1. වලාහකවග්ගො අට්ඨකථා
1. වලාහක වර්ගය
1. පඨමවලාහකසුත්තවණ්ණනා
1. පඨමවලාහක සූත්‍ර වර්ණනාව
තතියපණ්ණාසකස්ස පඨමෙ වලාහකාති මෙඝා. භාසිතා හොති නො කත්තාති “ඉදඤ්චිදඤ්ච කරිස්සාමී”ති කෙවලං භාසතියෙව, න කරොති. කත්තා හොති නො භාසිතාති අකථෙත්වාව “ඉදඤ්චිදඤ්ච මයා කාතුං වට්ටතී”ති කත්තා හොති. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. දුතියං උත්තානත්ථමෙව.
තෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි වලාහකා යනු වළාකුළුයි, භාසිතා හොති න කත්තා යනු මෙය ද මෙය ද කරමැයි කියන්නේමය, නොකරයි. කත්තා හොති න භාසිතා යනු නොකියාම මෙය ද මෙය ද මවිසින් කිරීමට වටීයයි කරන්නේම වෙයි, මෙසේ සියලු තැන අර්ත්ථය දතයුතුය. දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
3. කුම්භසුත්තවණ්ණනා
3. කුම්භ සූත්‍ර වර්ණනාව
තතියෙ කුම්භාති ඝටා. තුච්ඡො පිහිතොති රිත්තකො පිහිතමුඛො. පූරො විවටොති උදකපුණ්ණො අපාරුතමුඛො. සෙසද්වයෙපි එසෙව නයො.
තෙවැනි සූත්‍රයෙහි කුම්හා යනු කළයි, තුච්ඡො පිහිතො යනු හිස්වූයේ වැසූ මුව ඇත්තේයි, පූරො විවටො යනු ජලයෙන් පිරුණේ නොවැසූ මුව ඇත්තේයි, සෙසු සූත්‍ර දෙකෙහි ද මේ ක්‍රමයමයි,
4. උදකරහදසුත්තවණ්ණනා
4. උදකරහද සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ උත්තානො ගම්භීරොභාසොතිආදීසු පුරාණපණ්ණරසසම්භින්නවණ්ණො කාළඋදකො ගම්භීරොභාසො නාම, අච්ඡවිප්පසන්නමණිවණ්ණඋදකො උත්තානොභාසො නාම.
සිවුවැන්නෙහි උත්තානො ගම්භීරොභාසො යනාදියෙහි පැරණි කොලවල රසයෙන් මුසුවූ පැහැය ඇති කළුදිය ගැඹුරු සේ පෙනෙන්නේ (ගම්භීරොභාසො) නමි. පිරිසුදු පැහැදිලි මැණික් පැහැය ඇති ජලය පැහැදිලිව පෙනෙන්නේ (උත්තානොභාසො) නමි,
5. අම්බසුත්තවණ්ණනා
5. අම්බ සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ආමං පක්කවණ්ණීති ආමකං හුත්වා ඔලොකෙන්තානං පක්කසදිසං ඛායති. එවං සබ්බපදානි දට්ඨබ්බානි. ඡට්ඨං උත්තානත්ථමෙව.
පස්වැන්නෙහි ආමං පක්කවණ්ණී යනු අමුව බලන්නන්ට පැසුණු සේ හැඟෙයි, මෙසේ සියලු පද දැක්විය යුතුයි, සයවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
7. මූසිකාසුත්තවණ්ණනා
7. මූසිකා සූත්‍ර වර්ණනාව
සත්තමෙ යො ආවාටං ඛණති, න ච තත්ථ වසති, සො ගාධං කත්තා නො වසිතාති වුච්චති. ඛන්තාතිපි පාඨො. ඉමිනා නයෙන සබ්බපදානි වෙදිතබ්බානි.
සත්වැන්නෙහි යමෙක් වළක් කණියි ද එහි නොවසයි ද හෙතෙම ගාධං කත්තා නොවසීතායි කියනු ලැබේ. ඛන්තා යනු ද පාඨයි, මේ ක්‍රමයෙන් සියලු පද දතයුතුය,
8. බලිවද්දසුත්තවණ්ණනා
8. බලීවද්ද සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ යො අත්තනො ගොගණං මද්දති, න පරගොගණං, අයං සගවචණ්ඩො නො පරගවචණ්ඩොති එවං සබ්බපදානි වෙදිතබ්බානි. උබ්බෙජෙතා හොතීති ඝට්ටෙත්වා විජ්ඣිත්වා උබ්බෙගපත්තං කරොති.
අටවැන්නෙහි යමෙක් තමන්ගේ ගව සමුහයා මඩියි ද (පහරදෙයි) අනුන්ගේ ගවයන් නොමඩියි ද හෙතෙම සගචචණ්ඩො නො පරගචචණ්ඩො නමි, මෙසේ සියලු පද දතයුතුයි, උබ්බෙජෙතා හොති යනු ගටා විද තැතිගැනීම් ඇත්තකු බව කරයි,
9. රුක්ඛසුත්තවණ්ණනා
9. රුක්ඛ සූත්‍ර වර්ණනාව
නවමෙ ඵෙග්ගු ඵෙග්ගුපරිවාරොති නිස්සාරො ඵෙග්ගුරුක්ඛො ඵෙග්ගුරුක්ඛෙහෙව පරිවුතො. සාරපරිවාරොති ඛදිරාදීහි සාරරුක්ඛෙහෙව පරිවුතො. එස නයො සබ්බත්ථ.
නවවැන්නෙහි ඵෙග්ගු ඵෙග්ගු පරිවාරො යනු නිසරු වූ ඵලගස ඵලගස්වලින්ම පිරිවරණ ලද්දේයි, සාර පරිවාරො යනු කිහිරි ආදී හරගස්වලින් පිරිවරණ ලද්දේයි, සියලු තන්හි මේ ක්‍රමයයි,
10. ආසිවිසසුත්තවණ්ණනා
10. ආසීවිස සූත්‍ර වර්ණනාව
දසමෙ ආගතවිසො න ඝොරවිසොති යස්ස විසං ආගච්ඡති, ඝොරං පන න හොති, චිරකාලං න පීළෙති. සෙසපදෙසුපි එසෙව නයොති.
දසවැන්නෙහි ආගතවිසො නො ඝොරවිසො යනු යමෙකුට විෂ පැමිණෙයි ද දරුණු වූයේ නොවෙයි, බොහෝ කලක් නොපෙළයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි.
වලාහකවග්ගො පඨමො.
පළමු වලාහක වර්ගයයි.