යෙදුමෙන් කියවන්න

3. භයවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. භය වර්ගය

1. භයසුත‍්තවණ‍්ණනා

1. භය සූත්‍ර වර්ණනාව

තතියස‍්ස පඨමෙ අත‍්තානුවාදභයන‍්ති අත‍්තානං අනුවදන‍්තස‍්ස උප‍්පජ‍්ජනකභයං. පරානුවාදභයන‍්ති පරස‍්ස අනුවාදතො උප‍්පජ‍්ජනකභයං. දණ‍්ඩභයන‍්ති ද‍්වත‍්තිංස කම‍්මකාරණා පටිච‍්ච උප‍්පජ‍්ජනකභයං. දුග‍්ගතිභයන‍්ති චත‍්තාරො අපායෙ පටිච‍්ච උප‍්පජ‍්ජනකභයං. ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, අත‍්තානුවාදභයන‍්තිආදීසු අත‍්තානුවාදභයං තාව පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අජ‍්ඣත‍්තං හිරී සමුට‍්ඨාති, සාස‍්ස තීසු ද‍්වාරෙසු සංවරං ජනෙති, තීසු ද‍්වාරෙසු සංවරො චතුපාරිසුද‍්ධිසීලං හොති. සො තස‍්මිං සීලෙ පතිට‍්ඨාය විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අග‍්ගඵලෙ පතිට‍්ඨාති. පරානුවාදභයං පන පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස බහිද‍්ධා ඔත‍්තප‍්පං සමුට‍්ඨාති, තදස‍්ස තීසු ද‍්වාරෙසු සංවරං ජනෙති, තීසු ද‍්වාරෙසු සංවරො චතුපාරිසුද‍්ධිසීලං හොති. සො තස‍්මිං සීලෙ පතිට‍්ඨාය විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අග‍්ගඵලෙ පතිට‍්ඨාති. දුග‍්ගතිභයං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අජ‍්ඣත‍්තං හිරී සමුට‍්ඨාති, සාස‍්ස තීසු ද‍්වාරෙසු සංවරං ජනෙති, තීසු ද‍්වාරෙසු සංවරො චතුපාරිසුද‍්ධිසීලං හොති. සො තස‍්මිං සීලෙ පතිට‍්ඨාය විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අග‍්ගඵලෙ පතිට‍්ඨාති.

තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අත්තානුවාදභයං යනු තමන්ට දොස් නඟන්නාට ඇතිවන බියයි, පරානුවාදභයං යන අනුන් දොස් නැඟීමෙන් ඇතිවන බියයි, දණ්ඩභයං යනු දෙතිස් වධයන් නිසා උපදින බියයි, දුග්ගතිභයං යනු සතර අපායන් හේතුකොටගෙන උපදින බියයි. “ඉදං වුච්චති භික්ඛවෙ අත්තානුවාදභයං” යනාදියෙහි අත්තානුවාද බිය මෙනෙහි කරන්නාට අධ්‍යාත්ම ලජ්ජාව උපදියි, ඒ ලජ්ජාව ඔහුගේ තිදොරින් සංවරය උපදවයි, තිදොරින් සංවරය චතුපාරිසුද්ධි ශීලය වෙයි: හෙතෙම ඒ සීලයෙහි පිහිටා විදසුන් වඩා අග්‍රඵලයෙහි පිහිටයි, පරානුවාදභය හා දණ්ඩභය මෙනෙහි කරන්නට බාහිරව පවට බිය උපදියි, ඒ බිය ඔහුගේ තිදොරෙනි සංවරය උපදවයි, තිදොරෙහි සංවරය චතුපාරිසුද්ධි ශීලයයි, හෙතෙම ඒ සීලයෙහි පිහිටා විදසුන් වඩා අග්‍රඵලයෙහි පිහිටයි, දුගති භය මෙනෙහි කරන්නාට ආධ්‍යාත්මික ලජ්ජාව හටගනියි, ඒ ලජ්ජාව තිදොරෙහි සංවරය උපදවයි, තිදොරෙහි සංවරය චතුපාරිශුද්ධ ශීලයයි, හෙතෙම ඒ ශීලයෙහි පිහිටා විදසුන් වඩා අග්‍ර ඵලයෙහි පිහිටයි.

2. උදකොරොහභයසුත‍්තවණ‍්ණනා

2. උදකොරොගභය සූත්‍ර වර්ණනාව

දුතියෙ උදකොරොහන‍්තස‍්සාති උදකං ඔතරන‍්තස‍්ස. පාටිකඞ‍්ඛිතබ‍්බානීති ඉච‍්ඡිතබ‍්බානි. සුසුකාභයන‍්ති චණ‍්ඩමච‍්ඡභයං. මුඛාවරණං මඤ‍්ඤෙ කරොන‍්තීති මුඛපිදහනං විය කරොන‍්ති. ඔදරිකත‍්තස‍්සාති මහොදරතාය මහග‍්ඝසභාවස‍්ස. අරක‍්ඛිතෙනෙව කායෙනාතිආදීසු කායද‍්වාරෙ තිවිධස‍්ස සංවරස‍්ස අභාවතො අරක‍්ඛිතෙන කායෙන. වචීද‍්වාරෙ චතුබ‍්බිධස‍්ස සංවරස‍්ස අභාවතො අරක‍්ඛිතාය වාචාය.

දෙවැනි සූත්‍රයෙහි උදකොරොහනතස්ස යනු දියට බසින්නාගේයි, පාටිකඞ්ඛිතබ්බා යනු කැමති විය යුතුය, සුසුකාභයං යනු සැඩ මසුන්ගෙන් ඇතිවන බියයි මුඛාවරණං මඤ්ඤෙ කරොන්ති යනු මුවවැස්මක් මෙන් කරති, ඔදරිකත්තස්ස යනු මහත් උදරය ඇති බැවින් මාහැඟි ස්වභාවය ඇත්තාගේයි. අරක්ඛිතෙනෙව කායෙන යනාදියෙහි කායද්වාරයෙහි ත්‍රිවිධ සංවරය නොමැති බැවින් නොරක්නා ලද කයින් ද වාග්ද්වාරයෙහි සතරාකාර සංවරය නොමැති බැවින් නොරක්නා ලද වචනයෙන්ද යනුයි.

3. පුගගලසුත‍්තවණ‍්ණනා

3. පුග්ගල සූත්‍ර වර්ණනාව

තතියෙ තදස‍්සාදෙතීති තං ඣානං සුඛස‍්සාදෙන අස‍්සාදෙති. නිකාමෙතීති පත්‍ථෙති. විත‍්තිං ආපජ‍්ජතීති තුට‍්ඨිං ආපජ‍්ජති. තදධිමුත‍්තොති තස‍්මිං අධිමුත‍්තො, තං වා අධිමුත‍්තො. තබ‍්බහුලවිහාරීති තෙන ඣානෙන බහුලං විහරන‍්තො. සහබ්‍යතං උපපජ‍්ජතීති සහභාවං ගච‍්ඡති, තත්‍ථ නිබ‍්බත‍්තතීති අත්‍ථො. කප‍්පො ආයුප‍්පමාණන‍්ති එත්‍ථ පඨමජ‍්ඣානං අත්‍ථි හීනං, අත්‍ථි මජ‍්ඣිමං, අත්‍ථි පණීතං. තත්‍ථ හීනෙන උප‍්පන‍්නානං කප‍්පස‍්ස තතියො කොට‍්ඨාසො ආයුප‍්පමාණං, මජ‍්ඣිමෙන උපඩ‍්ඪකප‍්පො, පණීතෙන කප‍්පො. තං සන්‍ධායෙතං වුත‍්තං. නිරයම‍්පි ගච‍්ඡතීති නිරයගමනීයස‍්ස කම‍්මස‍්ස අප‍්පහීනත‍්තා අපරාපරං ගච‍්ඡති, න අනන‍්තරමෙව. තස‍්මිංයෙව භවෙ පරිනිබ‍්බායතීති තස‍්මිංයෙව රූපභවෙ ඨත්‍වා පරිනිබ‍්බායති, න හෙට‍්ඨා ඔතරති. යදිදං ගතියා උපපත‍්තියා සතීති යං ඉදං ගතියා ච උපපත‍්තියා ච සති සෙඛස‍්ස අරියසාවකස‍්ස පටිසන්‍ධිවසෙන හෙට‍්ඨා අනොතරිත්‍වා තස‍්මිංයෙව රූපභවෙ උපරි දුතියතතියාදීසු අඤ‍්ඤතරස‍්මිං බ්‍රහ‍්මලොකෙ පරිනිබ‍්බානං, පුථුජ‍්ජනස‍්ස පන නිරයාදිගමනං, ඉදං නානාකරණන‍්ති අත්‍ථො.

තෙවැන්නෙහි තදස්සාදෙති යනු එම ධ්‍යානය සුඛාස්වාදයෙන් ආස්වාදනය කරයි, නිකාමෙති යනු ප්‍රාර්ථනා කරයි, විත්තිං ආපජ්ජති ය සතුටට පැමිණෙයි, තද්ධිමුත්තො යනු එහි හෝ ඇළුනේ එයට හෝ ඇ ඇළුනේයි, තබ්බහුලවිහාරී යනු ඒ ධ්‍යානයෙන් බහුලව වසන්නේයි, සහව්‍යතං උප්පජ්ජති යනු සහභාවයට (ඒ සමග එක්වීමට) යයි, එහි උපදීයයි අර්‍ත්‍ථයයි, කප්පො ආයුප්පමාණං යන මෙහි හීනවූ ප්‍රථමධ්‍යනයෙන් උපන්නවුනට කල්පයෙන් තුනෙන් කොටසක් ආයුප්පමාණය වෙයි, මධ්‍යමයෙන් කප් අඩකි, ප්‍රණීතයෙන් කල්පයකි. ඒ සඳහා මෙය කියන ලදි. නිරයම්පගච්ඡති යනු නිරයට යන කර්‍මය ප්‍රහීන නොවූ බැවින් අපරාපරව යයි, අනතුරුවම නොවේ, (තස්මිං යෙව භවෙ පරිනිබ්බායති යනු ඒ රූපභවයෙහිම සිට පිරිනිවෙයි, පහලට නොබසියි, යදිදං ගතියා උප්පත්තියා සති යනු ගතියද උපතද ඇති කල්හි යමක් වේද එය යනුයි. ශෛක්ෂ ආර්‍ය්‍ය ශ්‍රාවකයගේ ප්‍රතිසන්ධි වශයෙන් පහලට නොබැස) ඒ රූපභවයෙහිම මත්තෙහි දෙවැනි තෙවැනි වූ කිසියම් බඹලොවක පිරිනිවන වෙයි, පෘථග්ජනයාට නිරයාදියට යාමයි. මෙය වෙනසයයි අර්‍ත්‍ථයි,

ද‍්වෙ කප‍්පාති එත්‍ථාපි දුතියජ‍්ඣානං වුත‍්තනයෙනෙව තිවිධං හොති. තත්‍ථ පණීතභාවනෙන නිබ‍්බත‍්තානං අට‍්ඨකප‍්පා ආයුප‍්පමාණං, මජ‍්ඣිමෙන චත‍්තාරො, හීනෙන ද‍්වෙ. තං සන්‍ධායෙතං වුත‍්තං. චත‍්තාරො කප‍්පාති එත්‍ථ යං හෙට‍්ඨා වුත‍්තං “කප‍්පො, ද‍්වෙ කප‍්පා”ති, තම‍්පි ආහරිත්‍වා අත්‍ථො වෙදිතබ‍්බො. කප‍්පොති ච ගුණස‍්සපි නාමං, තස‍්මා කප‍්පො ද‍්වෙ කප‍්පා චත‍්තාරො කප‍්පාති අයමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ඉදං වුත‍්තං හොති – යො පඨමං වුත‍්තො කප‍්පො, සො ද‍්වෙ වාරෙ ගණෙත්‍වා එකෙන ගුණෙන ද‍්වෙ කප‍්පා හොන‍්ති, දුතියෙන චත‍්තාරො, පුන තෙ චත‍්තාරො කප‍්පාති ඉමෙහි චතූහි ගුණෙහි ගුණිතා එකෙන ගුණෙන අට‍්ඨ හොන‍්ති, දුතියෙන සොළස, තතියෙන ද‍්වත‍්තිංස, චතුත්‍ථෙන චතුසට‍්ඨීති. එවමිධ පණීතජ‍්ඣානවසෙන චතුසට‍්ඨි කප‍්පා ගහිතාති වෙදිතබ‍්බා. පඤ‍්ච කප‍්පසතානීති ඉදං පණීතස‍්සෙව උපපත‍්තිජ‍්ඣානස‍්ස වසෙන වුත‍්තං. වෙහප‍්ඵලෙසු වා පඨමජ‍්ඣානභූමිආදීසු විය තිණ‍්ණං බ්‍රහ‍්මලොකානං අභාවතො එත‍්තකමෙව ආයුප‍්පමාණං. තස‍්මා එවං වුත‍්තං.

දෙවකප්පා යනු මෙහිද ද්විතීය ධ්‍යානය කියන ලද අයුරින්ම ත්‍රිවිධ භාවනාවක් ඇත්තේ වෙයි, එහි ප්‍රණිතභාවනාවෙන් උපන්නවුනට කල්ප අටක් ආයුෂ ප්‍රමාණයයි, මධ්‍යමයෙන් සතරකි, හීන භාවනාවෙන් දෙකකි. ඒ සඳහා මෙය කියන ලදි, චත්තාරො කප්පා යනු මෙහි කල්පයකි, කල්ප දෙකෙකියි යමක් යට කියන ලද්දේ ද එය ගෙනහැර අර්‍ත්‍ථය දතයුතුය, කප්ප යනු ගුණයට ද නමකි. එහෙයින් කල්පයකි, කල්ප දෙකෙකි. කල්ප සතරකියි මෙහි මේ අර්‍ත්‍ථය දැක්විය යුතුය, මෙය කියන ලද්දේ වෙයි. පළමුව කියන ලද යම් කල්පයක් වේද එය දෙවරක් ගැන එක් ගුණයකින් කල්ප දෙකක් වෙයි, දෙවැනි ගුණයෙන් කල්ප සතරකි. නැවත සතර සතර කල්පයෝයි මෙම සතර ගුණයෙන් ගුණ කරන ලද්දේ එක් ගුණයකින් අටක් වෙයි. දෙවැනි ගුණ කිරීමෙන් සොළසකි, තෙවැනි ගුණ කිරීමෙන් දෙතිසකි, සිවුවැනි ගුණ කිරීමෙන් සිවුසැටකියි මෙසේ ප්‍රණීත ධ්‍යාන වශයෙන් කප් සිවුසැටක් ගන්නා ලදැයි දතයුතුය, පඤ්ඤකප්පසතානි යනු මෙය ප්‍රණීත වූ උප්පත්ති ධ්‍යානයාගේ වශයෙන් කියන ලදි. වෙහප්ඵලයන්හි හෝ ප්‍රථම ධ්‍යාන භූමි ආදීන්හි මෙන් බ්‍රහ්මලෝක තුනක් නැති බැවින් ආයුෂ් ප්‍රමාණය මෙපමණම වෙයි. එහෙයින් මෙසේ කියන ලදි.

4. දුතියපුග‍්ගලසුත‍්තවණ‍්ණනා

4. දුතියපුග්ගල සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ රූපමෙව රූපගතං. සෙසපදෙසුපි එසෙව නයො. අනිච‍්චතොතිආදීසු හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චතො, ආබාධට‍්ඨෙන රොගතො, අන‍්තො පදුස‍්සනට‍්ඨෙන ගණ‍්ඩතො, අනුපවිට‍්ඨට‍්ඨෙන සල‍්ලතො, සදුක‍්ඛට‍්ඨෙන අඝතො, සම‍්පීළනට‍්ඨෙන ආබාධතො, අවිධෙය්‍යට‍්ඨෙන පරතො, පලුජ‍්ජනට‍්ඨෙන පලොකතො, නිස‍්සත‍්තට‍්ඨෙන සුඤ‍්ඤතො, අවසවත‍්තනට‍්ඨෙන අනත‍්තතො. එත්‍ථ ච “අනිච‍්චතො පලොකතො”ති ද‍්වීහි පදෙහි අනිච‍්චලක‍්ඛණං කථිතං, “සුඤ‍්ඤතො අනත‍්තතො”ති ද‍්වීහි අනත‍්තලක‍්ඛණං, සෙසෙහි දුක‍්ඛලක‍්ඛණං කථිතන‍්ති වෙදිතබ‍්බං. සමනුපස‍්සතීති ඤාණෙන පස‍්සති. එවං පඤ‍්චක‍්ඛන්‍ධෙ තිලක‍්ඛණං ආරොපෙත්‍වා පස‍්සන‍්තො තයො මග‍්ගෙ තීණි ඵලානි සච‍්ඡිකරොති. සුද‍්ධාවාසානං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජතීති තත්‍ථ ඨිතො චතුත්‍ථජ‍්ඣානං භාවෙත්‍වා උපපජ‍්ජති.

සිවුවැන්නෙහි රූපයම රූපගතං නමි, සෙසු පදයන්හි ද මේ අයුරුමයි, අනිච්චතො යනාදියෙහි ආභාවාර්ථයෙන් අනිත්‍ය බැවිනි, ආබාධාර්ථයෙන් රොගතො නමි, ඇතුළත දුෂ්‍යවීමේ අර්‍ත්‍ථයෙන් ගණ්ඩතො නමි, ඇතුළට පිවිසීමේ අරුතින් සල්ලතො නමි, දුක් සහිතය යන අරුතින් අඝතො නමි, පෙළීම් සහිතය යන අරුතින් ආබාධතො නමි, අකීකරුය යන අරුතින් පරතො නමි. බිඳෙන අරුතින් පලොකතො නමි. සත්ත්වයකු නැත යන අරුතින් සුඤ්ඤතො යි වසඟයෙහි නොපවතින අරුතින් අනත්තතො යි, මෙහි අතිච්චතො, පලොකතො යන පද දෙකින් අනිත්‍ය ලක්‍ෂණය කියන ලදි, සුඤ්ඤතො අනන්තතො යන දෙපදයෙන් අනිත්‍ය ලක්‍ෂණය ද සෙසු පදයන්ගෙන් දුක්ඛ ලක්‍ෂණය ද කියන ලදැයි දතයුතුය, සමනුපස්සති යනු නුවණින් දකියි, මෙසේ පංචස්කන්ධයෙන් තිලකුණු නංවා බලන්නේ තුන්මග තුන්ඵල ප්‍රත්‍යක්ෂ කරයි, සුද්ධාවාසාතං දෙවාතං සහව්‍යතං උප්පජ්ජති යනු එහි සිටියේ චතුර්ථ ධ්‍යනය වඩා උපදියි.

5-6. තතියපුග‍්ගලසුත‍්තාදිවණ‍්ණනා

5-6. තතියපුග්ගල ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ පඨමජ‍්ඣානවසෙන මෙත‍්තා, දුතියාදිවසෙන කරුණාදයො දස‍්සිතා. ඡට‍්ඨං චතුත්‍ථෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

පස්වැනි සූත්‍රයෙහි ප්‍රථම ධ්‍යානයෙන් මෛත්‍රිය ද ද්විතීය ධ්‍යානාදි වශයෙන් කරුණා ආදිය ද දක්වන ලදි, සවැනි සූත්‍රය සිවුවැන්නෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය,

7. තථාගත අච‍්ඡරියසුත‍්තවණ‍්ණනා

7. තථාගත අච්ඡරිය සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පාතුභාවාති පාතුභාවෙන. කුච‍්ඡිං ඔක‍්කමතීති එත්‍ථ කුච‍්ඡිං ඔක‍්කන‍්තො හොතීති අත්‍ථො. ඔක‍්කන‍්තෙ හි තස‍්මිං එවං හොති, න ඔක‍්කමමානෙ. අප‍්පමාණොති වුඩ‍්ඪිප‍්පමාණො, විපුලොති අත්‍ථො. උළාරොති තස‍්සෙව වෙවචනං. දෙවානං දෙවානුභාවන‍්ති එත්‍ථ දෙවානං අයමානුභාවො – නිවත්‍ථවත්‍ථස‍්ස පභා ද‍්වාදස යොජනානි ඵරති, තථා සරීරස‍්ස, තථා විමානස‍්ස, තං අතික‍්කමිත්‍වාති අත්‍ථො. ලොකන‍්තරිකාති තිණ‍්ණං තිණ‍්ණං චක‍්කවාළානං අන‍්තරා එකෙකො ලොකන‍්තරිකො හොති, තිණ‍්ණං සකටචක‍්කානං පත‍්තානං වා අඤ‍්ඤමඤ‍්ඤං ආහච‍්ච ඨපිතානං මජ‍්ඣෙ ඔකාසො විය. සො පන ලොකන‍්තරිකනිරයො පරිමාණතො අට‍්ඨයොජනසහස‍්සප‍්පමාණො හොති. අඝාති නිච‍්චවිවටා. අසංවුතාති හෙට‍්ඨාපි අප‍්පතිට‍්ඨා. අන්‍ධකාරාති තමභූතා. අන්‍ධකාරතිමිසාති චක‍්ඛුවිඤ‍්ඤාණුප‍්පත‍්තිනිවාරණතො අන්‍ධභාවකරණතිමිසාය සමන‍්නාගතා. තත්‍ථ කිර චක‍්ඛුවිඤ‍්ඤාණං න ජායති. එවංමහිද‍්ධිකානන‍්ති චන්‍දිමසූරියා කිර එකප‍්පහාරෙනෙව තීසු දීපෙසු පඤ‍්ඤායන‍්ති, එවංමහිද‍්ධිකා. එකෙකාය දිසාය නව නව යොජනසතසහස‍්සානි අන්‍ධකාරං විධමිත්‍වා ආලොකං දස‍්සෙන‍්ති, එවංමහානුභාවා. ආභා නානුභොන‍්තීති පභා නප‍්පහොන‍්ති. තෙ කිර චක‍්කවාළපබ‍්බතස‍්ස වෙමජ‍්ඣෙන චරන‍්ති චක‍්කවාළපබ‍්බතඤ‍්ච අතික‍්කමිත්‍වා ලොකන‍්තරනිරයා. තස‍්මා තෙසං තත්‍ථ ආභා නප‍්පහොන‍්ති.

සත්වැන්නෙහි පාතුභාවා යනු පහළ වීමෙනි, කුච්ඡිං ඔක්කමති යනු මෙහි කුසට පිවිසෙන්නේ වේයයි අරුත්ය, එහි බස්නාවිටම මෙසේ වෙයි, බසිනු ලබන විට නොවේ. අප්පමාණො යනු වැඩුණු ප්‍රමාණයයි, බොහෝ වූ යන අරුත්ය, උළාරො යනු ඊටම නමෙකි, දෙවානං දෙවානුභාවං යනු මෙහි මේ දෙවියන්ගේ ආනුභාවයයි, ඇඳගත් ඇඳුමෙහි පැහැය දොළොස් යොදුනක් පැතිරෙයි, එසේම සිරුරේ ද එසේම විමනේ ද එය ඉක්මවා (පැහැය පැතිරේය) යි අරුත්ය, ලොකන්තරිකා යනු සක්වල තුනකින් තුනකින් අතුරෙහි එක් ලොකාන්තරිකයක් වෙයි, එකිනෙක ගැටෙන සේ තබන ලද රියසක් තුනක් ද හෝ පාත්‍ර තුනක් මැද මැද අවකාශය මෙනි, ඒ ලෝකාන්තරික නිරය වනාහි පරිමාණයෙන් යොදුන් අටදහසක් වෙයි, අසා යනු නිරතුරුව විවරවූයේයි, අසංවුතා යනු යටද නොපිහිටියේයි, අන්ධකාරා යනු අඳුරුයි, අන්ධකාරාතිම්සා යනු චක්ඛුවිඤ්ඤාණ උත්පත්තිය වළකන බැවින් අන්ධභාවය ඇතිකරන අඳුරෙන් යුක්තවූයේයි, එහි වනාහි චක්ෂුර් විඥානය නොඋපදියි, එවං මහිද්ධිකානං යනු සඳහිරු එකපහරින්ම දිවයින් තුනෙහි පැනෙයි, මෙසේ මහා සෘද්ධි ඇත්තෝයි, එක් එක් දිශාවෙහි යොදුන් නවලක්ෂයක් බැගින් වූ අන්ධකාරය දුරුකොට ආලෝකය දක්වත්, මෙබඳු මහානුභාවය ඇත්තෝයි, ආසානානුභොන්ති යනු දීප්තිය නොපොහොනේය. ඔවුහු සක්වල පව්වේ මැදින් යත් සක්වළ පව්ව ද ඉක්මවා ලෝකාන්තරික නිරයෝයි, එහෙයින් එහි ඔවුන්ගේ දීප්තිය නොපොහොනේය.

යෙපි තත්‍ථ සත‍්තාති යෙපි තස‍්මිං ලොකන‍්තරමහානිරයෙ සත‍්තා උපපන‍්නා. කිං පන කම‍්මං කත්‍වා තත්‍ථ උප‍්පජ‍්ජන‍්තීති? භාරියං දාරුණං මාතාපිතූනං ධම‍්මිකසමණබ්‍රාහ‍්මණානඤ‍්ච උපරි අපරාධං, අඤ‍්ඤඤ‍්ච දිවසෙ දිවසෙ පාණවධාදිසාහසිකකම‍්මං කත්‍වා උප‍්පජ‍්ජන‍්ති තම‍්බපණ‍්ණිදීපෙ අභයචොරනාගචොරාදයො විය. තෙසං අත‍්තභාවො තිගාවුතිකො හොති, වග‍්ගුලීනං විය දීඝනඛා හොන‍්ති. තෙ රුක‍්ඛෙ වග‍්ගුලියො විය නඛෙහි චක‍්කවාළපබ‍්බතපාදෙ ලග‍්ගන‍්ති. යදා සංසප‍්පන‍්තා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හත්‍ථපාසගතා හොන‍්ති, අථ “භක‍්ඛො නො ලද‍්ධො”ති මඤ‍්ඤමානා තත්‍ථ බ්‍යාවටා විපරිවත‍්තිත්‍වා ලොකසන්‍ධාරකඋදකෙ පතන‍්ති, වාතෙ පහරන‍්තෙපි මධුකඵලානි විය ඡිජ‍්ජිත්‍වා උදකෙ පතන‍්ති, පතිතමත‍්තාව අච‍්චන‍්තඛාරෙ උදකෙ පිට‍්ඨපිණ‍්ඩි විය විලීයන‍්ති. අඤ‍්ඤෙපි කිර භො සන‍්ති සත‍්තාති භො යථා මයං මහාදුක‍්ඛං අනුභවාම, එවං අඤ‍්ඤෙපි කිර සත‍්තා ඉදං දුක‍්ඛං අනුභවනත්‍ථාය ඉධූපපන‍්නාති තංදිවසං පස‍්සන‍්ති. අයං පන ඔභාසො එකයාගුපානමත‍්තම‍්පි න තිට‍්ඨති. යාවතා නිද‍්දායිත්‍වා පබුද‍්ධො ආරම‍්මණං විභාවෙති, තත‍්තකං කාලං හොති. දීඝභාණකා පන “අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තමෙව විජ‍්ජුඔභාසො විය නිච‍්ඡරිත්‍වා කිං ඉදන‍්ති භණන‍්තානංයෙව අන‍්තරධායතී”ති වදන‍්ති.

යෙපි තත්‍ථ සතතා යනු ඒ ලෝකාන්තරික මහා නිරයෙහි යම් සත්ත්වයෝ උපන්නාහුද ඔවුහුයි, කවර නම් කර්‍මයක්කොට එහි උපදිත්ද? බැරෑරුම් කර්‍මයක් කරන ලදි, මව්පියන් ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් මත්තෙහි අපරාධද දිනපතා වෙනත් ප්‍රාණඝාතාදි කර්‍මයක් ද කොට උපදිත්, තම්බපණ්ණි දිවයිනෙහි අභයචෝර, නාගචොරාදීන් මෙනි, ඔවුන්ගේ ආත්මභාවය තුන්ගව් ඇත්තේ වෙයි. වවුලන්ගේ මෙන් දිගු නිය ඇත්තේ වෙයි, ඔවුහු ගසෙහි වවුලන් මෙන් සක්වල පවු පාමුල එල්ලෙත්, යම්විටෙක බඩගා යත්ද ඔවුනොවුන්ගේ අත්පසයට ගියාහු වෙති, ඉක්බිති කෑමට දෙයක් අපට නොලැබුණේ යයි හඟිමින් එහි නියැලුණාහු කරකැවී ලොව දරන ජලයෙහි වැටෙත්, වාතයෙහි ගැටෙන විට මීගෙඩි මෙන් සිඳී දියෙහි වැටෙත්. වැටෙන විටම අතිශයින් ක්ෂාර වූ ජලයෙහි පිටි පිඬුවක් මෙන් ඇකිලී යති, අඤ්ඤෙපිකිර සො සන්ති සත්තා යනු එම්බල, යම්සේ අපි මහා දුකක් විඳිමුද මෙසේ වෙනත් සත්ත්වයෝ ද මේ දුක විඳීම සඳහා මෙහි උපන්නාහු යයි එදවස බලත්, මේ ආලෝකය වනාහි එක් කැඳ කටක් බොන තරම්වත් කාලයක් නොතිබෙයි, නිදා පිබිඳුනෙක් යම්කලෙකින් අරමුණක් පහළ කරයිද, එපමණ කාලයක් වෙයි, දීඝභාණකයෝ වනාහි අසුරු සණක් පමණම විදුලිය එලියක් මෙන් නික්ම මේ කිමෙක්දැයි සලකත්දීම අතුරුදහන් වේයයි කියති.

8. දුතියතථාගතච‍්ඡරියසුත‍්තවණ‍්ණනා

8. දුතියතථාගතඅච්ඡරිය සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ තණ‍්හාදිට‍්ඨීහි අල‍්ලීයිතබ‍්බට‍්ඨෙන ආලයොති පඤ‍්ච කාමගුණා, සකලමෙව වා වට‍්ටං. ආරමන‍්ති එත්‍ථාති ආරාමො, ආලයො ආරාමො එතිස‍්සාති ආලයාරාමා. ආලයෙ රතාති ආලයරතා. ආලයෙ සම‍්මුදිතාති ආලයසම‍්මුදිතා. අනාලයෙ ධම‍්මෙති ආලයපටිපක‍්ඛෙ විවට‍්ටූපනිස‍්සිතෙ අරියධම‍්මෙ. සුස‍්සූසතීති සොතුකාමො හොති. සොතං ඔදහතීති සොතං ඨපෙති. අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙතීති ආජානනත්‍ථාය චිත‍්තං පච‍්චුපට‍්ඨපෙති. මානොති මඤ‍්ඤනා, මඤ‍්ඤිතබ‍්බට‍්ඨෙන වා සකලං වට‍්ටමෙව. මානවිනයෙ ධම‍්මෙති මානවිනයධම‍්මෙ. උපසමපටිපක‍්ඛො අනුපසමො, අනුපසන‍්තට‍්ඨෙන වා වට‍්ටමෙව අනුපසමො නාම. ඔපසමිකෙති උපසමකරෙ විවට‍්ටූපනිස‍්සිතෙ. අවිජ‍්ජාය ගතා සමන‍්නාගතාති අවිජ‍්ජාගතා. අවිජ‍්ජණ‍්ඩකොසෙන පරියොනද‍්ධත‍්තා අණ‍්ඩං විය භූතාති අණ‍්ඩභූතා. සමන‍්තතො ඔනද‍්ධාති පරියොනද‍්ධා. අවිජ‍්ජාවිනයෙති අවිජ‍්ජාවිනයො වුච‍්චති අරහත‍්තං, තංනිස‍්සිතෙ ධම‍්මෙ දෙසියමානෙති අත්‍ථො. ඉති ඉමස‍්මිං සුත‍්තෙ චතූසු ඨානෙසු වට‍්ටං, චතූසු විවට‍්ටං කථිතං.

