යෙදුමෙන් කියවන්න

දුතියවලාහකසුත‍්තං

4. 3. 1. 2.

4. 3. 1. 2.

[දුතියවලාහකසුත‍්තං]

[දුතියවලාහක සූත්‍රය]

2. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ වලාහකා. කතමෙ චත‍්තාරො?

2. මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ගජ‍්ජිතා නො වස‍්සිතා, වස‍්සිතා නො ගජ‍්ජිතා, නෙව ගජ‍්ජිතා නො වස‍්සිතා, ගජ‍්ජිතා ච වස‍්සිතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො වලාහකා.

ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි නො කරන්නේ ගිගිරි කරන්නේය. ගිගිරි නො කරන්නේ වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේ වැසි ද කරන්නේයි. මහණෙනි, මේ සතර වලාහකයෝ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරො’මෙ වලාහකූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

මහණෙනි, එපරිදි ම මේ වලාහකූපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:

ගජ‍්ජිතා නො වස‍්සිතා, වස‍්සිතා නො ගජ‍්ජිතා, නෙව ගජ‍්ජිතා නො වස‍්සිතා, ගජ‍්ජිතා ච වස‍්සිතා ච.

ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි කරන්නේ ගිගිරි නො කරන්නේය. ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේත් වැසි ද කරන්නේ යි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ගජ‍්ජිතා හොති නො වස‍්සිතා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ධම‍්මං පරියාපුණාති: සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං නප‍්පජානාති. අයං දුක‍්ඛනිරොධොති යථාභූතං නප‍්පජානාති. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ගජ‍්ජිතා හොති නො වස‍්සිතා. සෙය්‍යාථාපි සො භික‍්ඛවෙ වලාහකො ගජ‍්ජිතා නො වස‍්සිතා, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛසමුදය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො වස‍්සිතා හොති නො ගජ‍්ජිතා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ධම‍්මං නෙව ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො වස‍්සිතා හොති නො ගජ‍්ජිතා. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ වලාහකො වස‍්සිතා නො ගජ‍්ජිතා, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නොහදාරනුයේ වෙයි. හෙතෙම “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො නෙව ගජ‍්ජිතා හොති නො වස‍්සිතා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ධම‍්මං න පරියාපුණාති: සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො නෙව ගජ‍්ජිතා හොති නො වස‍්සිතා. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ වලාහකො නෙව ගජ‍්ජිතා නො වස‍්සිතා, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ගජ‍්ජිතා ච හොති වස‍්සිතා ච? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ගජ‍්ජිතා ච හොති වස‍්සිතා ච. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ වලාහකො ගජ‍්ජිතා ච වස‍්සිතා ච, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො වලාහකූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.