යෙදුමෙන් කියවන්න

රුක‍්ඛසුත‍්තං

4. 3. 1. 9.

4. 3. 1. 9.

[රුක‍්ඛසුත‍්තං]

[රුක්ඛ සූත්‍රය]

9. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ රුක‍්ඛා. කතමෙ චත‍්තාරො?

9. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ඵෙග‍්ගු ඵෙග‍්ගුපරිවාරො, ඵෙග‍්ගු සාරපරිවාරො, සාරො ඵෙග‍්ගුපරිවාරො, සාරො සාරපරිවාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො රුක‍්ඛා.

නිසරු රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. හර රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. නිසරු රුක් පිරිවර කොට ඇති හර රුකෙක. හර රුක් පිරිවර කොට ඇති හර රුකෙක. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනයි.

එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරො’මෙ රුක‍්ඛූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

මහණෙනි, එපරිදි ම රුක්බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

ඵෙග‍්ගු ඵෙග‍්ගුපරිවාරො, ඵෙග‍්ගු සාරපරිවාරො, සාරො ඵෙග‍්ගුපරිවාරො, සාරො සාරපරිවාරො.

ඵලගු පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, ඵලගු පරිවාර කොට ඇති සාර පුද්ගලය. සාර පරිවාර කොට ඇති සාර පුද්ගල යි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ඵෙග‍්ගු හොති ඵෙග‍්ගුපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො දුස‍්සීලො හොති පාපධම‍්මො. පරිසාපිස‍්ස හොති දුස‍්සීලා පාපධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ඵෙග‍්ගු හොති ඵෙග‍්ගුපරිවාරො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ රුක‍්ඛො ඵෙග‍්ගු ඵෙග‍්ගුපරිවාරො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇති වෙයි. ඔහු පිරිස ද දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය ඵලගුපරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො ඵෙග‍්ගු හොති සාරපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො දුස‍්සීලො හොති පාපධම‍්මො, පරිසා ච ඛ‍්වස‍්ස හොති සීලවතී කල්‍යාණධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො ඵෙග‍්ගු හොති සාරපරිවාරො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ රුක‍්ඛො ඵෙග‍්ගු සාරපරිවාරො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. උහුගේ පිරිස සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාර පරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සාරො හොති ඵෙග‍්ගුපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලවා හොති කල්‍යාණධම‍්මො. පරිසා ච ඛ‍්වස‍්ස හොති දුස‍්සීලා පාපධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො සාරො හොති ඵෙග‍්ගුපරිවාරො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ රුක‍්ඛො සාරො ඵෙග‍්ගුපරිවාරො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය, ඵලගුපරිවාර කොට ඇති සාරවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සාරො හොති සාරපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලවා හොති කල්‍යාණධම‍්මො. පරිසාපිස‍්ස හොති සීලවතී කල්‍යාණධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො සාරො හොති සාරපරිවාරො. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ රුක‍්ඛො සාරො සාරපරිවාරො, තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි, කළණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාරපරිවාර කොට ඇති සාරවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො රුක‍්ඛූපමා පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, වෘක්‍ෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.