අටවැන්නෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ඇලියයුතු යන අරුතින් ආලයො යන පඤ්චකාමගුණයෝ හෝ සියලුම සසරයි, මෙහි ඇලේයයි ආරාම නමි. ආලය ආරාමය මැයටනුයි ආලයරාමා නමි. ආලයෙහි ඇලුනාහුයි ආලයරතා නමි, ආලයෙහි බෙහෙවින් සතුටුවන ලදැයි ආලය සම්මුදිතා නමි, අනාලයෙ ධම්මො යනු ආලයට ප්‍රතිපක්ෂ වූ නිවන ඇසුරු කරන ලද ආර්යධර්‍මයෙහිය, සුස්සූසං යනු අසනු කැමැත්තේ වෙයි, සොතං ඔදහති යනු කණ යොමුව තබයි, අඤ්ඤාචිත්තං - උපට්ඨපෙති යනු දැනීම සඳහා සිත පිහිටුවයි, මානො යනු මඤ්ඤනාවයි, පරිකල්පනය කළයුතු යන අරුතින් සියලු සසරම හෝ වෙයි, මානවිනයෙ ධම්මෙ යනු මානය දුරුකරන ධර්‍මයේයි, උපසමය (සංසිඳීමට ප්‍රතිපක්‍ෂවූයේ අනුපසමෝයි, නොසංසිඳෙන අරුතින් සසරම අනුපසමොයි, ඔපසමිකෙ යනු සංසිඳීම ඇතිකරවන නිවන ඇසුරු වූ දෙයෙහියි, අවිද්‍යාවෙන් ගියේ යුක්තවූයේයි අවිජ්ජාගතා නමි. අවිද්‍යා නමැති අණ්ඩකොෂයෙන් වටකරන ලද බැවින් බිජුවටක් වැනි වූවෝයි අණ්ඩභූතා නමි. හාත්පසින් වසන ලද බැවින් පරියොනද්ධා යි. අවිජ්ජාවිනයෙ යනු අරහත්බව අවිජ්ජාවිනයයි කියනු ලැබේ, එය ඇසුරුවූ ධර්‍මය දෙසනවිටය යන අරුත්ය, මෙසේ මේ සූත්‍රයෙහි සතර තැනක සසර ද සතරතැනක නිවන ද කියන ලදි.

9. ආනන්‍දච‍්ඡරියසුත‍්තවණ‍්ණනා

9. ආනන්දච්ඡරිය සූත්‍ර වර්ණනාව

නවමෙ භික‍්ඛුපරිසා ආනන්‍දං දස‍්සනායාති යෙ භගවන‍්තං පස‍්සිතුකාමා ථෙරං උපසඞ‍්කමන‍්ති, යෙ වා “ආයස‍්මා කිරානන්‍දො සමන‍්තපාසාදිකො අභිරූපො දස‍්සනීයො බහුස‍්සුතො සඞ‍්ඝසොභනො”ති ථෙරස‍්ස ගුණෙ සුත්‍වා ආගච‍්ඡන‍්ති, තෙ සන්‍ධාය “භික‍්ඛුපරිසා ආනන්‍දං දස‍්සනාය උපසඞ‍්කමතී”ති වුත‍්තං. එස නයො සබ‍්බත්‍ථ. අත‍්තමනාති “සවනෙන නො දස‍්සනං සමෙතී”ති සකමනා තුට‍්ඨචිත‍්තා. ධම‍්මන‍්ති “කච‍්චි, ආවුසො, ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි යොනිසොමනසිකාරකම‍්මං කරොථ, ආචරියුපජ‍්ඣායවත‍්තං පූරෙථා”ති එවරූපං පටිසන්‍ථාරධම‍්මං. තත්‍ථ භික‍්ඛුනීසු “කච‍්චි, භගිනියො, අට‍්ඨ ගරුධම‍්මෙ සමාදාය වත‍්තථා”ති ඉදම‍්පි නානාකරණං හොති. උපාසකෙසු “ස‍්වාගතං, උපාසක, න තෙ කිඤ‍්චි සීසං වා අඞ‍්ගං වා රුජ‍්ජති, අරොගා තෙ පුත‍්තභාතරො”ති න එවං පටිසන්‍ථාරං කරොති, එවං පන කරොති – “කථං, උපාසකා, තීණි සරණානි පඤ‍්ච සීලානි රක‍්ඛථ, මාසස‍්ස අට‍්ඨ උපොසථෙ කරොථ, මාතාපිතූනං උපට‍්ඨානවත‍්තං පූරෙථ, ධම‍්මිකසමණබ්‍රාහ‍්මණෙ පටිජග‍්ගථා”ති. උපාසිකාසුපි එසෙව නයො.

නවවැන්නෙහි භික්ඛුපරිසා ආනන්දං දස්සනාය යනු යමෙක් භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැතිව තෙරුන් වෙත එළඹෙත්ද ඔවුහු හෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ වනාහි හාත්පසින් පහදවන්නාහුය, මනා රූ ඇත්තාහුය, දැකුම්කලු වූහ, බොහෝ ඇසූපිරූ තැන් ඇතියහ, සංඝයා හොබවන්නාහු යයි තෙරුන්ගේ ගුණයන් අසා යමෙක් පැමිණෙත්ද ඔවුන් සඳහා භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති යි කියන ලදි, සියලු තන්හි මේ ක්‍රමයමයි අත්තමනා යනු ඇසීමෙන් අපගේ දර්‍ශනයට ගැලපේයයි සියසිත ඇත්තාහු සතුටු සිතැත්තෝයි, ධම්මං යනු කිම ඇවැත්නි ඉවසිය හැකිද? කිම යැපිය හැකිද, කිම නුවණින් මෙනෙහි කිරීමේ යෙදෙන්නෙහුද? ආචාර්‍ය්‍ය උපාධ්‍යායවත් පුරන්නහුදැයි මෙබඳු වූ පිළිසඳර දහමයි, එහි භික්ෂුණීන් විෂයෙහි නැගනිවරුනි කෙසේද අෂ්ටගරුධර්‍මයන් සමාදන්ව වෙසෙන්නෙහුද යන මෙය වෙනස වෙයි. උපාසකයන් විෂයෙහි උවසුව, මනා පැමිණීමකි, ඔබගේ හිස හෝ අවයවයක් හෝ රිදුම් දේද? ඔබගේ පුත්තු සහෝදරවරු නීරෝගී වෙත්වායි මෙසේ පිළිසඳර නොකරයි, කෙසේද උවසුවරුනි, තෙරුවන් පන්සිල් රකින්නහුද? මසක පොහොය අට කරන්නහු ද? මවුපියනට උවටැන් වත්පුරන්නහුද? දැහැමි මහණ බමුණන් පිළිදැඟුම් කරන්නහුදැයි මෙසේ පිළිසඳර කරයි, උවැසියන් කෙරෙහිද මේ ක්‍රමයමයි.

10. චක‍්කවත‍්තිඅච‍්ඡරියසුත‍්තවණ‍්ණනා

10. චක්කවත්තිඅච්ඡරිය සූත්‍ර වර්ණනාව

දසමෙ ඛත‍්තියපරිසාති අභිසිත‍්තා අනභිසිත‍්තා ච ඛත‍්තියා. තෙ හි කිර “රාජා චක‍්කවත‍්තී නාම අභිරූපො පාසාදිකො හොති, ආකාසෙන විචරන‍්තො රජ‍්ජං අනුසාසති, ධම‍්මිකො ධම‍්මරාජා”ති තස‍්ස ගුණකථං සුත්‍වා සවනෙන දස‍්සනම‍්හි සමෙන‍්තෙ අත‍්තමනා හොන‍්ති. භාසතීති “කථං, තාතා, රාජධම‍්මං පූරෙථ, පවෙණිං රක‍්ඛථා”ති පටිසන්‍ථාරං කරොති. බ්‍රාහ‍්මණෙසු පන “කථඤ‍්ච, ආචරියා, මන‍්තෙ වාචෙථ, අන‍්තෙවාසිකා මන‍්තෙ ගණ‍්හන‍්ති, දක‍්ඛිණං වා වත්‍ථානි වා සීලං වා ලභථා”ති එවං පටිසන්‍ථාරං කරොති. ගහපතීසු “කථං, තාතා, න වො රාජකුලතො දණ‍්ඩෙන වා බන්‍ධනෙන වා පීළා අත්‍ථි, සම‍්මා දෙවො ධාරං අනුප‍්පවෙච‍්ඡති, සස‍්සානි සම‍්පජ‍්ජන‍්තී”ති එවං පටිසන්‍ථාරං කරොති. සමණෙසු “කථං, භන‍්තෙ, කච‍්චි පබ‍්බජිතපරික‍්ඛාරා සුලභා, සමණධම‍්මෙ නප‍්පමජ‍්ජථා”ති එවං පටිසන්‍ථාරං කරොතීති.

දසවැන්නෙහි ඛත්තිය පරිසා යනු අබිසෙස් කළ හෝ නොකළ ක්‍ෂත්‍රියයෝයි, ඔවුහු වනාහි සක්විති රජතෙමේ නම් මනාරූ ඇත්තෙකි, පහදවනසුලුය, අහසින් යන්නේ රාජ්‍යය අනුශාසනා කරයි, ධාර්මිකය. ධර්‍මරාජයැයි ඔහුගේ ගුණකථාව අසා ඇසීමෙන් දැක්මෙහි ගැලපීම් ඇතිවිට සතුටු සිත් ඇත්තෝ වෙති. භාසති යනු කෙසේද දරුවනි, රාජධර්‍මය පුරන්නහුද? පෙළපත රක්නහුදැයි පිළිසඳර කරයි, බමුණන් විෂයෙහි වනාහි ඇදුරුවරුන් කෙසේද, මන්ත්‍ර කියවන්නහුද? අතැවැස්සෝ මන්ත්‍ර උගනිත්ද? දක්ෂිණාව හෝ වස්ත්‍ර හෝ කපිලය අග්නි පූජාව හෝ ලබහුදැයි මෙසේ පිළිසඳර කරයි, ගෘහපතියන් කෙරෙහි කෙසේද දරුවනි, තොපට රාජකුලයෙන් හෝ දඬුවමින් හෝ අයබද්දෙන් හෝ පීඩාවක් ඇත්ද? මනාව වැසි දහර ලැබේද? ශෂ්‍ය සැපයෙත්දැයි මෙසේ පිළිසඳර කථා කරයි, ශ්‍රමණයන් කෙරෙහි කෙසේද ස්වාමීනි, පැවිදි පිරිකර සුලබද ශ්‍රමණ ධර්‍මයන්හි නොපමාවනු මැනවැයි මෙසේ පිළිසඳර කරයි.

භයවග‍්ගො තතියො.

තෙවැනි වූ භයවර්‍ගයයි.