යෙදුමෙන් කියවන්න

කුම‍්භසුත‍්තං

4. 3. 1. 3.

4. 3. 1. 3.

[කුම‍්භසුත‍්තං]

[කුම්භ සූත්‍රය]

3. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ කුම‍්භා. කතමෙ චත‍්තාරො?

3. මහණෙනි, මේ කුම්භයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

තුච‍්ඡො පිහිතො, පූරො විවටො, තුච‍්ඡො විවටො, පූරො පිහිතො. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො කුම‍්භා.

ඇතුළත සිස් වූ පිටත පියු මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු නො පියු මුව ඇති එකෙක. ඇතුළත සිස් වූ නො පියූ මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු පියු මුව ඇති එකෙක. මේ සතර කුම්භයෝය.

එවමෙවං ඛො භික‍්ඛවෙ චත‍්තාරො’මෙ කුම‍්භූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

මහණෙනි, එපරිදි ම මේ කුම්භොපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

තුච‍්ඡො පිහිතො, පූරො විවටො, තුච‍්ඡො විවටො, පූරො පිහිතො.

ඇතුළත සිස් වූ පියු මුව ඇති එකෙක. ඇතුළත පිරුණු වළ කට ඇති එකෙක. ඇතුළත සිස් වූ වළ කට ඇති එකෙක. ඇතුළත පිරුණු පියු කට ඇති එකෙක.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො තුච‍්ඡො හොති පිහිතො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති. අයං දුක‍්ඛ සමුදයොති -පෙ- අයං දුක‍්ඛ නිරොධොති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො තුච‍්ඡො හොති පිහිතො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ කුම‍්භො තුච‍්ඡො පිහිතො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත හිස් වූයේ පියු මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලකුගේ ඉදිරි යෑම, වටාලා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛනිරෝධය”යි ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො පූරො හොති විවටො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස න පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො පූරො හොති විවටො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ කුම‍්භො පූරො විවටො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත වළ මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පා සිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො තුච‍්ඡො හොති විවටො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස න පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො තුච‍්ඡො හොති විවටො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ කුම‍්භො තුච‍්ඡො විවටො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය තෙමේ ඇතුළත හිස් වූයේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගල එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො පූරො හොති පිහිතො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො පූරො හොති පිහිතො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ කුම‍්භො පූරො පිහිතො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේ ද, මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ’යි කියමි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො කුම‍්භූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ සතර වැදෑරුම් කුම්භොපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ.