2. කෙසිවග්ගො අට්ඨකථා
2. කේසි වර්ගය
1. කෙසිසුත්තවණ්ණනා
1. කේසි සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ කෙසීති තස්ස නාමං. අස්සදම්මෙ සාරෙතීති අස්සදම්මසාරථි. සණ්හෙනපි විනෙතීතිආදීසු තස්ස අනුච්ඡවිකං සක්කාරං කත්වා සුභොජනං භොජෙත්වා මධුරපානං පායෙත්‍වා මුදුවචනෙන සමුදාචරිත්වා දමෙන්තො සණ්හෙන දමෙති නාම, ජාණුබන්ධනමුඛබන්ධනාදීහි චෙව පතොදවිජ්ඣනකසාභිඝාතඵරුසවචනෙහි ච දමෙන්තො ඵරුසෙන දමෙති නාම, කාලෙන කාලං තදුභයං කරොන්තො සණ්හඵරුසෙන දමෙති නාම.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි කෙසී යනු ඔහුගේ නමයි, අසුන් දමනයෙහි ඇදුරු වූයේයි අස්සදම්මසාරථී නමි. සණ්හෙනපි දමෙති යනාදියෙහි ඔහුට සුදුසු වූ සත්කාරකොට මනා බොජුන් කවා මිහිරි පැන් පොවා මෘදු වචන කියා දමනය කරන්නේ සණ්හෙන දමෙති නමි, දණ (හිස) බැඳීම්, මුවබැඳීම් ආදියෙන් මෙන්ම කෙවිටෙන් විදීම් කසයෙන් තැලීම් ඵරුෂ වචන කීමෙන් ද දමනය කරන්නේ ඵරුසෙන දමෙති නමි, කලින් කලට මේ දෙකම කරන්නේ සණ්හඵරුසෙන දමෙති නමි.
2. අස්සාජානීය-ජව සුත්තවණ්ණනා
2. අස්සාජානීය - ජව සූත්‍ර වර්ණනාව
දුතියෙ අජ්ජවෙනාති උජුකභාවෙන. ජවෙනාති පදවෙගෙන. ඛන්තියාති අධිවාසනක්ඛන්තියා. සොරච්චෙනාති සුචිභාවසීලෙන. පුග්ගලගුණඞ්ගෙසු ජවෙනාති ඤාණජවෙන. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
දෙවැන්නෙහි අජ්ජවෙන යනු සෘජු බවිනි, ජවෙන යනු පද වේගයෙනි, ඛන්තියා යනු ඉවසන ක්ෂාන්තියෙනි, සොරච්වෙන යනු පිරිසුදු බව ඇති ශීලයෙනි, පුද්ගල ගුණාංගයන්හි ජවෙන යනු ඥාන වේගයෙනි, මෙහි සෙස්ස පැහැදිලිමය.
3. අස්සාජානීය-පතොදසුත්තවණ්ණනා
3. අස්සාජානීය - පතොද සූත්‍ර වර්ණනාව
තතියෙ පතොදච්ඡායන්ති විජ්ඣනත්ථං උක්ඛිත්තස්ස පතොදස්ස ඡායං. සංවිජ්ජතීති “ජවො මෙ ගහෙතබ්බො”ති සල්ලක්ඛණවසෙන සංවිජ්ජති. සංවෙගං ආපජ්ජතීති සංවෙගං පටිපජ්ජති ලොමවෙධවිද්ධොති ලොමකූපෙ පතොදවෙධෙන විද්ධමත්තො. චම්මවෙධවිද්ධොති ඡවිචම්මං ඡින්දන්තෙන පතොදවෙධෙන විද්ධො. අට්ඨිවෙධවිද්ධොති අට්ඨිං භින්දන්තෙන වෙධෙන විද්ධො. කායෙනාති නාමකායෙන. පරමසච්චන්ති නිබ්බානං. සච්ඡිකරොතීති පස්සති. පඤ්ඤායාති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය.
තුන්වැන්නෙහි පතොදච්ඡායං යනු විදීම සඳහා එසවූ කෙවිටේ සෙවනැල්ලයි, සංවිජ්ජති යනු මවිසින් වේගය ගතයුතු යයි සැලකීම් වශයෙන් තැතිගනියි, සංවෙගං ආපජ්ජති යනු වේගයට එළඹෙයි, ලොමවෙධවිද්ධො යනු කෙවිටි පහරින් රෝමකූපයෙහි විදිනු ලැබීමයි, චම්මවෙධ විද්ධො යනු සම සිඳින්නා වූ කෙවිටි පහරින් විදිනු ලද්දේයි, අට්ඨිවෙධ විද්ධො යනු ඇට බිදෙන විදීමෙන් විදින ලද්දේයි, කායෙන යනු නාමකායයෙනි, පරමසච්චං යනු නිවනයි, සච්ඡිකරොති යනු දකියි, පඤ්ඤාය යනු විදර්ශනා සහගතමාර්ග ප්‍රඥාවෙනි.
4. නාගසුත්තවණ්ණනා
4. නාග සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අට්ඨිං කත්වාති අට්ඨිකො හුත්වා. තිණවනින්නාදසද්දානන්ති එත්ථ තිණවොති ඩිණ්ඩිමො, නින්නාදසද්දොති සබ්බෙසම්පි එකතොමිස්සිතො මහාසද්දො. ඩංසාදීසු ඩංසාති පිඞ්ගලමක්ඛිකා, මකසා මකසාව. ඛිප්පඤ්ඤෙව ගන්තා හොතීති සීලසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනානි පූරෙත්වා සීඝමෙව ගන්තා හොති.
සිවුවැන්නෙහි අට්ඨිකත්වා යනු දැනුම ඇත්තේ වීයි, තිණවනින්නාද සදදානං යන මෙහි තිණව යනු දෙණ්ඩිම බෙරයයි, නින්නාද සද්ද යනු සියල්ල එකට මුසුවූ ශබ්දයයි, ඩංසා යනාදියෙහි ඩංසා යනු ඇටමැස්සෝයි, මකසා යනු මැස්සෝමයි, ඛීප්පඤ්ඤෙව ගන්තා හොති යනු සීල, සමාධි, පඤ්ඤා, විමුත්ති, විමුක්තිඤාණදස්සනයන් සපුරා ඉක්මණින්ම යන්නේ වෙයි.
5. ඨානසුත්තවණ්ණනා
5. ඨාන සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ඨානානීති කාරණානි. අනත්ථාය සංවත්තතීති අහිතාය අවඩ්ඪියා සංවත්තති. එත්ථ ච පඨමං ඔපාතක්ඛණනමච්ඡබන්ධනසන්ධිච්ඡෙදනාදිභෙදං සදුක්ඛං සවිඝාතං පාපකම්මං වෙදිතබ්බං, දුතියං සමජීවිකානං ගිහීනං පුප්ඵච්ඡඩ්ඩකාදිකම්මං සුධාකොට්ටන-ගෙහච්ඡාදනඅසුචිට්ඨානසම්මජ්ජනාදිකම්මඤ්ච වෙදිතබ්බං, තතියං සුරාපානගන්ධවිලෙපනමාලාපිළන්ධනාදිකම්මඤ්චෙව අස්සාදවසෙන පවත්තං පාණාතිපාතාදිකම්මඤ්ච වෙදිතබ්බං, චතුත්ථං ධම්මස්සවනත්ථාය ගමනකාලෙ සුද්ධවත්ථච්ඡාදන-මාලාගන්ධාදීනං ආදාය ගමනං චෙතියවන්දනං බොධිවන්දනං මධුරධම්මකථාසවනං පඤ්චසීලසමාදානන්ති එවමාදීසු සොමනස්සසම්පයුත්තං කුසලකම්මං වෙදිතබ්බං. පුරිසථාමෙති පුරිසස්ස ඤාණථාමස්මිං. සෙසද්වයෙපි එසෙව නයො.
පස්වැන්නෙහි ඨානානි යනු කරුණුයි (හේතුයි); අනත්ථාය සංවත්තති යනු අහිත පිණිස අවැඩ පිණිස පවතියි. මෙහිදී පළමුවැන්න වලකැණීම, මසුන්බැඳීම, ගෙවල්බිඳීම යනාදී භේද ඇති දුක් සහිත උවදුරු සහිත පාපකර්මය දතයුතුය, දෙවැන්න සමදිවිපැවතුම් ඇති ගිහියන්ගේ කසළ ඉවතලීම ආදී කර්මය ද හුණු කෙටීම, ගෙපියසි අපිරිසුදු තැන් හැමදීම ආදී කර්මයයි ද දතයුතුයි, තෙවැන්න රහමෙර පානය සුවඳ විලවුන් මල්දම් පැලදීම ආදී කර්මය හා ආස්වාද වශයෙන් පවතින ප්‍රාණඝාතය ආදී කර්මයයි ද දතයුතුය, සිවුවැන්න දහම් ඇසීම සඳහා යන කල්හි පිරිසුදු වස්ත්‍ර හැඳීම මල් සුවඳාදිය රැගෙන යාම, චෛත්‍ය වන්දනාව, බෝධි වන්දනාව, මිහිරි දහම්කථා ඇසීම, පන්සිල් සමාදන්වීම යන මේ ආදියෙහි සොම්නසින් යුක්ත වූ කුශල කර්මයයි දතයුතුය, පුරිසත්ථාමෙ යනු පුරුෂයාගේ ඥාන ශක්තියේයි, සෙසු දෙක්හි ද මේ ක්‍රමයමයි:
6. අප්පමාදසුත්තවණ්ණනා
6. අප්පමාද සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ යතො ඛොති යදා ඛො. සම්පරායිකස්සාති දෙසනාමත්තමෙතං, ඛීණාසවො පන නෙව සම්පරායිකස්ස, න දිට්ඨධම්මිකස්ස මරණස්ස භායති. සොව ඉධ අධිප්පෙතො. කෙචි පන “සම්මාදිට්ඨි භාවිතාති වචනතො සොතාපන්නං ආදිං කත්වා සබ්බෙපි අරියා අධිප්පෙතා”ති වදන්ති.
