ආසිවිසසුත්තං
4. 3. 1. 10.
4. 3. 1. 10.
[ආසිවිසසුත්තං]
[ආසීවිස සූත්‍රය]
10. චත්තාරො’මෙ භික්ඛවෙ ආසිවිසා. කතමෙ චත්තාරො?
10. මහණෙනි, මේ ආශීවිෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ආගතවිසො න ඝොරවිසො, ඝොරවිසො න ආගතවිසො, ආගතවිසො ච ඝොරවිසො ච, නෙවාගතවිසො න ඝොරවිසො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ආසීවිසා.
පැමිණි (එවේලෙහි) විස ඇතියේ කැකුළු (පවත්නා) විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළුවිස ඇතියේ ය. පැමිණි විස ඇතියේ කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි. මහණෙනි, මේ සතර ආශීවිෂයෝ ය.
එවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ ආසිවිසූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
මහණෙනි, එපරිදි ම ආශීවිශෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
ආගතවිසො න ඝොරවිසො, ඝොරවිසො න ආගතවිසො, ආගතවිසො ච ඝොරවිසො ච, නෙවාගතවිසො න ඝොරවිසො.
පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ ය. පැමිණි විස ඇතියේත් කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ආගතවිසො හොති න ඝොරවිසො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ආගතවිසො හොති න ඝොරවිසො. සෙය්යථාපි සො භික්ඛවෙ ආසීවිසො ආගතවිසො න ඝොරවිසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්ඝරාත්රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඝොරවිසො හොති න ආගතවිසො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න හෙව ඛො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඝොරවිසො හොති න ආගතවිසො. සෙය්යථාපි සො භික්ඛවෙ ආසිවිසො ඝොරවිසො න ආගතවිසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපේ. උහුගේ ඒ ක්‍රෝධය දීර්ඝරාත්රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ආගතවිසො ච හොති ඝොරවිසො ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ආගතවිසො ච හොති ඝොරවිසො ච. සෙය්යථාපි සො භික්ඛවෙ ආසිවිසො ආගතවිසො ච ඝොරවිසො ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්ඝරාත්රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවාගතවිසො හොති න ඝොරවිසො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො න හෙව ඛො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙවාගතවිසො න ඝොරවිසො. සෙය්යථාපි සො භික්ඛවෙ ආසිවිසො නෙවාගතවිසො න ඝොරවිසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය ද දීර්ඝරාත්රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මේ පුද්ගල පැමිණි විස නැතියේම කැකුළු විස නැතියේ ද වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ආසිවිසූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, ආශීවිෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
වලාහකවග්ගො පඨමො.
වලාහක වර්ගය පළමුවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
ද්වෙ වලාහකා ච කුම්භ උදකරහදා ද්වෙ හොන්ති - අම්බානි මූසිකා බලිවද්දා රුක්ඛා ආසිවිසෙන තෙ දසාති.
වලාහක දෙකය, කුම්භ-උදකරහද යන දෙකය, අම්බ, මූසික, රුක්ඛ, බලිවද්ද, ආසිවිස යන ඒ සූත්‍ර දසයෙකි. (දසයෙන් එක් සූත්‍රයෙක් මෙහි නැත.)