යෙදුමෙන් කියවන්න

අම‍්බසුත‍්තං

4. 3. 1. 5.

4. 3. 1. 5.

[අම‍්බසුත‍්තං]

[අම්බ සූත්‍රය]

5. චත‍්තාරිමානි භික‍්ඛවෙ අම‍්බානි. කතමානි චත‍්තාරි?

5. මහණෙනි, මෙ අඹපල සතරෙකි. කවර සතරෙක යත්:

ආමං පක‍්කවණ‍්ණි, පක‍්කං ආමවණ‍්ණි, ආමං ආමවණ‍්ණි, පක‍්කං පක‍්කවණ‍්ණි. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි අම‍්බානි.

අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක. මහණෙනි, මේ සතර අඹපලයි.

එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරො’මෙ අම‍්බූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

මහණෙනි, එපරිදි ම ලොව්හි මේ අඹ බඳු පුඟුලෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

ආමො පක‍්කවණ‍්ණී, පක‍්කො ආමවණ‍්ණී, ආමො ආමවණ‍්ණී, පක‍්කො පක‍්කවණ‍්ණී.

අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ආමො හොති පක‍්කවණ‍්ණී? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ආමො හොති පක‍්කවණ‍්ණී. සෙය්‍යථාපි තං භික‍්ඛවෙ අම‍්බං ආමං පක‍්කවණ‍්ණි, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරියෑම, පසුඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, අත්පා දිගුකිරීම, සඟළපාසිවුරු දැරීම යන මේ ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වෙයි. මහණෙනි, යම් සේ ඒ අඹය අමු වූයේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො පක‍්කො හොති ආමවණ‍්ණී? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස න පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො පක‍්කො හොති ආමවණ‍්ණී. සෙය්‍යථාපි තං භික‍්ඛවෙ අම‍්බං පක‍්කං ආමවණ‍්ණි, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ ගමන, ආගමන, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නො වේ. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි දනී. මෙසේ පුද්ගල පැසුනේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල පැසුනේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ආමො හොති ආමවණ‍්ණී? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස න පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ආමො හොති ආමවණ‍්ණී. සෙය්‍යථාපි තං භික‍්ඛවෙ අම‍්බං ආමං ආමවණ‍්ණි, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ අභික්‍රමණ, ප්‍රකික්‍රමණ, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නොවේ. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි නොදනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල අමුවූයේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො පක‍්කො හොති පක‍්කවණ‍්ණී? ඉධ භික‍්ඛවෙ එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස පාසාදිකං හොති අභික‍්කන‍්තං පටික‍්කන‍්තං ආලොකිතං විලොකිතං සම‍්මිඤ‍්ජිතං පසාරිතං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො පක‍්කො හොති පක‍්කවණ‍්ණී. සෙය්‍යථාපි තං භික‍්ඛවෙ අම‍්බං පක‍්කං පක‍්කවණ‍්ණි, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරියෑම, වටාලා ඊම, ආලෝකන, විලෝකන, හැකිළීම්, දිගු හැරීම්, සඟළ පා සිවුරු දැරීම් ප්‍රසාද එළවන්නේ වෙයි. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ. මහණෙනි, යම්සේ ඒ අඹය පැසුනේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො අම‍්බූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, අඹ බඳු මේ සතර වැදෑරුම් පුඟුලෝ ලොව්හි විද්‍යමානයහ.

4. 3. 1. 6 4. 3. 1. 7

4.3.1.6. 4.3.1.7.