සවැන්නෙහි යතො ඛො යනු යම් විටෙක යනුයි, සම්පරායිකස්ස යනු මෙය දේශනා මාත්‍රයකි, ක්ෂීණාශ්රවයා වනාහි පරලොවින් ද, ඉහාත්මයෙහි ද මරණයට බිය නොවෙයි, හෙතෙම මෙහි අදහස් කරන ලදි: ඇතමෙක් “සම්මාදිට්ඨි භාවිතා” යන වචනයෙන් සෝවාන් වූවහු ආදිකොට සියල්ලෙන්ම අදහස් කරන ලදහයි කියත්.
7. ආරක්ඛසුත්තවණ්ණනා
7. ආරක්ඛ සූත්‍ර වර්ණනාව
සත්තමෙ අත්තරූපෙනාති අත්තනො අනුරූපෙන අනුච්ඡවිකෙන, හිතකාමෙනාති අත්ථො. රජනීයෙසූති රාගස්ස පච්චයභූතෙසු. ධම්මෙසූති සභාවෙසු, ඉට්ඨාරම්මණෙසූති අත්ථො. එවං සබ්බත්ථ නයො වෙදිතබ්බො. න රජ්ජතීති දිට්ඨිවසෙන න රජ්ජති. සෙසපදෙසුපි එසෙව නයො. න ච පන සමණවචනහෙතුපි ගච්ඡතීති සමණානං පරවාදීනං වචනහෙතුපි අත්තනො දිට්ඨිං පහාය තෙසං දිට්ඨිවසෙන න ගච්ඡතීති අත්ථො. ඉධාපි ඛීණාසවොව අධිප්පෙතො.
සත්වැනි සූත්‍රයෙහි අත්තරූපෙන යනු තමන්ට අනුරූප වූ සුදුසු වූ හිතකැමති දෙයිනි යන අරුත්ය, රජනීයෙසු යනු රාගයට හේතු වූ දෙයෙනියි, ධම්මෙසු යනු ස්වභාවයෙහි ඉටු අරමුණුවලයි අරුත්ය, සියලු තැන්හි ක්‍රමය මෙසේ දතයුතුය, න ජම්හති යනු දෘෂ්ටි වශයෙන් තැති නොගනියි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, න ච පන සමණ වචනහෙතුපි ගච්ඡති යනු පරවාදී ශ්‍රමණයන්ගේ වචනය හේතු කොටගෙනද තමන්ගේ දෘෂ්ටිය අතහැර ඔවුන්ගේ දෘෂ්ටි වශයෙන් නොයයි යනු අරුත්ය, මෙහිද ක්ෂීණාශ්රවයාම අදහස් කරන ලදි.
8-10. සංවෙජනීයසුත්තාදිවණ්ණනා
8-10. සංවෙජනීය ආදි සූත්‍ර වර්ණනා
අට්ඨමෙ දස්සනීයානීති පස්සිතබ්බයුත්තකානි. සංවෙජනීයානීති සංවෙගජනකානි. නවමෙ ජාතිභයන්ති ජාතිං ආරබ්භ උප්පජ්ජනකභයං. සෙසපදෙසුපි එසෙව නයො. දසමෙ අග්ගිභයන්ති අග්ගිං පටිච්ච උප්පජ්ජනකභයං. සෙසපදෙසුපි එසෙව නයො.
අටවැනි සුත්‍රයෙහි දස්සනීයානි යනු දැකීමට සුදුසු දෙයයි, සංවෙජනීයානි යනු සංවේගජනකවූයි, නවවැන්නෙහි ජාතිභයං යනු උපත අරභයා උපදින බියයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, දසවැන්නෙහි අග්ගිභයං යනු ගින්න නිසා උපදින බියයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි:
කෙසිවග්ගො දුතියො.
දෙවැනි කෙසිය වර්ගයයි