතලිය, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
ඉමෙසං ඛො පොතලිය, චතුන්නං පුග්ගලානං කතමො තෙ පුග්ගලො ඛමති අභික්කන්තතරො ච පණීතතරො චාති?
පෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් කල්යාණතරය යි, උත්තමතරය යි, තට රුස්නේ ද?
චත්තාරො’මෙ භො ගොතම, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
ඉධ භො ගොතම එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්ණය නො කියන්නේ වෙයි.
ඉධ පන භො ගොතම, එකච්චො පුග්ගලො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්ණය කියන්නේ ය. නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්ණය නො කියන්නේ වෙයි.
ඉධ පන භො ගොතම එකච්චො පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්ණය නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්ණය නො කියන්නේත් වෙයි.
ඉධ පන භො ගොතම එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්ණය කියන්නේත් වෙයි.
ඉමෙ ඛො භො ගොතම, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
ඉමෙසං භො ගොතම, චතුන්නං පුග්ගලානං ය්වායං පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන. අයං මෙ පුග්ගලො ඛමති ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? අභික්කන්තා හෙසා භො ගොතම යදිදං උපෙක්ඛාති.
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුඟුලන් අතුරින් යම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්ණය නො කියන්නේ වේද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ වර්ණය නො කියන්නේ වේ ද, මේ පුද්ගල මේ සතර පුඟුලන් අතුරින් කල්‍යාණතර යයි ද උත්තමතර යයි ද මට රුස්නේ ය. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, යම් මධ්යස්ථතායෙක් ඇද්ද, තෙල සුන්දරතර ය.
චත්තාරො’මෙ පොතලිය, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ පන පොතලිය එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන. -පෙ- වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන ඉමෙ ඛො පොතලිය චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ අවර්ණය කියන්නේ වේ. ... යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්ණය කියන්නේ වේ. පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
ඉමෙසං ඛො පොතලිය චතුන්නං පුග්ගලානං ය්වායං පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන. අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? අභික්කන්තා හෙසා පොතලිය යදිදං තත්ථ තත්ථ කාලඤ්ඤුතාති.
පෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ භූත වූ තථ්‍ය වූ අවර්ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ වර්ණය කියන්නේ වේ ද, මෙ තෙම මේ සතර පුඟුලන් අතුරින් කල්‍යාණතර ද උත්තමතර ද වෙයි. ඒ කවර හෙයින යත්: පෝතලිය, ඒ ඒ කරුණෙහි කල් දන්නා බවෙක් ඇද්ද, තෙල කල්‍යාණතර වෙයි.
චත්තාරො’මෙ භො ගොතම පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ භො ගොතමො එකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස -පෙ- වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්‍රාප්ත කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ ... යුක්තප්‍රාප්ත කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ වර්ණය කියන්නේ වේ.
ඉමෙ ඛො භො ගොතම චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
ඉමෙසං භො ගොතම, චතුන්නං පුග්ගලානං ය්වායං පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා භූතං තච්ඡං කාලෙන, අයං මෙ පුග්ගලො ඛමති ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? අභික්කන්තා හෙසා භො ගොතම යදිදං තත්ථ තත්ථ කාලඤ්ඤුතාති.
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ අවර්ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්‍ණාර්‍හයාගේ විද්‍යමාන වූ සත්‍ය වූ වර්ණය කියන්නේ වේ ද, මේ පුද්ගල මේ සතර පුද්ගලයන් අතුරින් කල්‍යාණතර යයි ද, උත්තමතර යයි ද මට රුස්නේ ය. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, ඒ ඒ කරුණෙහි යම් මේ කල් දන්නා බවෙක් වේ ද, තෙල කල්‍යාණ ය.
අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ දැයක් උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග පා කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරුයෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ වේ ද, එපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්නියරින් ධර්මය ප්‍රකාශිත ය. තෙල මම භගවත් ගෞතමයන් වහන්සේ හා ධර්මය හා බික්සඟුන් හා සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක් වා.
අසුරවග්ගො පඤ්චමො.
අසුරවර්ගය පස්වනු.
තස්සුද්දානං:
එහි උද්දානය:
අසුරො තයො සමාධි ඡවාලාතෙන පඤ්චමං, රාගානං සන්ති අත්තහිතාය සික්ඛපොතලිකෙන චා ති.
අසුර සූත්‍රය, සමාධිසූත්‍ර තුණය, පස්වන ඡවාලාත සූත්‍රය, රාගවිනය සූත්‍රය, ඛිප්පනිසන්ති සූත්‍රය, අත්තහිත සූත්‍රය, සික්ඛාපද සූත්‍රය, පෝතලික (=පෝතලිය) සූත්‍රය දැයි දසයෙකි.
දුතියො පණ්ණාසකො නිට්ඨිතො.
දෙවන පණ්ණාසකය නිමි.