පඨමවලාහකසුත්තං
4. 3. 1. 1.
4. 3. 1. 1.
[පඨමවලාහකසුත්තං]
[පඨමවලාහක සූත්‍රය]
1. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’ යි භික්ෂූන් ඇමැතූ සේක. වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
චත්තාරොමෙ භික්ඛවෙ වලාහකා. කතමෙ චත්තාරො?
මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වලාහකා.
ගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි. මහණෙනි, මේ සතර වලාවෝ ය.
එවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
මහණෙනි, එපරිදි ම වලා බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, නෙව ගජ්ජිතා නො වස්සිතා, ගජ්ජිතා ච වස්සිතා ච.
ගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො භාසිතා හොති නො කත්තා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො ගජ්ජිතා නො වස්සිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල තෙමේ ගිගිරි ඇත්තේ නොවස්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් (මෙ ද මෙ ද කරමි යි) බණන්නේත් නො කරන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරනුයේ නො වස්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි කරන්නේ නො වස්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො කත්තා හොති නො භාසිතා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො වස්සිතා නො ගජ්ජිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල වර්ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් (නො බැණ ම ඒ ඒ දැය) කරන්නේ වෙයි. බණන්නේ නො වෙයි. මහණෙනි, මෙ පරිදි පුද්ගල වර්ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වර්ෂා කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මේ පුද්ගලයා මම එබඳු උපමා ඇති කොට කියමි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව භාසිතා හොති නො කත්තා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේත්, වර්ෂා නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නො කියන්නේ ම නො කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වර්ෂා නො කරන්නේ ද වෙයි. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි නො කරන්නේ ම වර්ෂා නො කරන්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො භාසිතා ච හොති කත්තා ච. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච. සෙය්යථාපි සො භික්ඛවෙ වලාහකො ගජ්ජිතා ච වස්සිතා ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බණන්නේත් කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇති කොට කියමි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර වැදෑරුම් වලාහකූපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.