උදකරහදසුත‍්තං
4. 3. 1. 4.
4. 3. 1. 4.
[උදකරහදසුත‍්තං]
[උදකරහද සූත්‍රය]
4. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ උදකරහදා. කතමෙ චත‍්තාරො?
4. මහණෙනි, මේ දිය පිරුණු දහතළාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
උත‍්තානො ගම‍්භීරොභාසො, ගම‍්භීරො උත‍්තානොභාසො, උත‍්තානො උත‍්තානොභාසො, ගම‍්භීරො ගම‍්භීරොභාසො. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො උදකරහදා.
නො ගැඹුරු වූ (එහෙත්) ගැඹුරු සේ පැණෙන එකෙක, ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. මහණෙනි, මේ සතර දිය පිරුණු දහතළාවෝ යි.
එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරො’මෙ උදකරහදූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
මහණෙනි, එපරිදි ම දහතළා බඳු පුද්ගලයෝ මේ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
උත‍්තානො ගම‍්භීරොභාසො, ගම‍්භීරො උත‍්තානොභාසො, උත‍්තානො උත‍්තානොභාසො, ගම‍්භීරො ගම‍්භීරොභාසො.
නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙකැ.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උත‍්තානො හොති ගම‍්භීරොභාසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උත‍්තානො හොති ගම‍්භීරොභාසො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ උදකරහදො උත‍්තානො ගම‍්භීරොභාසො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, වටා බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛ නිරෝධය”යි ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ගම‍්භීරො හොති උත‍්තානොභාසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස න පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ගම‍්භීරො හොති උත‍්තානොභාසො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ උදකරහදො ගම‍්භීරො උත‍්තානොභාසො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො උත‍්තානො හොති උත‍්තානොභාසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස න පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො උත‍්තානො හොති උත‍්තානොභාසො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ උදකරහදො උත‍්තානො උත‍්තානොභාසො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු හැරීම, සඟළපාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වේ. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වෙයි. මහණෙනි, යම් සේ ඒ දහතළාව නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ගම‍්භීරො හොති ගම‍්භීරොභාසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ගම‍්භීරො හොති ගම‍්භීරොභාසො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ උදකරහදො ගම‍්භීරො ගම‍්භීරොභාසො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු පැණුම් ඇත්තේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි ගමන, පසු ගමන, ඉදිරි බැලීම, පසු බැලීම, ආකුඤ්චනය, ප්‍රසාරණය, සඟළපාසිවුරු දැරීම ප්‍රසාදජනක වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම්සේ ඒ දහතළාව ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො උදකරහදූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, දහතළා බඳු මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.